බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ඒ කියන්නේ ඔබතුමා බුද්ධ චරිතය සියට සියක් ඒ කතා එසේම උනා යැයි පිළිගන්නේ නැ... හික් මාරු බොහොම හොදයි....:lol:

    මම කියල තියෙන්නේ බුද්ධ චරිතයේ එන කතා වලට පසුව සාහිත්යාලංකාර එකතු වී තිබීමට හැකි නිසා, පිළිගන්න නොගන්න එක නෙවයි වැදගත් වෙන්නේ , ධර්මය පිළිපැදීමයි බෞද්ධයින්ට වැදගත් වෙන්නේ කියල.

    සැහෙන්න තේරුම්ගැනීමේ අපහසුතා තියන හැඩයි, ඉස්කෝලේ මොකද්ද? :lol::lol::lol::lol::lol::lol:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    පලාපල කීම හා ඒවාට සම්බන්ද ශාන්ති ක්‍රම, දෙව පූජා වගේ ආගමික ලක්ශන තියෙන කොටස තමයි මොන නමින් කිව්වත් තියෙන ගැටලුව.
    1.) මේ කොටසේ පවා යම් සත්යතාවයක් තිබිය හැකි වුනත්, මෙයින් බෞද්ධයන් දෙව ඇදහිලි පසු පස ගොස් තිසරණයෙන් ඈත්ව අවසානයේ සාශනය පිරිහීමකට හෙතුවෙන් බව.(උදාහරණ හින්දු දෙව කොවිල් දැන් පන්සලේම කොටසක් වී ඇති ආකාරය බලන්න)

    ජෝතිෂ්‍යය සමස්ථයක් වශයෙන් දුර්වල විද්‍යාවක් කියල ඔබ කියන කාරණයට මගේ විරුද්ධත්වයක් නෑ. ඉස්සර නම් එහෙම නොවන්නට ඇති. පොන්න නැකැත්තා වගේ අය ඇත්තටම ඉන්න ඇති. නමුත් ශාස්ත්‍රයක් භාවිතා කරන්නන් පිරිහී යාමෙන් වුවත් සමස්ථ ශාස්ත්‍රය පිරිහී ගියා සේ සැළකිය හැකියි කියල මට හිතෙනව.

    හැබැයි මම කියපු ආකාරයේ අත්දැකීම් ඇති අය අනාවැකි කීම, පොරොන්දම් ආදිය විශ්වාස කිරීමට මගේ විරුද්ධත්වයක් නෑ. ජෝතිෂ්‍යය පස්සෙන් යාම ජනතාව බුදු දහමෙන් ඈත් වෙන්න හේතුවක් තමයි. පන්සල් වලට 'නව ග්‍රහයන්(?)' වැද්ද ගැනීම, දේවාලකරණය වීම ආදියට අපි විරුද්ධ විය යුතුයි. ඊළඟට අද කාලේ වැඩි හරියක් ඉන්නේ කාගෙන් හෝ කීයක් හරි කඩාගන්න බලාගත්ත හොරු කියන එකටත් එකඟයි.

    2.) මගේ ඊලග ප්‍රශ්නෙ තමයි මේ ශාස්ත්‍රයේ(අදාල කොටසෙ ) තියෙන සත්යතාවය. සිදුහත් කුමරුට නම් තැබීමට ආපු 108 වෙච්ච බමුනන්ගෙන් හරියටම බුදුවන බව කිව්වේ 1 යි. එයත් පස්සේ කාලෙක බොදිසත්වයො දුශ්කරක්‍රියාව අත්හැරල ආහාර ගන්න පටන් ගත්තම එහෙනම් මෙයාට බුදු වෙන්න බෑ කියල යන්න ගියා.

    මෙතන පොඩි ප්‍රශ්ණ වගයක් තියනවා. සම්පූර්ණ කතාව අනුව මේ බමුණන් 108 දෙනා භාවිතා කලේ ජෝතිෂ්‍යය නොව ශරීරයේ අංග ලක්ෂණ අනුව අනාගතය කීමක්. ශරීරයේ ලක්ෂණ අනුව අනාගතය පුරෝකථනය කිරීම ඒ කාලේ තිබ්බ ශාස්ත්‍රයක්. අනික් බමුණන් සිදුහත් කුමරා පරීක්ෂා කර බලා ශරීර ලක්ෂණ අනුව පුරෝකථන දෙකක් (ඇඟිලි දෙකක් ඔසවා) ඉදිරිපත් කළා. කොණ්ඩඤ්ඤ බමුණා ඌර්ණ රෝම ධාතුව කැරකී ඇති දිශාව සළකා බලා එකම පුරෝකථනයක් පමණක් (එක ඇඟිල්ලක් ඔසවා) දුන්නා.

    මෙයින් පෙනෙන්නේ කොණ්ඩඤ්ඤ බමුණා වඩා දක්ෂයි කියන එක මිසක් අනික් අය වැරදියි කියන එක නෙවෙයි. සිදුහත් කුමරා ගිහිගෙයින් නික්ම නොගියේ නම් එයින් සත් දිනකින් එතුමාට චක්‍ර රත්නය පහළ වන්නට තිබූ බව සාහිත්‍යයේ සඳහන් (උදා- පූජාවලිය.). මේ නිසා අනික් අයත් සෑහෙන නිරවද්‍යතාවයක් පෙන්වල තියනවා. කොහොම උනත් ජෝතිෂ්‍යය මේ සිදුවීමට ආදේශ කිරීම ගැටළු සහිතයි. (සාහිත්‍යයේ මෙතැන ජෝතිෂ්‍යය භාවිතා කළ බව සඳහන් වෙන්නේ නෑ.)

    නමුත් මේ ප්‍රශ්ණ අසිත තවුසාට තිබුනේ නෑ. ඔහු අරූප ධ්‍යාන උපදවා අනාගතයේ සතළිස් කල්පයක් දකින නිසා කුමරා බුදු වන බව ඔහු කොහොමත් දැන සිටියා.

    ඊළඟ ප්‍රශ්නේ ඇයි කොණ්ඩඤ්ඤ බමුණා තමන්ගේ පුරෝකථනය විශ්වාස නොකළේ කියන එක. ඒකට හේතු කීපයක් තියෙන්නෙ ඇති. එකක් තමයි බුදුවරු අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කිරීම ඉතා අසාමාන්‍ය සිදුවීමක් වීම. අපේ ගෞතම බුදුන් හැර සාහිත්‍යයේ විස්තර කරල තියන කිසිම බුදු කෙනෙක් අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරල නෑ (මීට හේතුව ගෞතම බෝධිසත්වයන් වහනසේගේ පාරමිතා ශක්තියේ අඩුවක්). බුදුවරු ගැන කොණ්ඩඤ්ඤ බමුණාට තියෙන්නට ඇත්තේ ධ්‍යානලාභී අයගෙන් අසාගත් දැනුමක් වන්නට ඇති.

    තවත් හේතුවක් විදිහට හිතන්න තියෙන්නේ කොණ්ඩඤ්ඤ පළමුව ධර්මාවබෝධ කිරීමට කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවත් ඔහුගේ ඉවසීම සිඳී යාමයි. එවැනි අවස්ථාවකට මුහුණ දෙන කෙනෙකුට තමන් ගැනත් අවිශ්වාස හිතෙන්න පුළුවන්.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,902
    113
    canada
    :lol::lol::lol::lol:

    1. pawusi
    2. nakath raala
    3. bingu puta
    4. doggy10000
    5. sudu.putha22

    answer-boy-color.gif

    Hey Hey Hey why me? :rofl::rofl:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මම කියල තියෙන්නේ බුද්ධ චරිතයේ එන කතා වලට පසුව සාහිත්යාලංකාර එකතු වී තිබීමට හැකි නිසා, පිළිගන්න නොගන්න එක නෙවයි වැදගත් වෙන්නේ , ධර්මය පිළිපැදීමයි බෞද්ධයින්ට වැදගත් වෙන්නේ කියල.

    සැහෙන්න තේරුම්ගැනීමේ අපහසුතා තියන හැඩයි, ඉස්කෝලේ මොකද්ද? :lol::lol::lol::lol::lol::lol:

    මමත් මුලින් ඔබතුමාට තේරුම් කරද්දී ඔබතුමාත් මේ වගේ හැසිරුනා.. අකුරක් අල්ලන් කියෙඋව නේ.. මත් එවෙලේ කිවුවේ ඔබතුමාට තේරුම්ගැනීමේ අපහසුතා තියනව කියලා තමයි, :angry:
    උබ කොහෙද මහත්තයෝ ධර්මය පිළිගන්නේ.. පුනර්භාවයත් පිළිනොගන්නා ඔබ වෙනි බෞද්ධයන්ට මම හිස නමා ආචාර කරමි.... :lol:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මා අදහස් කළ අර්ථය ඔබ නිවැරදිව වටහාගෙන නැති ආකාරයක් පෙනේ. බුද්ධ දර්ශනය අනුව මේ ආත්ම භාවයේදීම නිවන් දැකීම සදහා සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පත් විය යුතු වේ. ලව්කික සැප සම්පත් පිළිබද තෘෂ්ණාවෙන් යුක්තව ඒවා රැස් කරමින් නිවන් දැකිය නොහැක. විශාඛාව සෝවාන් වූ බව සැබෑවකි. එහෙත් සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයෝ ආත්ම 7 අනතුරැව නිවන් දක්නා බැවි පොත් පත් වල අන්තර් ගත වේ. රහත් භාවයට පත් වන තෙක් තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම බැහැර නොවේ.
    කෙසේ වෙතත් ශාරීරික සැප වඩවන විද්‍යාවන් කෙරේ නැඹුරැ වෙමින් දීර්ඝායුෂ කෙරේ කෑදර වෙමින් ජීවත් වීම මේ ආත්ම භාවයේදී නිර්වාණාවභෝදයට බාධකයක්ම වන්නේය. බුද්ධිමත්ව බුදු දහම දෙස බලන්න. ස්වභාව ධර්මයට විරැද්ධව යාම බුදු දහමේ ක්‍රියාවලියයි. එබැවින්ම එය ඉතාමත් අසීරැ ක්‍රියාවලියකි.

    ප.ලි. තමා සියල්ලම දත්තෙක් යයි ප්‍රදර්ශනය කිරීමේ ‍හෝ නිරර්ථක තර්ක වලින් තමා දිනිය යුතුම වේ යන ලාමක තෘෂ්ණාවක් මා තුළ නොමැති බැවින් හා මේ නූලෙහි අර්ථයට පටහැනි වන බැවින් බුදු දහමේ අර්ථය පිළිබදව තර්ක කිරීමට යළිත් මෙම නූලට නොපැමිණෙමි. බුද්ධිමත්ව හා අපක්ෂපාතීව සිතා බුදු දහම වටහා ගන්න.

    :yes: well said .... + _ +
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0

    බුද්ධිමත්ව බුදුදහම දෙස බැලීමෙන් බුදුදහම අවබොධකරගතහැකි බව සිතීම මුලාවක් පමණි. බුදුදහම අවබෝධකර ගැණීමටනම්, එය දෙස නුවණින් හා ප්‍රඤාවෙන් බැලිය යුතුය. (අවශ්‍යනම් බුද්ධිය, නුවණ හා ප්‍රඤාව ගැන වෙනම නූලක කථාකළහැක) එසේ බලනාකළ ස්වභාවධර්මය හා බුදුදහම යනු දෙකක් නොව එකක්ම බව වටහාගතහැකි වනු ඇත. සියලුම බෞද්ධයන් මේ භවයේම නිර්වාණාවභෝදකළයුතු බවක් බුදු දහමෙ කොතැනකවත් සදහන්වේයැයි සිතිය නොහැක. යමෙකු ආර්‍යෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නේද ඔහු පිරිසිදු බෞද්ධයෙක් වනුඇත. නිර්වාණාවභෝදය කෙනෙකුගේ නුවණ හා ප්‍රඤාවමත රඳාපවතී. *** මෙවැනි නූලකින් දිනුම හා පරාජය තීරණය කළහැකිවන්නේ නැත. කළහැකි එකම දෙය වනුයේ නූලට හා විෂයට අදාලව කරුණු ඉදිරිපත්කිරීම පමණි. එවිට යමෙකුට වැරදුණුතැන් තවකෙකු නිවැරදි කරමින් හා නිවැරදිතැන් තව තවත් නිවැරදි කරමින් නූල ඉදිරියට ඇදීයනු ඇත.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ජෝතිෂ්‍යය සමස්ථයක් වශයෙන් දුර්වල විද්‍යාවක් කියල ඔබ කියන කාරණයට මගේ විරුද්ධත්වයක් නෑ. ඉස්සර නම් එහෙම නොවන්නට ඇති. පොන්න නැකැත්තා වගේ අය ඇත්තටම ඉන්න ඇති. නමුත් ශාස්ත්‍රයක් භාවිතා කරන්නන් පිරිහී යාමෙන් වුවත් සමස්ථ ශාස්ත්‍රය පිරිහී ගියා සේ සැළකිය හැකියි කියල මට හිතෙනව.

    හැබැයි මම කියපු ආකාරයේ අත්දැකීම් ඇති අය අනාවැකි කීම, පොරොන්දම් ආදිය විශ්වාස කිරීමට මගේ විරුද්ධත්වයක් නෑ. ජෝතිෂ්‍යය පස්සෙන් යාම ජනතාව බුදු දහමෙන් ඈත් වෙන්න හේතුවක් තමයි. පන්සල් වලට 'නව ග්‍රහයන්(?)' වැද්ද ගැනීම, දේවාලකරණය වීම ආදියට අපි විරුද්ධ විය යුතුයි. ඊළඟට අද කාලේ වැඩි හරියක් ඉන්නේ කාගෙන් හෝ කීයක් හරි කඩාගන්න බලාගත්ත හොරු කියන එකටත් එකඟයි.

    මෙතන පොඩි ප්‍රශ්ණ වගයක් තියනවා. සම්පූර්ණ කතාව අනුව මේ බමුණන් 108 දෙනා භාවිතා කලේ ජෝතිෂ්‍යය නොව ශරීරයේ අංග ලක්ෂණ අනුව අනාගතය කීමක්. ශරීරයේ ලක්ෂණ අනුව අනාගතය පුරෝකථනය කිරීම ඒ කාලේ තිබ්බ ශාස්ත්‍රයක්. අනික් බමුණන් සිදුහත් කුමරා පරීක්ෂා කර බලා ශරීර ලක්ෂණ අනුව පුරෝකථන දෙකක් (ඇඟිලි දෙකක් ඔසවා) ඉදිරිපත් කළා. කොණ්ඩඤ්ඤ බමුණා ඌර්ණ රෝම ධාතුව කැරකී ඇති දිශාව සළකා බලා එකම පුරෝකථනයක් පමණක් (එක ඇඟිල්ලක් ඔසවා) දුන්නා.

    මෙයින් පෙනෙන්නේ කොණ්ඩඤ්ඤ බමුණා වඩා දක්ෂයි කියන එක මිසක් අනික් අය වැරදියි කියන එක නෙවෙයි. සිදුහත් කුමරා ගිහිගෙයින් නික්ම නොගියේ නම් එයින් සත් දිනකින් එතුමාට චක්‍ර රත්නය පහළ වන්නට තිබූ බව සාහිත්‍යයේ සඳහන් (උදා- පූජාවලිය.). මේ නිසා අනික් අයත් සෑහෙන නිරවද්‍යතාවයක් පෙන්වල තියනවා. කොහොම උනත් ජෝතිෂ්‍යය මේ සිදුවීමට ආදේශ කිරීම ගැටළු සහිතයි. (සාහිත්‍යයේ මෙතැන ජෝතිෂ්‍යය භාවිතා කළ බව සඳහන් වෙන්නේ නෑ.)

    නමුත් මේ ප්‍රශ්ණ අසිත තවුසාට තිබුනේ නෑ. ඔහු අරූප ධ්‍යාන උපදවා අනාගතයේ සතළිස් කල්පයක් දකින නිසා කුමරා බුදු වන බව ඔහු කොහොමත් දැන සිටියා.

    ඊළඟ ප්‍රශ්නේ ඇයි කොණ්ඩඤ්ඤ බමුණා තමන්ගේ පුරෝකථනය විශ්වාස නොකළේ කියන එක. ඒකට හේතු කීපයක් තියෙන්නෙ ඇති. එකක් තමයි බුදුවරු අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කිරීම ඉතා අසාමාන්‍ය සිදුවීමක් වීම. අපේ ගෞතම බුදුන් හැර සාහිත්‍යයේ විස්තර කරල තියන කිසිම බුදු කෙනෙක් අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරල නෑ (මීට හේතුව ගෞතම බෝධිසත්වයන් වහනසේගේ පාරමිතා ශක්තියේ අඩුවක්). බුදුවරු ගැන කොණ්ඩඤ්ඤ බමුණාට තියෙන්නට ඇත්තේ ධ්‍යානලාභී අයගෙන් අසාගත් දැනුමක් වන්නට ඇති.

    තවත් හේතුවක් විදිහට හිතන්න තියෙන්නේ කොණ්ඩඤ්ඤ පළමුව ධර්මාවබෝධ කිරීමට කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවත් ඔහුගේ ඉවසීම සිඳී යාමයි. එවැනි අවස්ථාවකට මුහුණ දෙන කෙනෙකුට තමන් ගැනත් අවිශ්වාස හිතෙන්න පුළුවන්.
    අනාගතය කියනදේ කලින් කිව නොහැක්කක් .හෙතුව අනාගතය කියන්නේ නිශ්චිත දෙයක් නෙමෙයි.අනාගතයේ වෙන්න තියෙන දෙවල් (කර්මය මගින් හො වෙනත් නියාමයක් මගින්) වෙනස් කරගත් හැකියි.උත්සාහය,වාසනාව(අහබුව ) වගේ දෙවල් නිසා අනාගතය හැම විටම වෙනස් වෙන දෙයක්, ඇතැම් පාප කර්ම පුණ්ය කර්ම මගින් අහොසි කිරීම හො පලදෙන කාලය වෙනස් කල හැකියි.උදාහරණයකට ගත්තොත් සුනාමියට අහුවුන අය මට හිතෙනවා කර්මය නිසා මිය ගිය අය නෙමෙයි,උතු නියාමයෙන් මිය ගිය අය කියල. කලින් රෙකොර්ඩ් තියෙන්නේ කර්මයේ පමනක් නිසා,සුනාමියෙන් මිය යන කෙනෙකුට කලින් අනාවැකියක් කියන්න පුලුවන් කමක් නෑ කිසිම කෙනෙකුට.අපේ සිත හැසිරෙන ආකාරය (චිත්ත නියාමය ) අනුව පෘතග්ජන අපි කවුරු හෝ උන්මත්තක භාවයකට පත්වී ආන්තරීය පාප කර්මයක් කරන තත්වෙකට වුනත් පත් වෙන්න පුලුවන්.ඉතින් මේවා පුරොකතනය කරන්න බෑ.
    ඉතින් කොහොමද නිශ්චිත සාස්තරයක් පවතින්නේ මේ අවිනිශ්චිත අනාගත පුරොකතනය කිරීමට

    මම මේ කියපු දෙවල් හොරුන්ටත් හොද පොයින්ට් එකක් වෙයි. එතකොට උන් කියනවා අපි කියන්නේ පුර්ව කර්මය ගැන පමනයි, අනිත ඒවා තම තමන් උත්සාහ කිරීම ,පුන්ය කරම මගින් වෙනස් කරවා ගත යුතුයි කියල.එතකොට මම අහන්නේ කරමය වෙනස් කරන්නේ නවග්‍රහ ශාන්ති වලින්ද,දේව පූජා වලින්ද නැත්නම් මැණික් වලින්ද?
    බුදුවරයෙක් බුදු වීම, ආන්තරීය කර්මයක් කලෙ අයෙකු ආපායේ ඉපදීම වගේ සිද්ධි හැබයි පුරොකතනය කරන්න පුලුවන් වෙන්න ඔනේ කිසියම් නිවැරදි සාස්තරයක් තියෙනවනම්.
     
    ඔබ අදහසට එකයි. ජෝතිශය බුදුදහමේ හරයට එකග නොවේ. අපි යමක් තෙරුම් ගත යුත්තේ බුදුදහමේ හරයට ගැලපෙනවද නැද්ද කියන එක මත
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ඔබ අදහසට එකයි. ජෝතිශය බුදුදහමේ හරයට එකග නොවේ. අපි යමක් තෙරුම් ගත යුත්තේ බුදුදහමේ හරයට ගැලපෙනවද නැද්ද කියන එක මත

    හැබැයි බුදුහාමුදුරුවෝ නම් කිවුවේ '' තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, එකල්හි තෙපි එය දුරු කරව”යි දේශනා කල සේක'' ... :)
    ඔබතුම කියනවිදිහට බුදුදහමේ හරයට ගැලපෙනවද නැද්ද කියන දෙමත තේරුම් ගන්න කිවුවේ නෑ... ඔබතුමා කියන කථාව ඒ කිවුවේ ''අපි යමක් තෙරුම් ගත යුත්තේ බුදුදහමේ හරයට ගැලපෙනවද නැද්ද කියන එක මත'' මේ කතාව සුදුසු ඉස්ලාම් භක්තිකයෙක්ට.. :)

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    මේ නුල දකල මට පොඩි ගටලු ටිකක් අතිවුනා.. දන්න කට්ටිය පෑහිදිලි කරමු බලන්න දෑනගන්න. වර්තමාන සමජයේ දරු උපත් සිද්ද වෙනව ජොතිශයට අනුව නෑකත් හදලා තමන් කෑමති වෙලවට සිසෙරියන් සෑත්කමක් කරලා.... එතකොට ජොතිශ්යයට අනුව අපිට පුලුවන් නෙද ලබෙන්න ඉන්න දරුව මෙ රටෙ ජනඩිපති බවට පත්වෙන නෑකතක් හඩ්ල ඒ වෙලවන ඩරු උපත සිද්ද කර ගන්න... මේවාගෙ බලපම කොහොමද ජොතිශයෙඩි.. මෙ අනුව ජොතිශය කියන දේ විග්‍රහ වෙන්නෙ කොහොමද...
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම දැක්ක එක වැද්දෙක් කොහෙහරි ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ "ත්‍රිපිටකයේ කොහෙවත් කසාද බඳින්ඩ කලින් ලිංගික එක්වීම වැරැද්දක් විදිහට ලියල නෑ කියල".

    ඉතින් ඔය වගේ වැද්දෝ තමා අපිට තිරස්චීන විද්‍යාවන් ගැන කියල දෙන්ඩ එන්නේ.උන් දන්නේ ජ්‍යෝතිෂ්‍ය විතරයි තිරස්චීන විද්‍යාවක් විදිහට නම් කරල තියෙන්නේ කියල.උන් දන්නේ නෑ ශල්‍ය කර්මත් චිරස්තීන විද්‍යාවක් විදිහට බුදුහාමුදුරුවෝ නම් කරල තිබ්බ කියල.මම උඹට එක දවසක් පීම් එකකින් කිව්ව වගේ සමහර දේවල් ඇදල ගන්නේ නෑ අනිත් ආගම්වල උන්ට ඒවා ලොසින්ජර් වෙන හින්ද.
     
    සහතික ඇත්ත... :)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මේ නුල දකල මට පොඩි ගටලු ටිකක් අතිවුනා.. දන්න කට්ටිය පෑහිදිලි කරමු බලන්න දෑනගන්න. වර්තමාන සමජයේ දරු උපත් සිද්ද වෙනව ජොතිශයට අනුව නෑකත් හදලා තමන් කෑමති වෙලවට සිසෙරියන් සෑත්කමක් කරලා.... එතකොට ජොතිශ්යයට අනුව අපිට පුලුවන් නෙද ලබෙන්න ඉන්න දරුව මෙ රටෙ ජනඩිපති බවට පත්වෙන නෑකතක් හඩ්ල ඒ වෙලවන ඩරු උපත සිද්ද කර ගන්න... මේවාගෙ බලපම කොහොමද ජොතිශයෙඩි.. මෙ අනුව ජොතිශය කියන දේ විග්‍රහ වෙන්නෙ කොහොමද...

    කරුමේ තමයි... බුද්ධිමතුන් තේරුම් ගනිත්ව!!! :)
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මුලින්ම සමාවෙන්න මේ ත්රෙඅඩ් එක බුම්ප් කරනවට. නමුත් මට මේ දවස් වල ජ්‍යොතිශ නිසා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මට අවුරුදු ගානක් තිබ්බ සම්බන්දය පොරොන්දම් ගැලපෙන්නේ නැති නිසා නවත්තන්න කියල ගෙදරින් බල කරනවා. මම දැක්ක මෙතන එක්කෙනෙක්'අහල තියනවා ජ්‍යොතිශ නිසා වෙන ප්‍රයෝජනයක් කියන්න කියල මෙතන ප්‍රයෝජන කෙසේ වෙතත් ඒ හින්ද පවුල් අවුල් වෙන හැටි හිත අමනාපකම් ඇති වෙන හැටි මට කිඅන්න පුළුවන්. මන් ජ්‍යොතිශ පස්සේ ගිය කෙනෙක් නෙමේ. ඒ වුනාට එක ගැන ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ. නමුත් තමන්ගේ ජීවිතේ වැදගත් ප්‍රශ්න බුද්දිමත් විධියට විසදන්නේ නැතිව ග්‍රහ තාරක වලට බාර දෙන එක නම් මට මානසික වධයක් වෙලා තියෙන්නේ :no::no:
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16

    විද්‍යානුකූලව ඔප්පු නොකරපු අපාය, දිවය ලෝකය, සංසාරය වගේ දේවල් විස්වාස කරන රටකනේ අපි ඉන්නේ :(
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    විද්‍යානුකූලව ඔප්පු නොකරපු අපාය, දිවය ලෝකය, සංසාරය වගේ දේවල් විස්වාස කරන රටකනේ අපි ඉන්නේ :(
    විද්‍යාවෙන් ඔප්පු නොවූ සියලුදේ පිලි නොගනිමි යන මතයේ මා නැත. විද්‍යාවට තව දුර යා යුතු බැවිනි. නමුත් තමාට නොපෙනෙන දෙයක් පිළිබධ දැඩි මතයක එල්බ ගෙන ජීවිත තීරණ ගැනීම අනුමත නොකරමි
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අපිට ඕන දේ අපිට ලබාදෙනවා ...එක universal thoery එකක් ...උබේ ආසාව car එකක් ගන්න නම් එක මොන ක්‍රමයෙන් හරි ලැබෙනවා ...උබේ ආසාව පිටරට යන්න නම් ඒක සිද්ද වෙන තැනට කටයුතු යෙදෙනවා...උබේ ආසාව මිනි මරන්න නම් උබට මිනිහෙක් මරන්න අවස්ථාවකුත් ලැබෙනවා ....අපි දකින දේ අපි අහන දේ අපි දකින්න අහන්න කැමති දේ අකමැති දේ මත ඒ අවස්ථාවන් අනාගතයේ නිර්මාණය වීමට කරුණු කාරණා සැකසෙනවා අපි නොදැනුවත්වම ...දැන් බලපන් news , පෙන්නන්නේ මරණ ...හොදට බලපන් අද මරණයක් බැලුව උබට හෙටත් මරණයක් අහන්න ලැබෙනවා ...සේයා ගේ මරණය බලපන්....කී දෙනෙක් කම්පා උනාද ...කී දෙනෙක් කම්පා වීම තුල වියරු සතුටක් ලැබුවද....උඩු සිත කම්පා උනාට යටි සිතේ වියරු ආසාවක් තියනවා ...මිනිස්සු රහත් වෙලා නැනේ....එක නිසා තමයි අනේ අපොයි කියා කියා මිනිස්සු මැරෙන ඒවා බලන්න රෑ 8 වෙනකන් බලන් ඉන්නේ....තම්බි සත්තු, මිනිස්සු මරන්නෙත් ඔය වියරු අසව නිසාම තමයි ...ඉතින් මිනිස්සුන්ගේ අසව කැමැත්තට සිත ඉල්ලන දේ ලබා දුන්න...තව පොඩි උන් කීප දෙනෙක්ම තිරිසන් විදියට මැරුව ...එකයි මචන් බුදු පියාණන් දේශනා කලේ මයිත්‍රී භාවනාව වඩන්න කියල්ල .....මෙම විශ්වීය සහසම්බන්ද නියමාකාරයෙන් දන්නා නිසයි බුදුපියාණන් අපි හැමෝටම මයිත්‍රී භාවනාව වන්න කිව්වේ ...

    ජෝතිෂ්‍යය හා සම්බන්දවත් එය එසේමයි ...කේන්දරයක් බලල කියන අනාවැකියක් කෙනෙක්ගේ හිතට යනවා ...මොකෙක්ට හරි කිව්වොත් උබට අවුරුදු 25 දී රට හැර යන්න වෙන කියල. එක උගේ සිතේ වැඩ කරනවා...ඉතින් අවුරුදු 25 දී ඌට රට යන තැනට කටයුතු සිද්ද වෙනවා...අනිත් හැම දේටම ඕක තමා වෙන්නේ....මොකෙක්ට හරි කිව්වොත් උබ අවුරුදු 40 දී මැරෙනවා කියල ඒක වහ ටිකක් ගහල හරි මැරෙනවා....මොකද කෙදර බලල කියන දේවල් අපේ හිතට කාවදිනවා ...ඉතින් අපේ හිතට දැනුන දේ අපිට ලබා දෙනවා ...නොදැන කියපු අනාවැකිය හරි යනවා (100% ම වෙන්නේ නැ ....බොහෝ දුරට වෙනවා)...ජෝතිෂ්‍යය වේදීන් සමාජයේ වැජබෙනවා ..... ...සමාජ ක්‍රමේ හැදිලා තියෙන්නේ එහෙමයි ....ඉතින් මේ අනාවැකි කියන දේ හරිම භයානකයි ...වර්තමානයේ නම් ජෝතිෂ්‍යය ගැන අන්තිමයි....මතකනේ 2004 සුනාමිය එකෙක්ට වත් කියන්න බැරි උනානේ... 100% නිවැරදිව අනාවැකියක් කියන්න බැරි නිසා තමන්ගේ ජීවිතය ජෝතිෂ්‍යය හා සම්බන්ද කරගෙන නිකරුනේ නැති ප්‍රශ්න ඇති කරගන්න එපා බන්....යහපත් දේ සිතපන් යහපත් දේ කරපන් යහපත් දේ පතපන් යහපත් දේවල්ම ලැබෙයි ...ඒක තමයි තියරිය ..අනික 100 % ක්ම මම කියන දේ වෙන්නෙත් නැ .....හැබැයි බොහෝ දුරට ඒ දේ සිද්ධ වෙයි ...

    දරුවෙක් මව් කුසකට එන්න කරුණු 3ක් සිද්ධ වෙන්න ඕන.
    1. ඍතු වෙන කාන්තාවක් ඉන්න ඕනි.
    2. එම කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වෙන්න ඕනි.
    3. ගන්ධබ්බයෙක් පැමිණෙන්න ඕනි.
    මේ කරණු 3න් එකක්වත් සිද්ධ වෙන්නෙ නැකතට ද? අඩු ගානෙ අපි ඉපදුනේ වත් නැකැත් බලලද....? හැබැයි එහෙම උපන් දරුවට නම් තියන්නෙ නැකතට.... ගෙදරට ගේන්නෙ නැකතට..... බත් කටක් කවන්නෙ නැකතට...... අකුරක් කියවන්නෙ නැකතට...... ඉස්කොලෙ යවන්නෙ නැකතට..... විභාගෙට යවන්නෙ නැකතට...... තව කියන්න ඕනි නැනේ list එක ..කාටද පිස්සු ...අපිටද ජෝතිශ්‍ය වේදීන් ටද ...2004 සුනාමිය එකෙක්ට කියන්න බැරි උනා ...40000 මරුන ...අඩුම ගානේ 40000 න් එකෙක්ට කියපන්කො මුහුද ගොඩ ගලල තමයි තෝ වලකජ්ජ ගහන්නේ කියල .....
     
    ඔව් බන් උඹ කියන දේ සම්පුඋර්ණ ඇත්ත. නමුත් දෙමව්පියන් ඔය දේවල් තදින්ම විශ්වාස කරද්දී දරුවන්ටත් ඕවා කවද්දනවා. අපි ගොඩක් සතුටින් හිටියේ. ජෝතිශ්යේ මොනවා තිබ්බත් එක ඇත්ත උනත් බොරු උනත් මන් ඕව ගැන බැලුවෙත් නෑ . මට වැඩකුත් නැ. අපි හෙට මැරුණත් මොකටද ඕක දැනගන්නේ අද කාටවත් කරදරයක් නැතිව සතුටින් හිටියේ. මොකටද අනාගතේ ගැන දැන ගන්නේ. කෙල්ලගේ පොරොන්දම් බැලුවම කියල තියනවා කෙල්ලව බැන්දොත් මට ලොකු කරදරයක් වෙනවා මැරෙන්නත් පුළුවන් කියල. ඕක දැනගත්ත දවස ඉදන් කෙල්ලට අවුල් අපි අතරේ ප්‍රශ්න. අපිට ඕව දැන ගන්න ඕන නැ ඒ උනාට බලෙන්ම ඇඟේ ගැහුවා :no::no: