මේ ත්‍රේඩ් එකෙන්ම තේරෙනවා අපේ අයියලගෙ වෙසක් ගැන
පෝන් ත්ත්‍රේඩ් එකක් දැම්මා නම්
කුණුහරපහක් දැම්මා නම්
ඕප දූපයක් දැම්මා නම්
කාට හරි බැන්න නම්
විනාඩි 5ට රිප්ලයි 10ක්වත් එයි
ධර්මය බෝරින්ග් ඇති

මේකේ සමහර දේවල් ඇත්ත සමහර දේවල් වලට එකඟ වෙන්න බෑ.... වෙසක් සමරන්න සැරසිල්ලක් කිරීම විවේචනය කරන්න සහෝදරයට අය්තියක් නෑ.. උදාහරණයක් අටපට්ටම් කුඩුවක් හදල අපි සිහිකරන්නේ අටලෝ දහම එහෙමත් නැත්නම් හැමදේකම අනිත්‍ය බව.. තව දෙයක් සමහර පිරිස් චාරයක් නැතිව දන්සල් දෙනවා තමය් එත් ඔය අතර පිරිසිඳු චේතනාවෙන් දන්සල් දෙන අයත් ඉන්නවා.. දන්සලක් හොඳට දුන්නම දැනෙන සතුට, පින දන්නේ ඉතින් දන්සල් දුන්න අයම තමය්. විකාරයක් වගේ පෙනුනට සමහර දේවල් වල තේරුමක් තියෙනවා කියන කරණය මතක තිය ගන්න... REP -
හරි මේකත් අහන්නකො
1 -
දන්සල් දෙනවා කියන්නේ දානය ඒ කියන්නේ අත් හැරීම පුරුදු කරන්න
දන් දීමෙන් විතරක් පළක් වෙන්නේ නෑ කියලයි බුද්ධ වචනය
දන් දීමෙන් අත් හැරීම පුරුදු වෙනවා නම් අන්න දානයේ ආනිසංශ තියෙනවා
80% ලංකාවේ දන්සල් පිටිපස්සේ මහා පරිමාන ව්‍යාපාරිකයෙක් ඉන්නවා ඒවායේන් 70% විතර ඒවට දායක වෙන්නේ ආදායම් බදු වලින් ගැලවෙන්න කමක් නෑ කොහොමහරි දෙනව කියමුකෝ ඒකත් ලොකු දෙයක්නෙ
ඒ කියන්නේ අද දන්සලක් දෙන ඔබ ඊයෙ හිටියට වඩා අත්හැරීම පුරුදු කළ කෙනෙක් වෙන්න ඕන
2 -
මේක කියවන ඔබ හදවතට තට්ටු කරලා අහන්න අටපට්ටම් කූඩුවක් හදලා අනිත්‍ය මෙනෙහි කළ අය ඉන්නවද කියලා
වැඩිය මොකටද යන්න පාරට ගෙදරක තියෙන කූඩුවකට ගලකින් ගහලා බලන්න අනිත්‍ය මෙනෙහි කරන හැටි පෝය දවසෙම
කූඩු හදලා අට ලෝ දහම තේරුම් ගන්න බෑ එහෙනම් අර රත්මලානේ කූඩුව හදන මනුස්සයා දැන් මාර්ගඵළ ලබලා ඇති
ඇත්ත යම් යම් ආධ්‍යාත්මික දේ එක්ක සංකේතාත්මකව යම් යම් දේ සසඳන්න පුලුවන්
මන් හිතනවා මේ කමෙන්ට් එක දාපු සහෝදරයා එහෙම අටපට්ටම දිහා බලාගෙන අෂ්ඨ ලෝක ධර්මය මෙනෙහිකරනවා කියලා එහෙනම් ඔබත්එක්ක මාත් එකඟයි
3 -
සැරසිලි කරනවා කියලා ලයිට් ගොඩාක් දාලා හරි යන්නේ නෑ උදාහරණයක් තොරණක් හදන්නේ ඇයි මූලික අරමුණ විය යුත්තේ ධර්මය කියවන්න අකමැති කෙනෙකුට පහසුවෙන් අවබෝධ වන විදිහට කතාන්දරයක් වශයෙන් ඉදිරිපත් කිරීම ඒත් ඔබම හිතන්න ඔබ තොරණක කතාව ආරම්භයේ ඉඳන් අවසානය වෙනකන් ඉන්නවද?
අද තොරණක් මනින්නේ උසින් දිගෙන් ලයිට් ගානෙන්
හැබැයි මැනිය යුත්තේ එහි අඩංගු කතාවෙහි ආදර්ශයෙන්
ඔන්න ඕකයි වෙසක් සැමරීමේ සත්‍ය තත්වය එහෙම නෙමයිනම්
ඒ අදහස් දක්වන්න



බුදු සමයේ
කොහොමද නිවන් යන්නේ කියලා ඒක කිලයා දෙන එකයි ඔවුන්ගේ යුතුකම නැතුව රට පාලනය කරන එකවත් සමාජය හදන එකවත් නෙමෙයි එහෙම කියන්නේ මම නෙමෙයි ඒක තමයි බුද්ධ වචනය



මචන් සමාජයත් හැදෙන්න බුදු හාමුදුරුවො ගොඩක් දේවල් කියල තියනවා....
සමාජය හැදෙන්නත් ගොඩක් ලොකු සේවයක් ස්වාමීන්වහන්සේ කරන්න ඕනෙ....
නැත්තන් ඉතින් සාරධර්ම නැති සමාජයක් තමයි හැදෙන්නෙ....


