බැංකුවේ පෝලිමේ ඉන්නකොට අපිට වෙන අකරතැබ්බ

nethumm

Active member
  • Aug 11, 2012
    602
    160
    43
    බැංකුවේ පෝලිමේ ඉන්නකොට අපිට වෙන අකරතැබ්බ

    බැංකුවේ පෝලිමේ ඉන්නකොට අපිට වෙන අකරතැබ්බ 7ක්


    අපිත් යනවනෙ මහත්තයො බැංකුවලට. ඔවු අර අපේ සල්ලි විශ්වාසෙට තියල ඒගොලොන්ගෙ පෑන් බැඳලා තියාගන්න, අපේ සල්ලි ගන්න ඒගොලොන්ට සල්ලි දෙන වෙන, කියන්නෙ එකක් කරන්නෙ වෙනින් එකක් කට්ටිය ගාවට. ඉතිං ඔහොම ගිහින් අපි ඉඳලා තියෙනව බැංකු පෝලිමේ. ඔහොම ඉන්නකොට වෙන්න පුළුවන් කරදර ටිකක් තියෙනව. අන්න ඒ නිසායි අපි මේ ලියන්නෙ, බැංකු පෝලිමේ ඉන්නකොට වෙන්න පුළුවන් කරදර.



    1. අමතකේ

    ඔන්න ඉතිං පෝලිමේ ඉන්නව. වැඩ ගොඩකුත් මග දාලා ඇවිල්ලා ඔෆිස් එකේ ලන්ච් අවර් එක අල්ලලා බැංකුවට පැන්නෙ ටක් ගාලා මේ වැඩ ටික කරගෙන ගෙදර යන්න. කෝ කොහෙද ඉතිං මෙතනත් මහ පෝලිම. අපේ ඔෆිස් එකේම එවුන් තුන්දෙනෙක්. ඒ මදිවට අද කවුන්ටර් දෙකක බුවාලා එක පාර ලන්ච්වලට ගිහිල්ලා. දැන් ඉතිං ඉඳපන්කො පැයක්. ඔන්න ඔහොම වෙලා, ලාන්තරස් වෙලා කවුන්ටරේට ගියා විතරයි, ස්ලිප් එක පුරෝලා නෑ කියහංකො. වහකනව ඉතිං. ආයෙ පලයංකො මුල ඉඳන්.



    2. ක්‍රෂ්

    ෂේප් එකේ උදෙන්ම බැංකුවට ආවට මොකද මෙතන ෆුල් සෙනග. මිනිස්සු දැන් අර අලුතෙන් ඕපන් කරන රෙදි කඩවලට යනව වගේ බැංකුවලටත් උදේ පාන්දර ඕපන් කරන්න කලින් ඉඳන්ම පෝලිමේ ඉන්නවද කොහෙද. දැන් ඉතිං ඔය සංගෙඩියට මුහුණ දීලා කවුන්ටරේට සෙට් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි බැංකුවට ආව කියහංකො මගේ සූකිරි බෝලෙ. ඒ මගේ ක්‍රෂ් එක. එයා මාව දැක්කෙ නෑ තාම. අත වැනුවා, සූ කිවුවා, ඇඟිලි තුඩුවලින් ඉස්සිලා බලද්දිත් මගේ රන් කැටේ ගිහිල්ලා වාඩි වුනා පත සෝෆා එකේ. මොන පෝලිංද මහත්තයො අපිට? බැංකුවෙ වැඩේ පස්සෙ කරගන්න පුළුවන්නෙ.



    3. ඇන්ටිලා

    බැංකු පෝලිමේ ඉන්නකොට සෙට් වෙන ලොකුම කරුමයක් විදියට ඇන්ටිලාව දැක්විය හැකියි. මෙහිදී කරුමයක් විය හැකි ඇන්ටි වර්ග බොහෝමයක් ඉන්නව. ඒ අතරෙ බැංකුවෙ කාවහරි අඳුරන ඇන්ටි කෙනෙක්, මොකුත් නොවෙච්ච ගානට හොරා වගේ ලිස්සලා යන ඇන්ටියෙක්, අනේ මට අමාරුයි පුතා කියල බොරුවක් ගහල පස්සෙ හෙණ කඳයා වගේ යන ඇන්ටියෙක්, ස්ලිප් පුරෝලා දෙන්න කියන ඇන්ටියෙක් වගේ ඇන්ටි විශේෂ ගොඩාක් ඉන්නවා. එහෙම දෙයක් උනාම හිතට එන කේන්තිය දරාගන්න බැහැ මහත්තයො. ඔය අසාධාරණවලට කතා කළොත් ඒ අය හරියට කෑගහන්නෙ අපි වැඩිහිටි සමාජෙට හෙණ ගැස්සෙවුවා වගෙයි.


    4. බැංකු ටෙක්නොලොජි

    සමහර පෝලිං කරුම බැංකු වලින්ම සිද්ධ කරනවා. ඔන්න ඉතිං හදිස්සියෙ ස්ලිප් පුරවගෙන ඩෝං ගාලා බැංකුවට මිනිස්සු දුවන්නෙ ස්‍රීස් ගාලා වැඩේ කරගෙන එන්න හිතාගෙන. ඔන්න ගිය ගමන් ස්ලිප් පුරෝනකොට ලඟට එනව සාරිය ගහපු සස්ස්ස්ස්සන නංගි බබෙක්. ඉතිං ඒ නංගි බැංකුවේ එවුන් උන්ගෙ අලුත් ටෙක්නොලොජි කියන අතරෙ පෝලිම ඉස්සරහට යනව. ඒ කියන්නෙත් පත්තරවල ඇඩ් දාලා, ටීවීවල හැමදාම කියලා, බැංකුවට ඇතුළුවෙන තැනත් ගහල තියෙන දෙයක්. එහෙම නැත්තං මෙලෝ වැඩක් නැති දෙයක්.
    සර් දන්නවද දැන් අපේ තියෙන අලුත්ම ටෙක්නොලොජියෙන් පුළුවන් සර් උදේට කොස් තම්බලා කරෝල හොදියි පොල්සම්බෝලත් එක්ක කෑවා කියලා කියන්න.”



    5. ලක්ෂ පහ


    ඔන්න ඉතිං අද එච්චරම පෝලිමත් නැහැ. හිත සන්තෝසෙන් ටක් ගාලා වැඩේ කරගෙන යන්න පුළුවන් කියලයි හිතෙන්නෙ. ඉස්සරහ ඉන්නෙ චූටි නම්කියෙකුයි, ටිකක් මහත දෙහත අංකල් කෙනෙකුයි විතරයි. නංගි පුරෝනව කවුන්ටරේ තියාගෙන ස්ලිප්වල අමතක වෙච්ච තැන්. බැංකු වැඩක් කරගන්න අලුත්ද කොහෙද කියලා හිතලා හිත හදාගත්තා. හම්මට මෙන්න ඊටපස්සෙ අංකල් බබා. ‍පොර විස්සෙ කොළවලින් ලක්ෂ පහක් ඩිපොසිට් කරන්න ඇවිල්ල තියෙන්නෙ. දහයක් ඉන්න පෝලිමක් යනව ඊට වඩා වේගෙන්.



    6. වැඩ පහක්

    එකම වෙලාවේ වැඩ පහක් කරගන්න එන බුවෙක් ඉස්සරහම හිටියොත් වෙන්නෙ බඩු පැකට් සිද්ධියක්. පොර එන්නෙ හැමදාම ට්‍රාන්ස්ඇක්ෂන්ස් කරපු මාස පහකින් හයකින් අප්ඩේට් නොකරපු පොතකුත් අරගෙන, ඉතිං පොරට අලුත් පොතක් දෙනකනුත් ඉන්න වෙනව. ඊට පස්සෙ ඒ එකවුන්ට් එකෙන් හැට දාහක් ගන්නව, වෙනිං එකකට පනස් දාහක් දානව, අනිත් එකකට දහදාහක් දානව, කරන්ට් බිල් ගෙවනවා වගේ වැඩ කෝටියයි. ඉතිං ඉන්න තියෙන්නෙ මහත්තයො හිටගෙන.



    7. හොරු

    සෙනගත් වැඩියි පෝලිමෙත් ඉඳලා එපා වෙලා ඉද්දි මෙන්න තුන්දෙනෙක් ආව පිස්තෝල උරුක් කරගෙන. කවුන්ටර්වලින් සල්ලි ගත්තා. පිස්තෝල දික්කරා. සික්කා අයියට ගැහුවා. ඉන්න සෙනගගෙ අතේ තිබ්බ සල්ලිත් ගත්තා. හැබැයි පුතේ මට මොකුත් කළෙත් නෑ. සල්ලි ගත්තෙන් නෑ. අතේ තිබ්බෙත් දාහක්. ඒකනං ගත්තත් කමක් නෑ. කමක් නෑ දාහත් ඉතුරුයිනෙ කියල හිතං හිටියට කෙලිය උනේ ඊටපස්සෙ. උන් මගෙන් දාහ ගත්තු නැති නිසා මං උන්ගෙ ඔත්තු කාරයෙක් කියල හිතාගෙන තාමත් මාව ප්‍රශ්න කරනව කියහංකො.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අමාරුම දේ ලතවෙවී සල්ලි කොලේ දහ පාරක් ගනන් කරන අක්කිලාගෙන් වැඩක් කරගන්න එක...පෝලිමේ ඉන්න එකේ අවුලක් නෑ යුහුසුළු නම්.. තප්පර 20න් 20ට මැරිලා උපදින කවුන්ටර් අක්කිලානම්.. හෆෝ :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    3. ඇන්ටිලා

    බැංකු පෝලිමේ ඉන්නකොට සෙට් වෙන ලොකුම කරුමයක් විදියට ඇන්ටිලාව දැක්විය හැකියි. මෙහිදී කරුමයක් විය හැකි ඇන්ටි වර්ග බොහෝමයක් ඉන්නව. ඒ අතරෙ බැංකුවෙ කාවහරි අඳුරන ඇන්ටි කෙනෙක්, මොකුත් නොවෙච්ච ගානට හොරා වගේ ලිස්සලා යන ඇන්ටියෙක්, අනේ මට අමාරුයි පුතා කියල බොරුවක් ගහල පස්සෙ හෙණ කඳයා වගේ යන ඇන්ටියෙක්, ස්ලිප් පුරෝලා දෙන්න කියන ඇන්ටියෙක් වගේ ඇන්ටි විශේෂ ගොඩාක් ඉන්නවා. එහෙම දෙයක් උනාම හිතට එන කේන්තිය දරාගන්න බැහැ මහත්තයො. ඔය අසාධාරණවලට කතා කළොත් ඒ අය හරියට කෑගහන්නෙ අපි වැඩිහිටි සමාජෙට හෙණ ගැස්සෙවුවා වගෙයි.

    :yes: Rep+
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,474
    1,433
    113
    Internet banking saves lot of your time.. and deposit machines at HSBC and Standard Chartered and at some Com Bank Sampath braches
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අපි ඉන්න පෝලිම එකම තැන තියෙද්දේ අනිත් පෝලිම ඉක්මනට යන එක තරම් කුජීත සිද්දියක් තවත් තියෙනවද පුතී.... :(