බොරු වසංගතයක් ඇතිකර යුදෙව්වන් බේරාගත් වෙ
බොරු වසංගතයක් ඇතිකර යුදෙව්වන් බේරාගත් වෙදතුමා
දෙවන ලෝක යුද්ධය අතරතුර යුදෙව්වන්ට අත්වූ ඉරණම ගැන අමුතුමෙන් කියන්න ඕනා නැනේ. ජර්මානුවන්ට හසුවුණු යුදෙව්වන් බොහෝමය, සයික්ලෝන් B තම අවසන් හුස්ම ලෙස ආස්වාස කලා.
මේ ජනඝාතන අතරතුර යුදෙව්වන් බේරාගැනිමට උත්සහ කල අයත් සිටියා.
මේ කියන්න යන්නේ එවන් කතාවක් ගැනයි.
ටයිෆස් (typhus) , බැක්ටිරියාවක් විසින් අැතිකරන මකුණන්, උකුණන් වැනි කුඩා කෘමින් විසින් ප්‍රචාරණය කරන උණ වසංගතයක්. අප කතා සමය වන, දෙවැනි ලෝක යුද්ධ සමයේදිද උණ වසංගතය පැතිර ගියා.
ප්‍රතිකාර නොමැති වීම, සනීපාරක්ෂාව අවම වීම වැනි හේතු නිසා වසංගතය දරුණු ලෙස පැතිරයන්නට වුනා. යුද්ධ තත්ත්වයක් පවතින අතරවාරයේ මෙවැනි වසංගතයක් පැතිර යෑම සම්බන්දව යුධ ප්‍රධානින්ගේ අවධානය නිතැතින්ම යොමු වෙනවා. ඉතා වේගයෙන් පැතිරෙන වසංගතය හමුදා කදවුරු වෙත ලගා වුවහොත් ඇතිවන දරුණු විපාක ගැන සැලකිලිමත් වූ නාසීන් තම සෙබලුන් මෙයින් ඈත් කරන්නට කටයුතු යෙදුවා.
වසංගතය පැතිර යන ප්‍රදේශ නිරෝධායනය සදහා වෙන්කලා. නාසි වදකාගාර වල සිටි ආසාධිත යුදෙව්වන් කුරිරු ලෙස ඝාතනය කලා. එහෙන්ම ආසාධිත යුදෙව්වන් නාසි වදකාගාර වෙත ගෙනඒමද පසුව නවතාදමනු ලැබුවා.
මේ රෝග බිය විසින්ම තවත් යුදෙව්වන් දහස්ගණනගේ ජිවිත බේරාගැනිමට සමත් වුනා.
ඒ වික්රමයට මුල් වූ වෛද්‍යතුමන් තමයි,
Eugene Lazowski
පෝලන්තයේදි මෙලොව එලිය දුටු, ඉයුජින් තම වෛද්‍ය උපාධිය ව‘සෝව් හී විශ්වවිද්‍යාලයකින් ලබාගන්නවා. පසුව පෝලන්ත හමුදාවට අනුයුක්තව සේවයේ කරනවා.ඔහු තම පවුලේ සමග Rozwadów හී ජිවත් හී ජිවිකාව කරනවා.
මේ සමයේදි තමයි දෙවැනි ලෝක යුද්ධය ඇරබෙන්නේ.පෝලන්තයේ යුදෙව්වන්ට අභාග්‍යසම්පන්න කාලයක් උදාවුනා. යුදෙව්වන් සිටිතැන් පීරා අල්වාගෙන නාසි කදවුරු වෙත යවනු ලැබුවා.
මේ සමයෙහි, තම වෛද්‍ය විද්‍යාල මිත්‍රයකු වන වෛද්‍ය Stanisław Matulewicz සමග සිදුකරන පරික්ෂණ වලදි නිරෝගි පුද්ගලයින්ට විදින එන්නතක් මගින් අදාල පුද්ගලයා ටයිෆස් රෝගයෙන් පෙලෙන බවට ව්‍යාජව නිරුපනය කිරිමේ හැකියාව ගැන ඔවුන් සොයාගැනිමක් කරනවා. මෙහි විශේෂත්වය නම් එන්නත්කරණයෙන් පසුව කිසිදු රෝගලක්ෂණයක් මතු නොවෙතත්, ටයිෆස් සදහා වන රුධිර පරික්ෂාවේදි රෝගය ඇති බවට තහවුරු වන ප්‍රතිපල පෙන්වීමයි. මෙය ව්‍යාජව ඇතිකරණ තත්ත්වයක්.
මෙය යුදෙව්වන් නාසි වදකයන්ගෙන් බේරාගැනිමට යොදාගැනිමට මොවුන් තීරණය කලා.
රෝගී යුදෙව්වන්ට නාසින් විසින් අමානුෂිකව සැලකුවද, යුදෙව්වන් නොවන ජනකොට්ඨාශ වල රෝගීන් වෙත යම් මානුෂික ස්වරුපයක් පේන්වූවා. එවැනි ජනයා වෙසෙන කලාපයක උණ වසංගතය පැතිරගියහොත්, තහනම් කලාපයක් බවට පත්කර නිරෝධායනය කිරිමට කටයුතු කලා.
වෛද්‍ය ඉයුජින් ජීවත් වූ ප්‍රදේශය අවට යුදෙව් ජනාවාස 12ක් තුල 8000 කට නොඅඩු යුදෙව් ගහනයක් ජීවත්ව තිබෙනවා. යුදෙව්වන්ට රෝගී වුනොත් වහාම මරා දමන නිසා, අදාල යුදෙව් ජනාවාස අවට සිටින යුදෙව් නොවන ජනයා හට ඉයුජින් විසින් එන්නත් ලබා දී බොරු වසංගතයක් ඇතිකලා.
රුධිර පරික්ෂණ වලින් පවා ඔප්පු වූයේ ඔවුන් ටයිෆස් වසංගතයෙන් පෙලෙන බවයි. නාසින් විසින් වහාම එම කලාප නිරෝධායනය කිරිම සදහා තහනම් කරනු ලැබුවා. මේ නිසා එහි ජීවත් වූ 8000 කට ආසන්න යුදෙව්වන් නාසි ඝාතකයන්ගෙන් බේරිමට වාසනාව ලැබුවා.
1958 වසරේදි ඇමරිකාවට සංක්‍රමණය වන වෛද්‍ය ඉයුජින් පසුව විශ්වවිද්‍යාල මහචාර්ය වරයකු ලෙස සේවය කරනවා. ඔහු තමන් විසින් තම මතකයන් My Private War ලෙසින් ප්‍රසිද්ධියට පත්කලා. 2006 වසරේදි සදහටම නෙත් පියාගත්තා.
ඉතිහාසය, දුෂ්ඨයන් ගැන කතා කරන තරමින්,
විටෙක වීරයන් ගැන කතා වන්නේ නැත!
වෛද්‍ය ඉයුජින් එයට හොදම නිදසුනකි!
- රොෂීන් ප්‍රනාන්දු
ජනේලය බ්ලොග් අඩවිය