බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මම දෙයක් ඉක්මනින් පිලිගන්නවත් පිලිනොගන්නවත් කැමැති නෑ
මට හරි කියල මීටර් වෙන්නෙ නැත්නම් ඒක බලෙන් මටම පිලිගන්නවන්න යන්නෙත් නෑ
පොතෙ තිබ්බ පාලි පාඨ එහෙම්ම දාන්න එපා , ඒව හරිද දෙන්න්ත් නෑ , පිරිසිදු ධර්මයමද දන්නෙත් නෑ , ඕනි කෙනෙක්ට එඩිට් කරන්න බැරිව නෙමෙයි නෙ ...
හරි කියල මීටර් වෙනවා නම් එච්චරයි
ඔන්න පටන් ගන්න කලින් කිව්වා කවුරුවත් මට බනින්න එපා මම බුද්ධාගම කනව කියලා හෙම
මම ඔයාල ගොඩාක් අය වගෙ දැන උගත් අත්දැකීම් තියෙන කෙනෙක් නෙමේ , බොහොම සාමාන්‍ය අවුරුදු 17ක කොල්ලෙක් .... එකම වැඩේ මෙලෝ දෙයක් පිලිගන්නෙ නෑ නම් නෑ අන්න අතන මෙහෙම කියල තිබ්බා , ඒ නිසා කන පලාගන්නෙ නැතුව මේක පිලිගනින් කිව්වට
ආ තව එකක් , මම කවදාවත් කියන්නෙ නෑ මම 100% හරි කියලා

ඔයාල දන්නවද පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො
එයත් මේ ගැන මාත් එක්ක 'පැය ගානක්' තර්ක කරල අන්තිමට මට ඕනි දෙයක් කරගන්නවා කියල පැත්තකට උනා
[දන්නෙ නැති අයට , පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො කියන්නෙ සාපේක්ශව වෙනස් බන කියන විද්‍යාවේදී හොඳට බණ කියන්න පුලුවන් හාමුදුරු නමක්]
මම මේක කිව්වෙ මේකයි , සාධකයක් නැතුව, 'මේ ආත්මේ ඇති වෙන යම් potential එකකින් ඊළඟ භවය සකස් වෙනවා' කියල කිව්ව පලියට පිලිගන්න බෑ නේද ? මම අහන්නෙ එහෙම කියන්න හේතුව...

මම හැම දේම විද්‍යාවෙන් දකින්න උත්සාහ කරන්වා නෙමේ,

ඒත් මෙහෙම දෙයක් ක්වන්ටම් විද්‍යාවෙ කියනවා
[හෝව් හොව් , මම ක්වන්ටම් විද්‍යාව පිලිඹඳ මහාචාර්‍ය කෙනෙක් නෙමේ , මේ මම දන්න දේ]
සිතිවිලි කියන්නෙ මොලයේ නියුරෝන්ස් අතර ඇතිවෙන එලෙක්ට්‍රිකල් චාජස් , අනන්‍යතාවය / මමත්වය වගේ සංකල්පත් ඒ වගෙම මේ අතිශයෙන් සංකීර්න නියුරෝන පත්ධතියේම ක්‍රියාකාරීත්වය කියලා..
හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත
මේ තමා මම දකින විදිහ

ක්වන්ටම් විද්‍යාවෙට අනුව
කිසිවක් ඇත්තේද නැත නැත්තේද නැත
සියල්ල මායාවක් පමනයි [මේ සංකල්පය බෞද්ධ දර්ශනයෙත් තියෙන්වා]

මම හිතන්නෙ,
අපට සිදුවෙන දේවල් වන්නේ සමාජයත් හා අනිත් ජීවින්ගේ ක්‍රියාකරීත්වය නිසයි
[ ඒ කියන්නෙ පින් පව් කියල දෙයක් නෑ, ජීවින් කරනවා, දේවල් වෙනවා, ඒවා අපිට බලපාන්වා , අපි පවතිනවා ]

කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක [ මේ පොතේ මෙහෙම තිබ්බ කියල නම් කියන්න එපා ]

මම දවස් කීපයකට කලින් හිටියෙ මීට වඩා ගොඩාක් වෙන්ස් තියරියක
බුද්ධ දර්මයේ බොහෝ තැන් හිස් මුදුනෙන් පිලිගන්න , ඉස්කොලෙ ෆ්‍රී පීරියඩ් වල ආනපානසතිය කරපු කෙනෙක්
මම හුඟක් ඉක්මනට වෙනස් වෙනවා , ජීවිතෙ හැමදෙකෙදිම , හ්ම්ම්... මගේ වැරැද්දක් එක අතකින් ඒක
ඒ කොහොම වෙතත් මේ ප්‍රශ්න මගේ ඔලුවෙ කාලෙක ඉඳන් තිබ්බා

ඔන්න තැනක් තියෙනවා
අපි ඉන්නවා ... ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? දැන් ඔය පින් පව් තියරියට අනුව සංසාරෙට එන්ටර් වෙන්නත් හෙන පවක් එපෑයැ...
හරි ඔන්න අපි එනවා , නිවනක් තියෙනව , අපිම ගොඩ යන්න ඕනි හෙන වදයක් විඳලා
මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට නොවැටිම හිටියනම් ඉවරනෙ ... අනික අලුතින් හිත් ඇති වෙන්නෙ නැත්නම් කවදා හරි කවදා හරි විශ්වයේ හිත් ගාන අඩු වීගෙන අඩු වීගෙන යන්න ඕනිනෙ

හරි හිත් ඇතිවෙනව කියමු , පටන් ගන්න එකාට පින් 1/2 පව් 1/2 යිද ? එහෙනම් අපි ඔක්කොම එක වගේ වෙන්න ඕනිනෙ..
එකෙක්ට වැඩියි එකෙක්ට අඩුයි නම් අසාදරනයි
ඔන්න ඔතනදි තමා මගේ තියරිය එන්නෙ

සිතිවිලි ඉලෙක්ට්‍රිකල් චාජස් , මම කියල එකෙක් නෑ , මොලය ලෝකය අදකිනව , අපි පැවතෙනව , මේකට එන්න හේතුවක් නෑ , මොකද අපි ඇතිවෙලා නෑති වෙලා යනවා , අයෙ ඉපදෙන්නෙත් නෑ , පිනුත් නෑ පව්ත් නෑ ... ආවනම් හිටු

හරි ඔන්න දැන් ඊලඟ ආත්මයක් තියෙනවා කියමු
ඔන්න ඔයා කමල් , ඔයා හරක් මරනව හිටු කියලා
ලබන ආත්මෙ ඔයා ඇල්ෆා සෙන්චුවරි වල නිමල්
දැන් ඔය කමල්ට පාන්ද ? ඔයාගෙ හිතයි , පින් පව් ටිකයි ගියා.. අරූ හෝ ගාලා විඳෝනවා .. ඒත් ඔයාගෙ 'මමත්වය' තියෙන්නෙ ඔයාගෙ මේ අනන්‍යතාවය තියෙනකම් නේද? [මම මේ කියන්න හදන දේ වචනෙන් කිව්ව නම් තේරෙන්වා]

ඕක පිටිදුවෙ හාමුදුරුවන්ට් එක්ක වාද කරගත්තම මට කිව්වෙ , මේ ආත්මෙ ගැන වත් හිතල පින් කරගන්න කියල

හ්ම්ම්.... සමහර විට මම පල් මෝඩයෙක් වෙන්න ඇති .. හැබැයි තාම නම් මට ඕවට හරි උත්තරයක් ලැබිලා නෑ ...
පුලුවන් නම් [පින් විස්වාස කරන්වා නම්] ලොකු පිනක් ඕකකට උත්තරයක් දුන්නොත්
ඔන්න ආයෙ කිව්වා , මම හිතන්නෙ නෑ මම 100% හරි කියලා

මොක උනත් බුද්ධාගම ජීවිතේට ලොකු පිටුවහලක් , සතුටින් තියෙන දෙයින් සෑහීමකට පත්වෙලා ජීවත් වෙන්න ඒක ගොඩක් උදව් වෙනවා , ඒත් විශ්වීය දහමක් ලෙස ?

ගොඩක් අය කියනවා , විද්‍යාවේ ඔය අලුතෙන් හොයාගන්න දේවල් මීට කලින් ඕනි තරම් කියල තියෙනවා කියල බුද්ධාගමේ
ඒත් මම කියන්නෙ අපි ඒව , ආ මේකයි කියන්න ඇත්තෙ කියල ඇප්ලයි කරගන්නවා කියලා
ඔන්න අපි කියමුඑක තැනක තියෙනවාලු තුත්තේරිය ගහත් කඩුවක් වෙනවා කියලා , ඕකට කට්ටිය අර්ථ දැක්වීම කරනවා ඕකෙන් කියන්න ඇත්තෙ කිසිම වැඩක් නැති දේකෙනුත් ලොකු විනාශයක් කරන්න පුලුවන් දේවල් හදනවා කියන එක කියලා , ඉතින් එතන කලේ අප අපීඅ දේ ඒකට ඇප්ලයි කරපු එක නෙමෙයිද ?
ඔන්න තව තැනක කියනවා ඉරවල් 7 ක් පායන එක , ඕකෙන් කියන්නෙ පොලොව ගොඩක් රස්නි වෙන එකලු , දැනුත් ඒක වීගෙන යනවාය කියන්නෙ , හරි ඕකෙනුත් අපි කලේ , ආ මේකයි මේ කියන්න ඇත්තේ කියල ඇප්ලයි කරගත්ත එක නෙමෙයිඩ ?දන්නවද හින්දු ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්‍රසාරනය වන බව , මුස්ලිම් ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්‍රසාරනය වන බව , පෘතුවියේ තල 7 ගැන , දුවිලි හා වායි වලින් 'දෙවියන්' විශ්වය සැදූ බව... [සමහර විට හැමේම කියන මේ දෙවියෝ ස්වභාවදය්මය හෝ විශවය වෙන්න ඇති]
ඒවලින් වැඩක් නෑ , මම අහපුවට පුලුවන් නම් තේරෙන උත්තරය්ක් දෙන්න
ස්තූතියි

බනිනෙ නැතුව උතරයක් තමා මම බලාපොරොත්තු වෙන්නෙ
මේ ඔය -රෙප් හෙම දෙන්න අය කැමති නම් දෙන්න , මට මෙලෝ වැඩක් නෑ ඔය පාට පාට කොටු වලින් , මොකෝ මම බඳින කෙනා ඕක බලයි ඈ ? නැත්නම් මගෙ සැලරි එකක් අඩුවෙය් ඈ ?

තව දේවල් තියෙනවා දැන් මටක් වෙන්නෙ නෑ , මතක් වෙන වෙලාවල් වලට ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්

බුදුදහමට විරුද්දව තර්ක කොයිතරම්නම් ඇද්ද ?
ඕව බිඳ කියල ලැබෙන්නේ මොනාද ? බින්දේ නැහැ කියල ලැබෙන්නේ මොනාද ?
හොදයි ඔබේ තර්කය හැරීමයි කියල කියමුකෝ . එත් ඔබට ලැබෙන්නේ මොනාද ?
අපරාදේ කාලය .
 
DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    බුදුදහමට විරුද්දව තර්ක කොයිතරම්නම් ඇද්ද ?
    ඕව බිඳ කියල ලැබෙන්නේ මොනාද ?

    කරන දෙයක් කරගෙන බය නැතුව ආතල් එකෙ ඉන්නවා

    බින්දේ නැහැ කියල ලැබෙන්නේ මොනාද ?
    ඉක්මනට සංසාරෙන් ගොඩ යන්න ට්‍රයි කරනවා

    හොදයි ඔබේ තර්කය හැරීමයි කියල කියමුකෝ . එත් ඔබට ලැබෙන්නේ මොනාද ?
    අපරාදේ කාලය
    පිස්සෙක් වගෙ මේ ගැන හිතන එක නවත්තලා වෙන දෙයක් බලගන්නවා
    නිවන් යන්න කියල නාස්ති කරන කාලෙ කලා බිලා වැටිල නිදාගන්නවා

    :lol::lol::lol:
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    Again I'm telling.....

    " Little Knowledge is Dangerous"

    No matter what the subject..the field...job..etc..etc..

    That's why you cannot explain it to a person...

    so , i guess ur perfect
    එහෙම නැතත් දන්න ටිකෙන් හරි මනින්න හදන්නෙ නැතුව කියන හැමැ දේම පිලිගන්නවා ඇති නේද?
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    කර්මය කියන්නෙත් සංස්කරණයක්. කර්මය පඩිසන් දීම හෝ නොදීම දුකින් අත්මිදිය යුතුයි කියන තීරණය ගන්න කොහෙත්ම වැදගත් වෙන්නෙ නැහැ. කර්මය අනාගතයට යම් විදියකින් තීරණාත්මකව බලපානව නම් ඒකෙ එක්තරා හොඳකුත් තියනවා. ඒත් එහෙම එකක් නැත්නම්, හැම දේම පූර්ණ වශයෙන්ම සසම්භාවී නම් තත්ත්වය ඊටත් වඩා බරපතලයි. ඒ නිසා කර්මය කියන සංකල්පය අවශ්‍ය නැහැ දුකින් අතමිදිය යුතුය යන තීරණයට එලඹීමට.
    ඔව්

    දැනට "සොයාගෙන ඇති" මාන 11? :lol: මිත්‍රයා බටහිර විද්‍යාව තබා විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ මොකක් ද කියල වත් අවබෝධ කරගන්න ඕනෙ. String theory, M-theory වලදි මාන 11ක් ගැන මතවාද ගොඩනගා තිබුනට විද්‍යාඥයො ඒ මතවාද සත්‍ය බව ඔප්පු කරල නැහැ. ඒ තබා M-theory කියන්නෙ බටහිර විද්‍යා දැනුම් පද්ධතියෙ කොටසක් කරගන්න සුදුසුද කියන දේ පවා තවමත් විවාදාත්මක තැනකයි තියන්නෙ. ඒ නිසා මිත්‍රයාට වත් පුළුවන් නම් ඔය කියන මාන 11 සොයාගන්න ඒක බටහිර විද්‍යාවට කරන සේවයක්.

    යම් මානයකදී භෞතික වස්තුවක අවසානය දකින්න ඒ මානය ගෝචර කරගන්න ඕනෙ නම් තමයි.

    මොකක් ද මිත්‍රයාට තියනවා කියන ඒ පොඩි තර්කය? ඇරිස්ටෝටලියානු න්‍යාය තුල කරන තර්කයක් නම් ලියල තේරුම් කරන්න බැරි වෙන්න බැහැ නෙ මිත්‍රයා. විධිගතව ඉදිරිපත් කරන්න බැරි නම් බටහිර විද්‍යාත්මක ඇසකින් ඒක දැනුමක් විදියට බාර ගන්නත් බැහැ. කාරණාව කෙලින්ම මේ සංවාදයට අදාල නිසා ලියල තේරුම් කරන්න...

    එහෙනම් මිත්‍රයා කියන්න බලන්න බටහිර විද්‍යාවට අනුව කාලය ආරම්භ වුණේ කවදා ද? හිතට එන්නෙ බිග් බෑංග් තියරිය නම් මුලින් ඒක ගැන අධ්‍යනය කරල ඉන්න. මොකද ජනප්‍රිය මාධ්‍යයෙ බිග් බෑංග් තියරිය ගැන මවා පාල තියන්නෙ අමු මුසාවක්. බුදු දහමට අනුව කාලය කියන්නෙ අපි සංස්කරණය කරගත් දෙයක්. බටහිර විද්‍යාවටත් කාලය කියන්නෙ ඇතුවත් බැරි නැතුවත් බැරි සංකල්පයක් වෙලා තියන්නෙ. ඉතිං ප්‍රශ්නය තමයි මිත්‍රයාගෙ විද්‍යාවටත් ඉමහත් ගැටළුවක් වෙලා තියන, ඒත් ඒ බව පිළිගන්නත් අකමැති මේ සංකල්ප ගැන මිත්‍රයා තර්කයක් ගොඩනගනවා යැයි හිතාගෙන අඳුරේ අත පත ගානවා.

    :lol: ජෝක් එකක් නොවෙයි මේකත් මිත්‍රයා, ඔය පරම සත්‍ය මේකයි කියල කෙනෙකුට හිතෙන "විද්‍යාව" කියල කියන දේ බිහි වුණේ යුදෙව් ක්‍රිස්තියානි පසුබිමක තමයි. යුරෝපා චින්තනය .. රුසියානු චින්තනය කියල එකකින් බිහි වුන විද්‍යාවක් තියනව නම් ඉතිං ඒ ගැනත් හොයල බලල ඉගනගන්න. ලෝකයේ කිසිම විශ්ව විද්‍යාල පද්ධතියක, පාසල් අධ්‍යාපනයෙදි හෝ එහෙම වෙන එකක් උගන්නනවාදැයි මම නම් දන්නෙ නැහැ.

    හිතල බැලුවම පිළිගන්න පුළුවන් දේ පිලිගන්න කෙනෙක් නම් බටහිර විද්‍යාව ගැන කියන්නෙ ඇයි? ඒකෙ කරන්නෙ හිතට එන දේ පිළිගන්න එක නොවෙයි නෙ මිත්‍රයා. ඇරිස්ටෝටලියානු න්‍යායෙන් ඉතාම විධිගත ක්‍රමයකට ඔවුන්ගෙ දැනුම් පද්ධතිය ගොඩනගලා තියනවා කියල නෙ ඔවුන් කියන්නෙ. ඒ කියන්නෙ හිතල බලපුවම පිළිගන්න හිතෙන දේ පිළිගන්න එකක් නොවෙයි බටහිර විද්‍යාව කරන්නෙ. එහෙම නම් ඉතිං විශේෂ සාපේක්ෂතාවාදය, සාධාරන සාපේක්ෂතාවාදය, ක්වන්ටම් භෞතිකය කවදාවත් බිහි වෙන එකක් නැහැ. ඒව intuitive නැහැ ම්ත්‍රයා. හිතට එනදේ පිළිගන්නෙ මේ හිත්, මනස කියන්නෙ මොකක් දැයි වත් නොදැන නේද? අඩු තරමෙ විද්‍යාඥයො වත් කරන්නෙ "හිතල බැලුවම හරි නම්" පිළිගන්න එක නොවෙයි. "හිතල බැලුවම හරි" කියන්නෙ තීරණයකට එළඹෙන ක්‍රමේ මිසක් විද්‍යාවක් ගොඩනැගෙන පදනම නොවෙයි.

    මම අහපු ප්‍රශ්න වල 'බටහිර' දෙයක් තියෙන්නෙ හිත කියන්නෙ මොලේ කියන කතාවෙ විතරය්නෙ
    අනිත් ඒව ඉතින් කල්පනා කරන්න පුලුවන් ඕනි මෝඩයෙක්ට හොතෙනව ඒවා

    අගය කරනවා
    thnx
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කරන දෙයක් කරගෙන බය නැතුව ආතල් එකෙ ඉන්නවා

    ඉක්මනට සංසාරෙන් ගොඩ යන්න ට්‍රයි කරනවා

    පිස්සෙක් වගෙ මේ ගැන හිතන එක නවත්තලා වෙන දෙයක් බලගන්නවා
    නිවන් යන්න කියල නාස්ති කරන කාලෙ කලා බිලා වැටිල නිදාගන්නවා

    :lol::lol::lol:

    දිගටම කල බීල වැටිලා ඉන්න . ඔය විදිහටම සංසාරේ මීට කලිනුත් කොයිතරම්නම් ප්‍රමාණයක් කල බීල වැටිලා ඉඳල ඇත්ද ? ඉසරහට වෙන්නෙත් ඔය ටිකම තමයි. ඉපදෙනවා කනවා බොනවා ලෙඩ වෙනවා ජරාවට පත්වෙනවා මැරෙනවා . ඔකේ කෙළවරක් නැහැ . බුදුදහමට අදාල දෙයක් නෙමෙයි ඕක . ඔය තමයි සංසාරේ හැටි . විශ්ව සොබාවය . බුදුහාමුදුරුවෝ කරේ ඕක පෙන්නලා දීපු එක විතරයි . පිළිගන්න අය පිලිගන්නවා . පිලි නොගන්න අය පිලිනොගන්නවා . සමහර අය තර්ක ගොඩ නගනවා . තවත් අය තර්ක බිදිනවා . මොනවා කරත් මේ චක්කරේ මේ විදිහටම කැරකෙනවා .

    http://www.elakiri.com/forum/showthread.php?t=1058250
     
    Last edited:

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    so , i guess ur perfect
    එහෙම නැතත් දන්න ටිකෙන් හරි මනින්න හදන්නෙ නැතුව කියන හැමැ දේම පිලිගන්නවා ඇති නේද?

    No body is perfect...

    මම නම් ඔක්කොම දන්නෙ නෑ..ඒත් පුලුවන් වෙලාවට ඉගෙන ගන්නවා

    මම දන්න ටිකෙන් තමයි ඔය කිව්වෙ මචන්....හැබැයි ඔක්කොම නම් දන්නෙ නෑ...
    මම මේ මගේ ගැන පුරසාරම් කියනව නෙමේ..මම ධර්මාචාර්ය වෙනකන් ඉගෙන ගෙන තියෙනවා..දැනටත් ඉගෙනගන්නව ටික ටික...
    ඒක මේ මහ ලොකු එකක් නෙමේ මුළු බෞද්ධ දර්ශනයත් එක්කම බැලුවාම

    මට තේරෙන එකම දේ තමයි, බෞද්ධ දර්ශනය තරම් ප්‍රායෝගික...ඒ වගේම යථාවබෝධය ලබාදෙන දර්ශනයක් නැහැ කියලා..හැබැයි මම ඒක "ඇප්ලයි" කරන්න යන්නෙ නෑ..ඒක ඇප්ලයි කරන්නත් බෑ..
    මොකද බෞද්ධ දර්ශනය වෙන එකකට ඇප්ලයි කරන්න කලින් තමන් බෞද්ධ දර්ශනයට ඇප්ලයි වෙලා ඉන්න ඕන..

    ඒකයි මම කිව්වෙ...මට තේරෙන විධියට...

    ඒක කියල දෙන්න අමාරුයි..ඒකයි මම කිව්වෙ ඒක ඉගෙනගෙනම බලන්න ඕන කියල...

    ඕක තමයි බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නෙ "ඒහි පස්සිකො" කියල..- ඇවිත් බලන්න-....

    බෞද්ධ දර්ශනය එහෙන් මෙහෙන් අත පත ගාල ඉගෙන ගන්න පුළුවන් එකක් නෙමේ...ඒක ක්‍රමාණුකූලව කරන්න ඕන..

    බුදුහාමුදුරුවො බුදු බව ලැබුවට පස්සෙ, මේ ධර්ම කරුණු ලෝකයාට කියනවද නැද්ද කියල හිතල බැලුවෙත් ඔන්න ඔය කාරණයම වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ...

    Last edited:
    • Like
    Reactions: madura199

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    No body is perfect...
    මම නම් ඔක්කොම දන්නෙ නෑ..ඒත් පුලුවන් වෙලාවට ඉගෙන ගන්නවා

    මම දන්න ටිකෙන් තමයි ඔය කිව්වෙ මචන්....හැබැයි ඔක්කොම නම් දන්නෙ නෑ...
    මම මේ මගේ ගැන පුරසාරම් කියනව නෙමේ..මම ධර්මාචාර්ය වෙනකන් ඉගෙන ගෙන තියෙනවා..දැනටත් ඉගෙනගන්නව ටික ටික...
    ඒක මේ මහ ලොකු එකක් නෙමේ මුළු බෞද්ධ දර්ශනයත් එක්කම බැලුවාම

    මට තේරෙන එකම දේ තමයි, බෞද්ධ දර්ශනය තරම් ප්‍රායෝගික...ඒ වගේම යථාවබෝධය ලබාදෙන දර්ශනයක් නැහැ කියලා..හැබැයි මම ඒක "ඇප්ලයි" කරන්න යන්නෙ නෑ..ඒක ඇප්ලයි කරන්නත් බෑ..
    මොකද බෞද්ධ දර්ශනය වෙන එකකට ඇප්ලයි කරන්න කලින් තමන් බෞද්ධ දර්ශනයට ඇප්ලයි වෙලා ඉන්න ඕන..

    ඒකයි මම කිව්වෙ...මට තේරෙන විධියට...

    ඒක කියල දෙන්න අමාරුයි..ඒකයි මම කිව්වෙ ඒක ඉගෙනගෙනම බලන්න ඕන කියල...

    ඕක තමයි බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නෙ "ඒහි පස්සිකො" කියල.. ඇවිත් බලන්න-
    බෞද්ධ දර්ශනය එහෙන් මෙහෙන් අත පත ගාල ඉගෙන ගන්න පුළුවන් එකක් නෙමේ...ඒක ක්‍රමාණුකූලව කරන්න ඕන..

    බුදුහාමුදුරුවො බුදු බව ලැබුවට පස්සෙ, මේ ධර්ම කරුණු ලෝකයාට කියනවද නැද්ද කියල හිතල බැලුවෙත් ඔන්න ඔය කාරණයම වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ...

    ඔබ හරි
    පිලිතුරට ස්තූතියි
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    What the Bleep do we Know
    [Documentary|Quantum physics]
    51 වෙනි විනාඩිය , පුලුවන් නම් හොයාගෙන බලන්න , ටොරන්ට් තියෙනවා
    වචනයක් නෙමේ , හෙන දිග වීඩියෝ එකක්
    Quantum Physics කියන්නෙ වීඩියෝ එකක් නෙමේ. පදාර්ථය හා ශක්තිය අතර තියෙන අංශුමය හා ශක්තිමය සම්බන්ධයක් ගැන කියවෙන භෞතික විද්‍යාව. මොළේ සිතිලිව්ලි ගැන ඒකෙ තියෙන්නෙ මොනවද ?
    හැම දෙයක්ම සමාජය , ජීවින් ගෙන් ඇති වෙන බලපෑම මත තීර්නය වෙනවා
    කොහොමද කියන්නෙ පින් පව් කලින්ම උනා කියලා
    කොහොමද නොවුනා කියන්නෙ ?

    ඔව්, ඉවර වෙන තැන පෙන්නන්න
    බෑ නෙ. ඒ වගේ තමා ඔයා ඇහුව ප්‍රශ්නෙත්

    ඒක ඊට වඩා සංකීර්ණයි
    කොච්චර ද ?
    මොළයේ නම් මතකය , සිතිව්ලි වගේ ඒවා ඇතිවෙන්නෙ විද්‍යුත් රසායනික සම්ප්‍රේශණයකින්. ඉලෙක්ට්‍රිකල් චාජස් ම නෙමේ
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න දැනුමක් නැහැ. ඒත් උදාහරණයක් විදියට මෙහෙම හිතන්න පුළුවනි. ළගදි දැක්ක අඹ ගසක් මතක් කරලා බලන්න. ඒ ගහ හට ගත්තේ කෙසේද? තවත් ගසක බීජයකින්. මේ බීජයේ තැන්පත් වෙලා තියෙනවා වෙනත් ගසක් සැදීමට ශක්තිය. මන් අහල තියෙනවා මේ විඥානය තවත් භවයකට කර්මානුකූලව සකස් වෙනවා කියල. විඥානය තුල බීජයක මෙන් තවත් සත්වයෙක් සකස් වීමට අවශ්‍ය ශක්තිය පවතිනවා කියල.

    ඉහත අඹ ගසේ උදාහරණයේ ළගදි දැක්ක අඹ ගස හා එය සකස් වීමට උදව් වූ ගස එකකුත් නෙමේ. සම්පුර්ණයෙන් වෙනත් ගසකුත් නෙමෙයි. කලින් ගස සකස් වුනේ තවත් ඒවගේ ගසකින්. ඒවගේ මේ ගස් පරම්පරාව ආරම්භ වුනේ කොහොමද ? මුල් බීජය සකස් වුනේ කොහොමද? කුමක් හෝ හේතුවක් නිසානේ. එම නිසා මේ සත්වයා කුමක් හෝ හේතුවක් නිසා සකස් වී ඇති බව සිතිය හැක. ඒගැන කියන්න හෝ හිතන්න යාම අප හැමගේම අහිත පිණිස පවතින බව හිතෙනවා.

    තවත් උදාහරණයක් ගත්තොත්, ඇස් නොපෙනෙන මිනිසුන් හතර දෙනෙක් අලියෙක් විස්තර කරපු හැටි (සෙන් කතා ) -
    1. පළමුවැන්නා - කකුලක් අල්ලා කිව්වලු අලියා කණුවක් වගේ කියල
    2. දෙවැන්නා - බඩ අල්ලා කිව්වලු අලියා බිත්තියක් වගේ කියල
    3. තුන්වැන්නා - කන අහුවුනාම කිව්වලු අලියා රෙදි කඩක් වගේ කියල
    4. හතරවැන්නා - නැට්ට අසුවී කිව්වේ අලියා ලනුවක් වගේ කියල

    මේ හතර දෙනා පසුව වාදයකට පැටලී ඇත.

    මේ කතාව ඇත්ත වුනත් නැතත් මෙයින් හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවනි. නොපෙනෙන දේවල් ගැන සිතීම හෝ තර්ක කිරීම හෝ ඔප්පු කිරීමට යාම ඉහත හතර දෙනාගේ වාදයට සමාන අයුරක් ගත හැකිය. විඥානය හෝ හිත ගැන විද්‍යාවට තවම හරියට පරීක්ෂා කිරීමට හැකිවී නොමැති නිසා විද්‍යාඥයින් දැනට ඒ සදහා ගන්න උත්සාහයද ඉහත කතාවට සමාන විය හැකියි.:rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: inoj77

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    බුද්ධ ධර්මය ගැන මෙහි ප්‍රශ්න කරන නිසා, බුදු දහමේ හරය චතුරාර්ය සත්‍ය නිසා ඒගැන පොඩ්ඩක් සදහන් කරමි. පළමු ආර්ය සත්‍ය පහත අයුරින් දීර්ග ලෙස විස්තරවී ඇත.

    fournobletruths.jpg
    [/URL] [/IMG]

    .

    http://si.wikipedia.org/wiki/චතුරාර්ය_සත්‍යය
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ඒවා අප සැවොම සංසාරේ නොයෙක් අයුරින් අත්විද ඇත. ඒවා මතක නොමැති වුනත් මේ ජීවිතයේ අත්විද ඇත. එසේ නොමැතිනම් ඉදිරියේදී අත්විදීමට සිදු වේ. මොනවා නැතැත් ලෙඩ වීම , වයසට යාම , මරණය වගේ දේවල් වලට මුහුණ දීමට සිදු වේ. රැස් කල සියලු දේ - සහතික, මිල මුදල්, යාන වාහන , ගේ දොර, වතුපිටි , පවුලේ අයඇත හැර යාමට සිදුවේ. ඒ බව අත්දකින නිසා ඔප්පු කිරීමට අවශ්‍ය නොවේ. මේ දේවල් වලට මුහුණ දෙන විට දුක් විදීමට සිදුවන්නේ තෘෂ්ණාව (තමන් ගැන හා තමන් සතු දේවල් වලට තිබෙන බැදීම ලෙස මුලික වශයෙන් ගත හැක ) නිසා බව ඔප්පු කිරීමට අවශ්‍ය නැත. තුන්වන සත්‍ය වන තෘෂ්ණාව නැති කිරීමෙන් දුකින් මිදිය හැකි බව ඉහත සත්‍ය දෙකින් මනාව පැහැදිලි වෙයි . මෙසේ තෘෂ්ණාවෙන් මිදීම නිවන් දැකීම ලෙස අර්ථ දක්වා ඇත. මෙම නිවන ගැන එය අත් විදපු නැති අප තර්ක කිරීමද ඉහත අලියා ගැන තර්ක කිරීම වාගේ විය හැකියි . එහෙත් නිවන යන වචනය ලෙස අර්ථ දක්වා ඇත්තේ තෘෂ්ණාව දුරු කර දුකින් මිදීම නිසා එය විය හැක්කක් බව තේරුම් ගත හැකියි. ඉහත සත්‍ය තුන සලකා බැලීමෙන් හතරවැන ආර්ය සත්‍යද එනම් මාර්ග සත්‍ය ප්‍රායෝගික දෙයක් බව පැහැදිලි විය යුතුයි.

    සංසාරේ දුක් විද විද පැමිණි අපට මේ චතුරාර්ය සත්‍ය බොහොම කලාතුරකින් ලැබෙන දෙයක් නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මුල් තැන දිය යුතුයි .
    හරියට කාන්තාරෙක ඇවිදින කෙනෙක්ට වතුර ටිකක් ලැබුන වගේ දෙයක් නිසා. වතුර ටික බී පිපාසය නිවා ගන්නේ නැතුව එතනට ආවේ කොහොමද වගේ වෙන වෙන දේවල් සිතමින් සිටියොත් වතුර ඉවර වෙන්න පුළුවන්. දැනටත් බොහොම කලාතුරකින් තමයි බුදු දහමේ නියම හරය ගැන අසන්නට ලැබෙන්නේ. ඉදිරියේදී එය අසන්නට නොලැබෙන්න පුළුවනි . බුදු කෙනෙක් පවා පහල වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය දේශනා කිරීමට බව මා අසා ඇත . බුද්ධ යන වචනයේ තේරුමත් මේ චතුරාර්ය සත්‍ය අවබෝද කල කෙනා බවද අසා ඇත . මෙය සම්මා සම්බුද්ධ , පච්චේක බුද්ධ , ශ්‍රාවක බුද්ධ (අරහත්වය ) යන තුන් අයුරින් කිරීමට හැකි බවද සදහන්ව ඇත. 'බුද්ධ' යන වචනයේ තේරුම මෙහි සදහන් කලේ බුද්ධ ධර්මයේ නියම හරය තේරුම් අරගෙන එයට උත්සහ කිරීමේ අවශ්‍යතාවය පෙන්වීමටයි :)

    තෙරුවන් සරණයි!

    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මම අහපු ප්‍රශ්න වල 'බටහිර' දෙයක් තියෙන්නෙ හිත කියන්නෙ මොලේ කියන කතාවෙ විතරය්නෙ
    අනිත් ඒව ඉතින් කල්පනා කරන්න පුලුවන් ඕනි මෝඩයෙක්ට හොතෙනව ඒවා

    මිත්‍රයා, උඹට ඇත්තේ උඹ හිතාගෙන හැසිරෙන තරම් මුහුකුරා ගිය පරිකල්පන ශක්තියක් නොවන බවයි දැන් නම් මට පෙනෙන්නෙ. බුදු දහම ආශ්‍රිතවත් විද්‍යාවක් තියනවා. නමුත් උඹ ඒ බව අමතක කරල බටහිර විද්‍යාවට "විද්‍යාව" කියල කියනවා. මෙතන විද්‍යා දෙකක් ඇති නිසයි මම බටහිර විද්‍යාවට බටහිර විද්‍යාව කියල කිව්වෙ. බටහිර විද්‍යාව තමයි මගේ විෂය ක්ෂේස්ත්‍රය, මගේ ජීවනෝපාය. මම ඒ විද්‍යාවට ඒ විද්‍යාවෙ නමෙන් ආමන්ත්‍රණය කළේ අගරු කිරීමක් ලෙස නොවෙයි. මගේ ක්ෂේස්ත්‍රය ගැන documentary බලල ඉගන ගත් කෙනෙක් නොවෙයි මම මිත්‍රයා. (බටහිර විද්‍යාව එහෙම ඉගනගන්න බැහැ. වානිජ documentary සාමාන්‍ය මිනිස්සුන්ට බලල පොඩි විනෝදයක් ලබාගන්න සුදුසු විදියට හැදුනු හුදු වානිජ වැඩසටහන් විතරයි) උඹට මගේ පිළිතුරු වලින් ග්‍රහනය වුනේ "බටහිර" යන වචනය විතරක් බවයි පෙනෙන්නෙ. පාට කණ්නාඩි ඉවත් කරල කියවලා බලන්න... උඹ "එකම විද්‍යාව" කියල හිතාගෙන ඉන්නෙ බටහිර විද්‍යාවට තමයි. නමුත් මම ඒ වචනය යොදාගත්තෙ පැටලීමක් ඇති වීම වලක්වාගන්න විතරයි මිත්‍රයා.

    විද්‍යාවේදී හොඳට බණ කියන්න පුලුවන්
    හැම දේම විද්‍යාවෙන් දකින්න උත්සාහ කරන්වා නෙමේ,
    මෙහෙම දෙයක් ක්වන්ටම් විද්‍යාවෙ කියනවා
    [හෝව් හොව් , මම ක්වන්ටම් විද්‍යාව පිලිඹඳ මහාචාර්‍ය කෙනෙක් නෙමේ , මේ මම දන්න දේ]
    සිතිවිලි කියන්නෙ මොලයේ නියුරෝන්ස් අතර ඇතිවෙන එලෙක්ට්‍රිකල් චාජස්
    ක්වන්ටම් විද්‍යාවෙට අනුව
    කිසිවක් ඇත්තේද නැත නැත්තේද නැත
    ගොඩක් අය කියනවා , විද්‍යාවේ ඔය අලුතෙන් හොයාගන්න දේවල් මීට කලින් ඕනි තරම් කියල තියෙනවා කියල බුද්ධාගමේ
    හින්දු ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්‍රසාරනය වන බව , මුස්ලිම් ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්‍රසාරනය වන බව , පෘතුවියේ තල 7 ගැන , දුවිලි හා වායි වලින් 'දෙවියන්' විශ්වය සැදූ බව...
    What the Bleep do we Know
    [Documentary|Quantum physics]
    51 වෙනි විනාඩිය , පුලුවන් නම් හොයාගෙන බලන්න
    ඔයාම දැන් කියපු විදිහට වෙන දෙවල් වලට සාදාරන පෑහෑදිලි කිරිමක් නෙ විද්යාවෙන් කෙරෙන්නෙ
    ඒත් ඔය මොලේ වෙනවායයි කියපු එක physically හොයාගෙන තියෙන එකක්
    හදවතින් ලේ පොම්ප කරන්වා කියන්න තියරියක් විතරයි කියල ඔයා කියන්නෙ නෑ නෙ
    මොකෝ එක හොයාගෙන ඔන්න බලපන් වෙන විදිහ කියල පෙන්නලා තියෙනවානෙ
    ඒ වගෙ තමා අරකත්
    'ඉලෙක්ට්‍රෝනය එක වෙලාවකට තරන්ගයකුයි තව වෙලාවකට අන්ශුවකුයි විදිහට හෑසිරෙනවලු'
    මේ , ඕකත් පරීක්ශන මඟින් හොයාගෙන තියෙන්නෙ ... ආ මෙහෙමයි වෙන්න ඕනි කියල හොයාගත්ත දෙයක් නෙමේ ..
    ඒ ගැන ඉගෙන ගන්න ආසනම් what the bleep:down the rabbit hole කියන documentary එක බලන්න
    බටහිර විද්‍යාව අසම්පූර්ණ අංගවිකල දැනුම් පද්ධතියක් තමා
    ඒත් ඒක වැරදියිමත් කියන්න බෑ නෙ නේද ?
    ඒක හරියිමත් කියල කියන්නත් බෑ :yes:
    දැනට සොයාගෙන ඇති ආකාරයට මාන 11 ක් තියෙනවා

    ඇයි මාතෘකාවෙන් පිට බටහිර විද්‍යාවෙ බටහිරත්වය ගැන ලතැවෙන්නෙ? මම කිව්වෙ උඹ දන්න විද්‍යාවෙ බටහිරත්වය ගැන නොවෙයි නෙ.
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    මිත්‍රයා, උඹට ඇත්තේ උඹ හිතාගෙන හැසිරෙන තරම් මුහුකුරා ගිය පරිකල්පන ශක්තියක් නොවන බවයි දැන් නම් මට පෙනෙන්නෙ.

    මං එහෙම හිතාගෙන ඉන්නවා කියලා මම වත් දන්නෙ නෑනෙ :eek:
    හිතනව කියල නම් දන්නවා, මුහුකුරා ගිහින් නම් නෑ මගෙ හිතේ ;)

    බුදු දහම ආශ්‍රිතවත් විද්‍යාවක් තියනවා. නමුත් උඹ ඒ බව අමතක කරල බටහිර විද්‍යාවට "විද්‍යාව" කියල කියනවා. මෙතන විද්‍යා දෙකක් ඇති නිසයි මම බටහිර විද්‍යාවට බටහිර විද්‍යාව කියල කිව්වෙ. බටහිර විද්‍යාව තමයි මගේ විෂය ක්ෂේස්ත්‍රය, මගේ ජීවනෝපාය. මම ඒ විද්‍යාවට ඒ විද්‍යාවෙ නමෙන් ආමන්ත්‍රණය කළේ අගරු කිරීමක් ලෙස නොවෙයි. මගේ ක්ෂේස්ත්‍රය ගැන documentary බලල ඉගන ගත් කෙනෙක් නොවෙයි මම මිත්‍රයා. (බටහිර විද්‍යාව එහෙම ඉගනගන්න බැහැ. වානිජ documentary සාමාන්‍ය මිනිස්සුන්ට බලල පොඩි විනෝදයක් ලබාගන්න සුදුසු විදියට හැදුනු හුදු වානිජ වැඩසටහන් විතරයි) උඹට මගේ පිළිතුරු වලින් ග්‍රහනය වුනේ "බටහිර" යන වචනය විතරක් බවයි පෙනෙන්නෙ. පාට කණ්නාඩි ඉවත් කරල කියවලා බලන්න... උඹ "එකම විද්‍යාව" කියල හිතාගෙන ඉන්නෙ බටහිර විද්‍යාවට තමයි. නමුත් මම ඒ වචනය යොදාගත්තෙ පැටලීමක් ඇති වීම වලක්වාගන්න විතරයි මිත්‍රයා.]ඇයි මාතෘකාවෙන් පිට බටහිර විද්‍යාවෙ බටහිරත්වය ගැන ලතැවෙන්නෙ? මම කිව්වෙ උඹ දන්න විද්‍යාවෙ බටහිරත්වය ගැන නොවෙයි නෙ

    ---------------------------------------------------------
    මම ඉස්සෙලාම පෝස්ට් එකෙන් අහපු ප්‍රශ්න
    ---------------------------------------------------------

    මම හිතන්නෙ,
    අපට සිදුවෙන දේවල් වන්නේ සමාජයත් හා අනිත් ජීවින්ගේ ක්‍රියාකරීත්වය නිසයි
    [ ඒ කියන්නෙ පින් පව් කියල දෙයක් නෑ, ජීවින් කරනවා, දේවල් වෙනවා, ඒවා අපිට බලපාන්වා , අපි පවතිනවා ]
    කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක [ මේ පොතේ මෙහෙම තිබ්බ කියල නම් කියන්න එපා ]

    ඔන්න තැනක් තියෙනවා
    අපි ඉන්නවා ... ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? දැන් ඔය පින් පව් තියරියට අනුව සංසාරෙට එන්ටර් වෙන්නත් හෙන පවක් එපෑයැ...
    හරි ඔන්න අපි එනවා , නිවනක් තියෙනව , අපිම ගොඩ යන්න ඕනි හෙන වදයක් විඳලා
    මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට නොවැටිම හිටියනම් ඉවරනෙ ... අනික අලුතින් හිත් ඇති වෙන්නෙ නැත්නම් කවදා හරි කවදා හරි විශ්වයේ හිත් ගාන අඩු වීගෙන අඩු වීගෙන යන්න ඕනිනෙ
    හරි හිත් ඇතිවෙනව කියමු , පටන් ගන්න එකාට පින් 1/2 පව් 1/2 යිද ? එහෙනම් අපි ඔක්කොම එක වගේ වෙන්න ඕනිනෙ..
    එකෙක්ට වැඩියි එකෙක්ට අඩුයි නම් අසාදරනයි
    ඔන්න ඔතනදි තමා මගේ තියරිය එන්නෙ
    මොලය ලෝකය අදකිනව , අපි පැවතෙනව , මේකට එන්න හේතුවක් නෑ , මොකද අපි ඇතිවෙලා නෑති වෙලා යනවා , අයෙ ඉපදෙන්නෙත් නෑ , පිනුත් නෑ පව්ත් නෑ ... ආවනම් හිටු

    හරි ඔන්න දැන් ඊලඟ ආත්මයක් තියෙනවා කියමු
    ඔන්න ඔයා කමල් , ඔයා හරක් මරනව හිටු කියලා
    ලබන ආත්මෙ ඔයා ඇල්ෆා සෙන්චුවරි වල නිමල්
    දැන් ඔය කමල්ට පාන්ද ? ඔයාගෙ හිතයි , පින් පව් ටිකයි ගියා.. අරූ හෝ ගාලා විඳෝනවා .. ඒත් ඔයාගෙ 'මමත්වය' තියෙන්නෙ ඔයාගෙ මේ අනන්‍යතාවය තියෙනකම් නේද? [මම මේ කියන්න හදන දේ වචනෙන් කිව්ව නම් තේරෙන්වා]

    ගොඩක් අය කියනවා , විද්‍යාවේ ඔය අලුතෙන් හොයාගන්න දේවල් මීට කලින් ඕනි තරම් කියල තියෙනවා කියල බුද්ධාගමේ
    ඒත් මම කියන්නෙ අපි ඒව , ආ මේකයි කියන්න ඇත්තෙ කියල ඇප්ලයි කරගන්නවා කියලා
    ඔන්න අපි කියමුඑක තැනක තියෙනවාලු තුත්තේරිය ගහත් කඩුවක් වෙනවා කියලා , ඕකට කට්ටිය අර්ථ දැක්වීම කරනවා ඕකෙන් කියන්න ඇත්තෙ කිසිම වැඩක් නැති දේකෙනුත් ලොකු විනාශයක් කරන්න පුලුවන් දේවල් හදනවා කියන එක කියලා , ඉතින් එතන කලේ අප අපීඅ දේ ඒකට ඇප්ලයි කරපු එක නෙමෙයිද ?
    ඔන්න තව තැනක කියනවා ඉරවල් 7 ක් පායන එක , ඕකෙන් කියන්නෙ පොලොව ගොඩක් රස්නි වෙන එකලු , දැනුත් ඒක වීගෙන යනවාය කියන්නෙ , හරි ඕකෙනුත් අපි කලේ , ආ මේකයි මේ කියන්න ඇත්තේ කියල ඇප්ලයි කරගත්ත එක නෙමෙයිඩ ?දන්නවද හින්දු ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්‍රසාරනය වන බව , මුස්ලිම් ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්‍රසාරනය වන බව , පෘතුවියේ තල 7 ගැන , දුවිලි හා වායි වලින් 'දෙවියන්' විශ්වය සැදූ බව... [සමහර විට හැමේම කියන මේ දෙවියෝ ස්වභාවදය්මය හෝ විශවය වෙන්න ඇති]
    ඒවලින් වැඩක් නෑ , මම අහපුවට පුලුවන් නම් තේරෙන උත්තරය්ක් දෙන්න

    ඔයත් මම බටහිර විද්‍යාවක් අල්ලගෙන කියෝනවා කියන පාට කණ්නාඩිය ගැලෙව්වොත් හොඳ නැද්ද ?
    නැත්නම් ඉතින් ඔයාට පුලුවන් මේව කියන්න පදනම් උන ඔක්කොම දේවල් ආයෙ බටහිර විද්‍යාව කියල කොහොම හරි ඔප්පු කරන්න
    ඔයාගෙ කැමැත්ත

    මට මේ ත්‍රෙඩ් මගේ ප්‍රශ්න වලට සලකා බලන්න පුලුවන් උත්තර ටිකක් ලැබුනාය කියල හිත්ට්නවා , ඒ නිසා ආයෙ මම කියවන්න යන්නෙ නෑ මේකෙ

    හැමෝටම ස්තූතියි :yes:

    කවෘ හරි ඔන්න පැනල යනව කියල හෙම හිත්නවා නම් කියන්න , නිවාඩු වෙලාවක ඇවිත් උත්තර දීල යන්නම්
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මං එහෙම හිතාගෙන ඉන්නවා කියලා මම වත් දන්නෙ නෑනෙ :eek:
    හිතනව කියල නම් දන්නවා, මුහුකුරා ගිහින් නම් නෑ මගෙ හිතේ ;)

    ---------------------------------------------------------
    මම ඉස්සෙලාම පෝස්ට් එකෙන් අහපු ප්‍රශ්න
    ---------------------------------------------------------

    ඔන්න තැනක් තියෙනවා
    අපි ඉන්නවා ... ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? දැන් ඔය පින් පව් තියරියට අනුව සංසාරෙට එන්ටර් වෙන්නත් හෙන පවක් එපෑයැ...
    හරි ඔන්න අපි එනවා , නිවනක් තියෙනව , අපිම ගොඩ යන්න ඕනි හෙන වදයක් විඳලා
    මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට නොවැටිම හිටියනම් ඉවරනෙ ... අනික අලුතින් හිත් ඇති වෙන්නෙ නැත්නම් කවදා හරි කවදා හරි විශ්වයේ හිත් ගාන අඩු වීගෙන අඩු වීගෙන යන්න ඕනිනෙ
    ඔයත් මම බටහිර විද්‍යාවක් අල්ලගෙන කියෝනවා කියන පාට කණ්නාඩිය ගැලෙව්වොත් හොඳ නැද්ද ?
    නැත්නම් ඉතින් ඔයාට පුලුවන් මේව කියන්න පදනම් උන ඔක්කොම දේවල් ආයෙ බටහිර විද්‍යාව කියල කොහොම හරි ඔප්පු කරන්න
    ඔයාගෙ කැමැත්ත

    මට මේ ත්‍රෙඩ් මගේ ප්‍රශ්න වලට සලකා බලන්න පුලුවන් උත්තර ටිකක් ලැබුනාය කියල හිත්ට්නවා , ඒ නිසා ආයෙ මම කියවන්න යන්නෙ නෑ මේකෙ

    හැමෝටම ස්තූතියි :yes:

    කවෘ හරි ඔන්න පැනල යනව කියල හෙම හිත්නවා නම් කියන්න , නිවාඩු වෙලාවක ඇවිත් උත්තර දීල යන්නම්

    බටහිර විද්‍යාවෙ බටහිරත්වය මගේ පිළිතුරු වලට කළ බලපෑමක් නැහැ. ඒ නිසා ඔය වචනය මගඇරල උත්තර කියවන්න වචනයට බය නම්
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    What the bleep is a cheap movie. The producers tried to make money out of it clinging quantum mechanics to PSEUDOSCIENCE AND POP SCIENCE. (like deepak chopra and SECRET). producer didnt have any higher education on Quantum mechanics either (like you):lol:

    දැන් ඔයාගේ තියර්ය බලමු. ඇල්ෆා සෙන්චූරි වල ඉන්න කමල්ට පාන් නැහැ තමයි. ඒත් ඔයා කියනදේ (මම කියල කෙනෙක් නැහැ ) කියන එකවත් ඔයාට තේරිලා නැහැනේ.

    පුද්ගලයෙක් නැහැ විඳවීමක් තියෙනවා. කවුද නෙමයි විඳවන එක ආතල්ද? ඒකයි බුදු හමුදුරුවෝ කිව්වෙ. කමල් වුනත් විමල් වුනත් දුකට ජරාවට පත් වෙනවා. ඒක් නවත්තන්න පුලුවන්ද?
    :P
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    @කිඹුලා බනිස්
    ඉඳල හිටලා හරි post එකක් දාන්න , සමහරු මට චෝදනා කරනවා කිඹුලාගේ fake ID කියල
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    monatada bun mechchara me thread eka adagena yanne...????!!!!
    Mama kiwwa widihata jeevath weyan, kisi awulak naha, me wage prashna gana duk wenna oneth naha.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    කිඹුලා බනිස්;9804671 said:
    What the bleep is a cheap movie. The producers tried to make money out of it clinging quantum mechanics to PSEUDOSCIENCE AND POP SCIENCE. (like deepak chopra and SECRET). producer didnt have any higher education on Quantum mechanics either (like you):lol:

    දැන් ඔයාගේ තියර්ය බලමු. ඇල්ෆා සෙන්චූරි වල ඉන්න කමල්ට පාන් නැහැ තමයි. ඒත් ඔයා කියනදේ (මම කියල කෙනෙක් නැහැ ) කියන එකවත් ඔයාට තේරිලා නැහැනේ.

    පුද්ගලයෙක් නැහැ විඳවීමක් තියෙනවා. කවුද නෙමයි විඳවන එක ආතල්ද? ඒකයි බුදු හමුදුරුවෝ කිව්වෙ. කමල් වුනත් විමල් වුනත් දුකට ජරාවට පත් වෙනවා. ඒක් නවත්තන්න පුලුවන්ද?
    :P

    වෙනින් කාටවත් මක් උනාට මට මොකෝ
    ඔයාට මගේ පොයින්ට් එක තේරිලා නෑ වගෙ