බුද්ධාගම ප්‍රශ්නයක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    වෙන සංවාදයක් දැකලා හිතුන දෙයක්.

    චේතනාව නිසානේ කර්මය හට ගන්නා නේ.

    එතකොට පිස්සු හැදුන කෙනෙක් කාව හරි මැරුවොත් කර්මය සකස් වෙන්නේ කොහොමද? නැත්තං සකස් වෙන්නේ නැද්ද?

    @greenthunder @nipund @S_M_S @ek_rosh
     
    • Like
    Reactions: NRTG and thesasindu

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    හිතන්නෝනෙ
    තැත් කරන්නෝනෙ
    කරන්නෝනෙ.

    මේ තුන තියෙන්න ඕනෙ නේද ප්‍රාණ ඝාතයක් සිදු වෙන්න? පිස්සු හැදුන එකා හිතන්නෙ නෑනෙ. මට හිතුන විදිහට කිව්වෙ. දන්න එකෙක් උත්තර දෙයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    පිස්සු නන්දසේනය රට බංකොලොත් කරේ හිතාමතා නෙවෙයි ඒ නිසා ඒ පොන්නය වග කියන්න ඕන නෑ කියලද කියන්න හදන්නෙ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    හිතන්නෝනෙ
    තැත් කරන්නෝනෙ
    කරන්නෝනෙ.

    මේ තුන තියෙන්න ඕනෙ නේද ප්‍රාණ ඝාතයක් සිදු වෙන්න? පිස්සු හැදුන එකා හිතන්නෙ නෑනෙ. මට හිතුන විදිහට කිව්වෙ. දන්න එකෙක් උත්තර දෙයි.
    ඔව් ඒත් හිතන් නැතුව ක්‍රියාවක් වෙනවද. එයා පිස්සු කියල අපි නිර්ණය කරන්නේ අපේ සාපේක්ෂ මිම්මක තියාලනේ. ඒක ඒ විදියටම කර්මයට වැඩ කරයිද කියල තමා මටත් කොස්සක් තියෙන්නේ.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    එතකොට පිස්සු හැදුන කෙනෙක් කාව හරි මැරුවොත් කර්මය සකස් වෙන්නේ කොහොමද?
    පිස්සු හදුනා අය අකාර්මිකයි.
    පිස්සුවෙන් කරන දේවල් අහෝසි වෙනවා.
     
    • Like
    Reactions: NRTG and rukshrulz

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පණ ඇති සතකු වීම
    මරන චේතනව ඇති විම
    මැරීමට තත් කිරීම
    මැරීම

    පිස්සු හැදුන කෙනෙකුට උනත් ජීවමාන සතෙක් මරනව කියල හිතුනොත් පව සිද්ද වෙනව.

    පිස්සු හැදුන එකෙක් මිනිහෙකුට ගහන්නෙ ගහකට කොටනව, පොළව කොටනව වගෙ හැගීමකින් නම් පවක් සිද්ද වෙන්නෙ නැ.

    මගෙ සත දෙක.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    එතකොට පිස්සු හැදුන කෙනෙක් කාව හරි මැරුවොත් කර්මය සකස් වෙන්නේ කොහොමද? නැත්තං සකස් වෙන්නේ නැද්ද?
    පිස්සෙක් වුණත් හිතලා මිනී මරන psychලා ඉන්නවනේ; ඒ අයට කර්මය බලපානවා ඇති
    පිස්සු හැදිලා සිහිය විකල් වෙලා නම්, එයා මනුස්සයෙක්ව මරන්නේ කිසිම විදියකින් සැලුසුම් කරලා නෙමෙයිනේ

    හැබැයි ඒ වුණත් මරලා සතුටු වෙනවානම් සිහිය ඇතිව හෝ නැතිව සමහරවිට කර්මය ටිකක් බලපානවා ඇති
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    නො දැන කරන පව්කම්වලිනුත් විපාක ලැබේ ද?​

    share
    පරලොවක් ඇති බව අසා නැති, පින් පව් ගැන අසා නැති, පින් පව්වල විපාක අසා නැති සමහරු ඒ නො දැනීම නිසා පවක් කරමිය යන හැඟීමක් නැතිව සතුන් මරති. සොරකම් කරති. කාමයෙහි වරදවා හැසිරෙති. බොරු කියති. මත්පැන් බොති. උතුමන්ට අගෞරව කිරීම් ආදී තවත් නොයෙක් පව්කම් කරති. නො දැන කරන පව්කම්ය කියන්නේ ඒවාට ය. ලෝකයෙහි නො දැන කරන වරදට සමාව දෙන සිරිතක් ඇත්තේ ය. දඬුවම් දුන්නත් එය ලිහිල් කොට දෙන ස්වභාවයක් ඇත්තේ ය. මේ ප්‍ර‍ශ්නය අසන්නේ ඒ ලෝකස්වභාවය අනුව ය. ලෝකයෙහි වරද කළවුන්ට දඬුවම් කරන රාජාදීන් ඇතිවා සේ, පින්පව්වල විපාකය ගෙන දෙන - ඒවාට අධිපතියෙක් නැත්තේ ය. පව්වලට විපාක ඇති කරන පුද්ගලයකු ඇති නම්, නො දැන කරන පව්වලට ඔහුගෙන් සමාවක් ලබන්නට ද ඉඩ ඇත්තේ ය.

    අඳුරු කාමරයක පහනක් දැල්වුව හොත් ඒ හේතුවෙන් එහි ආලෝකයක් ඇති වේ. ඒ ආලෝකය ඇති කරන පුද්ගලයෙක් නැත. පහන නිවූ කල්හි ඒ හේතුවෙන් එහි නැවත අඳුර ඇති වේ. කාමරයට අඳුර ගෙනෙන පුද්ගලයෙක් නැත. එමෙන් පින් පව් කළවුන්ට පින කළ නිසා එහි බලයෙන් ඉෂ්ට විපාකත්, පව් කළවුන්ට පව නිසා එහි බලයෙන් අනිෂ්ට විපාකත් ඇති වෙනවා මිස ඒවා ඇති කරන පුද්ගලයකු නැත්තේ ය. එබැවින් නො දැන කළ පාපයට සමාවක් නො ලැබිය හැකි ය. රාත්‍රියේ කාමරයක දැල්වෙන පහන නිවුවහොත්, අඳුර ඇතිවන බව නො දැන නිවුවත් දැන නිවුවත්, අඳුර ඇතිවීම පිළිබඳ වෙනසක් සිදුවන්නේ නැත. එමෙන් පාපය දැනගෙන කළත් නො දැන කළත් විපාකය ඇතිවීම සම්බන්ධයෙන් වෙනසක් සිදු නො වේ.

    ලෝභය, ද්වේෂය, මෝහය කියා අකුශල් මුල් තුනක් ඇත්තේ ය. මෝහයෙන් තොරව කරන අකුශලයක් නැත්තේ ය. නො දැන පව්කම් කරන තැනැත්තා ගේ මෝහය වඩාත් බලවත් ය. මෝහය බලවත් වන කල්හි එය හා ඇතිවන අකුශල චේතනාවත් බලවත් ය. එබැවින් නො දැන පව් කරන තැනැත්තා කරන අකුශල් වඩා බලවත් බව කිය යුතු ය. අකුශලය බලවත් වූ පමණට එයින් ලැබෙන අනිෂ්ට විපාකය ද බලවත් වේ. මිනිසුන් බොහෝ දෙනකුන් එකතුව පහර දී එක සතකු මැරුව හොත් සැම දොනට ම නො වෙනස්ව ප්‍රාණඝාත අකුශලය සිදුවේ. එකම සතකු මැරීමේ අකුශල කර්‍මය හේතු කොට මරණින් මතු ඒ සැම දෙනා ම එක තැනක උපදින්නාහු නො වෙති. ඒ පාපකර්මයෙන් ඔවුන්ගෙන් එකකුට තිරිසන් යෝනියෙහි උපදින්නටත්, එකකුට ප්‍රේතව උපදින්නටත්, එකකුට කුඩා නරකයක එකකුට මහා නරකයක උපදින්නටත් සිදුවිය හැකි ය. එකම ක්‍රියාවෙහි විපාකය මෙසේ වෙනස් වන්නේ ඒ ඒ තැනැත්තාට ඇති වූ අකුශල චේතනාවේ බලවත්කම හා දුබලකම අනුව ය. අකුශලය බලවත් වීමට මෝහයේ බලවත්කම එක් හේතුවකි. අකුශල ක්‍රියා විෂයෙහි මෝහය බලවත් වන්නේ නො දැන පව් කරන්නා හට ය. එබැවින් දැන දැන පව් කරන තැනැත්තාට සිදුවන අකුශලයට වඩා බලවත් අකුශලයක් නො දැන පව් කරන්නවුන්ට ප්‍රාණඝාතාදි ක්‍රියා කිරීමේ දී සිදු වන බව කිය යුතු ය.

    ලෝක සම්මුතියේ සැටියට නම්, දැන දැන පව්කම් කිරීම මහත් වරදෙකි. එහෙත් ඒ දැන ගැනීම කර්මය දුබල වීමට මිස බලවත් වීමට කරුණක් නො වේ. පව් හඳුනන පව්වල විපාක දන්නා තැනැත්තා පව් කළත් කරන්නේ නො කර බැරිකමකින් මිස කැමැත්තකින් නො වේ. ඔහු පව් කරන්නේ නිතර ම පසු බැස බැස ය. එබැවින් බලවත් සම්මෝහයෙන් පව්කම් කරන්නවුන්ට ඇතිවන තරමට බලවත් අකුශල චේතනා දැන දැන පව් කරන්නවුන්ට ඇති නො වේ. එබැවින් නිතර ම නො දැන පව් කරන්නා ගේ පාපයට වඩා දැන දැන පව් කරන්නා ගේ පාපය කුඩා ය.

    මේ කාරණය මිළින්දප්‍ර‍ශ්නයෙහි මෙසේ දක්වා තිබේ. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, එකෙක් දැන දැන පව්කම් කරන්නේය, එකෙක් නො දැන පව් කම් කරන්නේය, මේ දෙදෙනාගෙන් වඩා පව් සිදු වන්නේ කාටදැ”යි මිළිඳු රජු විචාළේ ය. එකල්හි නාගසේන තෙරුන් වහන්සේ “මහ රජ, යමෙක් නො දැන පව් කෙරේ නම් ඔහුට වඩා පව් සිදුවන්නේ ය”යි වදාළ සේක. එකල්හි මිළිඳු රජ කියනුයේ; “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, එසේ නම් අප ගේ පුත්‍ර‍යකු හෝ ඇමතියකු හෝ නො දැන වරදක් කෙළේ නම් ඔහුට දෙගුණයක් දඬුවම් කරමි”යි කීය. නාගසේන ස්ථවිරයන් වහන්සේ “මහරජ, ගිනියම් වූ ලොහො ගුලියක් එකෙක් දැනගෙන අල්ලන්නේ ය. එකෙක් නො දැන අල්ලන්නේ ය. ඒ දෙදෙනාගෙන් කවරකු ගේ අත වඩා දැවෙන්නේ දැ” යි විචාළ සේක. “නො දැන අල්ලන තැනැත්තා ගේ අත වඩා දැවෙන්නේය” යි රජ කීය. “මහරජ, එපරිද්දෙන් නො දැන පව්කරන්නහුට බොහෝ පව් වන්නේය” යි නාගසේන තෙරුන් වහන්සේ වදාළ සේක.

    ගමන් කරන කල්හි කුඩා සත්තු නො දැනී ම පෑගී මැරෙති. ඒවා නො දැන කරන පව්කම්වලට අයත් කොට නො ගත යුතු ය. සතුන් මරන්නට ඕනෑය යන අදහසක් යන තැනැත්තාට නැති බැවින් නො දැනී පෑගී මැරෙන සතුන් නිසා පාපයක් නො වේ. පාපය වන්නේ මැරීමේ අදහසින් සතකු පාගා මැරුවහොත් ය.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    වෙන සංවාදයක් දැකලා හිතුන දෙයක්.

    චේතනාව නිසානේ කර්මය හට ගන්නා නේ.

    එතකොට පිස්සු හැදුන කෙනෙක් කාව හරි මැරුවොත් කර්මය සකස් වෙන්නේ කොහොමද? නැත්තං සකස් වෙන්නේ නැද්ද?

    @greenthunder @nipund @S_M_S @ek_rosh
    සබ්බෙ පෘතග්ජනා උන්මත්තකා නම් ඔය ප්‍රශ්නය valid ද?😁