බුදු දහම මෙයද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දැන් ලංකාවේ බෞද්ධ චැනල් වැහි වැහැලා ඒවාට එන ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නනේ ඉතිහාසය පාඩමයි සෞඛ්‍යය පාඩමයි විතරයි. බුදුන් දෙසූ දහමේ තියෙන්නේ ජාතක කතා සහ හොඳ පුරුදු ටික විතරද , එතනින් එහා දෙයක් නැද්ද. ප්‍රසිද්ධ යැයි කියන මේ ස්වාමින් වහන්සේලා ගැඹුරු ධර්මය දේශනා කරන්නේ නැත්තේ ඇයි.. අනික අපි දන්නේ සිංහල විතරයි. එහෙව් එකේ පාලියෙන් බණ දෙසන්න හදන්නේ ඇයි.. නිවන් දකින්න පාලි ඕනිමද . එතකොට අපි පාලියෙන්ද නිවන් දකින්නේ. සිංහලෙන් නිවන් දකින්න බැරිද. භාවනා කරනවා කියලා ඇස් දෙක පියාගෙන ඉන්න සීන් එක විතරක් ඇයි. ගැඹුරු භාවනා ක්‍රම අකැපද ? නිවනක් හොයාගෙන බෝධිය වටේ කැරකෙන්න උගන්නවන්නේ ඇයි. අපිට දන්දෙන්න කියාලා උන් වහන්සේ ලා රැස් කරන්නේ අැයි.. දැන් මේවා කියන අපි ආගම් විරෝධි වුන්ද. මහනායක උන්නාන්සේලා ඉන්නේ මොකටද , කවදාවත් ටීවි එකේවත් බණක් කියලා තියෙනවාද
    උන්වහන්සේලා බණ දන්නේ නැද්ද, සිවුර ඇද ගත්ත අය කැම්පස් වල ඉන්නේ ඇයි.. බුදුන් කවද්ද භික්ෂුවට කැම්පස් යන්න යැයි දේශනා කලේ.. අතරහරින ධර්මය උගත යුතු අය සිවුර දාගෙන කැම්පස් වල රැස් කරන ධර්මය උගෙන්නේ ඇයි. එතකොට ඔවුනගෙයි අපෙයි වෙනස මොකක්ද, අපිට එතකොට ඔවුන් වැඳිය යුතුද?
    ධර්මාශෝක අධ්‍යක්ෂණය කරපු නිර්ණාමික අය එඩිට් කරපු ධර්මයක් නේද අද අපි රසවිඳින්නේ.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    prasidda kiyana hamuduruwangen bana ahanne nathuwa hitapan.
    Ahanawanam ahapan rahathun wadi maga osse hambuduruwange.

    E arenna wena oya niwan dakinnama bana kiyana hamurduruwaru innawa. Ehema hamuduruwarungen ahala sowan,sakurdagami wechcha minissuth lankawe innawa.onenam kiyapan dennam e bana.therei ethakota wenasa
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ane manda ban
    rellata thama yanne...
    samaaja shodhana bana kiyala jaathiyak digata harahata giya.
    ita passe ammai thaaththai wikunan keewa..
    amathaka unane
    ei kawi bana.....

    abuddassa kaalene ban
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    kawru hari ape hamuduruwan wahansee namak hondata abhidharmaya tikak kiyala denawanam....
    ahanna ahanna aasa hithenawa.
    ape sithuwili ekin eka ena widiha theerenna kiyaladenakotn

    eeth ada monawada ehenne
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    ෆේස්බුක් බෞද්ධයන්ගේ නිරුවත

    ෆේස්බුක් එකේ තියන පතරන්ග ගෲප් වල කොමෙන්ට් කියෙවුවෙමි. කෙල්ලෙක්ගේ දනිස්ස පෙනුනත් සදාචාරෙ උඩ දාගෙන කුනුහරපෙන් බනිනා ෆේස්බුක් බෞද්ධයන් කිහිප දෙනෙකුගේ ප්‍රොෆයිල් බැලීමි.

    ලයික්ස් ටැබ් එකේ තිබූ page බහුතරයක් මෙවැනිය :

    "මහත කෙල්ලො ලස්සනයි"
    "ඇන්ටිලාට සැප"
    "දිව දානවා"
    "වල් කෙල්ලො"...

    නිගමනය ෆේස්බුක් තුල පතරන්ග දාර්ශනිකයන් සහ දැහැමි ශෝ කාරයන් බහුතරහ යම් කිසි ඇරියස් එකකින් පීඩා විදින අසහන කාරයන් ය

    කියන්නට කනගාටුයි.. සමහර චීවරදාරීන්ගේ ප්‍රොෆයිල් පවා මෙවැනි ය
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    දැන් ලංකාවේ බෞද්ධ චැනල් වැහි වැහැලා ඒවාට එන ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නනේ ඉතිහාසය පාඩමයි සෞඛ්‍යය පාඩමයි විතරයි. බුදුන් දෙසූ දහමේ තියෙන්නේ ජාතක කතා සහ හොඳ පුරුදු ටික විතරද? , එතනින් එහා දෙයක් නැද්ද.?සූත්‍ර,ජාතක කතා,විමාන වස්තු(දේවත්වයට පත් වෙච්ච අය ගැන කතා) ,පෙරේත වස්තු (භූත,පෙරේත,පිසාචයො පත් වෙච්ච අය ගැන කතා )අභිධර්මය අටුවා කතා (බුද්ධඝෝස හාමුදුරුවො ලියපු කතා)

    ප්‍රසිද්ධ යැයි කියන මේ ස්වාමින් වහන්සේලා ගැඹුරු ධර්මය දේශනා කරන්නේ නැත්තේ ඇයි..?සමහර හාමුදුරුවෝ ගැඹුරු ධර්මට ගැන දන්නව සමහර හාමුදුරුවෝ දන්නෙ නැතිව ඇති. මුලින්ම අපි සරල දෙයින් පටන් ගන්න ඕනි.

    අනික අපි දන්නේ සිංහල විතරයි. එහෙව් එකේ පාලියෙන් බණ දෙසන්න හදන්නේ ඇයි..?

    නිවන් දකින්න පාලි ඕනිමද?
    එතකොට අපි පාලියෙන්ද නිවන් දකින්නේ.?
    සිංහලෙන් නිවන් දකින්න බැරිද.?

    සිංහල,පාලි කියල නැහැ නිවන් දකින්න පින් කරන්න ඕනි (හොද
    සිතුවිලි,හොදක්‍රියා) අධිෂ්ඨාණය තියෙන්න ඕනි,උත්සහය තියෙන්න ඕනි. කවි කියන කොටත් රහත් වෙච්ච අය ඉන්නවා

    භාවනා කරනවා කියලා ඇස් දෙක පියාගෙන ඉන්න සීන් එක විතරක්
    ඇයි.?ඇස්දෙක පියාගෙන භාවනා කරන්නෙ බාහිරින් පෙනෙන දේවල්
    මගහරින්න. උදා:- කාමය අවුස්සන දෙයක් පෙනුනොත් භාවනා කරල ඉවරයි නේද?

    ගැඹුරු භාවනා ක්‍රම අකැපද ?නැහැ. පලමුවෙන්ම මෛයිත්‍රී භාවනාවෙන් මුල පුරන්න ඕනි.
    නිවනක් හොයාගෙන බෝධිය වටේ කැරකෙන්න උගන්නවන්නේ ඇයි.?නිවන තියෙන්නෙ අප ලගමයි.

    අපිට දන්දෙන්න කියාලා උන් වහන්සේ ලා රැස් කරන්නේ අැයි..? එම
    හාමුදුරුවරු මාරගඵල නොලබල ඇති.

    දැන් මේවා කියන අපි ආගම් විරෝධි වුන්ද.? එහෙම නැහැ මං හිතන්නෙ මෙහෙම ප්‍රශ්ණ කරන්නත් ධර්මය ගැන ඉගෙනගන්න ආසාවක් තියෙන මනුස්සයන්ට ඇතිවන පොදු සිතුවිලි

    මහනායක උන්නාන්සේලා ඉන්නේ මොකටද ,?තම තමන්ගෙ නිකාය ගැන පාලන කටයුතු ඉදිරියට ගිනියන්න.රජයට උපදෙස් දීමට

    කවදාවත් ටීවි එකේවත් බණක් කියලා තියෙනවාද?තියෙනවා
    උන්වහන්සේලා බණ දන්නේ නැද්ද,? දන්නවා
    සිවුර ඇද ගත්ත අය කැම්පස් වල ඉන්නේ ඇයි..?ඉගෙනගන්න

    බුදුන් කවද්ද භික්ෂුවට කැම්පස් යන්න යැයි දේශනා කලේ..?ඕනෑම
    මනුෂ්්‍යයෙක්ට ඉගෙනීමේ අයිතිය ඇත.

    අතරහරින ධර්මය උගත යුතු අය සිවුර දාගෙන කැම්පස් වල රැස් කරන ධර්මය උගෙන්නේ ඇයි.?තම තමන්ගෙ ආසාවල් බුද්ධ ධර්මය ගැන ගැඹුරට ඉගෙනගන්නවා ඇති.බෞද්ධ ශිෂ්ධාචාරය,පාලි භාෂාව සංස්කෘත,විදේශීය භාෂා,

    එතකොට ඔවුනගෙයි අපෙයි වෙනස මොකක්ද,?හාමුදුරුවරු සිවුර දරා සිටිනවා (සසර ගමන නවත්වන්න උපදෙස් හා මාර්ගය පෙන්නනවා) අපි සසර ගමන දික් කර ගන්න ක්‍රියා කරනවා,(සිත,කය,වචනයෙන්)

    අපිට එතකොට ඔවුන් වැඳිය යුතුද? අප වදින්නේ බුදුපියාණන් දරාගෙනන සිටි උත්තම සිවුරටයි,අප ඉගෙනගෙගන තියෙනවා නේද?වැඩිහිටියන්ට වදින්න.වැන්දහමතත් පින් සිද්ධ වෙනව.ආනිසංස හම්බවෙනව(හොද ප්‍රතිඵල)
    ධර්මාශෝක අධ්‍යක්ෂණය කරපු නිර්ණාමික අය එඩිට් කරපු ධර්මයක් නේද අද අපි රසවිඳින්නේ?. මම බැලුවෙ නැහැ චිත්‍රපටිය. එක එම චිත්‍රපටියෙ අඩුපාඩු හොයන්න පුලුවන්නම් ඔයාට ධර්මය ගැන හොද අවබෝධයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. ප්‍රඥාවන්තයා හරි දේ තොරා බේරා ගන්නවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාරම බෞද්ධ විරෝධයක් නේද??? උබලට මේවගෙන් මොනාද බන් හම්බෙන්නෙ...NGO එකකින් සල්ලිවත් හම්බෙනවද??? :confused::confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    රත්තරං මුතු මැණික් හැමතැනම නෑනේ. අගය නොදන්න කෙනෙක්ට හම්බවෙලා වැඩකුත් නෑනේ, අගය දැනගෙන හොයන හැමෝටම හම්බෙන්නෙත් නෑනේ. ඉතින් උබ ඔය කිව්ව ගැඹුරු දහම දේශනා කරන්න හැමෝම දන්නේ නෑ, දන්න අය අන්ධයෝ වගේ හැසිරෙන අයට දේශනා කරන්නෙත් නෑ. හොඳ මීටරයක් වෙලත් ඒවා අහන්න අවශ්‍යතාව තිබ්බට හම්බෙන්නෙත් නෑ. ඒකටත් පින තියෙන්න ඕනේ බන්. ඉතින් ඒ නිසා ගොඩක් ස්වාමීන්වහන්සේලා හැමෝටම තේරුම් ගන්න පුළුවන් පොඩි දෙයක් දේශනා කරලා ආපහු පන්සලට වඩිනවා.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    දැන් ලංකාවේ බෞද්ධ චැනල් වැහි වැහැලා ඒවාට එන ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නනේ ඉතිහාසය පාඩමයි සෞඛ්‍යය පාඩමයි විතරයි. බුදුන් දෙසූ දහමේ තියෙන්නේ ජාතක කතා සහ හොඳ පුරුදු ටික විතරද? , එතනින් එහා දෙයක් නැද්ද.?සූත්‍ර,ජාතක කතා,විමාන වස්තු(දේවත්වයට පත් වෙච්ච අය ගැන කතා) ,පෙරේත වස්තු (භූත,පෙරේත,පිසාචයො පත් වෙච්ච අය ගැන කතා )අභිධර්මය අටුවා කතා (බුද්ධඝෝස හාමුදුරුවො ලියපු කතා)

    ප්‍රසිද්ධ යැයි කියන මේ ස්වාමින් වහන්සේලා ගැඹුරු ධර්මය දේශනා කරන්නේ නැත්තේ ඇයි..?සමහර හාමුදුරුවෝ ගැඹුරු ධර්මට ගැන දන්නව සමහර හාමුදුරුවෝ දන්නෙ නැතිව ඇති. මුලින්ම අපි සරල දෙයින් පටන් ගන්න ඕනි.

    අනික අපි දන්නේ සිංහල විතරයි. එහෙව් එකේ පාලියෙන් බණ දෙසන්න හදන්නේ ඇයි..?

    නිවන් දකින්න පාලි ඕනිමද?
    එතකොට අපි පාලියෙන්ද නිවන් දකින්නේ.?
    සිංහලෙන් නිවන් දකින්න බැරිද.?

    සිංහල,පාලි කියල නැහැ නිවන් දකින්න පින් කරන්න ඕනි (හොද
    සිතුවිලි,හොදක්‍රියා) අධිෂ්ඨාණය තියෙන්න ඕනි,උත්සහය තියෙන්න ඕනි. කවි කියන කොටත් රහත් වෙච්ච අය ඉන්නවා

    භාවනා කරනවා කියලා ඇස් දෙක පියාගෙන ඉන්න සීන් එක විතරක්
    ඇයි.?ඇස්දෙක පියාගෙන භාවනා කරන්නෙ බාහිරින් පෙනෙන දේවල්
    මගහරින්න. උදා:- කාමය අවුස්සන දෙයක් පෙනුනොත් භාවනා කරල ඉවරයි නේද?

    ගැඹුරු භාවනා ක්‍රම අකැපද ?නැහැ. පලමුවෙන්ම මෛයිත්‍රී භාවනාවෙන් මුල පුරන්න ඕනි.
    නිවනක් හොයාගෙන බෝධිය වටේ කැරකෙන්න උගන්නවන්නේ ඇයි.?නිවන තියෙන්නෙ අප ලගමයි.

    අපිට දන්දෙන්න කියාලා උන් වහන්සේ ලා රැස් කරන්නේ අැයි..? එම
    හාමුදුරුවරු මාරගඵල නොලබල ඇති.

    දැන් මේවා කියන අපි ආගම් විරෝධි වුන්ද.? එහෙම නැහැ මං හිතන්නෙ මෙහෙම ප්‍රශ්ණ කරන්නත් ධර්මය ගැන ඉගෙනගන්න ආසාවක් තියෙන මනුස්සයන්ට ඇතිවන පොදු සිතුවිලි

    මහනායක උන්නාන්සේලා ඉන්නේ මොකටද ,?තම තමන්ගෙ නිකාය ගැන පාලන කටයුතු ඉදිරියට ගිනියන්න.රජයට උපදෙස් දීමට

    කවදාවත් ටීවි එකේවත් බණක් කියලා තියෙනවාද?තියෙනවා
    උන්වහන්සේලා බණ දන්නේ නැද්ද,? දන්නවා
    සිවුර ඇද ගත්ත අය කැම්පස් වල ඉන්නේ ඇයි..?ඉගෙනගන්න

    බුදුන් කවද්ද භික්ෂුවට කැම්පස් යන්න යැයි දේශනා කලේ..?ඕනෑම
    මනුෂ්්‍යයෙක්ට ඉගෙනීමේ අයිතිය ඇත.

    අතරහරින ධර්මය උගත යුතු අය සිවුර දාගෙන කැම්පස් වල රැස් කරන ධර්මය උගෙන්නේ ඇයි.?තම තමන්ගෙ ආසාවල් බුද්ධ ධර්මය ගැන ගැඹුරට ඉගෙනගන්නවා ඇති.බෞද්ධ ශිෂ්ධාචාරය,පාලි භාෂාව සංස්කෘත,විදේශීය භාෂා,

    එතකොට ඔවුනගෙයි අපෙයි වෙනස මොකක්ද,?හාමුදුරුවරු සිවුර දරා සිටිනවා (සසර ගමන නවත්වන්න උපදෙස් හා මාර්ගය පෙන්නනවා) අපි සසර ගමන දික් කර ගන්න ක්‍රියා කරනවා,(සිත,කය,වචනයෙන්)

    අපිට එතකොට ඔවුන් වැඳිය යුතුද? අප වදින්නේ බුදුපියාණන් දරාගෙනන සිටි උත්තම සිවුරටයි,අප ඉගෙනගෙගන තියෙනවා නේද?වැඩිහිටියන්ට වදින්න.වැන්දහමතත් පින් සිද්ධ වෙනව.ආනිසංස හම්බවෙනව(හොද ප්‍රතිඵල)
    ධර්මාශෝක අධ්‍යක්ෂණය කරපු නිර්ණාමික අය එඩිට් කරපු ධර්මයක් නේද අද අපි රසවිඳින්නේ?. මම බැලුවෙ නැහැ චිත්‍රපටිය. එක එම චිත්‍රපටියෙ අඩුපාඩු හොයන්න පුලුවන්නම් ඔයාට ධර්මය ගැන හොද අවබෝධයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. ප්‍රඥාවන්තයා හරි දේ තොරා බේරා ගන්නවා.
    මූ මෙ කියන්නෙ චිත්‍රපටියක් ගැන නෙමෙයි. මූ හිතන්නෙ තුන්වනි ධර්ම සංගායනාවෙදි අසෝක රජ්ජුරුවන්ගෙ දේශපාලන වුවමානාවට ධර්මය ව්කෘති කලා කියල.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,259
    3,839
    113
    ඔයා ඔය ගේන තර්ක බොහොමයක් අවුරුදු 500 ක් පරණ තර්ක. ප්‍රොතෙස්තන්ත්වාදීන් කතෝලික පල්ලියට ගෙනාපු විවේචන තමයි, ඇයි මේ සම්ප්‍රදායන් තියෙන්නෙ? ඒව ආගමට පරිබාහිර දේවල් නේද? ඇයි මේ ලතින් භාසාව? ඇයි බයිබලය තම තමන්ගේ බාසවලට පරිවර්තනය කරන්නෙ බැරි? ඔවුන් ඒක නිසාම තමනේ ප්‍රධාන authority එක බවට බයිබලය (Sola scriptura (Latin: by Scripture alone) is a Christian theological doctrine which holds that the Christian Scriptures are the sole infallible rule of faith and practice) පත්කරගත්තේ. ඔය තර්කේ ගේන්න කලින් ඒක නිසා ඔයගෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා ඒක නිසා අවුරුදු 500 පරණ මේ ඉතිහාසය දිහා බලන්න. reformation කියන ව්‍යාපාරය අන්තිමේදි සාර්ථක වුනාද. තමන්ගේ විමුක්තිය උදෙසා ඕන වෙන්නෙ බයිබලය විතරයි කියල විස්වාස කෙරුව අයට අමතක වෙච්ච දෙයක් තමයි වචන වලින් කියන්න බැරි ගොඩක් දේවල් සම්ප්‍රදායන් ඇතුලේ තියෙන්න පුළුවන් කියන එක.
    ඔයගේ අනෙක් විවේචනය ජනප්‍රිය බුද්ධාගම ගැඹුරු නෑ කියන එක. ඒකට මට දෙන්න තියන උත්තරය බහුතරයකට ගැඹුරු දේවල් ඕන නෑ කියන එක.
    හාමුදුරුවෝ විශ්ව විද්‍යාල වල සිටීම. ඒකනම් එක්තරා දුරකට ප්‍රශ්නයක්. හමුදුරුවෝ වැඩිදුර ඉගෙනීම ප්‍රස්නයක් නොවුනට බටහිර අධ්‍යාපනයෙන් හමුදුරුවන්ට වැඩක් තියනවද කියන එක තමයි ප්‍රශ්නය.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,386
    113
    Samanthabadra ge bana ahapan. wal pal naa surangana katha naa. lassanata pahadili karanwa darma karunu. Rallata bannnata kauruth ahala naa bana.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    බුදුන් ධර්මය දේශනා කළේ අසන්නාගේ ප‍්‍රඥාවට එම අවස්ථාවේ සිටින මානසික තත්වයට ගෝචරවෙන විදියටයි... උදා : අංගුලිමාල, ආලවක, පටාචාරා... සමූහ දේශනාවකදී සෑම කෙනෙකුටම තමන් අරභයා දේශනා කරනවා යැයි සිතන ආකාරයට... දැන් ඉන්න භික්ෂූන්ට එහෙම බැරිව ඇති... හැබැයි අඩුම තරමේ ඒ සඳහා උත්සහායක්වත් ගන්නා භික්ෂූන් විරලයි....

    නිවනට භාෂාවක්, ජාතියක්, ජන්මයක් නෑ.... නිවන යනු ශූන්‍යවීමයි.... ඇතිවන නැතිවෙන දෙයක් ඒකේ නෑ... නිවන යන කරා යන ගමන දුෂ්කරයි... ඒ සඳහා බුදු දහමේ ඉගැන්වෙන ආකාරයට මනා බුද්ධියෙන් පියවර ගණනාවක් පසුකෛාට අත්කරගත යුත්තක්...

    භාවනාවේ මූලික පදනම එළඹි සිහියෙන් කටයුතු කිරීමයි... ජීවිතයේ සෑම දෙයක්ම එළඹි සිහියෙන් කරනවා යනු භාවනාව පුහුණුවීමයි.... සරලම කටයුත්තේ සිට ඉතා ගැඹුරුම තැනට යන තෙක් භාවනා ක‍්‍රම ප‍්‍රගුණ කළ හැකියි.. ඒ සඳහා නිවැරදි මාර්ගෝපදේශයක් අවශ්‍යයි.... ඇස් පියාගෙන ඇරගෙන ඉඳගෙන හිටගෙන ආදි ඕනෑම ක‍්‍රමයකට භාවනාව වැඩිය හැකිය....

    බුදුන්ගේ දේශනාව අනුව ගස්, ගල්, පිළිම වන්දනයෙන් නිවන සාක්ෂාත් කරගත නොහැකිය... නමුදු ආගමක පැවැත්ම සඳහා මේවා පැවතිය යුතුය... වරද වී ඇත්තේ නූතන බෞද්ධයා බෝධි පූජාවෙන්, පිරිකර පූජාවෙන්, මෙගා ධාතු වන්දනාවෙන්, මල් පහන් දශලක්ෂ ගණන් පූජාවෙන් නිවනට ෂෝට් කට් හොයන එකයි.... වරකදී ආනන්ද තෙරුන්ට බුදුන් වහන්සේ දේශනා කළ පරිදි ”තමන් දෙස බලාගෙන ඊට ඇලී සිට ඔබට නිවන අවබෝධ කරගත නොහැකිය... අවබෝධයෙන් පිළිවෙත් පුරන්න”. ශ‍්‍රද්ධාව තුළින් ප‍්‍රඥාව උපදවා ගත යුතු වුවත් නූතන බෞද්ධයා ශ‍්‍රද්ධාව පමණක් මූලික කරගෙන අඳුරේ අතපත ගාමින් සිටිති.

    මම දවසේ පැය 24 ම ගෙවෛන්නේ අස්ගරි - මල්වතු විහාර දෙක අතරමැද..... මම කවදාවත්ම දැකල නෑ මා නාහිමිවරුන් මහ මග වඩිනවා.... උන්වහන්සේලා බොහො විට වැඩ ඉන්නේ පළතුරු වට්ටියක්, පිරිකරක් රැුගෙන පැමිණෙන් දේශපාලූවන්ගේ ”ඔව් නේද, නෑ නේඳ’ වැනි පිළිතුරු දීමට පමණක්දෝ කියල හිතෙනවා.... ශාසනික මෙහෙවර උන්වහන්සේලාද අකැප වී ඇති සෙයකි. අතිසුඛෝපභෝගි මාලිගාවල හුදකලා සිටුවරුන් සිටින්නේ යම් සේ ද එය මීට ද එලෙස ම අදාලය....

    නූතන භික්‍ෂුව ගැන කිව හැක්කේ ඔවුන් තවත් එක් ගිහි ඒකකයක් නියෝජනය කරන පිරිසක් බවට පත් වී හමාර බවය. ඔවුන් භික්‍ෂුවක් බව කිව හැක්කේ ඇග ලා සිටින සිවුරෙන් පමණි. කි‍්‍රයාවෙන් කතාවෙන් පෙනුමෙන් ඔවුන් තවත් එක් ගිහියෙක් පමණි.... කණගාටුවෙන් කිව හැක්කේ වර්තමානයේ බෞද්ධාගමට වැඩියෙන්ම වින කරන්නෝ භික්ෂුහුය..... ඔවුන් අරගල කරති.. දේශපාලනය කරති... ව්‍යාපාර කරති.... එබැවින් සිවුර ලා ගත් පමණින් ඔවුන් භික්ෂුන් නෙවෙයි...

    ලෝකයේ ප‍්‍රායෝගික වූත්, අර්ථවත් වූ ආගමක් වෙත් නම් එය බුද්ධාගම පමකි. එය ලෝක පූජි.ත පුද්ගලයින් පවා බොහෝ අවස්ථාවල කියපු කරුණක්.... අපට සිදුව ඇත්තේ අතට ගත් දෙය කටට දා ගැනීමට නොහැකිව විලම්බීතව සිටින එවුන්ගේ තත්වයට වැටී බකංනිලාගෙන සිටීමටය....

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Samanthabadra ge bana ahapan. wal pal naa surangana katha naa. lassanata pahadili karanwa darma karunu. Rallata bannnata kauruth ahala naa bana.

    මම ටිකක් අහනවා මේ දවස්වල ඒවා අහනකොට නම් හිතෙනවා ස්වාමින්වහන්සේ කියන්නේ ඇත්ත නේද කියලා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මාරම බෞද්ධ විරෝධයක් නේද??? උබලට මේවගෙන් මොනාද බන් හම්බෙන්නෙ...NGO එකකින් සල්ලිවත් හම්බෙනවද??? :confused::confused::confused:

    බෞද්ධ විරෝධී නෑ
    මේ සිස්ටම් එක ගැනයි විරෝධය තියෙන්නේ..