වානරයින්ගෙන් පරිණාමය උන කතාවක් 100% කියල කොහෙවත් ඔප්පු කරල නැහැ..
උඹලට මිනිහා වදුරගෙන් පැවතුනා කියන්න සාක්ෂි බර ගානක් ඕනේ. එක තාම 100% ඔප්පු කරලා නෑලු, ඒ හින්ද එක බොරුලු. දැන් උඹට මිනිහ අර බ්රහ්ම ලෝකෙන් ආව ජීවින්ගෙන් පැවතෙනවා කියන්න සාක්ෂි තියෙනවද. එක ඔප්පු කරලා තියෙන්නේ කොහෙන්ද කියලත් source දාපන්කෝ බලන්න.

උඹලම කියනව බුදුහාමුදුරුවෝ කියපු හැම දේම විද්යාවෙන් ඔප්පු කරගෙන යනවා කියල. ඒ කියන්නේ යමක නිවැරදි බව මනින මිනුම් දණ්ඩ විද්යාවෙන් ඒ දේ ඔප්පු කිරීම කියල උඹලම පිලිගන්නව. හැබැයි ඒ විද්යාවෙන්ම මිනිහ වන්දුරගෙන් පැවතෙනවා කිවම එක වෙන්ඩ බෑ ලු, සාක්ෂි මදිලු. 
මම නං කියන්නේ හැම දේම විවෘත මනසකින් බලන්න ඕනේ. මේක හරි කියල කිසි දෙයක් ඔලුව උඩ තියාගෙන ඉන්න නරකයි බුදුහාමුදුරුවෝ කියපු දෙයක් උනත්. දැනට තියෙන සාක්ෂි අනුව වැඩි බරක් දාල විශ්වාස කරන්න පුළුවන් මිනිහ වදුරගෙන් පැවතෙනවා කියන එක.





