බාස් උන්නැහේ පොලු තියනවද ?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    වැඩක් නෑ බං ඔය මගුල් ගැන කතා කරලා.. මාත් ඉල්ලගෙන කෑවා.. :( කොන්ත්‍රාත් ක්‍රමයට තමා අපේ ගෙදර වැඩ කලේ.. උන් අපේ තාත්තවත් ගොනාට අන්දලා මාවත් ගොනාට ඇන්දුවා.. මං අන්තිමට ලක්ෂ ගාණක් ණය වුණා.. තාම ඒ ණය ගෙවනවා.. වර්ග අඩි 6000ක විතර ගේකට 10 Million පනිනවද බං ලොවෙත්.. දුක නෑ ගේ සම්පූර්ණ ඉවර කරලා නම්.. පහල එක විතරයි Complete කලේ.. තාම උඩ කෑල්ලෙ Bathrooms, Doors, Tiles, Ceiling ඔක්කොම දාන්න තියෙනවා.. මට ගණන් හිලවු පැටලුණා බං මුල ඉඳන්ම.. පහල කෑල්ල හදපු ගමන් මං ඒකට ගෘහ භාන්ඩ අරවා මේවා ඔක්කොම ගත්තා.. ඒකෙන් තමා කෙලවුණේ.. අපේ තාත්තටත් ඕවා ගැන වැඩිය දැණුමක් නෑ.. මොනා වුණත් වේස බාස්ලා මාව හූරගෙන කෑවා.. උන් බං ටයිල් 500කට වඩා නාස්ති කලා.. කුඩු පට්ටම් කරලා.. උන් මාව කෑවා නම් ඉවරයි..

    Tile karanna interior hadaganna kalin kalin gedara complete karaganna taramata wasiy :) i mean wahala gahala ceiling and biththi kaparadu karaganna level 1ta enakan. mokada ayet palanchi gahanna bahane tile nam passe unat karaganna puluwan :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    බාස් උන්නැහේ පොලු තියනවද ?

    මම ත්‍රෙඩ් එකක් දැක්කා ගෙවල් හදන්න ගිහින් කර වින්ද කෙනෙක් ගේ. මේක මම එකට දාපු රිප්ලයි එක.

    ගෙයක් හදන්න බලපොරෝත්තුවෙන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා මෙතන ආයේ දැම්මා.
    .....................

    මම ගෙයක් හදනවා. එකේ එක තට්ටුවක් දැන් හදලා ඉවරයි. පහල තට්ටුව හදන්න ලක්ෂ 45 යනවා වගේ කියලා ඇස්තිමේන්තු කරලා තිබ්බේ. කිව්වට විශ්වාස කරපන් අපිට ගියේ ලක්ෂ 25 ට වඩා අඩු ගානක්. පුච්චපු ගඩොලෙන් බැන්දේ. උළුවහු ඔක්කොම කොස්. එත් එකට එකක් ලාබයි. මොකද මචං ගෙදර හැදව්වේ අපේ තත්තා.

    බාස් ලා එකෙක් වත් මෙහෙන් ගත්තේ නෑ, ඔක්කොම ගෙනාවේ තත්තා ගේ ගමෙන්. ගෝලයොත් ගෙනාවේ එහෙං. ඉතිං අපි අවශ්‍ය අමුදව්‍ය ඔක්කොම අරං දුන්නා. බාස් ලට කිව්වා ඔන්න බඩු තියෙනවා බැඳපියව් ගේ කියලා. ඔන්න හැන්දෑවට ඉදලා හිටලා අරක්කු ටිකක් දෙනවා ඇගපත රෙදෙනවට . උන් යක්කු වගේ වැඩ. ගෙදර හදන තැනමනි නතර වෙලා ඉන්නේ. ඉතිං පාන්දර නැගිටලා උදේ 6 ඉදලා හවස කළුවර වැටෙන කන් 6-7 වෙනකම් වැඩ.

    ගෙදර හදන්න බඩු ගත්තෙත් රාජ්‍ය දැව සංස්ථාව, සංස්ථා වානේ වගේ ආණ්ඩුවේ ආයතන වලින් උදව්.

    ගෝලයට පඩි 700 දවසට. බාස් ට 1300යි. තුන් වේලටම කෑම දුන්නා අපි. ඔය බත් ටිකක්, එළවලු දෙකක් එක්ක කරවල කැල්ලක්, මාළු කැල්ලක් තිබ්බා නං ඉහටත් උඩින් ඒ මිනිස්සුන්ට.

    අනික තමයි තාත්තා ත් බාස් ලා එක්ක වැඩ කළා. මාත් නිවාඩු වෙලාවට ගිහින් වැඩ කළා. අපි වැඩකරන කොට බාස් ලාට අයිස් ගහන්න බැහැ. අනික අපි වැඩ දන්නවා කියලා බාස් ලා දැන ගත්තම හොර කරන්නේ නෑ.

    ඔන්න ඔහොමයි අපි ගේ හැදව්වේ.
    අලුතින් ගෙයක් හදන්න බලපොරෝත්තු වන අයට කියන්නේ කවදාවත් ගෙවල් හැදිල්ල කොන්ත්‍රාත් දෙන්න එපා. කෝටීපතියන්ට නම් එහෙම ප්‍රශ්නයක් නෑ. එත් සමනය කෙනෙක් ට නම් එහෙම කරලා අමරුවේ වැටෙන්න එපා.


    සිරාවටම අපේ ගෙදර හදනකොටත් අපේ තාත්ත බාස්ලත් එක්ක වැඩ කලා. අපේ අම්ම කියන්නෙ ඒ මිනිස්සුන්ට පඩයක් වත් යවන්න දුන්නෙ නැ ඒ තරමට අපේ තාත්ත උන් එක්කම වැඩ කියල :lol::lol:
    කෑම දෙන්න නම් ගියෙ නැ. අපි එක එක කෑල්ලට ගාන කියල . නැත්නම් අඩි ගාණට. තමයි ගෙව්වෙ. එතකොට බාස්ට කල් මර මර ඉන්ඩ බැ. ඉදල වැඩකුත් නැ. මේක ඉක්මනට කරල ඉවරකරොත්නෙ මිනිහට තව එකක් හොයාගන්ඩ පුලුවන්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගෙඩක් අයට තමන් කෙලින්ම ගේ හදන එකට සම්බන්ධ වෙන්න බෑ. ගෙදර ඔක්කොම දෙනා රස්සා කරනවා නම් ගේ හදන්න තියා වැඩ බලන්නත් කාලය මදි. දවස් පඩියට දීලා අනිතිමට උන්ගේ වැඩ බැලුනේ නැත්තන් අයිස් ගහයි ගජරාමෙට.

    කෙනෙක් කාර්යබහුල නම් ඉතින් කරන්න වෙන්නේ කොන්ත්‍රාත් දෙන එක තමයි. ඔය කොම්පැනි වලට දුන්නහම අලි කේස් වෙනවා. දන්නේ නැද්ද ඉතින්. හැබැයි හොඳ බාස් කෙනෙක් අල්ලන් කලා නම් හරි. කොන්ත්‍රාත් වල කාරණේ තමයි උන් කොච්චර අයිස් ගැහුවත් වැඩේට තමයි සල්ලි ගෙවන්නේ.

    බාස්ලා වැඩකරන්ගෙන යනකොට ඔන්න දවසට 1000 ක් වගේ දෙනවා උන්ගේ වියදමට හැබැයි ඉහින් සල්ලි ගෙවන්නේ වැඩේ ඉවර උනාම. කලි දීපු ගාන අඩුකරන්නවා. කරපු වැඩ ටික මනින එක නම් අනිවාර්යයෙන්ම හොඳටම කර්න්න ඕන. ඔය දන්න කෙනෙක් වගේ මනුස්සයෙන් අල්ලා ගත්තා නම් වැඩේ ඉවරයි.එතකොට බාස් කාරයා දන්නවා හොර කරන්න බෑ කියලා.

    මම නම් කියන්නේ කොච්චර සල්ලි ගියත් ඉස්සල්ලා හොඳටම ප්ලෑන් එකයි එකයි හොඳින්ම කරන්න කියලා මොකද ඒකෙන් ගොඩක් සල්ලි ඉතුරු වෙනවා. ගෙදර stages කීපයකට හදනවා නම් එක එක එකට stage අදාල වෙනම estimate හදාගන්න
     

    abakostha

    Member
    Nov 8, 2012
    18
    1
    0
    machooo mata kiyahan danna ekek innawanam adu wiyadamin finishing wahala gahanna kramayak..... gahana kattiyage contacts thiyanawanam ewath kiyapan....
    cost per squre feeds???????