මුල ටික මුඛ පරම්පරාවෙන් ආව නිසානෙ වෙනස් වෙලා කියල හිතෙන්නෙ නමුත් මහරහතන් වහන්සේල ධර්ම සංගායනා කරනකොට එක් කෙනෙක් මුල ඉඳන් අග වෙනකන් කියනකොට අනිත් අය අහන් ඉඳල 100% හරි වෙනසක් නෑ කියල වෙරිෆයි කරා කියලයි කියන්නෙ..මම දන්න විදියට බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 300ය ගානකට පස්සෙ ධර්මය ලංකාවට ආවට පස්සෙ කොහොමත් වෙනසක් වෙන්ඩ විදියක් නෑ ත්‍රිපිටකය ලියවෙනකන්.
දැනුත් ඉන්නව ත්‍රිපිටකය මුල ඉඳන් අග දක්වා කට පාඩමෙන් කියන්ඩ පුලුවන් හාමුදුරුවරු ඒ අයට මහරහතන් වහන්සේලට වගේ දියුණු මනසක් නැති උනත්..මට නම් බුදුන්ගෙ මුවෙන් වදාල නියම ධර්මය තමා දැන් ත්‍රිපිටකයෙ තියෙන්නෙ කියල විශ්වාසයි.