බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

0_Inception

Member
Feb 12, 2011
69
2
0
නිවන තියා, ඔබට පුලුවන්ද අඩුම ගානේ 'නින්ද ' විස්තර කරලා දෙන්න..

මට මගේ නින්ද ගැන විස්තර කරන්න මම මගේ නින්ද ගැනවත් මුකුත්ම දන්නේ නෑනේ. මම දන්නේ බාහිර වෙනත් කෙනෙක්ගේ නින්ද ගැන සහ වෙන කෙනෙක් මගේ නින් ද ගැන කියපුවා විතරයි.

මම නිදාගත්ත කියල හරි දන්නේ වෙන කෙනෙක් කියපු නිසා. මම නිදාගත්ත හෝ නිදා ගත්තේ නෑ කියල වෙන කෙනෙක් කියපු එක මට පිළිගන්නත් පුළුවන්, පිළිනොගෙන ඉන්නත් පුළුවන්. ඒත් පිළිගැනීමත් නොපිළිගැනීමත් සත්‍ය නොවෙයි.

=================================================================

පිළිගැනීමත් නොපිළිගැනීමත් හැමදාම කරේ අපිව තද නින්දට ඇදගෙන ගිය එක... බුදුන් තමයි ඉතින් පිළිගැනීමෙනුත් නොපිළිගැනීමෙනුත් තොරවූ සත්‍ය දැක තද නින්දෙන් අවදී වූ උත්තමයා. පිළිගැනීමෙත් නොපිළිගැනීමෙත් ජීවත්වන අපි තාමත් තද නින්දෙ...

=================================================================

Google එකේනං තියෙන්නේ ඉතිං අනුන්ගේ නින්ද දිහා බලල කරපු පරීක්ෂණ වල results. අපි දැනගන්න ඔනේ අනුන්ගේ නින්ද ගැන ද? තමන්ගේ නින්ද ගැන ද?

තද නින්දෙන් අවදී වූ බුදුන්නං කියන්නේ තමන්ගේ නින්ද දැකලා ඒ නින්දෙන් අවදි වන හැටි.
 

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    හේතු ඵල න්‍යායට අනුව තමා. ඔබ මම, සිතුවිලි, විශවය යන සියල්ල එකිනෙකට සම්බන්ධයි. මේ සියල්ල අවසානයේ ශක්තියක් පමණයි. යම් සතෙක් ඇතිවීමට අවශ්‍ය හේතු සාධක ඇති වුනොත් එතන එම සතා පහල වෙනවා. ඒ කියන්නේ යම් ආකාරයක රසායනික ශක්ති විපර්යාසයක් මත ශරීරය, මොලය, සිත ඇති වෙනවා. මොකද්ද මේකේ තේරුම? නොවැටී හිටියනම් හරිනේ කියලා අහන එක මහ පුදුම කතාවක්නේ. විශ්වය ක්‍රියාත්මක වෙන මූලධර්ම අපට පාලනය කරන්න පුලුවන්ද? වෙන බොහො දේවල් අපේ පාලනයෙන් පරිබාහිරයි.
    අලුතෙන් හිත් ඇති වෙන්නේ නැහැ කියන්නේ ඇයි? අලුතෙන් හිත් ඕන තරම් ඇති විය හැකියි. එය ශක්ති පරිණාමයක් පමණයි.
    මේයට ඔබ දෙන පිලිතුරු මත සාකච්චාව දිගටම කරගෙන යා හැකියි.

    ඉස්සෙලාම හිතක් ඇති උනා කියමු x කියල..
    ඉස්සෙලාම x වෙන්නෙ මිනිහෙක්ද , යකෙක්ද , දෙවියෙක්ද , සතෙක්ද ?
    මිනිහෙක් කියමු..
    කර්මය විසින් ඔක්කොම පාලනය නොකරට ගොඩක් දේවල් වෙන්නෙ ඒකෙන් ලු නෙ... දැන් මේ x ට බලපාන්නෙ අනිත් 4 ද ? [නම් මතක නෑ | ඉර්තු , බීජ , ධම්ම , චිත්ත [ඔන්න ඔය වගේ 4ක්]]
    එතකොට x ගෙ මුලු සංසාරයම සකස් වෙන්නෙ අනිත් දෙවල් ටිකක random බලපෑම මත ?

    විද්ද්‍යාවෙ කියනවා
    හිත්ටෙන්නෙ මොලයේ නුයුරෝන හා රසායනික විපර්යාස නිසා'ලු'
    අපේ මේ නුයොරෝන එක එක ජාතියේ අත්දැකීම් ගබඩා කරගෙන ඉන්නවා'ලු'
    ඔයාට කවුරු ගැන හරි තරහ ගියා කියමු
    එතකොට ඒ හා සම්ඹන්ඳ අත්දැකීම මතක තියෙන නුයුරෝන් සෙට් එක එකට සෙට් වෙලා ක්‍රියාත්මක වෙන්න ගන්නවා'ලු'
    ඔයාට වැඩියෙන් තරහ යන්වා නම් තාවකාලිකව ඕව එකතු වෙන එක නවත්වලා එක දිගටම සෙට් වෙලා තියෙන ශක්තිමත් බන්ධන හදාගන්නවා'ලු'
    මෙහෙමලු අපිට හිතෙන්නෙ
    ඕක අරකට වඩා සාධාරනයි නේද ?

    අහ්......
    හේතු ඵල න්‍යායට අනුව නෙහ්..
    එතකොට අපි සංසාරෙට එන්ටර් වෙන්න හේතුව ? අපි කිව්වෙ 'හිතට' ?
    විශ්වයට ජොලියක් ආපු ගමන් අපි මේකෙ 'හටගෙන' කල්ප ගනන් දුක් වින්දින්න ඕනි...
    මට නම් ඒක [මගේ රාමුවෙන්] හෙන අසාධාරනයි
    ශක්තියක් ඇතිවෙන්නෙ වත් නැති වෙන්නවත් නෑ මම දන්න හැටියට නම්
    මොකකින් හරි ට්‍රාන්ස්ෆොර්ම් වෙනව ඇත්තෙ හිතත් එහෙනම්
    හිතක් අලුතෙන් හටගන්නවා කියන එකෙ අබ්ලික් එකක් තාම මීටර් වෙන්නෙ නැද්ද?
    අලුතෙන් ශක්තියක් හටගන්නවා කියන කන්සෙප්ට් එක උනත්


    විශ්වය ක්‍රියාත්මක වෙන මූලධර්ම අපට පාලනය කරන්න පුලුවන්ද?

    එහෙනම් වෙන දෙයක් වෙන්න ඇරල ඉන්නනෙ තියෙන්නෙ
    දැන් ඔය කියන විදිහට විශ්වෙට ඕනි අපිව මෙකෙ දාගෙන ඉන්නනෙ
    ඇයි ඉතින් ගොඩ යවන්න ඕනි නම් මෙකෙ දාන එකෙ තේරුමක් නෑනෙ
    මෙතන 'දාන්න' කියන්න එකෙන් 'කෙනෙක්' කලා කියන එක නෙමේ මම කියන්නෙ


    මේක තමා මම දාපු මෝඩම රිප්ලයි එක කියල මට හිතෙනවා
    ඒත් දැන් ටයිප් කරපු එක නිසා ඔන්න ඔහේ දානවා :eek:
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඉස්සෙලාම හිතක් ඇති උනා කියමු x කියල..
    ඉස්සෙලාම x වෙන්නෙ මිනිහෙක්ද , යකෙක්ද , දෙවියෙක්ද , සතෙක්ද ?
    මිනිහෙක් කියමු..
    කර්මය විසින් ඔක්කොම පාලනය නොකරට ගොඩක් දේවල් වෙන්නෙ ඒකෙන් ලු නෙ... දැන් මේ x ට බලපාන්නෙ අනිත් 4 ද ? [නම් මතක නෑ | ඉර්තු , බීජ , ධම්ම , චිත්ත [ඔන්න ඔය වගේ 4ක්]]
    එතකොට x ගෙ මුලු සංසාරයම සකස් වෙන්නෙ අනිත් දෙවල් ටිකක random බලපෑම මත ?
    x ඇතිවීමට අවශ්‍ය හේතු පහල වුනොත් x ඇති වෙනවා. උදාහරණයක් විදිහට ජීවය ඇරඹුන විදිහ ගැන ඇති එක මතයකදී කියනවා, ගිනිකඳු වලින් පිටවූ ශක්තිය මගින් ඇමෝනියා වැනි සරල අණු මගින් ඇමිනෝ අම්ල ආදිය බිහි වුණා. හේතුවක් තිබේ නම් ඵලයක් ඇති වුණා. මිනිහාගේ ශරීරයත් ඔය වගේ රසායනික ද්‍රව්‍ය වල එකතුවක්. x ගේ හටගැනීමට කර්ම නියාමය නම් බලපාන් නැති බවයි පෙනෙනෙනේ. සියල්ලම සිදු වෙන්නේ ඔය නියාම ධර්ම වලට අනුවද? එතකොට සූර්යයා හයිඩ්‍රජන් හීලියම් කරන්නේ නියාම ධර්මයකට අනුවද?

    විද්ද්‍යාවෙ කියනවා
    හිත්ටෙන්නෙ මොලයේ නුයුරෝන හා රසායනික විපර්යාස නිසා'ලු'
    අපේ මේ නුයොරෝන එක එක ජාතියේ අත්දැකීම් ගබඩා කරගෙන ඉන්නවා'ලු'
    ඔයාට කවුරු ගැන හරි තරහ ගියා කියමු
    එතකොට ඒ හා සම්ඹන්ඳ අත්දැකීම මතක තියෙන නුයුරෝන් සෙට් එක එකට සෙට් වෙලා ක්‍රියාත්මක වෙන්න ගන්නවා'ලු'
    ඔයාට වැඩියෙන් තරහ යන්වා නම් තාවකාලිකව ඕව එකතු වෙන එක නවත්වලා එක දිගටම සෙට් වෙලා තියෙන ශක්තිමත් බන්ධන හදාගන්නවා'ලු'
    මෙහෙමලු අපිට හිතෙන්නෙ
    ඕක අරකට වඩා සාධාරනයි නේද ?

    මේ කියන දේවල් වල ගැටලුවක් මට පෙන්නේ නැහැ. ඔබතුමාට තිබෙන ගැටලුව මොකද්ද? 'ඕක අරකට වඩා සාධාරනයි' කිව්වේ මොකද්ද? 'අරක' මොකද්ද?

    අහ්......
    හේතු ඵල න්‍යායට අනුව නෙහ්..
    එතකොට අපි සංසාරෙට එන්ටර් වෙන්න හේතුව ? අපි කිව්වෙ 'හිතට' ?
    ශක්ති පරිවර්තනයක්, විශ්වයේ හැසිරීම දිහා බලදිදි අපට පේනවා කාලයත් සමග යම් යම්, දේවල් එක්තරා ස්වභාවයන් ගන්නවා. එය විශිව න්‍යාය. උදාහරණක් විදිහට ප්‍රථිවිය ගෝලාකාර හැඩයක් ගත්තේ ඇයි? ග්‍රහලෝක ගෝලාකාර ඇයි? ප්‍රතිරොධ වලට ලක්ව චලනය වන වස්තුවකට ගත හැකි හොඳම හැඩය ගෝලාකාර ඇයි? මෙවා විශ්වය ක්‍රියාත්මක වන නීති. අපට වෙනස් කල නොහැක. (පාලනය කල හැකි සීමාවන් තියෙනවා.) බුදුන් කලේ මෙම නීති අවබෝධ කර ගැනීම. ආයෙත් කතාවට එනවා නම් අපි සංසාරයට එන්ඩ හේතුව තමා පුද්ගලයෙක් ලෙස අප හඳුන්වන දෙය(ඔබ හිත කිය කියන්නේත් මෙය තමා )ඇති වීමට අදාල හේතු විශ්ව න්‍යායන්ට අනුව ඇති වීම.

    විශ්වයට ජොලියක් ආපු ගමන් අපි මේකෙ 'හටගෙන' කල්ප ගනන් දුක් වින්දින්න ඕනි...
    මට නම් ඒක [මගේ රාමුවෙන්] හෙන අසාධාරනයි
    ඔබතුමාට සාධාරණයි, අසාධාරණයි කියා හිතෙන දේවල් මත නොවේ මේවා ක්‍රියාත්මක වෙන්නේ. පවතින දෙය ඔබතුමාට හොඳයි කියලා හිතුනත් නැතත පවතිනවා.

    ශක්තියක් ඇතිවෙන්නෙ වත් නැති වෙන්නවත් නෑ මම දන්න හැටියට නම්
    මොකකින් හරි ට්‍රාන්ස්ෆොර්ම් වෙනව ඇත්තෙ හිතත් එහෙනම්
    හිතක් අලුතෙන් ඇති වෙනවා නම් පරිණාමයක්. එහෙම නැති නම් එය ශක්ති කැටියක්, යම් ආකාරයක එකට බැඳී පවතින.

    හිතක් අලුතෙන් හටගන්නවා කියන එකෙ අබ්ලික් එකක් තාම මීටර් වෙන්නෙ නැද්ද?
    අලුතෙන් ශක්තියක් හටගන්නවා කියන කන්සෙප්ට් එක උනත්
    මොකද්ද අබිලික් එක. එක ශක්තියක් තවත් ශක්තියකට පරිවර්තනය වෙනවා. ඕකේ තියෙන අබිලික් එක මොකද්ද?

    එහෙනම් වෙන දෙයක් වෙන්න ඇරල ඉන්නනෙ තියෙන්නෙ
    දැන් ඔය කියන විදිහට විශ්වෙට ඕනි අපිව මෙකෙ දාගෙන ඉන්නනෙ
    ඇයි ඉතින් ගොඩ යවන්න ඕනි නම් මෙකෙ දාන එකෙ තේරුමක් නෑනෙ
    මෙතන 'දාන්න' කියන්න එකෙන් 'කෙනෙක්' කලා කියන එක නෙමේ මම කියන්නෙ
    විශවය යම් යම් හේතුන් නිසා යම් යම් භෞතික නීති මත ක්‍රියා කරනවා. මිනිහෙක් ගහක ඉඳලා බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ශනයට හිතෙන හින්දා නෙවා, ඒක විශ්ව න්‍යාය නිසා. මේවා අපට වෙනස් කල නොහැකියි, නමුත් ඒවා අපට බලපාන විදිහ වෙනස් කල හැකියි. ඔබතුමාට බුදුන් කියූ දේවල් ගැන භෞතිකමය පැහැදිලි කිරීමක් අවශ්‍ය බවකුයි මට තෙරුණේ. කොට්න්බ කිවුවොත් ලෝකය ක්‍රියත්මක වන නීති තියෙනවා, බුදුන් ඒවා අවබෝධ කරගෙන අපේ යහපතට ඒවා යොදා ගන්නේ කොහොමද කියා කිවුවා. මේ දේවල් ගොඩක් ගැඹුරු නිසා අපට තෙරෙන්නේ නැහැ. නමුත් ඉන් අදහස් වෙන්නේ නැහැ එහි ගත යුත්තක් නැත කිය.
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    x ඇතිවීමට අවශ්‍ය හේතු පහල වුනොත් x ඇති වෙනවා. උදාහරණයක් විදිහට ජීවය ඇරඹුන විදිහ ගැන ඇති එක මතයකදී කියනවා, ගිනිකඳු වලින් පිටවූ ශක්තිය මගින් ඇමෝනියා වැනි සරල අණු මගින් ඇමිනෝ අම්ල ආදිය බිහි වුණා. හේතුවක් තිබේ නම් ඵලයක් ඇති වුණා. මිනිහාගේ ශරීරයත් ඔය වගේ රසායනික ද්‍රව්‍ය වල එකතුවක්. x ගේ හටගැනීමට කර්ම නියාමය නම් බලපාන් නැති බවයි පෙනෙනෙනේ. සියල්ලම සිදු වෙන්නේ ඔය නියාම ධර්ම වලට අනුවද? එතකොට සූර්යයා හයිඩ්‍රජන් හීලියම් කරන්නේ නියාම ධර්මයකට අනුවද?

    මේ කියන දේවල් වල ගැටලුවක් මට පෙන්නේ නැහැ. ඔබතුමාට තිබෙන ගැටලුව මොකද්ද? 'ඕක අරකට වඩා සාධාරනයි' කිව්වේ මොකද්ද? 'අරක' මොකද්ද?

    ශක්ති පරිවර්තනයක්, විශ්වයේ හැසිරීම දිහා බලදිදි අපට පේනවා කාලයත් සමග යම් යම්, දේවල් එක්තරා ස්වභාවයන් ගන්නවා. එය විශිව න්‍යාය. උදාහරණක් විදිහට ප්‍රථිවිය ගෝලාකාර හැඩයක් ගත්තේ ඇයි? ග්‍රහලෝක ගෝලාකාර ඇයි? ප්‍රතිරොධ වලට ලක්ව චලනය වන වස්තුවකට ගත හැකි හොඳම හැඩය ගෝලාකාර ඇයි? මෙවා විශ්වය ක්‍රියාත්මක වන නීති. අපට වෙනස් කල නොහැක. (පාලනය කල හැකි සීමාවන් තියෙනවා.) බුදුන් කලේ මෙම නීති අවබෝධ කර ගැනීම. ආයෙත් කතාවට එනවා නම් අපි සංසාරයට එන්ඩ හේතුව තමා පුද්ගලයෙක් ලෙස අප හඳුන්වන දෙය(ඔබ හිත කිය කියන්නේත් මෙය තමා )ඇති වීමට අදාල හේතු විශ්ව න්‍යායන්ට අනුව ඇති වීම.


    හිතක් අලුතෙන් ඇති වෙනවා නම් පරිණාමයක්. එහෙම නැති නම් එය ශක්ති කැටියක්, යම් ආකාරයක එකට බැඳී පවතින.

    ඔයා භෞතික දේ ගැන විතරයි කතාකරන්නෙ ... උත්තර දෙන්නෙ ඒව වලින් පමනයි
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඔයා භෞතික දේ ගැන විතරයි කතාකරන්නෙ ... උත්තර දෙන්නෙ ඒව වලින් පමනයි

    ඔයා අහපු සරල ප්‍රශ්නයට උත්තරයක් තමා මා දුන්නේ. ඔයාට ඕන වුනේ භෞතික දේවල් වලින් උත්තරයක් නේද? පිටිදූවේ හාමුදුරුවො ධර්මයෙන් දීපු උත්තරය ඔබතුමා පිලිගත්තේ නැහැනේ? "ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? " කියන ඔයාගේ ප්‍රශ්නයට මම උත්තරයක් දුන්නා. ඔයාට ඒ ගැන තව කතා කරන්ඩ දෙයක් නැත්තේ මා කියන දෙයෙහි තර්කානුකූල බවක් ඔබතුමාට තේරෙන නිසා විය හැකියි.
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඔයා භෞතික දේ ගැන විතරයි කතාකරන්නෙ ... උත්තර දෙන්නෙ ඒව වලින් පමනයි

    Quantum Physics ගැනත්, Electrical Charges වලින් සිතුවිලි ඇති වෙන හැටිත් ගැන කතා කරපු ඔබතුමාට දැන් භෞතික දේවල් අල්ලන්නේ නැති එක පුදුමයක්.
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඉස්සෙලාම හිතක් ඇති උනා කියමු x කියල..
    ඉස්සෙලාම x වෙන්නෙ මිනිහෙක්ද , යකෙක්ද , දෙවියෙක්ද , සතෙක්ද ?
    මිනිහෙක් කියමු..
    කර්මය විසින් ඔක්කොම පාලනය නොකරට ගොඩක් දේවල් වෙන්නෙ ඒකෙන් ලු නෙ... දැන් මේ x ට බලපාන්නෙ අනිත් 4 ද ? [නම් මතක නෑ | ඉර්තු , බීජ , ධම්ම , චිත්ත [ඔන්න ඔය වගේ 4ක්]]
    එතකොට x ගෙ මුලු සංසාරයම සකස් වෙන්නෙ අනිත් දෙවල් ටිකක random බලපෑම මත ?

    විද්ද්‍යාවෙ කියනවා
    හිත්ටෙන්නෙ මොලයේ නුයුරෝන හා රසායනික විපර්යාස නිසා'ලු'
    අපේ මේ නුයොරෝන එක එක ජාතියේ අත්දැකීම් ගබඩා කරගෙන ඉන්නවා'ලු'
    ඔයාට කවුරු ගැන හරි තරහ ගියා කියමු
    එතකොට ඒ හා සම්ඹන්ඳ අත්දැකීම මතක තියෙන නුයුරෝන් සෙට් එක එකට සෙට් වෙලා ක්‍රියාත්මක වෙන්න ගන්නවා'ලු'
    ඔයාට වැඩියෙන් තරහ යන්වා නම් තාවකාලිකව ඕව එකතු වෙන එක නවත්වලා එක දිගටම සෙට් වෙලා තියෙන ශක්තිමත් බන්ධන හදාගන්නවා'ලු'
    මෙහෙමලු අපිට හිතෙන්නෙ
    ඕක අරකට වඩා සාධාරනයි නේද ?

    අහ්......
    හේතු ඵල න්‍යායට අනුව නෙහ්..
    එතකොට අපි සංසාරෙට එන්ටර් වෙන්න හේතුව ? අපි කිව්වෙ 'හිතට' ?
    විශ්වයට ජොලියක් ආපු ගමන් අපි මේකෙ 'හටගෙන' කල්ප ගනන් දුක් වින්දින්න ඕනි...
    මට නම් ඒක [මගේ රාමුවෙන්] හෙන අසාධාරනයි
    ශක්තියක් ඇතිවෙන්නෙ වත් නැති වෙන්නවත් නෑ මම දන්න හැටියට නම්
    මොකකින් හරි ට්‍රාන්ස්ෆොර්ම් වෙනව ඇත්තෙ හිතත් එහෙනම්
    හිතක් අලුතෙන් හටගන්නවා කියන එකෙ අබ්ලික් එකක් තාම මීටර් වෙන්නෙ නැද්ද?
    අලුතෙන් ශක්තියක් හටගන්නවා කියන කන්සෙප්ට් එක උනත්




    එහෙනම් වෙන දෙයක් වෙන්න ඇරල ඉන්නනෙ තියෙන්නෙ
    දැන් ඔය කියන විදිහට විශ්වෙට ඕනි අපිව මෙකෙ දාගෙන ඉන්නනෙ
    ඇයි ඉතින් ගොඩ යවන්න ඕනි නම් මෙකෙ දාන එකෙ තේරුමක් නෑනෙ
    මෙතන 'දාන්න' කියන්න එකෙන් 'කෙනෙක්' කලා කියන එක නෙමේ මම කියන්නෙ


    මේක තමා මම දාපු මෝඩම රිප්ලයි එක කියල මට හිතෙනවා
    ඒත් දැන් ටයිප් කරපු එක නිසා ඔන්න ඔහේ දානවා :eek:

    මිත්‍රයා සාමන්‍ය පෙළ භෞතික විද්‍යා දැනුමෙන් ශක්ති සංස්ථිතිය ගැන කතා කරන බවයි පෙනෙන්න ඇත්තෙ. අයින්ස්ටයි වැනි විද්වතුන් ශක්ති සංස්ථිතියෙන් තොර විශ්වයක් ගැන හිතන්න වත් අකමැති වුණ බව ඇත්තයි. කොහොම වුණත් මම මේ කියන්න යන දේ ඉගන ගන්න මිත්‍රයාට දැන්ම හම්බ වෙන එකක් නැහැ, කැමති නම් කියවන්න.

    භෞතික විද්‍යාවෙදි ශක්ති සංස්ථිතිය විශ්වීය නියමයක් ලෙස තවමත් පිළි ගැනෙන බව ඇත්තයි. ඒත් ස්ථානීය නියමයක් ලෙස ශක්ති සංස්ථිතිය අංශු භෞතික විද්‍යාවෙදි ( particle physics ) යම් අභියෝගයකට ලක් වෙලා තියන්නෙ. ක්වන්ටම් භෞතිකය සහ සමමිති පිළිබඳ උසස් ගණිතයත් තවත් භෞතික විද්‍යාවේ උප ක්ෂේස්ත්‍ර ගණනාවකුත් අංශු භෞතිකය ගොඩනැගීමෙදි උපකාරී වෙනවා. ක්වන්ටම් භෞතිකයේ මූලික කාරණාවක් තමයි අඩමාන බව. හයිසෙන්බර්ග් ගේ අවිනිශ්චිතතා මූලධර්මය ඊට හොඳ උදාහරණයක්. හයිසෙන්බර්ග් ගේ අවිනිස්චිතතා මූලධර්මයෙන් ඉඩ ලැබෙනවා ස්ථානීය ශක්තිය සංස්ථිතික නොවී යම් ආකාරයක සසම්භාවීව උච්ඡාවචනය වීමට. ඒත් සමස්ථයක් විදියට ගත්තම විශ්වයේ ශක්තිය සංස්ථිතික වීමට සංඛ්‍යානය අනුව මෙයින් බලපෑමක් නැහැ. මේ ස්ථානීය ශක්ති උච්ඡාවචනයන් ඇත්තටම අංශු භෞතිකයෙදි ඉතාම වැදගත් කාරණයක්.

    සරළ භෞතික විද්‍යා හෝ රසායන විද්‍යා දැනුමෙන් කෙනෙක් කියන්න පුළුවන් ස්කන්ධය සංස්ථිතික වන බව. ඒත් ස්කන්ධය කියන්නෙ ශක්තියම මිස වෙන ප්‍රපංචයක් නොවන බව අයින්ස්ටයින් ගේ විශේෂ සාපේක්ෂතාවාදය හදාරලා ඇති අය දන්නවා. අංශු භෞතිකයෙ කියවෙනවා විවිධ අංශු වර්ග ගනනාවක් ගැන. බොහෝ දෙනෙක් අසා ඇති ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන ඇරුනම ෆෝටෝන, නියුට්‍රිනෝ, ම්යුවෝන, ග්ලුවෝන වැනි මූලික අංශු ගැනත් ප්‍රති-අංශු ගැනත් අංශු භෞතිකයෙදි හැදෑරෙනවා. මේවායින් ඇතැම් ඒවා ස්වභාවිකව ස්ථානීයව ඇති වී නැති වී යන ඒවා! කොහොමද එහෙම වෙන්නෙ ශක්තිය ස්ථානීයව සංස්ථිතික නම්? ඒවා දිගටම පැවතීමකින් තොරව ඇති වී නැති වී යන්නෙ සසම්භාවී උච්ඡාවචනයෙන් ලැබෙන ශක්තිය ප්‍රමාණවත් නොවීම නිසා. ඇත්තටම අපට ඒවාට දීර්ඝ කාලයක් පැවතීමට අවශ්‍ය තරම් ශක්තිය සපයන්න පුළුවන් නම් ඒවා එහෙම පවතිනවා. උදාහරණයක් විදියට LHC වැනි උපකරණ භාවිතයෙන් භෞතික විද්‍යාඥයො ඒ විදියට බාහිරින් ශක්තිය ලබා දීමෙන් ඒ අංශු නිරන්තරයෙන් හදනවා පරීක්ෂණ කටයුතු සඳහා. ඒත් ඒවා ස්වභාවිකව ඇති වී නැති වී යන්නෙ ස්ථානීයව ශක්තිය සංස්ථිතික නැති නිසා.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මගේ නම දිල්ශාන්
    මම වෙනින් කෙනෙක්ගෙ නමේ තේරුම හොයනකොට සයිට් එකක් හම්බ උනා එකෙ මම නමේ තේරුම හොයපු කෙනාගෙ ගති ලක්ශන වලට ගොඩාක් ගැලපෙන දේවල් තිබ්බා
    කැනඩාවෙ සයිට් එකක්
    මෙන්න බලන්න මම ගැනැ තිබ්බ දේවල්

    http://www.kabalarians.com/male/dilshan.htm


    *Your first name, Dilshan, makes you independent, resourceful, practical, and patient.

    *You could be inventive along scientific or technical lines.

    *You are fussy about details and seek perfection in whatever you undertake. = අම්මියෝ ... ඇත්තනේ

    *Being somewhat wilful and skeptical, you learn best through your own experiences and seek proof though facts. = හත්තිලව්වේ.....!!!!

    *You work best alone, making your own decisions, and learning from your own experiences. = අම්මියෝ ...

    *Despite your loyalty to friends, your communication at times is stilted, too candid, and frank. = හපොයි......

    *The name Dilshan creates the urge to be creative and original, but we point out that it limits your versatility and scope, tuning you to technical details. = ත්‍රෙඩ් එක කියෙව්වම හිතෙන්නෙ නැද්ද ?

    අනේ මන්ඳා
    කනා ශොට් වෙන්න ඇති
    නැත්නම් හැම කෙනාටම ගැලපෙනවත් ඇති
    නැත්නම් මම ඇප්ලයි කරගත්තා වෙන්නත් ඇති
    මොකක් උනත් මට හිතෙනවා මට ගොඩාක් ගැලපෙනවා කියලා
    අර මම ඉස්සෙල්ලා බලපු කෙනාටත් අතිශයෙන් ගැලපුනා
    තව නම් ටිකක් චෙක් කරන්න ඕනි
    hhaa ela ela...meka ubamada liwwe...;)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔයාල දන්නවද පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො
    එයත් මේ ගැන මාත් එක්ක 'පැය ගානක්' තර්ක කරල අන්තිමට මට ඕනි දෙයක් කරගන්නවා කියල පැත්තකට උනා
    [දන්නෙ නැති අයට , පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො කියන්නෙ සාපේක්ශව වෙනස් බන කියන විද්‍යාවේදී හොඳට බණ කියන්න පුලුවන් හාමුදුරු නමක්]

    Great!
    Congrats! brother!
    :D
     

    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    extra:
    අනික බුදුන් පැහැදිලි කරල දේශනා කලේ අපිට අවශ්‍ය (නිවනට අවශ්‍ය) දේවල් විතරයි..

    උදාහරණ:

    එකපාරක් ආනන්ද හාමුදුරුවෝ බුදුන්ගෙන් ඇහුව,
    "ඔබ වහන්සේට කොච්ච්චර ඈතකට යනකම් මේ ලෝක සත්වයන්ව අමතන්න පුලුවන්ද"
    කියල ..
    අහපු ගමන්,
    "මෙන්න මෙච්චරක් පුළුවන්"
    කියල බුදුන් වදාළේ නැහැ..

    ආනන්ද හාමුරුවො බුදුන්ගෙන් ඒක 3න් පාරක්ම අහනකම් බුදුන් හිටිය ...

    ඒකට හේතුව බුදුන් වදාරන්න හිටපු උත්තරය 'නිවන'ට වැදගත් නැතිනිසා ...

    3න් පාරක් ඇහුවට පස්සේ පිළිතුරු දුන්න,

    ඉර-හද ආලෝකය පැතිරෙන දුර වගේ 1x100000000000 ගුණයක් දක්වා පරාසය විහිදෙන විදයට පුළුවන් කියල...

    එක තවත් විස්තර කලේ නැහැ.. මොකද වැඩක් නැති නිසා (නිවනට වැඩක් නැති නිසා)
    එත් කෙනෙකුට ඕක අහල ශර්ද්දාවක් ඇතිවෙන්න පුළුවන් නිසා තමයි ඔහොමවත් ඒ ගැන වදාළේ.
    නැත්නම් ඔහොමවත් වදාරන්නේ නැහැ..

    එත් ශ්‍රද්ධාව ඇතිවන බව පසක් කරමින්, එවෙලේම ආනන්ද හාමුරුවොන්ට පුදුම ශ්‍රද්දාවක් ඇතිවුනා ..

    ආනන්ද හාමුදුරුවෝ එයාගේ සතුට බුදුන්ට ප්‍රකාශ කරනකොට, වෙන හාමුදුරුකෙනෙක් ආනන්ද හමුරුවන්ට
    ටිකක් රිද්දන්න හිතන්, ආනන්ද හිමිගෙන් ඇහුව,
    "ඔබ මොකටද ඔච්චර සතුටුවෙන්නේ, ඒ හැකියාව තියෙන්නේ බුදුන්ටනේ, ඔබට නෙවෙයිනේ, ඉතින් ඔබ මොකටද සතුටුවෙන්නේ"
    කියල ..

    ඒ වෙලාවේ බුදුන් වදාලා,
    "හා! හා! භික්ෂුව එහෙම කියන්න එපා , ආනන්ද මගේ හැකියාව ගැන අහල විතරක් මේ දැන් ඇතවුන ශ්‍රද්දාවේ පිනෙ තරම කොච්චරද කියනවනම්, ආනන්දට සක්විති රජ කෙනෙක් වෙලා
    තව කල්පගානක් වුනත් සක්විති රජකම් කරන්න පුළුවන් තරම් පිනක් කරගත්තා, එත් ආනන්ද මේ භවයේදීම රහත් වෙලා පිරිනිවන් පානවා"
    කියල ....

    අන්න ඒ නිසා , විස්වාස කරන්න අමාරු කොටස් විස්වාස කරලා ශ්‍රද්දාවක් ඇතිකරගන්නට බැරිනම්, බුදු දහමේ තියෙන "යෝනි සෝමනසිකාරය " (නුවනින් දැකල වටහාගැනීම) ට අදාළ ධර්ම කොටස් විතරක් කල්පනා කරල නුවනින් දකින්න ...

    අනිත් දේවල් කැමතිනම් පිළිගන්න, නැත්නම් නොපිළිගන්න...

    නිවනට අදාළ දේවල් නුවනින් විමසල පිළිගන්න

    ඒ කියන්නේ,
    *ඇස කණ නාසය වගේ පංච ඉන්ද්‍රිය සම්බන්ධ ධර්ම,
    *තන්හාව දුකට මුල බව,
    වගේ ධර්ම කොටස්..



    මේ ප්‍රමාණවත් කියල මම හිතනවා...




    extra: ඒ වුනත් සමහර දේවල් පිළිගන්න හිතෙන්නේ නැත්නම්, බුදුන් දේශනා කරල තිබෙනවා සෝවාන්

    වෙච්ච කෙනෙක්ට තමයි බුදුන් කෙරෙහි අචල ශ්‍රද්දාවක් ඇතිවෙනේ කියල...
    ඒ කියන්නේ කෙනෙක් සෝවාන් වුනානම්, එයාට බුදුන්ගේ ධර්මය ගැන තිබෙන ශ්‍රද්දාව අචලයි..
    ධර්මය සැක කරන්නේ නැහැ...
    ඔවුන් ආයේ වෙනස්වෙන්නේ නැහැ කියල බුදුන් වදාළ...
    ඒ කියන්නේ එයා තමයි බුදුන් වදාළ හැමදේම පිළිගන්නේ ..
    අපි ඒ තත්වෙට (සෝවාන් පලයට) පත්නොවුණු නිසයි අපිට සැක තියෙන්නේ...

    දැන් ඔබ කිව්වොත්,

    "හරි හරි, බුදුන් මට කිව්වනම් මම පිළිගන්ව, එත් බුදුන් පිරිනිවන්පාලා අවුරුදු 2500කට
    විතර පස්සේ තියෙන මේ ත්‍රිපිටකේ වෙනස්වෙලාද කවුද දන්නේ " කියල ..

    එහෙමනම්, මේ link එකට ගිහින් එකේ තියෙන ධර්ම දේශනාව download කරගන්න ..

    මේකේ තියෙනවා, ත්‍රිපිටකය පිරිසිදුව රැකිලා ආපු හැටි...

    link :
    http://bavana.org/audio/melbourne/05 - Nirmala Budu Dahama.mp3

    අනික බුදුන් දේශනා කළා මේ උතුම් සද්ධර්මය බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවුරුදු 5000k යනකම් පවතිනවා කියල ..

    එනිසා ධර්මය තවම පිරිසිදුව ත්‍රිපිටකය තුල තිබෙනවා..

    එත් sure නැත්නම් මම නිහඬ වෙනවා... මට මීට වඩා යමක් කරන්න බැහැ........


    ඔබ අර කතාවේ 'තර්ක කරන්නා' වගේ, අතට අහුවුණු මැණිකට

    පයින් ගහන එකක් නෑ කියල මම හිතනවා....
    ( පිරිසිදුව
    ලැබුණු ධර්මය අවබෝධ නොකරගන්න එකක් නෑ කියල හිතනවා...)


    ඒ වගේම මං ඉල්ලීමක් කරනවා, මගෙන් ඔබට හරියන උත්තරය ලැබුණානම් ,

    උත්තරය ලැබුන කියල සඳහන් කරල, මේ thread එක bump නොකර ඉන්න ලෙසට....
    මොකද, මේ thread එක බුදුදහම ගැන හරියට දන්නේ නැති අය බලනවා, ඒ නිසා වැරදි
    මතයක් හිතෙන්න පුළුවන් "බුදුදහම බොරුද" කියල....


    so. if you got the answer from me, or any other, please don't bump this, or contact admin and close this thread...


    මම typing දන්නේ නැති නිසා අද මට වරුවක් ගියා මේක සම්පූර්ණ කරන්න.. (පැය 6ක් ,7ක් ,8ක් විතර)


    හැමදෙනාටම තෙරුවන්සරණයි :) ...

    වරුවක් ටයිප් කලාට පාඩුවක් නෑ මචන්....:)
    ගොඩක් වටින පෝස්ට් එකක්..:yes:
    තෙරුවන් සරනයි....
     

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    Mama godak Buddhism gana danna kenek nemei habai me thread eka start karapu mallita dharmaya science walin dakinna asawak awilla nisa metika kiyanna hithuwa.

    Meka mata hithuna deyak misak kagenwath wimasala hari waradi galapuwa deyak nemei enisa.... hari waradi thiranawa kirimata obata barai

    1.Hitha & shariraya
    2.Hitha ta paw pin balapanne kohomada?
    3.Punar bhawaya
    4.Nirwanawa {Scientific version (haven't proved yet)}

    1. Shariraya & Hitha
    Me deka hariyata Hardware & Software wage yamak karannanam oya dekama thibiyayuthui. Shariraya pawathwa gena yanna apita kanna bonna wenawane, ethakota Hithata monawada ? hitha ta kama bima exercise one wenne nadda?
    2. Onna othanadi thamai pin paw eliyata enne hitha kiyana eka energy ekak kiyala hithuwoth me energy ekata awashya kama biima thamai pin (kusal) eth api wadiya kanna denne Paw (akusal) :D Hithata thaniyama pawathinna ba Sharirayak onemai. Onne wasanawakata wage ape hith walata manis hithak labila thiyanawa. Api Nolimit ekata gihin ganne mona Tshirt ekada kiyala decide karanna athe thiyana cash gana balanna one wagema Hitha thoraganne mona sharirayada kiyala decide karanna Kochchara kusal Akusal thiyanawada kiyala balanna one. Minis siruwak wage diyunu sathwa sharirayak handle karanna nam sahena wiyadam karanna wenawa, lesi na. Pin (Kusal) walin ape hithe shakthiya wardhanawa karanawa Ewagema bhawana krama magin hithe shakthiya wardhanaya karanawa. Akuwal walin oke anith paththa.
    3. Punar bhawaya
    Kochchara pin karala kochchara hithe power eka wadikalath nirwanaya dakwa hitha diyunu naththam ithin sirurak nomathiwa hithata pawathinna ba. E nisa eka sirurak dirala ewara unama thawa siruwak hoyaganna one athe thiyana Cash (kusal & Akusal) anuwa. Api oya dewiyo kiyala wadinneth api wagema indala wadipura pin karagena minis sirurata wada diyunu sharira labagaththa udawiyata thamai
    4. Nirwanaya
    Hitha dan uparima shakthi awasthawata pathwela thiyenne hithata thawaduratath pawathma sadaha Sharirayak awashya na. Dan hitha nidahas. Nawatha ipadimak na ekai budu dahame kiyanne jarawak jathiyak dukak nathi nirwanaya kiyala. Kotimma kiyanawanam Hardware nathiwa wadakarana OS ekak wage.
    Habai ithin me short and sweet kiyala dammata wade lesi na habai karanna barith na
     

    shamethra

    Member
    Mar 12, 2009
    2
    0
    0
    malli oayata me dewal welata udra denna man daneee na ee man niwan awboda karagena nathi nisa. oyata hoda utarayak ganna puluwan eee de at dekala e de awaboda kara gatha ekenukata. pituduwe hamaduruwo unth niwan dekla naaa ee hamduruwo kara karanneth poth pathina labagath danumen. api eke eka dewal welata dakwana asawa nisa thmai eee dewal welata badanne ee nisa thamai sansara gaman karanne asawal nathinam sansara gamane thrumak naa. alpecha minihata asawanuan adui ahema keneta jeewath wenna lesai ee wage thami api me loketh ekka thiyena badeema aduinam dukath adui ethkota ape sita kiyana shakthiya winasha wenawa enna eka thami niwana kiyanna yam kisi deyak pawathinee hetuwak nisa hetupala dahama hetuwak natiwa kisi deyaka hata ganth naa pawathine naaa


    man hitana man kiyapu dewak thri kiyala
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම මල්ලි පළමුවෙන්ම මේ වගේ Thread බලන්නේ නැහැ.මොකද මේ වගේ ඒවගෙන්
    කිසිම විදිහකින් සසර කෙටි කරගන්න පොටක් පැදෙන්නේ නැහැ.පැදෙන්නේ සසර පුරාවටම
    තර්කයට ඉඩ හැදෙන මගක් විතරයි..
    එත් ඔයා වෙන මහන්සිය දැක්කම මේක කියන්න හිතුන..මල්ලි බුදුන් වහන්සේ එපා කිව්වා
    තැනින්මයි ඔයා පටන් අරන් තියෙන්නේ.
    සර්පයාගේ හිසෙන් මෙන් අල්ල ගත යුතු දහමක් බුදු දහම කියන්නේ , සර්පයාගේ කන්ද මැදින්
    අල්ල ගත් කෙනා නිසැකවම මරණයට පත් වෙනවා සර්පයා නැවත පිටු පසට හැරී කරන
    දෂ්ටනයෙන්..

    අන්න එක තේරුම් ගන්න, ඔයා මේ තර්ක කරන්නේ දර්මය ගැන ඉගෙන ගන්න තියෙන ආසාවකින්
    නෙවේ ඔයාගේ තර්ක හැකියාව පෙන්නන්න ඔයා මොන තරම් නැහැ කිව්වත්.බුදුන් වහන්සේ
    හමු වුවත් ඔයා තර්ක කර කරම ඉඳි කොයි වෙලේ හරි උන් වහන්සේට බැරි වෙන එකක් ඒවි කියන
    අර්ථයෙන්..ඒ නිසා අපි වගේ මිනිස්සු ගැන කුමන කතාද?
    ඒ නිසා ඔබට දිනුම දී මා යමි නිවනට,
    මග පමා වීමට බැරිය මට යාමට බොහෝ දුර ඇතිය හෙට ..:dull:
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    මූ නම් පට්ටම පව් කාරයෙක්... සෑහෙන්න ලොකු පවක් කර ගත්ත එහෙනම් ප්‍රශ්ණ නැති අයටත් ප්‍රශ්ණ දාල මල්ලි... බුදුදහම තියෙන්නෙ නුවනැත්තන්ට. බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙත් මේ වගේ කස්ටිය හිටිය තර්ක කරන්න ඇවිත් පරාද වෙලා ගියපු.....
    මේ දේවල් හැමෝටම එකම විදිහට අවබෝධ කර ගන්න පුළුවන්නම් අද උඹත් රහතන් වහන්සේ කෙනෙක්... :shocked:
    පවු කරාම දුක් විඳින්න වෙනව... පින් කරාම සැප විඳින්න පුළුවන්. ඒක මේ රටේ ඕන තරම් සාක්ෂි තියෙනව, පව් කාරකම් කරල ප්‍රේත ලෝකයෙ ගිහින් ඉපදිලා මනුෂ්‍යයොන්ගේ ඇඟට ඇවිත් කියන දේවල් වලින්.
    සමහර දේවල් සාමාන්‍ය විදිහට හිතල අවබෝධ කරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ ට කල්ප ගානක් ගියේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න... සීල සමාධි ප්‍රත්ඥා කියල දෙයක් අහල වත් තියෙනවද? උඹට වේ දේවල් හරියටම අවබෝධ කර ගන්න ඕන නම්, නිකන් තර්ක දාල අහින්සක මිනිස්සුන්ට ත් ප්‍රශ්ණ ඇති කරවන්නෙ නැතුව, මුලින්ම සීලය ආරක්ෂා කරන්න බලපන්... එතකොට වත් උඹට සමාධිය ඇති වෙයි.. ඹතන තියෙන්නෙ ශ්‍රද්ධාවේ අඩු කමක්... ගුරුවරයෙකු ගෙන් යමක් ඉගෙන ගන්නකොටත් ඔහු/ඇය ගැන ශ්‍රද්ධාවක් ඇති කර ගන්නේ නැත්නම්, උගන්නන දේවල් හරියට පිහිටන්නේ නැති බව අපි අත්දැකීමෙන්ම දන්නව. අවසානගේ ගුරුවරයාට වඩා තමන් දන්නව යැයි හිතන් ඉඳල, අවසානයේ, විභාගය අසමත් වෙන එක තමයි වෙන්නෙ. නුවණැත්තෝ ටික ඔවුන් ඔවුන්ගේ වැඩ ටික නිසියාකාරව කරල විභාග සමත් වෙයි... ඒ වගේ තමයි මේකත් සමාධිය ටිකක හොඳට වඩ වඩා යනකොට වත් ප්‍රත්ඥාව ඇති වෙයි...

    මේ දවල් කියන්නෙ උඹට නෙමෙයි... අසරණ අනික් මණුශ්‍යයන්ට...

    අහල තියෙනව නේද, මණුශ්‍ය ලෝකෙන් විශාල ප්‍රමාණයක් පව් කිරීම නිසා, නිරය‍ට, ප්‍රේත ලෝකයට, තිරිසන් ලෝකෙට යන බව? ඒ වගේම, ඒ ලෝක වල ඉන්න ඇත්තොන්ගෙන් ඉතාම ස්වල්ප පිරිසක් තමයි නැවත පවු ඉවර වී මෙහි උපත ලබන්නෙ... ඒහෙනම් ප්‍රශ්ණයක් තියෙනව... මේ ලෝකෙ සමබර වෙන්නෙ කොහොමද? ගොඩ දෙනෙක් නිරයේ යනවා නම්, එන්න එන්න මනුශ්‍යයන් අඩු වෙන්න ඕනනෙ...
    අපේ ගෙදරක මිනිස්සු කී දෙනෙක් සාමාන්‍යයෙන් ඉන්නවාද? 4ක්? 6ක් උපරිම 10ක්? අපි 20 ක් කියල ගනිමුකෝ.... දැන් ඒ ගෙදරම ඉන්න තිරිසන් සතුන් ප්‍රමාණය ගණන් කරන්න... 100ක්? 1000ක්, අමතක කරන්න එපා, කූඹියො, මකුණෝ..මේ ඔක්කොම තිරිසන්නු... එහෙනම් 10,000ක් 100,000 ක්? නෑ ඊටත් වැඩී.... එහෙනම් නිරගේ කොච්චර නිරි සතුන් දුක් විඳිනව ඇතිද... ඊ ටත් වැ‍ඩී... ඒකයි මේ ලෝකෙට නිරයෙන් චුත වෙලා එන සතුන් ස්වල්පයක් උනත්, ප්‍රමාණය අති විශාල නිසා, මේ ලෝකෙත් එක්ක සමබර වෙනව...

    හිත් අළුතින් ඇති වෙන්නෙ නෑ තියන එක දැන් වත් තේරෙනව ඇති. ඉතින් අපි මහ පව් ගොඩක නිසා තමයි මේකේ මේ ඉපදිලා තියෙන්නෙ..

    පටන් ගන්න තැනක් හිතන්න යනව ආපහු.. එක එක තියරි දාන්නත් එනව ඒ පාර... ඒකට කියන්නෙ මෝහය කියල... අනුවණ කම.. තමන්ගේ බුද්ධි ප්‍රමාණය ගැන ආඩම්බර වෙන්න එපා... ඕක හම්බෙලා තියෙන්නෙත් පෙර කරපු කර්මයක් නිසා... දැන් අහනවනෙ කර්මයට කොහොමද විපාක හම්බෙන්නෙ කියල... මේ දේ නුවණින් කල්පනා කරන්න හොඳට...

    ඉල්ලුමට සැපයුම කියල දෙයක් අහල තියෙනව නේද? අපි මේ භ‍වයේ පන්චස්කන්ධය පිනවීට තියෙන කැමැත්ත නැති කරගන්නේ නැති හින්දමයි, ආපහු ඇවිත් මේ ලෝකෙම ඉපදෙන්නෙ... පව් කරද්දී, ඒ මිනිස්සුන්ගේ හිත් දූෂණය වෙනවා. ජරා වැඩ කරන කෙනෙක්ට අපි කියනව නේද බලු වැ‍ඩ කරන්න එපා, ගොන් වැඩ කරන්න එපා කියල.. ඒ ඒ සතුන්ගේ හිතන පතන නැතට ඔබව දැනටමත් වැ‍ටී ඇති නිසයි... මේ භවගේ ඔබ පුරුදු කරන්නේ ඒ වගේ පහත් සිතිවිලි නම්, ඔබේ වඩාත් කැමැත්ත එතනට නම්, ඒ දේවල් සිතින් ඉවත් කර ගන්න බෑ වගේ නම්, ඔන්න ඉල්ලුමට සැපයුම... ඊලඟ භවයේ දී තිරිසන් අපාය හැර නැවත මනුෂ්‍ය ලෝකෙ උප්පත්තියක් ගැන හිතන්න වත් පුළුවන්ද?
    කවදා හරි ප්‍රත්ඥාව දියුණු කරගෙන මහා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත්තම තන්හා සිතුවිලි හට ගන්නේ නෑ... අන්න එතකොට ‍කෝ ඉල්ලුමට සැපයුම? ඒකයි කියන්නෙ නැවත උප්පත්තියක් නැති වෙන්න හිතන් මේ ශුද්ධ දහම ප්‍රයෝජනයට ගන්න කියල. :dull: මේ දේවල් කලින් අපිට හිතන්න වත් කියල දෙන්න බුදු කෙනෙක් කල්ප ගානකින් පහළ වූයේ නැති නිසා තමයි තාමත් මේ දුක් විඳින්නේ. ඔන්න චාන්ස් එක. අද තාම බුදු සසුන තියෙනව.

    නිකන් ගොන් පා‍‍ට් දාන්නේ නැතුව දන්නේ නැති දෙයක් තියෙනව නම්, ඒ නොදන්න විදිහට අහපන්... නිකන් තමන්ගේ මේ පෙර කර්මයකින් හම්බුනු බුද්ධි ප්‍රමාණය මත ඉඳල ගොන් තර්ක දාන්නේ නැතුව...

    පිටිදූවෙ ස්වාමීන් වහන්සේ හරිම දේ කරග තියෙන්නෙ‍‍‍‍... එක ප්‍රාණයක් වෙනුවෙන් කාලය නහස්ති කරනවට වඩා, පිණක් කර ගන්න කැමති අනිත් විශාල පිරිසක් උදෙසා තමන්ගේ වටිනා කාලය ‍යොදන එක හොඳයි කියල හිතන්න ඇති උන් වහන්සේත්..

    උඹේ ප්‍රශ්ණය තමයි, ශ්‍රද්ධා‍වේ අඩු කම... ශීලය ආරක්ෂා කරන්න හොඳට.. එතකොට ඉතිරි ඒවා ඉබේම හරි යනව... දළදා පෙරහැර පවත්වන්නේ කවදාද? අන්න එදාට ගිහින් බලන්න පූජණීය දන්න ධාතූන් වහන්සේ වැඩමවා සිටින දළදා මැදුර ලඟට... දන්ත ධාතූන් වහන්සේ එළියට ගන්න හැම වෙලාවෙම පොඩියට වර්ශාවක් ඇද හැලෙයි.... අහෝ ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරියයි... පළවෙනි පාර සැකයි වගේ නම්, ඊලඟ අවුරුද්දෙත් ගිහින් බලන්න... එදාටත් වහී... ඒ අසිරිමත් බුද්ධානුභාවයයි... හැමදාම බැලුවත් ඒ ටික එහෙම්මයි... මේ බුද්ධ ශාසනේ තියෙන කාලෙ ඉපදිච්ච එකත් පෙර පිණක්... තාම මේ අබුද්ධස්ස කාලෙ නෙමෙයි... සත්‍ය දේවල් තාම ඇහෙනව. දකිනව. ඒ හින්ද දැන් වත් පිණක් දහමක් කරල සුගතියක උප්පත්තියක් ලබාගෙන, නිවන් අවබෝධ කරගන්න බලන්න... නිකන් තර්ක දදා පිස්සු නටල අනිතිමට ලැබිච්ච දේකුන් නෑ . තවත් මහා පව් කන්දක් අරගෙන මැරුණට පස්සෙ අපායට (නිරයේ, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකයේ) යන එකයි වෙන්නෙ‍‍‍්‍...
    ඔබ හැමෝටම තෙරුවන් සරණයි !!!! :)
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    මම අදහස් කලේ ,මේ මාර්ගය හරිද කියන එක ශුවර්ද කියලා

    කොන කපල හම්බයෙක් වියන් බන්.. ඒකෙ කියන දේවල් පිළිපැදල බලපන් ටිකක්. එතකොට තේරෙය් ඔව්වා :lol::lol:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් ඔව්
    අනික ඔය කියන අංශුත් ඇතිවෙනාවා මේ නැතිවෙනවාලු
    මේකයි මට ශක්ති පැකැට් තිබ්බත් එකයි නැතත් එකයි
    එලෙක්ට්‍රොන තිබ්බත් එකයි නැතත් එකයි
    ඔයාම දැන් කියපු විදිහට වෙන දෙවල් වලට සාදාරන පෑහෑදිලි කිරිමක් නෙ විද්යාවෙන් කෙරෙන්නෙ
    ඒත් ඔය මොලේ වෙනවායයි කියපු එක physically හොයාගෙන තියෙන එකක්
    හදවතින් ලේ පොම්ප කරන්වා කියන්න තියරියක් විතරයි කියල ඔයා කියන්නෙ නෑ නෙ
    මොකෝ එක හොයාගෙන ඔන්න බලපන් වෙන විදිහ කියල පෙන්නලා තියෙනවානෙ
    ඒ වගෙ තමා අරකත්
    'ඉලෙක්ට්‍රෝනය එක වෙලාවකට තරන්ගයකුයි තව වෙලාවකට අන්ශුවකුයි විදිහට හෑසිරෙනවලු'
    මේ , ඕකත් පරීක්ශන මඟින් හොයාගෙන තියෙන්නෙ ... ආ මෙහෙමයි වෙන්න ඕනි කියල හොයාගත්ත දෙයක් නෙමේ ..
    ඒ ගැන ඉගෙන ගන්න ආසනම් what the bleep:down the rabbit hole කියන documentary එක බලන්න

    Thanks
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "ආත්මයෙන් ආත්මයට යන විඥ්ඥානය" කියන්නෙ මිත්‍රයා බුදු දහම කියල හිතාගෙන ඉන්න යම් මතවාදයක අදහසක්. ආත්මය ඇත්තේ ක්වන්ටම් භෞතිකයට මිස බුදු දහමට නොවෙයි. ඔවුනුයි ආත්මයක් ඇති බව කියන්නෙ. "ආත්ම" කියන වචනයේ තේරුම "තමා", "මම" ( soul ) කියන හැඟීම. පාලියෙන් එහෙම කිව්වට සිංහල බසින් ඕකට කියන්නෙ "මමත්වය" කියල. බුදු දහම නොවෙයි මිත්‍රයා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සම්ප්‍රදාය තුලයි "ආත්මය" කියන දේ සත්‍යයක් විදියට දකින්නෙ. බටහිර විද්‍යාව උපදින්නෙ ඒ සංස්කෘතියට දාව. ඒ නිසා බුදු දහමෙ "ආත්ම" සංකල්පයක් ඇතැයි කීමෙන් වෙන්නෙ බුදු දහම විකෘති කිරීමක්.

    ආත්මයෙන් ආත්මයට නොවෙයි, භවයෙන් භවයට යන විඥ්ඥානයක් ගැන නම් මිත්‍රයා කියන්නෙ, මට කියන්න ඇත්තෙ මේකයි. මීලඟ භවයක් නැතැයි කියවෙන ආගම් ගැන මම අසා නැහැ. මිය යාමෙන් පසු "මම" අහෝසි වී යන බවක් ඔබ කියනවා නම්, එහෙම "මම" නිකන්ම අහෝසි වී නොයන බව කියවෙන බුදු දහම, ක්‍රිස්තියානිය, ඉස්ලාමය වැනි දර්ශන / ආගම් වැරදි යැයි තර්ක කරන්න අවශ්‍ය නම් කරන්න ඕනෙ ඒ දර්ශන / ආගම් වැරදි බව ඔප්පු කිරීමයි. හේතුව මීලඟ භවයක් ඇති හෝ නැති බව මේ දර්ශන / ආගම් වල ප්‍රස්තූතයන් පමණයි. කිසිම දහමකින් හෝ ආගමකින් තමංගෙ ප්‍රස්තුතය සත්‍ය බව ඔප්පු කරන යන්නෙ නැහැ. කාරණාව මේකයි, බටහිර විද්‍යාත්මක ක්‍රමයට ඔය තරම් ඇලුම් කරන ගැති බවක් දක්වන පුද්ගලයෙක් නම් මේ ආගම් / දර්ශන මිය යෑම ගැන ඒවා දරන මතයන් ඔප්පු කර කර ඉන්නෙ නැතුව ඉන් ලැබෙන ප්‍රතිවිපාක ගැන පමණක් කිව්වම ඒකෙ ඇති වැරැද්දක් නැති බව තේරෙන්න ඕනෙ. මොකද බටහිර විද්‍යාවෙදි කරන්නෙත් භෞතික ලෝකය පිළිබඳ උපග්‍රහණ ( postulates ) යොදාගෙන න්‍යායන් ගොඩනැගීමම තමයි. බුදු දහමෙ අවධාරණය කරන්නෙ භවයෙන් භවයට යෑම නොවෙයි. මිය යාමෙන් පසු "මම" ඉබේම අහෝසි වී නොයන්නේ නම් දුකින් මිදීමට කළ යුතු දේ තමයි බුදු දහම කියන්නෙ. ඉතිං මිත්‍රයා උඹට හිතෙනව නම් මිය යාම "මම" අහෝසි වීමක් කියල, ඒක උඹේ මතය මිස සත්‍ය හෝ අසත්‍යක් කියල තර්ක කරන්න උඹටම වත් බැහැ. ඒ නිසා කරන්න ඕනෙ යම් හෙයකින් එහෙම "මම" ඉබේ අහෝසි නොවන්නේ නම් එහෙම අහෝසි කරගන්න අවශ්‍ය පියවර ගන්න එක නෙ. සුනාමි එනවා කිවම "බොරු කියන්න එපා" කියල වෙරලටම වෙලා සරුංගල් පා කර කර ඉන්න කෙනා මෝඩයෙක්. සුනාමි නො-එන්නත් පුළුවන් බව ඇත්තයි. ඒත් වෙරලෙන් අයින් වෙලා ගොඩට ඇවිත් හිටිය නම් සුනාමි ආවත් නැතත් කිසි ගැටළුවක් වෙන්නෙ නැහැ නෙ. :yes:

    (අනෙක් එව්වට උත්තර වෙන වෙනම දාන්නම්)

    According to you ..... we have to killed our "self" to attain Nirvana right?