මචන් මට මේක කියපන්කො, මම අල්ලා දෙවියන්ට වඳින්නේ නෑ. උඹ දවසට පස් පාරක් වඳිනවා. දැන් උඹ කියනවනේ උඹලට දෙයියෝ සලකනවා කියල ඔය වඳින එකට. අපි වඳින්නේ නැති හින්ද එහෙනං අපිට දඬුවම් හම්බෙන්න ඕනේ නෙ.
යාළුවා, ඔයා තවම මැරුනෙ නැහැනේ. ඔයාට තවම අවස්ථාව තියෙනවා අල්ලහ්ගේ ආදරය දිනා ගන්න. කරන්න තියෙන්නේ මේච්චරයි, අල්ලහ්ව විශ්වාස කරන්න, නබි තුමාගේ් ජිවිතය පිලිපදින්න
3-85. (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ. අල්-කුර්ආනය
3-89. එහෙත් ඉන්පසු පශ්චාත්තාප වී (තමන්ගේ කි්රයාවන්) නිවැරදි කරගන්නා අය හැරය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා දයාන්විත වේ. අල්-කුර්ආනය
4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.
මම වි ඇටයක් පැල කරොත් එක පැලවෙන්නේ නැද්ද, නැත්තන් උඹල පැල කරොත් එකෙන් වැඩිපුර අස්වැන්න හම්බෙනවද ? උඹලටත් අපිට වගේම ලෙඩ රෝග හැදෙනව මැරෙනව, හදිස්සියේ ගංවතුරක් ආවොත්, කන්දක් නාය ගියොත් උඹලත් අපි වගේම යටවෙනව නෙ. කෙටියෙන්ම කිවොත් උඹල මුස්ලිම් කියල දෙවියන්ට වැන්ද කියල කිසිම දෙයක් උඹලට විශේෂෙන් හම්බෙලා නෑ නෙ ?
මේ ලෝකයේදි අල්ලහ්ව විශ්වාස කරත් නැතත් එයාට ලියපු ජිවන අවශ්‍යතා ලැඛෙනවා.
අපි වගේම තමා උඹලත් තමන් හම්බ කරගෙන කෑවොත් බීවොත් මිසක් දෙවියන්ගෙන් කිසිම දෙයක් උඹලට ලැබිල තියෙනවද මේ වෙනකන් ?
වෙනසක් තියෙනවා. ඔයාල අල්ලහ්ගෙන් ඉල්ලන්නේ නැහැ. නමුත් ඔයාට තීරණය කර තිඛෙන ජිවන අවශ්‍යතා ලැඛෙනවා.
අපි අල්ලහ්ගෙන් ප්‍රර්ථනා කර අපේ ජිවන අවශ්‍යතා
ලබා ගන්නවා.
දැන් උඹ කියයි අපිට ස්වර්ගේට යන්න හම්බෙනව නෙ මැරුණට පස්සේ කියල. මේ ලෝකේදි දෙයියන්ට දවසට පස් පාර ගානේ මෙච්චර වැඳලත් කිසි දෙයක් අපිට වඩා හම්බෙච්ච නැති එකේ උඹල හිතනවද මැරුණට පස්සෙත් වෙනසක් වෙයි කියල.
4-57. විශ්වාස කර යහපත් කි‍්‍රයාවන්හි යෙදුණු අය වන ඔවුන් අපි එහි යටින් දිය ඇළි ගලා බස්නා ස්වර්ගයට ඇතුළත් කරමු. ඔවුන් එහි සදාකල්හිම වෙසෙනු ඇත. එහි ඔවුනට පවිත්‍ර වූ සහකාරියෝද වෙති. තවද අපි ඔවුන් ඉතා පුළුල් වු සෙවනැල්ලෙහි ඇතුළත් කරන්නෙමු. අල්-කුර්ආනය
අමතක නොකර reply එකක් දාපන්.