අනාගතය කියනදේ කලින් කිව නොහැක්කක් .හෙතුව අනාගතය කියන්නේ නිශ්චිත දෙයක් නෙමෙයි.අනාගතයේ වෙන්න තියෙන දෙවල් (කර්මය මගින් හො වෙනත් නියාමයක් මගින්) වෙනස් කරගත් හැකියි.උත්සාහය,වාසනාව(අහබුව ) වගේ දෙවල් නිසා අනාගතය හැම විටම වෙනස් වෙන දෙයක්, ඇතැම් පාප කර්ම පුණ්ය කර්ම මගින් අහොසි කිරීම හො පලදෙන කාලය වෙනස් කල හැකියි.උදාහරණයකට ගත්තොත් සුනාමියට අහුවුන අය මට හිතෙනවා කර්මය නිසා මිය ගිය අය නෙමෙයි,උතු නියාමයෙන් මිය ගිය අය කියල. කලින් රෙකොර්ඩ් තියෙන්නේ කර්මයේ පමනක් නිසා,සුනාමියෙන් මිය යන කෙනෙකුට කලින් අනාවැකියක් කියන්න පුලුවන් කමක් නෑ කිසිම කෙනෙකුට.අපේ සිත හැසිරෙන ආකාරය (චිත්ත නියාමය ) අනුව පෘතග්ජන අපි කවුරු හෝ උන්මත්තක භාවයකට පත්වී ආන්තරීය පාප කර්මයක් කරන තත්වෙකට වුනත් පත් වෙන්න පුලුවන්.ඉතින් මේවා පුරොකතනය කරන්න බෑ.
ඉතින් කොහොමද නිශ්චිත සාස්තරයක් පවතින්නේ මේ අවිනිශ්චිත අනාගත පුරොකතනය කිරීමට
මම මේ කියපු දෙවල් හොරුන්ටත් හොද පොයින්ට් එකක් වෙයි. එතකොට උන් කියනවා අපි කියන්නේ පුර්ව කර්මය ගැන පමනයි, අනිත ඒවා තම තමන් උත්සාහ කිරීම ,පුන්ය කරම මගින් වෙනස් කරවා ගත යුතුයි කියල.එතකොට මම අහන්නේ කරමය වෙනස් කරන්නේ නවග්‍රහ ශාන්ති වලින්ද,දේව පූජා වලින්ද නැත්නම් මැණික් වලින්ද?
බුදුවරයෙක් බුදු වීම, ආන්තරීය කර්මයක් කලෙ අයෙකු ආපායේ ඉපදීම වගේ සිද්ධි හැබයි පුරොකතනය කරන්න පුලුවන් වෙන්න ඔනේ කිසියම් නිවැරදි සාස්තරයක් තියෙනවනම්.