නිවන තියා, ඔබට පුලුවන්ද අඩුම ගානේ 'නින්ද ' විස්තර කරලා දෙන්න..
මට මගේ නින්ද ගැන විස්තර කරන්න මම මගේ නින්ද ගැනවත් මුකුත්ම දන්නේ නෑනේ. මම දන්නේ බාහිර වෙනත් කෙනෙක්ගේ නින්ද ගැන සහ වෙන කෙනෙක් මගේ නින් ද ගැන කියපුවා විතරයි.
මම නිදාගත්ත කියල හරි දන්නේ වෙන කෙනෙක් කියපු නිසා. මම නිදාගත්ත හෝ නිදා ගත්තේ නෑ කියල වෙන කෙනෙක් කියපු එක මට පිළිගන්නත් පුළුවන්, පිළිනොගෙන ඉන්නත් පුළුවන්. ඒත් පිළිගැනීමත් නොපිළිගැනීමත් සත්‍ය නොවෙයි.
=================================================================
පිළිගැනීමත් නොපිළිගැනීමත් හැමදාම කරේ අපිව තද නින්දට ඇදගෙන ගිය එක... බුදුන් තමයි ඉතින් පිළිගැනීමෙනුත් නොපිළිගැනීමෙනුත් තොරවූ සත්‍ය දැක තද නින්දෙන් අවදී වූ උත්තමයා. පිළිගැනීමෙත් නොපිළිගැනීමෙත් ජීවත්වන අපි තාමත් තද නින්දෙ...
=================================================================
Google එකේනං තියෙන්නේ ඉතිං අනුන්ගේ නින්ද දිහා බලල කරපු පරීක්ෂණ වල results. අපි දැනගන්න ඔනේ අනුන්ගේ නින්ද ගැන ද? තමන්ගේ නින්ද ගැන ද?
තද නින්දෙන් අවදී වූ බුදුන්නං කියන්නේ තමන්ගේ නින්ද දැකලා ඒ නින්දෙන් අවදි වන හැටි.




...


