අද දිනයේ වූ සිදුවීමක් සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කිරීමට කැමත්තෙමි. සාමාන්‍යයෙන් බිරිඳත් සමග බස් රථ වල ගමන් නොකෙරුවත් හදිසි අවශයතාවයක් නිසා පිටකොටුවට පැමිනීමට අද දිනයේ මහරගම පිටකොටුව 138 බස් රථයකට ගොඩ වුනෙමු. බස් රථයේ පසුපස ආසනයේ මැද හිස් අසුනක් තිබූ නිසාවෙන් අකමැත්තෙන් වුවද අප දෙදෙනා හට එහි අසුන් ගන්නට සිදුවිය. සිද්ධි දාමය ඇරඹෙන්නේ මෙතැන් සිටය. මුදල් ගැනීමට අප ආසන්නයට පැමිනී කොන්දොස්තර වරයා කොහාටදැයි අසන අතරම මාගේ බිරිඳ දෙස අවලන් බැල්මක් යොමු කල ආකරය මාගේ දෙනෙතට අසු වුවත් කාරණා කිහිපයක් නිසා මුවින් නොබැන සිටීමට කටයුතු කලෙමි.
පළවෙනි කාරණය නම් මාගේ බිරිඳ කිසි අයුරින් අසංවර හෝ නිරාවරණය වන ඇඳුමක් පැළඳ නොසිටීමයි. දෙවැන්න යම් කිසිවෙක් දෙස බැලූ පමනින් එයට විරුද්ධ වීමට තරම් අවශයතාවයක් මා හට නොතිබීමයි. තෙවනුව මම සැබැවින්ම අගය කරන කියමනක් සිහියය නැගුනු නිසාවෙනි.
If you wrestle with a pig you both get dirty. but pig enjoys it."
කේසේ වෙතත් මෙම සටහන තැබීමට පාදක වූ සිදුවීම මෙය නොවන නිසාවෙන් ඒ ගැන අටුවා තියන්නට නොයමි. කෙසේහෝ මෙම බස් රථය නුගේගොඩ පසු කල වහාම රථයේ රියැදුරු ඉතාමත් අපරික්ෂාකාරී ධාවනයකට අවතීර්න විමට පටන් ගත්තේ මගීන්ගේ ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකරය. බස් රථයකට උචිත නොවන වේගයකින් වංගු ගැනීමටත් ඔබටත් මටත් සිතාගතහැකි සියලුම මාර්ග නීති උල්ලංගනය කරමින් බස් රථය හැසිරවීමට පටන් ගත් රියදුරු තවත් ලංගම බස් රථයක් සමග තරඟයක යෙදීමට උත්සාහ දරනු පෙනුනි. බස් රථයෙන් බැසීමට සිටගත් වයසක අම්මා කෙනෙකු බ්‍රේක් පහරකින් විසිවී ගොස් අසුනක වැදී නතර නොවූයේ නම් ඇයගේ මලගම නිසැකවම යෙදෙන්නට තිබුනි. මාගේ ඉවසීමේ සීමාව කෙළවරට සපැමිණි නිසාවෙන් කොන්දොස්තර වරයාට අඬගසා අපරික්ෂාකාරීව නොයන ලෙසට රියැදුරුට දන්වන ලෙස දැනුම් දුන්නෙමි.
" ඔයාට බැරිනම් බහින්ඩ. නැත්නම් කට වහගෙන ඉන්ඩ. අපි හැමදාම යන්නේ මෙහෙම තමා"
මේ ඔහුගේ පිළිතුරයි. මාගේ සිරුරේ සියලුම රුධිරය උණුවී ගොස් මොහුගේ හොම්බට දෙකක් ඇනීමට මහත්සේ සිත දුන් නමුත් බිරිඳ මා සමග සිටි නිසාවෙන් සහ රටක නීතියට ගරු කල යුතුනිසාත් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමට 119 අංකය ඇමතුවෙමි. මෙසේ වනවිට බස් රථය කොලඹ විශ්ව විද්‍යාලය පසුකරමින් මංතීරු නීති කඩමින් අධික වේගයකින් ඉදිරියට ඇදෙමින් තිබින. එහෙත් අවාසනාවකට 119 අංකය ඇමතීමට කොතරම් උත්සාහ කලත් සම්බන්ධ කල නොහැකි විය. මේ ජවනිකාව අනතුරකින් අවසන් වනු නියත යැයි හැඟුන නිසා බසයෙන් බැසීමට තීරණය කලෙමු. එහෙත් බැසීමට අප් දෙදෙනා අසුනින් නැගිටිනවාත් සමගම වේගය පාලනය කර ගත නොහැකිව තද තිරින්ග පහරක් සමගින් බස් රථය පසෙකට විසීවී ගියේ සිටගෙන සිටි මගීන් කිහිප දෙනෙක් බස් රථයේ බිම ඉන්දවමින් සහ මාගේ බිරිඳ ඉදිරියට විසි කරවමින්ය. වාසනාවකට ඇයව එලියට විසි නොවී අල්ලාගැනීමට හැකිවූවත් ඇයගේ අතක් තුවාල වීමට තරම් විසිවී ගිය වේගය බලවත් විය. විසිවී ගිය බස් රථය අමරුවෙන් නවතාගැනීමට රියදුරාට හැකි වූවේ පෙර පිනකටය. එහෙත් මාගේ ඉවසීම දෝරේ ගලා ගොස් තිබින.
"බූරුවා..!! හරියට වාහනේ එලවපන් අහින්සක මිනිස්සු මරන්නේ නැතුව"
ඒ මාගේ වාග් මාලාවයි. එහෙත් බසයේ අනික් අය නිශ්ශබ්දය. මා දිහා අමුතු බැල්මක් හෙලා බලා සිටිති.
"මුන්ට ලයිසන් දුන්න එවුන්ට මඩු වලිගෙන් තලන්න ඔනේ"
මාගෙන් තවතා වැකියක් පැන්නේ මාත් නොදැනුවත්මය. කවුරුවත් "මීක්" ශබ්දයක් නැත. මාගේ බිරිඳත් සමග හනිකට බසයෙන් බැස ගතිමි. නැවතත් 119 ඇමතුවෙමි. මේ විනාඩි 8 කට පසුව සම්බන්ධ වූ නිළධාරියාත් මාත් අතර ඇතිවූ සංවාදයයි.
"මහත්ත්යා මම කථා කරන්නේ අපරික්ෂාකාරී ලෙස ධාවනයේ යෙදෙන බස් රථයක් ගැන දැනුම් දෙන්නයි. මේ ගැන කොහොමද කටයුතු කර...." කීමට හැකිවූයේ එපමනකි.
"මං අහන ඒවට උත්තර දෙන්න "
"හොඳයි මහත්තයා"
"කොහෙද බස් එක දැන් තියෙන්නේ"
"පිටකොටුව සිටේෂන් එක ගාවට තව විනාඩි 5 කින් ඒවි. බස් එකේ අංකය Wp" නැවතත් බාධාවකි"
"ඔයා බස් එකේ නෙවෙයිද ඉන්නේ. එහෙනම් අපිට බෑ. අපි කොහොමද අල්ලන්නේ.
"ඒත් මහත්තයෝ අනතුර...."
"එක පාරක් කිව්වනේ අපිට අල්ලන බෑ ඔහොම. මොකට ගන්නවද මන්දා..දඩාස්."
මට කීමට ඇත්තේ මෙපමනකි.
බස් රථය එලවපු එකා අමුම අමු ගොං පාදඩ අමන බල්ලෙකි. කොන්දොස්තරයා වල් පාහර අවලම් තිරිසනෙකි. හදිසි ඇමතුම් ඒකකයේ එකා පිනට පඩි ගන්නා තක තීරු පිංපියෙකි. ඔච්චර දෙයක් වෙලත් කට නොඇරපු බස් එකේ හිටපු එවුන් කොඳු ඇට පෙලක් නැති දීන පිරිසකි, මේ මගුලක් අල්ලාගෙන කෑ ගහනා මම ඔක්කොටොම හපන් ගොන් වස්සෙකි. අහෝ රටකට ගිය කලක්.
බස් රථයේ අංකය :wp NB -8121