බිලී පූජා ප්‍රශ්ණය නිවැරදිව තේරුම් ගමු...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බිලී පූජා ප්‍රශ්ණය නිවැරදිව තේරුම් ගමු...

    බිලී පූජා ප්‍රශ්ණය නිවැරදිව තේරුම් ගමු..

    මේක දාන්නේ මුන්නේෂ්වරම් බිලී පූජාවක් නතර කිරීම ගැන මෙහි පලවූ විවිධාකාර මත කියවීමෙන් පසුවයි.

    බොහෝ දෙනා ප්‍රශ්ණය හරි හැටි තේරුම් නොගෙන කොහේවත් නැති ආගම්වාදයක් හා ජාතිවාදයක් ඇදගෙන නාගන්නා හැටි කණගාටුදායකය. :rolleyes:

    1. මේ ස්ථානයේ ඇත්තේ එක කෝවිලක් නොව කෝවිල් සංකීර්ණයකි.

    2. මෙම කෝවිල් සංකීර්ණයේ තිබෙන පැරණිතම කෝවිල වන මුන්නේෂ්වරම් කෝවිල මේ කියන බිලී පූජාවට සම්බන්ධ නැත. එහි කපු මහතා හාමුදුරුවන් සමඟ විරෝධය පළ කරනු ගිය අවුරුද්දේ දැකිය හැකි විය.

    3. එය හින්දු කෝවිලක් වන අතර බොහෝ දෙනා දන්නා පරිදි හින්දු ආගම අවිහිංසාවාදී වේ. බිලී පූජා ඇත්තේ හින්දු ආගමේ නොව වෛදික ආගමේ ය (බුදුන්ගේ කාලයේ තිබුනේ අර්ධ වෛදික තත්වයකි ).

    4. බිලී පූජා කරන්නේ මේ ස්ථානයේ ඇති මෑතකදී අටවාගත් (එනම් පැරණි කෝවිලක් ලෙස සැලකිය නොහැකි ) කාලි අම්මාන් කෝවිලකිනි.

    5. මේ කෝවිල කිසිම ජන කොටසකට හෝ ආගමකට අයත් යයි සැලකිය නොහැක. මෙයට හින්දූන් යයි කියා ගන්නා අය, බෞද්ධ යයි කියා කියා ගන්නා අය පමණක් නොව ක්‍රිස්තියානි අයද සතුන් ඔසවාගෙන එති. මොවුන් සමස්ථයක් වශයෙන් සැලකිය හැක්කේ වෙනම CULT එකක් ලෙස මිසක ආගමිකයන් පිරිසක් හැටියට නොවේ. (ගිය අවුරුද්දේ කුඩා දරුවන් සතුන් ඔසවාගෙන යනු දැකිය හැකි විය. කුඩා දරුවන් ලවා මෙවන් දේ කිරීම එකඟ වන්නේ කුමන නීතියටද?)

    6. ක්‍රිස්තියානි ආගමේද වෙනම අන්තවාදී කොටස් ඇති මුත් ඔවුන් අවම වශයෙන් තමන්ව ක්‍රිස්තියානි ලෙස හදුන්වා ගනිති. කාලි අම්මාන් CULT එක සුවිෂේශී වන්නේ මේ නිසාය.

    7. ඕනෑම CULT එකකට තමාගේ විශ්වාස නිදහසේ ඇදහිය හැකි මුත් රටේ සාමාන්‍ය නීතියට ඔවුන් සියල්ල යටය. එනම් යෝහෝවාගේ CULT එකට අයත් දෙමව්පියන්ට තමන්ගේ දරුවාට වෛද්‍ය ප්‍රතිකාර නොදී මරා දැමිය නොහැක. මෙසේම මේ කෝවිලටද සතුන් සිය ගණනක් මරා දැමීමට අවශ්‍ය නම් මස් කඩ බලපත්‍රයක් අවශ්‍ය වේ.

    8. සතුන් මරන්නේ මස් නොකෑමට නම් එවන් බලපත්‍රයක් දිය නොහැක. මෙම කෝවිල් සංකීර්ණය අසළ පන්සලක්ද ඇති නිසා මෙය කෙසේවත් කළ නොහැක.

    9. මෙතෙක් කල් මේ අපරාධය නිදහසේ කිරීමට හැකි වූයේ පොලීසියට මස් කොටසක් ගිය නිසා යයි කියවේ. ගිය වසරේ පොලීසියේ ප්‍රකාශකයෙක් පුවත්පතකට කියා සිටියේ මරන්නට යන්නේ සතුන් 8 දෙනෙකු නිසා මස් කඩ බලපත්‍රයක් අවශ්‍ය නොවන බවයි. පොලීසියේ තරම මින් පෙනේ.

    10. අවසාන වශයෙන් මෙහිදී සිදු වූයේ රටේ සාමාන්‍ය නීතිය (සත්ව හිංසා පනත ආදිය ) අන්තවාදී අපරාධකරුවන් පිරිසකට විරුද්ධව ක්‍රියාත්මක වීම මිසක් සුළු ජාතියකට, ජනවර්ගයකට (මෙයට සිංහල, දෙමළ දෙවර්ගයම සම්බන්ධය ), හෝ ආගමකට (කාළි අම්මා ආගම කියා එකක් නැත ) විරුද්ධ වීමක් නොවේ.

    11. පොලීසියට කොන්දක් තිබුනේ නම් මෙතරම් වෙහෙස වීමද අවශ්‍ය නොවේ. මෙවර මර්වින්ට ඇති බියට හෝ පොලීසිය අපරාධ කරුවන්ගේ පැත්ත ගත්තේ නැත.:rolleyes:
     
    Last edited:

    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    මේ යාග පැවතෙන්නේ බොහොම ඉස්සර ඉඳලා. මේවා කරන්නට ඉඩ නොදීම ආගමික නිදහස අහිමිවීමක් කියලා කවුරු හරි කියනවා නම් මේක අහගන්න. ඒ අයට අනුව සතුන් බිලි දෙන යාග තියෙනවා ඒ කියන්නේ සත්තු කපලා කොටලා මරලා ගින්දරට දාලා පුච්චන එක. තාමත් ඉන්දියාවේ මේක සිදු වෙනවා. ඒ සංකල්පය ගත්තොත් මුල කාලයේදී යාගයක් කියන්නේ දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීමේ මාර්ගයක් කියලයි හැඳින්වුවේ. පස්සේ පස්සේ ඒක දෙවියන්ටත් වඩා හුවා දක්වලා බල කරලා ඉටු කරගත්තා

    මේ අයට අනුව අහිංසක තිරිසන් සත්තු මරලා කපලා ගින්නට දාලා පුච්චන යාගවලින් ඔයාට ලැබෙන දේවල් ගොඩකින් ටිකක් දැක්වුවොත් මෙහෙමයි.

    යක්ෂ භූත පිසාච ආදී උන්ගෙන් එන දෝශයන් වැලැක්වෙනවා.
    ඔයාගේ පර සතුරන්ට වින කෙරෙනවා.
    ඔයාට භවභෝග සම්පත් ලැබෙනවා.
    ඒ වගේම දිගාසිරි ලැබෙනවා.

    මේවායේ අශ්ව මේධ පුරුෂ මේධ ආදී වශයෙන් ගොඩක් දේවල් තියෙනවා. මේවට අරගන්න කියලා තියෙන්නේ අශ්වයන් ගොනුන් බැටළුවන් වගේ සත්ත්වයන් මේවට ගන්න එපා කියලා තියෙන්නේ කැලෑ සතුන් මසුන් පක්ෂීන් ඌරන් බල්ලන් වගේ උන් ඉතින් වැදගත්ම දේ මේක නෙවෙයි. වැදගත්ම දේ අර පුරුෂ මේධ කියන එක. එකෙන් කරන්නේ මනුෂ්‍යයන් මරා බිලි දෙන එක. මේක ඔබ නොදන්නවා වුනාට ඉන්දියාවේ වෙනවා. විශේෂයෙන් මේවට ගන්නේ මන්ද බුද්ධික දරුවෝ. ඒ වගේ මරණයට පත් කිරීම සඳහා බැඳලා ඉඳපු ඉන්දීය මන්ද බුද්ධික දරුවෙක්ව ඡායාරූප ගත කල මාධ්‍යවේදියෙක්ට ගමේ පිරිස එක් වෙලා පහර දුන් හැටි ඔහු අපූරුවට ලියා තිබුනා. ඒක මීට අවුරුදු හතර පහකට කලින් දිවයින පත්‍රයෙන් මම කියෙව්වේ. ඉතින් සහෝදරවරුනි. මේ විදිහට ගියාම අපි ඒ අයගේ ඇදහීමේ අයිතියට හිස නමලා ලංකාවේ පුරුෂ මේධයටත් ඉඩ දෙමු මොකද කොයි දේටත් වඩා ඇදහීමේ අයිතිය වැදගත් කියන පිරිස් ඉන්නවනේ අපේ රටේ

    නිශ්චය කිරීම ඔබට බාරයි.
     
    :yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳ කරුණු ටිකක් මචං..ඇත්තටම පැටලිලි ගොඩක් ලිහුනා මේකෙන්..මාත් කල්පනා කරේ හින්දු ආගමෙන් මේක කරනවද කියල.බොහොම ස්තුති
     
    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    reputation_neg.gif
    බිලී පූජා ප්‍රශ්ණය... 09-14-2011 07:06 PM ubath maha manda buddikayek thama

    ඉතිං ඕක එළියට ඇවිත් කියනවාකෝ මූණ බලාගන්න :P
     
    • Like
    Reactions: gayankuwait