බුදුහාමුදුරුවෝ බුද්ධාගමේ ද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මේ හයිලයිට් කරලා තියෙන වචන දෙකට ඔයාගේ ඔලුවෙ තියෙන අර්ථකථන දෙක මට කියන්න බලන්න.
    සරලව කියන්නම්. බුද්ධාගම කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවියට පස්සේ කාලෙක බ්‍රහ්මන් ගේ තැනට බුදුන් ආදේශ කරලා ඇතිකරගත්ත ආගමක්. බ්‍රාහ්මණ ආගම නම් ස්ථිර ආත්මය මුල් කරගෙන හදාගත්ත පැරණිතම ආගමක්
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ අද තියෙන බුද්ධාගම කියන්නේ බ්‍රාහ්මණ ආගමේ (හින්දු) ම කොටසක්.
    අපි "ධර්මය" (බුද්ධාගම) කියලා කියන්නෙ ත්‍රිපිටකයේ තියෙන ධර්මයට.
    ඒ අනුව බලපුවාම ඔය උඩ කතාව බොරු.

    බුදුන් දෙසූ දහමක් මේ කිසිම පොත-පතක ඇති කියලා මම නම් හිතන්නේ නෑ. අභිධර්මය පවා බුදුන්ගේ දේශනාවක් නොවන බවට මතයක් තියෙනවා. මේ ගැන හරි දැනුමක් ලබාගන්න විදියක් නැද්ද?
    රහතන් වහන්සේලා සංගායනා කළේ බුදුන් වහන්සේ දෙසූ දහම තමයි.
    ඒ දහම තමයි ත්‍රිපිටකය ලෙස ග්‍රන්ථාරූඪ කළේ.

    මම කියන්නේ බුදුන්ට ආගමක් බිහිකිරීමේ වුවමනාවක් තිබිලා නැහැ.
    බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නෙ ධර්මය අවබෝධ කරගෙන, ඒ අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමට.
    දුකින් මිදී, අන් අය දුකින් මිදවීමට.
    සසරින් එතෙර වී අන් අය එතෙර කරවීමට.

    උන්වහන්සේ ඒ කාර්යය හරියටම කරලා, ඉදිරියට බුදු සසුන පවත්වාගෙන යන්න පුලුවන් සඟ පිරිසක් බිහි කරලා තමයි පිරිනිවන් පෑවෙ.

    මට ධර්මය ගැන නම් ලොකු දැනුමක් නැහැ.
    ධර්මය අධ්‍යනය කිරීමම තමයි විසඳුම.

    ඒත් මට පෙන්න තියෙන දේවල් එක්ක හිතුවාම, පන්සල් වල කරන පුද පූජා, ඒ ඒ නිකාය වල සිරිත් විරිත්, අහන්න ලැබෙන ධර්ම දේශනා,.. මෙන්න මේවගේ දේවල් එක්ක බලද්දී බුද්ධාගමේ සහ හින්දු ආගමේ ලොකු වෙනසක් පෙන්නේ නැහැ. මේ දකින්න ලැබෙන දේවල් ධර්මයට එකඟ ද?
    අපි "ධර්මය" (බුද්ධාගම) කියලා කියන්නෙ ත්‍රිපිටකයේ තියෙන ධර්මයට.

    පන්සලේ පොඩි හාමුදුරුවෝ කැම්පස් කොල්ලො එක්ක පෙළපාලි යනවා. ලොකු හාමුදුරුවෝ රජයේ රස්සාවක් කරනවා. පෝයට පන්සලේ මාරක ළිඳ, කතුරු ඔංචිලා, නාට්‍ය (අදාළම නැති නාට්‍ය) සංදර්ශන. සිල් ගන්නෙ වැඩිහිටියන් පමණයි.
    ඔය වගේ ලොකු පරිහානියක් වෙලා තියෙනවා, නමුත් ත්‍රිපිටකයට හානියක් වෙලා නෑ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    ඇයි රෝදයක් හදලා තියනවා නම් , අය මුල ඉඳන් රෝදයක් හදන්නෙ. දැන් තියෙන්නෙ රෝදෙ යූස් කරල මොනවා හරි දෙයක් කරන්න, ප්‍රවහනය කරන්න.නැත්තම් මැශින් එකක් රන් කරන්න. රෝදෙ හරි නෑ කියලා හිතනවනම් ඉතින් රෝදෙ වෙනුවට කොටුවක්, ඔය චතුරශයක් , පන්චාස්‍රයක් , ශඩාශ්‍රයක් ආදේශ කරලා බලන්න.සමහරවිට අවසානෙ රෝදයක්ම එයි. සමහරවිට මැග්නටික් ලෙවිටේශ්හන්, එයාප්ලේන් රොකට් වගේ ඒවා හොයා ගනී මොකක් හරි දෙයක් තව තැනකට ගෙනියන්න.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ අද තියෙන බුද්ධාගම කියන්නේ බ්‍රාහ්මණ ආගමේ (හින්දු) ම කොටසක්. බුදුන් දෙසූ දහමක් මේ කිසිම පොත-පතක ඇති කියලා මම නම් හිතන්නේ නෑ. අභිධර්මය පවා බුදුන්ගේ දේශනාවක් නොවන බවට මතයක් තියෙනවා. මේ ගැන හරි දැනුමක් ලබාගන්න විදියක් නැද්ද?
    Siddhartha Gautama, who later became known as the Buddha, was born into a royal family in the village of Lumbini in present-day Nepal. He was raised in a life of luxury and was insulated from the sufferings of life such as sickness, age, and death². Many biographies of the Buddha begin not with his birth in his last lifetime but in a lifetime millions of years before, when he first made the vow to become a buddha¹. According to tradition, many aeons ago there lived a Brahman named Sumedha, who realized that life is characterized by suffering and then set out to find a state beyond death. He retired to the mountains, where he became a hermit, practiced meditation, and gained yogic powers¹. So, before becoming the Buddha, Siddhartha Gautama was born into a Hindu family and followed the Hindu religion. However, after encountering an old man, a sick man, and a corpse for the first time, he became greatly disturbed and learned that sickness, age, and death were the inevitable fate of human beings - a fate no-one could avoid. This led him to leave his protected royal life and live as a homeless holy man in search of an answer to the problem of suffering².

    Source:
    (1) BBC - Religions - Buddhism: The Buddha. https://www.bbc.co.uk/religion/religions/buddhism/history/history.shtml.
    (2) Buddha - Previous Lives, Enlightenment, Dharma | Britannica. https://www.britannica.com/biography/Buddha-founder-of-Buddhism/Previous-lives.
    (3) Buddha | Biography, Teachings, Influence, & Facts | Britannica. https://www.britannica.com/biography/Buddha-founder-of-Buddhism.
    (4) 9 – Shakyamuni Buddha’s Enlightenment: What Did He Realize?. https://zenstudiespodcast.com/buddhas-enlightenment/.

    පසුව බුදුන් වහන්සේ ලෙසින් ප්‍රකට වූ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වත්මන් නේපාලයේ ලුම්බිණි නම් ගම්මානයේ රජ පවුලක උපත ලැබූහ. ඔහු සුඛෝපභෝගී ජීවිතයක හැදී වැඩුණු අතර අසනීප, වයස සහ මරණය වැනි ජීවිතයේ දුක් වේදනා වලින් පරිවරණය විය. බුදුරදුන්ගේ බොහෝ චරිතාපදාන ආරම්භ වන්නේ උන්වහන්සේගේ අවසාන ජීවිත කාලයේදී නොව වසර මිලියන ගණනකට පෙර උන්වහන්සේ බුද්ධත්වයට පත්වීමට ප්‍රථම වතාවට භාර දුන් අවස්ථාවේදීය. සම්ප්‍රදායට අනුව, බොහෝ කලකට පෙර සුමේධ නම් බ්‍රහ්මයෙක් ජීවත් වූ අතර, ඔහු ජීවිතය දුක්ඛිත බව වටහාගෙන මරණයෙන් ඔබ්බට ගිය තත්වයක් සොයා ගැනීමට පිටත් විය. ඔහු කඳුකරයට විශ‍්‍රාම ගිය අතර එහිදී ඔහු ආරාමිකයෙකු බවට පත්වී, භාවනාවේ යෙදී, යෝග බලය ලබා ගත්තේය. ඉතින්, සිද්ධාර්ථ ගෞතම බුදුවීමට පෙර හින්දු පවුලක ඉපදී හින්දු ආගම අනුගමනය කළේය. කෙසේ වෙතත්, පළමු වරට මහලු මිනිසෙකු, රෝගියෙකු සහ මළ සිරුරක් හමුවීමෙන් පසු, ඔහු දැඩි ලෙස කලබලයට පත් වූ අතර, අසනීප, වයස සහ මරණය මිනිසුන්ගේ නොවැළැක්විය හැකි ඉරණම බව - කිසිවෙකුට මග හැරිය නොහැකි ඉරණම බව දැන ගත්තේය. මෙය ඔහුට තම ආරක්‍ෂිත රාජකීය ජීවිතයෙන් ඉවත් වී දුක් විඳීමේ ගැටලුවට පිළිතුරක් සෙවීම සඳහා නිවාස නොමැති ශුද්ධ මිනිසෙකු ලෙස ජීවත් වීමට හේතු විය.


    මූලාශ්රය:

    (1) බීබීසී - ආගම් - බුද්ධාගම: බුදුන්. https://www.bbc.co.uk/religion/religions/buddhism/history/history.shtml.

    (2) බුදුන් - පෙර ජීවිත, බුද්ධත්වය, ධර්ම | Britannica. https://www.britannica.com/biography/Buddha-founder-of-Buddhism/Previous-lives.

    (3) බුදුන් | චරිතාපදානය, ඉගැන්වීම්, බලපෑම් සහ කරුණු | Britannica. https://www.britannica.com/biography/Buddha-founder-of-Buddhism.

    (4) 9 - ශාක්‍යමුණි බුදුරදුන්ගේ බුද්ධත්වය: උන්වහන්සේ අවබෝධ කළේ කුමක්ද?. https://zenstudiespodcast.com/buddhas-enlightenment/.