බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Malli mamath Maths karapu kenek..quatum physics gena mamath igena gena thiyenawa..but quantum physics wala kiyana dewal Budu Rajanan wahanse deshana karala thiyena dewal ekka gaththama ithama kuda dewalne..oyage wachanenma kiwwoth delta pramanayak wage..Science walin oppu karanna beri dewal loke one tharam thiyenawa..Science ekka Dharmaya patalawa ganna epa..ehema unoth oyata kawadawath owata answers hambenne na..oyata paw pin kiyana ewa gena science walin proof karanna kawadawath be..thamange religion eka gena viswasa nathuwa eka gena vivechanaya karanna epa eka hoda ne !!!
     

    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    MALLI OYA EKA MASAYAK "PANSILL PADA 5" KADAKARALA JEEWATH WELA BALANA OYATA ATHWIDINTA LABEI " PAU, PIN" KIYANE MONAWADA KIYALA . EWATA OYATA HODA, NARAKA
    PRATHICHARA LABEI
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Invisible gods, watching every person on earth, creator making wepons :D and me loke pethali kiyala kiyapuwa satha pahakata science neme. umbala kawadawath piliganne nethi nisa karanna deyak ne. biththiyak ekka katha karala dinanna behene. me loke hitiye ne kiyala kiyana aurudu 9 kellek nisa ethi wechcha orgasm ekak nisa merichcha agamika nayakayo, virgin genu kenekta ipaduna agamika nayakayo. mewath thiyagenane me wihilu katha karanne :D
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කලු පූසා;12311591 said:
    denata oppu karanna be kiyalai kiuwe? but kawada hari ekath oppu karai. buddagame invisible dewal nehe. hema dema oppu karanna puluwan
    That is simply invoking faith. I can use the same faith based "argument" to justify FSM too.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ඒත් මෙහෙම දෙයක් ක්වන්ටම් විද්‍යාවෙ කියනවා
    [හෝව් හොව් , මම ක්වන්ටම් විද්‍යාව පිලිඹඳ මහාචාර්‍ය කෙනෙක් නෙමේ , මේ මම දන්න දේ]
    සිතිවිලි කියන්නෙ මොලයේ නියුරෝන්ස් අතර ඇතිවෙන එලෙක්ට්‍රිකල් චාජස් , අනන්‍යතාවය / මමත්වය වගේ සංකල්පත් ඒ වගෙම මේ අතිශයෙන් සංකීර්න නියුරෝන පත්ධතියේම ක්‍රියාකාරීත්වය කියලා..
    හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත
    මේ තමා මම දකින විදිහ

    ක්වන්ටම් විද්‍යාවෙට අනුව
    කිසිවක් ඇත්තේද නැත නැත්තේද නැත
    සියල්ල මායාවක් පමනයි [මේ සංකල්පය බෞද්ධ දර්ශනයෙත් තියෙන්වා]

    මම හිතන්නෙ,
    අපට සිදුවෙන දේවල් වන්නේ සමාජයත් හා අනිත් ජීවින්ගේ ක්‍රියාකරීත්වය නිසයි
    [ ඒ කියන්නෙ පින් පව් කියල දෙයක් නෑ, ජීවින් කරනවා, දේවල් වෙනවා, ඒවා අපිට බලපාන්වා , අපි පවතිනවා ]

    කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක [ මේ පොතේ මෙහෙම තිබ්බ කියල නම් කියන්න එපා ]

    පොතක තිබ්බ දෙයක් නෙවෙයි. මම අත්දැකීමෙන් විඳල තියෙනව. ඔබගෙ වයස කීයද කියන්න මම දන්නෙ නෑ. නමුත් මමත් තරුණ කාලෙදි හිතුවෙ ඔහොම තමයි. නමුත් ජීවිතේ අත්දැකීම් ලබන්න ලබන්න තමයි මට තෙරුම් ගියේ කර්මය ඇත්තක් කියල. මට මේක ඔයාට ඔප්පු කරවන්න බැහැ. මොකද කර්මය හරියට විග්‍රහ කරන්න පුළුවන් බුදු කෙනෙකුට පමණක් වීම නිසා. හැබැයි ඔබ බුද්ධිමතෙක් නම්, වයස නෙවෙයි බුද්ධිය මෝරනකොට ඔබටම තේරුම් යයි. මේ සත්‍යය හොයාගන්න ලැබෙන්න, සැනසීම කියන මිරිඟුව හොයාගෙන යන වේදනාත්මක ගමනකින් පස්සෙයි. ඔබට වේදනාව නොලැබේවා, නමුත් සත්‍ය ඉක්මනින් පසක් වේවා කියල ප්‍රාර්ථනා කරනව.

    කර්මය හා කර්ම ඵල ගැන ලංකාවෙ කරපු පර්යේෂණයක ප්‍රතිඵල ගොනුකරල ලියපු පොතක් ඕනෙ නම් මහචාර්ය නන්දසේන රත්ණපාල ලියපු 'මේ ජීවිතයේදීම පල දෙන කර්මය' කියන පොත කියවන්න. ඕක කියවන්න කිව්වෙ කර්මය ගැන අදහසක් ගන්නයි. මහචාර්ය නන්දසේන රත්ණපාල බුදුවෙච්ච කෙනෙක් නෙවෙයි නෙ, ඒක නිසා ඔය
    තියෙන දේවල් 100%ක් කියන්න බෑ. නමුත් ඔය පොතේ වාර්තා වෙන සිද්ධි නිකන්ම අහම්බයන් කියන්නත් බෑ. මොකද, කර්මය සිදුකල කෙනා ඒක කල ආකාරය හා ඊට පස්සෙ විඳවපු ආකාරය පිළිබඳ නොයෙක් වාරයන්ගෙ ඉතාම සමාන pattern එකක් පේන්නම තියෙනව. කියවලම බලන්න.

    ඔබ හේතුඵළ න්‍යාය පිළිගන්නවද? ඔබ ඔය ඉස් මුදුනෙන් පිළිඅරන් තියෙන විද්‍යාව ගොඩනැඟිල තියෙන්නෙ හේතුඵළ න්‍යාය මතයි. ඒ අනුව බලනවා නම් ඔබ කරන දෙයින් ප්‍රථිඵලයක් ජනිත වෙනවා. කර්මය ගැන සරළව කියන්න පුලුවන් ඔය විදිහටත්.


    මම දවස් කීපයකට කලින් හිටියෙ මීට වඩා ගොඩාක් වෙන්ස් තියරියක
    බුද්ධ දර්මයේ බොහෝ තැන් හිස් මුදුනෙන් පිලිගන්න , ඉස්කොලෙ ෆ්‍රී පීරියඩ් වල ආනපානසතිය කරපු කෙනෙක්
    මම හුඟක් ඉක්මනට වෙනස් වෙනවා , ජීවිතෙ හැමදෙකෙදිම , හ්ම්ම්... මගේ වැරැද්දක් එක අතකින් ඒක
    ඒ කොහොම වෙතත් මේ ප්‍රශ්න මගේ ඔලුවෙ කාලෙක ඉඳන් තිබ්බා

    ඔන්න තැනක් තියෙනවා
    අපි ඉන්නවා ... ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? දැන් ඔය පින් පව් තියරියට අනුව සංසාරෙට එන්ටර් වෙන්නත් හෙන පවක් එපෑයැ...
    හරි ඔන්න අපි එනවා , නිවනක් තියෙනව , අපිම ගොඩ යන්න ඕනි හෙන වදයක් විඳලා
    මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට නොවැටිම හිටියනම් ඉවරනෙ ... අනික අලුතින් හිත් ඇති වෙන්නෙ නැත්නම් කවදා හරි කවදා හරි විශ්වයේ හිත් ගාන අඩු වීගෙන අඩු වීගෙන යන්න ඕනිනෙ

    බුදු කෙනෙකුටත් අවම වශයෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න සිද්ධවෙන්නෙ ඔය ටික තෙරුම් ගන්න තමයි. ඒ මහා උත්තමයන් ඔච්චර කාලයක් මුළුල්ලෙ අනේක දුක් විඳල පසක් කරගන්න ඥාණය තුලින් තමයි ඔබ ඔය අහන 'අපි සංසාරෙට වැටුනෙ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තර හොයාගන්නෙත්, මේ දුක් සහිත සංසාරෙන් එතෙර වන්නාවූ නිවන සොයාගන්නෙත්.' මම උදාහරණ දෙකක් මඟින් පැහැදිලි කරන්නම්.

    උදා 1: ඔබට අවුරුද්දක් වත් වයස නැති, නොමේරූ පුංචි දරුවෙක් ඉන්නවා. ඔබ මේ දරුවව NASA Space Shuttle එක ලඟට අරන් ගිහින් ඒ නොදරුවට ඒකෙ තියෙන හැම පද්ධතියක් ගැනම කියල දෙනව, මුළ සිට අගටම. අර නොදරුවට ඔබ කියූ එක දෙයක් හරි තේරෙයිද? හිතන්න ඔබ කියන ඔය නවීන විද්‍යාත්මක ක්‍රමයකින් ඔබ ඔය ඔක්කොම දැනුම copy කළා කියල අර නොදරුවගෙ මොලේට. අර පොඩි එකාට පිස්සු නොහැදි තියෙයි ද?


    ඤාණ සම්පත්තියෙන් හීන පෘතක්ජනයින්ට නිවන කියන්නෙත් අවබෝධ කරන්න අමාරු දෙයක්. නිවනටත් වඩා හෙතු/ප්‍රත්‍ය බහුල මාතෘකාවක් වෙන (ඔබේ වචනයෙන් කියනවනම් ) සංසාරෙට එන්ටර් වීම', කියන් දේ තෙරුම් කරදීම හරියට අර අතදරුවට NASA Space Shuttle එක ගැන කියාදෙන්න හදනවා වගෙයි. ඔන්න ඔය හෙතුව නිසා තමයි අමාමෑණි බුදුරජාණන් වහන්සේ ඔය මාතෘකාව ගැන කියා නොදුන්නෙ. හැබයි ඔබට වගේ ප්‍රශ්න ඇතිවෙන බව දන්න නිස අතමයි, මහා සාගරයෙන් දිය දෝතක් අරන් දේශණා කලේ 'මෙතෙක් දේශණා කල ධර්මය මේ දිය දෝතේ ඇති ජලය හා සමානයි, නමුත් තථාගතයන් වහන්සේගේ දැනුම මේ මහා සාගරය හා සමානයි' කියල. ඉතින් මට ඔබට දෙන්න තියෙන අවවාදය තමයි අර දිය දෝතෙ තියෙන දැනුම ටික තෙරුම් අරන් ඉන්නකො මහ සාගරයට පනින්න කලින්.


    අපි කියමු ඔබට ඕනෙමයි කියල අර මහ සාගරේ වගේ දැනුම් සම්භාරෙ ගැන දැනගන්න. පිස්සු නොහැදි ඒක ලබාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව. ඒ දැනුම ලබාගන්න ඔබ ඊට සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕන. සරළවම කිව්වොත් පෙරුම් පුරල බුදුවෙන්න, එතකොට පුලුවන් ඔබේ ඔය 'සංසාරෙට එන්ටර් වෙච්චි' තැන හොයාගන්න.


    උදා 2: ඔබ කාන්තාරයක් හරහා වාහනයකින් ගමන් කරමින් ඉන්නව. ඔබට මුනගැහෙනව වතුර නැතුව සා පිපාසාවෙන් දුක් විඳිමින් කාන්තාරයේ අතරමං වුන මනුස්සයෙක්. ඔබ ළඟ වතුර නෑ. හැබයි ඔබ දන්නවා ඔබගෙ ගමනාන්තය වෙන නගරයට මේ මනුස්සයා එක්ක ගියොත් වතුර ටිකක් දීල මරණ දුකෙන් බේරගන්න පුලුවන් කියල. එතකොට ඔබ මොකද කරන්නේ? ඒ මනුස්සයා ආවෙ කොහෙන්ද කියල හොයල බලල එතෙන්ට ගෙනිහින් දානවද? නැත්නම් ළඟම තියෙන නගරෙට එක්ක ගිහින් වතුර ටිකක් දෙනවද?

    තිලෝගුරු බුදුපියාණන් වහන්සේ අපි ආව තැන ගැන නෙවෙයි අපිට යන්න ඕන, යන්න සුදුසු නියම තැනට යන්නයි පාර පෙන්නුවෙ. උන් වහන්සේ සසර කතරෙ අතරමං වෙලා මිරිඟු දිය හොයන ලෝක සත්වයන්ට නිවන් අමා දියෙන් සැනසෙන පාර කියාදුන්න මිසක් උන් අතරමං වෙන්න කොහෙන් ආවද කියල හොයන්න ගියෙත් නෑ, හොයන්න කියල උනන්දු කලෙත් නෑ. උන්වහන්සෙ අපට කියාදුන්නේ නැවත නැවත මරණ වේදනා විඳිමින්, පව්, පින් රැස් කරමින් ඒවා විඳවමින් ගෙවන මේ අසාර සංසාරෙන් මිදෙන හැටි. ඔබ ඔය හොයන දෙයින් ඔබට ගැලවීමක් තියෙයිද?


    හරි හිත් ඇතිවෙනව කියමු , පටන් ගන්න එකාට පින් 1/2 පව් 1/2 යිද ? එහෙනම් අපි ඔක්කොම එක වගේ වෙන්න ඕනිනෙ..
    එකෙක්ට වැඩියි එකෙක්ට අඩුයි නම් අසාදරනයි
    ඔන්න ඔතනදි තමා මගේ තියරිය එන්නෙ

    මේ කොටස පැහදිලි නෑ. තව විස්තර අවෂ්‍යයි.


    සිතිවිලි ඉලෙක්ට්‍රිකල් චාජස් , මම කියල එකෙක් නෑ , මොලය ලෝකය අදකිනව , අපි පැවතෙනව , මේකට එන්න හේතුවක් නෑ , මොකද අපි ඇතිවෙලා නෑති වෙලා යනවා , අයෙ ඉපදෙන්නෙත් නෑ , පිනුත් නෑ පව්ත් නෑ ... ආවනම් හිටු

    එතකොට ඔබ යහපත් සිතුවිල්ලකින් යහපත් දෙයක් කලොත් ඉන් කිසිවක් වෙන්නේ නැද්ද? කිසිම යහපතක් වෙන්නෙ නැද්ද?

    අයහපත් සිතුවිල්ලකින් අයහපත් දෙයක් කකලොත් ඉන් කිසිවක් වෙන්නේ නැද්ද? කිසිම අයහපතක් වෙන්නෙ නැද්ද?


    හරි ඔන්න දැන් ඊලඟ ආත්මයක් තියෙනවා කියමු
    ඔන්න ඔයා කමල් , ඔයා හරක් මරනව හිටු කියලා
    ලබන ආත්මෙ ඔයා ඇල්ෆා සෙන්චුවරි වල නිමල්
    දැන් ඔය කමල්ට පාන්ද ? ඔයාගෙ හිතයි , පින් පව් ටිකයි ගියා.. අරූ හෝ ගාලා විඳෝනවා .. ඒත් ඔයාගෙ 'මමත්වය' තියෙන්නෙ ඔයාගෙ මේ අනන්‍යතාවය තියෙනකම් නේද? [මම මේ කියන්න හදන දේ වචනෙන් කිව්ව නම් තේරෙන්වා]

    පුලුවන් නම් පටිච්ච සමුප්පාදය කියවන්න. ඔබ ඔය 'මම' කියන සඤ්ඤාව ක්‍රියාවලියක් විතරයි. ඒක නිසයි පටිච්ච සමුප්පාදය චක්‍රයක් වෙන්නෙ. ඔබ ක්‍රියාවට 'මම' කියලා රැවටිලා ඉන්නවා. මම කියල කෙනෙක් හෝ දෙයක් නෑ තියෙන්න ක්‍රියාවලියක් විතරයි. ඔබ ඔය කියන 'මම' හරියට ළපටි කෙසෙල් කඳක් වගෙයි. ඒකෙ මැද තියෙන්නෙ මොනවද කියල බලන්න අපි එකින් එක පියළි බරුගහනව. අන්තිමේදි මැද්දෙ මොකුත් නෑ. නමුත් අර පියළි ( සංඛ්හාර ) එකතු වෙලා හැදිච්ච කෙසෙල් කඳක් තිබුනා. නමුත් ඒකෙ මැදක් නෑ. මම කියන සඤ්ඤාවත් එහෙම එකක්.

    ඔබ හොඳ/නරක සිතින් යමක් කරන කොට ඉන් ජනිත වන හොඳ/නරක ප්‍රතිඵල වලට ඔබට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඔබ පෘථිවියේ හිටියත්, වෙන ග්‍රහලොවක හිටියත්, ආගමෙන් කිව්වත් නැතත්, විශ්වාස කලත් නැතත් විෂ්වයේ පවතින නීතියට ඔබ යටයි. ඔබට එයට අවනත වෙන්න වෙනවා හරියට මිහිමත ඔබ ගුරුත්වයට යටත් වුනා වගේ.


    මොක උනත් බුද්ධාගම ජීවිතේට ලොකු පිටුවහලක් , සතුටින් තියෙන දෙයින් සෑහීමකට පත්වෙලා ජීවත් වෙන්න ඒක ගොඩක් උදව් වෙනවා , ඒත් විශ්වීය දහමක් ලෙස ?

    බුදු දහම තියෙන්න ඕකට නෙවෙයි. ඕක හරියට බුදු දහම කියන රත්තරන් හැන්දෙන් සංසාරයට ඇලෙන අසූචි හාරන්නා වගේ වැඩක්.

    මම බෞද්ධයන් දෙවර්ගයක් දකිනව.
    1. ලෝකය පතන බෞද්ධයන් - පින් රැස්කරගෙන කාම ලෝක වල සුව විඳින්න බලා ඉන්න අය. (දෙව් මිනිස් සැප කෙළවර නිවන් තමයි මොවුන්ට ඕනේ. ඒ කියන්නේ දෙව් මිනිස් ලෝක මොවුන්ට සැපයක්)
    2. නිවන් පතන බෞද්ධයන් - අප මහා අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන, භික්ශු, භික්ශුණී, උපාසක, උපාසිකා කියන සිව් වනක් පිරිසට අයිති වන මේ
    පිරිස මේ සියලු ලෝකයන්ගේ ඇති දුක තේරුම්ගත්, එකම සැපත නිවනම බව පසක් කරගත් පිරිස.

    බුදු දහමේ නියම ප්‍රයෝජනය ගන්නේ මේ දෙවනියට කියපු පිරිසයි. ඔබට ඕනෙ මොකක්ද කියලා තීරණය කරලා ඒ අනුව කටයුතු කරන්න. මේ මාර්ග දෙක බොහොම වෙනස්.


    ගොඩක් අය කියනවා , විද්‍යාවේ ඔය අලුතෙන් හොයාගන්න දේවල් මීට කලින් ඕනි තරම් කියල තියෙනවා කියල බුද්ධාගමේ
    ඒත් මම කියන්නෙ අපි ඒව , ආ මේකයි කියන්න ඇත්තෙ කියල ඇප්ලයි කරගන්නවා කියලා
    ඔන්න අපි කියමුඑක තැනක තියෙනවාලු තුත්තේරිය ගහත් කඩුවක් වෙනවා කියලා , ඕකට කට්ටිය අර්ථ දැක්වීම කරනවා ඕකෙන් කියන්න ඇත්තෙ කිසිම වැඩක් නැති දේකෙනුත් ලොකු විනාශයක් කරන්න පුලුවන් දේවල් හදනවා කියන එක කියලා , ඉතින් එතන කලේ අප අපීඅ දේ ඒකට ඇප්ලයි කරපු එක නෙමෙයිද ?

    විද්‍යාව කියන්නේ ලෝකය තෙරුම් කරගන්න පාවිච්චි කරන මොට්ට මන්න පිහියක් වගේ එකක් නම්, බුදු දහම කියන්නෙ ලෝක විශයය ඕන විදිහකට විච්චේද්‍ය කරන්න පුලුවන් ඉතා සියුම් සැත්කම් පිහියක්. විද්‍යාවෙ ඇත්ත අරමුණ ලෝක ස්වභාවය තෙරුම් ගැනීම නම්, ඒ අරමුණ ශාක්සාත් කරගත් දවසට විද්‍යාව බුදු දහමෙ ඉතා කුඩා කොටසක් තෙරුම් ගත්ත කියල. ඔබ හිතන්න ඇයි බුද්ධ ධර්මය 'අකාලික' වෙන්නෙ? විශ්වයේ නියමයන් අකාලික නිසා.

    ඔය තුත්තිරි ගස් කතාව ඉරවල් හතේ කතාව මොන සූත්‍රයෙද තියෙන්න? කිව්වොත් මම නියම තෙරුම හොයාගන්න උත්සාහ කරල බලන්නම්.

    ඔය සහෝදරයා මහන්සි වෙලා ටයිප් කරල තියෙනවා දැක්කම මට හිතුන මේ මනුස්සයට ඇත්තටම උවමනාවක් තියෙනව කියල මේ දේවල් ගැන දැනගන්න. ඔබට ඔය ප්‍රශ්ණ ඔක්කොම ඔබට තුනුරුවණ් ගැන විශ්වාසය මඳ වීමයි. කරුණු විමසලා, ප්‍රශ්ණ කරලා දැනගන්න එකයි අවිශ්වාසයි දෙකක්. ඔබ නිවන් පතන කෙනෙක් නම් ඉදිරියට යන්න තුනුරුවණ් ගැන විශ්වාසය අත්‍යවශ්‍යයි.
    ඒකට හේතුව විස්තර සහිතව කියන්න පුලුවන් ඔබට අවශ්‍යනම්.

    ඔබ අහපු ප්‍රශ්ණ වලින් 'මම' ගැන අහපු ප්‍රශ්ණය ඉතා වැදගත්. ඒ මඟ ගියොත් ඔබට නිසැකවම ඉතා විශාල අවබෝධයක් ලබන්න පුලුවන්.

    මේ ප්‍රශ්ණය ඔබ ඔබෙන් අහල බලන්න: "මේ ජීවිතෙන් මම සැනසුනාද? හැම දේම මට ඕන විදිහට මට සැනසීම දෙන විදිහට තියෙනවද? එහෙම නැත්තන් ඒ සැනසීම තියෙන්න කොහෙද?"

    තෙරුවන් සරණයි.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ආ... තව එකක්
    මිත්‍ය දෘශ්ථිය පවක්ලු [මම දන්න විදිහට , වැරදි නම් කියන්න]

    ඒකෙන් වහෙන් ඔරා කියන්නෙ
    මේකෙන් පිට හිතුවොත් තොපිට පව්
    ඒනිසා ඔක්කොම පිලිගනිව් කියන එක නෙමෙයිද ?

    හප්පා මේ කොල්ලා මොනව කාලද මන්ද?

    මිත්‍යා දෘෂ්ඨිය පවක් නෙවෙයි. පව් ආකරයක්.
    එහෙම වෙන්නේ ඔබ මිත්‍යා දෘෂ්ඨියක ඉඳලා කරන් කියන දේ නරක වුනොත් ඔබ පව් කරගන්නා නිසා.

    තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පහළ වුනේ ආගමක් දෙන්න නෙවෙයි. මිනිස්සුන්ට ලෝකයේ නියම ස්වභාවය වටහල දීල නිවන කියන සැනසීම කරා යන මාර්ගය පෙන්නන්න. ඔබ බෞද්ධ දර්ශණයට වහලෙක් කරන්න උන් වහන්සේට උවමනා වුනේ නෑ. ඒකයි නුවනින් කරුණු විමසන්න අවසරයක් බෞද්ධයන්ට දුන්නෙ.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    බටහිර විද්‍යාව අසම්පූර්ණ අංගවිකල දැනුම් පද්ධතියක් තමා
    ඒත් ඒක වැරදියිමත් කියන්න බෑ නෙ නේද ?
    ඒක හරියිමත් කියල කියන්නත් බෑ :yes:
    ඒ උනාට පොඩ්ඩක් හිතල බලනකොට මේ කියන දේ ඇත්ත වෙන්න ඇති කියලයලි මට මීටර් වෙන්නෙ
    සහෝ ට පුලුවන් නම් මේ ප්‍රශන් ටිකට කෙටි උත්තරයක් දෙන්න

    1.ඔබ කියනා අකාරයේ 'ආත්මෙන් ආත්මයට යන' විඥ්ඥානයක් තියෙනවා කියල ඔයා පිලිගන්නේ මොන හේතු උඩද?
    2.නිවනක් පවතී යයි ඔබ පිලිගන්නේ මොන හේතු උඩද?
    3.එහෙම තියෙනවා නම් එයට යාමට ඇති මාර්ගය මෙයමයි ඔබ පිලිගන්නේ කෙසේද?
    4.පින් පව් පඩිසන් දේ කියා ඔබ පිලිගන්නේ මොන හේතුක් නිසාද?

    මෙහෙම හිතන්න, ඔබ ඊතලයක් දුන්නකට දාලා, දුනුදිය ඇදලා අතාරිනවා. ඔබ ඊතලයට ලබාදුන් ශක්තිය නිසා එය ඉදිරියට යනවා. සංසාරය කියන්නේත් ඔයවගේ. ඔබ තණ්හාව නිසා අල්ලගෙන ඉන්න දේ ( භෞතික හා සිතුවිලි ) අර ඊතලයට ලබාදුන් ශක්තිය වගේ ඔබ භවගාමී කරනව, නැවත උපතක් ඇතිකරනව.

    දැන් හිතන්න ඔබ අර ඊතලයට ලබාදුන් ශක්තිය කුමක් හෝ විදිහකින් එක්වරම නැතිකලා කියල. දැන් එහි ඉදිරි ගමන ඉවරයි. ඔබ තණ්හාව ඔබේ සිතින් ක්ශය කරල දැම්මම, ඔබව තවත් භවයකට බැඳ තබන්න අවශ්‍ය සාධකය ඉවත් කලා වෙනව. ඒක තමයි නිවන.

    තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කලේ නිවන් අවශ්‍ය අයටයි. ලෝකයේ යථා ස්වභාවයන් ගොඩක් නෑ. එකයි තියෙන්නේ. ඒක අපි කාටත් පොදුයි. නිවන් අවබෝධයට කොහෙන් ගියත් යන්නෙ ඔතනටයි. ඒක අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය තුලින්. ඒකට අකමැති නම් ඔබට පසේබුදුවරයෙකු ලෙස ඔබම මේ සත්‍යය අවබෝධ කළ හැකියි. හැබයි කොහොම අවබෝධ කලත් එකම නිවන.


     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oyage siyaluma question walata mama answer karanawa. O-K-----But time to time. A mokada mama godak busy kenek. Aka nisa mata time eka labena widiyata mama pahadili karannam
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    SCIENCE , BUDDHISM, THERE MAY BE A TRUTH. AT THE BEGINING, I START FROM FROM SCIENCE ***** YOU CAN CHANGE THE ENERGY FROM ONE FORM TO ANOTHER FORM. BUT YOU CAN NOT CREATE THE ENERGY OR YOU CAN NOT LOSE THE ENERGY.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    USE YOUR INTELLIGENCE, VERY EASILY YOU CAN UNDERSTAND WHO IS THE GOD. GOD IS THE ENERGY. IT IS FOREVER, EVERY THING IN THIS WORLD IS A CHANGE OF ENERGY. THAT MEANS , EVERY THING IS THE GOD. YOU, I , ALL HUMAN LIVES, ALL ANIMAL LIVES , SKY, SOIL,TREES, WIND, WATER, SOLIDS, FIRE, EARTH,PLANETS, SUN, MEN, WOMEN , MINDS, EVERY THING IS A CHANGE OF ENERGY[GOD]. THAT MEANS THOSE EVERY THING IN THIS WORLD IS A GOD[CHANGE OF ENERGY]. YOU AND I ARE ALSO GODS.[CHANGE OF ENERGY IS ALSO A ENERGY].
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    LORD BUDDHA SAYS----EVERYTHING IS IN THIS WORLD-------DUKKA----ANITHYA----ANATHMA----- CONSIDER THAT ANATHMA QUALITY-----BECAUSE THERE ARE NO----ME----YOU-----HE----THEY------BECAUSE THEY ARE CHANGE OF UNIVERSAL ENERGY ONLY. THAT IS WHY THEY ARE ANATHMA. SCIENCE PROVES BUDDHISM.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපි නම් සිරිධම්මව ගණන් ගන්නෙත් නෑ
    උඹත් බ
    කියන්නද හදන්නේ අර උපාසකය වගේ