බිලී පූජා ප්‍රශ්ණය නිවැරදිව තේරුම් ගමු...
මේක දාන්නේ මුන්නේෂ්වරම් බිලී පූජාවක් නතර කිරීම ගැන මෙහි පලවූ විවිධාකාර මත කියවීමෙන් පසුවයි.
බොහෝ දෙනා ප්‍රශ්ණය හරි හැටි තේරුම් නොගෙන කොහේවත් නැති ආගම්වාදයක් හා ජාතිවාදයක් ඇදගෙන නාගන්නා හැටි කණගාටුදායකය.
1. මේ ස්ථානයේ ඇත්තේ එක කෝවිලක් නොව කෝවිල් සංකීර්ණයකි.
2. මෙම කෝවිල් සංකීර්ණයේ තිබෙන පැරණිතම කෝවිල වන මුන්නේෂ්වරම් කෝවිල මේ කියන බිලී පූජාවට සම්බන්ධ නැත. එහි කපු මහතා හාමුදුරුවන් සමඟ විරෝධය පළ කරනු ගිය අවුරුද්දේ දැකිය හැකි විය.
3. එය හින්දු කෝවිලක් වන අතර බොහෝ දෙනා දන්නා පරිදි හින්දු ආගම අවිහිංසාවාදී වේ. බිලී පූජා ඇත්තේ හින්දු ආගමේ නොව වෛදික ආගමේ ය (බුදුන්ගේ කාලයේ තිබුනේ අර්ධ වෛදික තත්වයකි ).
4. බිලී පූජා කරන්නේ මේ ස්ථානයේ ඇති මෑතකදී අටවාගත් (එනම් පැරණි කෝවිලක් ලෙස සැලකිය නොහැකි ) කාලි අම්මාන් කෝවිලකිනි.
5. මේ කෝවිල කිසිම ජන කොටසකට හෝ ආගමකට අයත් යයි සැලකිය නොහැක. මෙයට හින්දූන් යයි කියා ගන්නා අය, බෞද්ධ යයි කියා කියා ගන්නා අය පමණක් නොව ක්‍රිස්තියානි අයද සතුන් ඔසවාගෙන එති. මොවුන් සමස්ථයක් වශයෙන් සැලකිය හැක්කේ වෙනම CULT එකක් ලෙස මිසක ආගමිකයන් පිරිසක් හැටියට නොවේ. (ගිය අවුරුද්දේ කුඩා දරුවන් සතුන් ඔසවාගෙන යනු දැකිය හැකි විය. කුඩා දරුවන් ලවා මෙවන් දේ කිරීම එකඟ වන්නේ කුමන නීතියටද?)
6. ක්‍රිස්තියානි ආගමේද වෙනම අන්තවාදී කොටස් ඇති මුත් ඔවුන් අවම වශයෙන් තමන්ව ක්‍රිස්තියානි ලෙස හදුන්වා ගනිති. කාලි අම්මාන් CULT එක සුවිෂේශී වන්නේ මේ නිසාය.
7. ඕනෑම CULT එකකට තමාගේ විශ්වාස නිදහසේ ඇදහිය හැකි මුත් රටේ සාමාන්‍ය නීතියට ඔවුන් සියල්ල යටය. එනම් යෝහෝවාගේ CULT එකට අයත් දෙමව්පියන්ට තමන්ගේ දරුවාට වෛද්‍ය ප්‍රතිකාර නොදී මරා දැමිය නොහැක. මෙසේම මේ කෝවිලටද සතුන් සිය ගණනක් මරා දැමීමට අවශ්‍ය නම් මස් කඩ බලපත්‍රයක් අවශ්‍ය වේ.
8. සතුන් මරන්නේ මස් නොකෑමට නම් එවන් බලපත්‍රයක් දිය නොහැක. මෙම කෝවිල් සංකීර්ණය අසළ පන්සලක්ද ඇති නිසා මෙය කෙසේවත් කළ නොහැක.
9. මෙතෙක් කල් මේ අපරාධය නිදහසේ කිරීමට හැකි වූයේ පොලීසියට මස් කොටසක් ගිය නිසා යයි කියවේ. ගිය වසරේ පොලීසියේ ප්‍රකාශකයෙක් පුවත්පතකට කියා සිටියේ මරන්නට යන්නේ සතුන් 8 දෙනෙකු නිසා මස් කඩ බලපත්‍රයක් අවශ්‍ය නොවන බවයි. පොලීසියේ තරම මින් පෙනේ.
10. අවසාන වශයෙන් මෙහිදී සිදු වූයේ රටේ සාමාන්‍ය නීතිය (සත්ව හිංසා පනත ආදිය ) අන්තවාදී අපරාධකරුවන් පිරිසකට විරුද්ධව ක්‍රියාත්මක වීම මිසක් සුළු ජාතියකට, ජනවර්ගයකට (මෙයට සිංහල, දෙමළ දෙවර්ගයම සම්බන්ධය ), හෝ ආගමකට (කාළි අම්මා ආගම කියා එකක් නැත ) විරුද්ධ වීමක් නොවේ.
11. පොලීසියට කොන්දක් තිබුනේ නම් මෙතරම් වෙහෙස වීමද අවශ්‍ය නොවේ. මෙවර මර්වින්ට ඇති බියට හෝ පොලීසිය අපරාධ කරුවන්ගේ පැත්ත ගත්තේ නැත.
බිලී පූජා ප්‍රශ්ණය නිවැරදිව තේරුම් ගමු..

Last edited: