මංගලගේ පෝය සිරිත්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මංගලගේ පෝය සිරිත්

මංගල සමරවීර කියන කතාව ඇත්ත. මිනිසුන් යම් පිරිසක් පෝයදාට කලින් ද මත්පැන් මිළ දී ගන්නවා. ඒ පෝයදාට බොන්න කියන එකත් කවුරුත් දන්නවා. ඒත් මංගල එන්නෙ මොකාට ද කියලා කාටත් පාහේ තේරෙනවා. ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැ. මංගලගෙ ගෙදර මත්පැන් තියෙනව ද කියලා මා දන්නෙ නැහැ. බොහෝ මන්ත්‍රීවරු මත්පැන් පානය කරනවා. සමහරුන්ගෙ ගෙවල්වල චූල අවන්හල් තියෙනවා. ඒවාට මිනි බාර් කියලා ආඩම්බරෙන් කියනවා. ඔවුන් පෝයදාට බොනව ද නැද්ද කියන්න මා දන්නෙ නැහැ. සමහරවිට විදග්ධයන් වගේ මධුවිත තොල ගානවා ඇති.

මංගලට හා වෙනත් එවැනි අයට තියෙන ප්‍රශ්නය මෙරට සිංහල බෞද්ධ රටක් වීම. එය වෙනස් කරන්න මංගල විතරක් නොවෙයි රනිල් ජයම්පති සුමන්තිරන් ආදීන් උත්සාහ ගන්නවා. ව්‍යවස්ථාව මගින් එය කරන්න බටහිරයන් ද ඉන්දියාව ද ආණ්ඩුවට ආධාර කරනවා. සුමන්තිරන් ඊයෙ පෙරේදාත් කියලා තිබුණ මේ ආණ්ඩුව පත් කර ගත්තෙ ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න බවත් ආණ්ඩුව ඒ සඳහා කටයුතු කරන බවත්. අප මුල සිට ම කී දේ තාමත් බොහෝ අයට තේරෙන්නෙ නැහැ. සුමන්තිරන් කියන දේවත් තේරුම් ගන්න බලන්න.

මෙරට සිංහල බෞද්ධයන්ගෙන් අති විශාල බහුතරය දැන් පන්සිල් රකින්නෙ නැති බව ඇත්ත. අද රටේ ආධ්‍යාත්මික ශක්තිය හොඳට ම පිරිහිලා. ආධ්‍යාත්මික ශක්තිය ගැන කිව්වත් අද හිනහ වෙනවා. ඒ පඬි පෝතකයන් පමණක් නො වෙයි. අපේ දේ රැක ගන්නවා කියන ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදියොත් ආධ්‍යාත්මික ශක්තියට හිනහ වෙනවා. ඔවුන් දැන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට ආණ්ඩුව පෙරළීම සඳහා කටයුතු කරන උදර පුරුෂයන් වෙලා. ඒ කොහොම වෙතත් මෙරට තවමත් සිංහල බෞද්ධ රටක් වීම බුදු පිළිම වහන්සේලා බෙල්ලෙන් අල්ලපු මංගලට ප්‍රශ්නයක් වෙලා. ඒත් බටහිර රටවල් ක්‍රිස්තියානි වීම මේ කාටවත් ප්‍රශ්නයක් නො වෙයි.

එක්සත් රාජ්‍ය ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. පහුගිය අවුරුදුවල ධවල මන්දිරයේ රාමලාන් උත්සව පවත්වා තිබෙනවා. ඒත් මෙවර ට්‍රම්ප් එය නැවැත්තුවා. ලංකාවේ එක්සත් රාජ්‍ය තානාපති කාර්යාලයත් මෙවර රාමලාන් උත්සවය පැවැත්තුවේ නැහැ. මේ සම්බන්ධයෙන් ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් කතා කෙළේ නැහැ. මුස්ලිම් භක්තියන්වත් කතා කෙළේ නැහැ. හකීම් හා අනෙක් මුස්ලිම් ඇමතිවරුන් මුනිවරුන් නොවුවත් මුනිවත රැක්කා. බැරි වෙලාවත් ලංකාවෙ අගමැති හිටපු ජනාධිපති ආදීන් රාමලාන් උත්සවය පැවැත්තුවෙ නැත්තන් මොනව වෙන්න තිබුණ ද? ආගමික සහජීවනය, සිංහල බෞද්ධ ආධිපත්‍යය (ඊනියා ස්වොත්තමවාදය) ආදිය ගැන සකලවිධ පඬියන් තොරතෝංචියක් නැතිව කතා කරන්න තිබුණා.

ඉස්සර මේ රටේ හතර පෝය තිබුණා. දැනුත් තියෙනවා. ඒත් දැන් අප හතර පෝය තබා පසළොස්වක පෝයවත් දන්නෙ නැහැ. ආණ්ඩුව පෝයට නිවාඩු දෙන නිසා පෝය ගැන දන්නවා. පෝය නිවාඩුව ඊනියා සංහිඳියාවට බාධාවක්. බෞද්ධයනට වැඩියෙන් නිවාඩු දීම ප්‍රජාතන්ත්‍රවාදයට හරි නැහැ. ඒක වෙනස් කරන්න මංගලයි ආණ්ඩුවයි උත්සාහ කරනවා. පෙරහැරේ අලි ඇතුන් ගෙන යෑමට විරුද්ධව සත්ව කරුණාවක් පහළ වුණෙ නිකමට ද? ඒ පඬියන් සත්වොද්‍යාන නමින් සතුන් කොටු කරන්. ඒවා සත්ව කරුණාවට අහුවෙන්නෙ නැත්තෙ ඇයි? සත්වොද්‍යාන නැති කිරීමට බෞද්ධයන් එකඟ වෙයි ද? එහෙම කළොත් ළමයින්ට සතුන් පෙන්නන්නෙ කොහෙ දි ද? අනේ මෙහෙම කරුණාවක්! අද අප සතුන් බලන්න එහෙ මෙහ යනවා. අප ලබන ආත්මෙදි සතුන් වුණොත් අපවත් බලන්න ඒවි. ඒකත් එකක්.

සාමාන්‍යයෙන් පන්සිල් රකින බෞද්ධයන් හතර පෝයට එයටත් වඩා සිල්වත් විය යුතු ය කියා මතයක් රටේ තිබුණා. මංගලට සිල්වත්කම වදයක් වෙන්න පුළුවන්. ඒත් සිංහල බෞද්ධයන් දාන සීල භාවනා ගැන හා සීල සමාධි ප්‍රඥාව ගැන කතා කරපු අය. සීලය බෞද්ධයන්ට වැදගත්. සීලයක් නැතිව ප්‍රඥාවක් නැහැ. ඒ බටහිරයන් කතාකරන ප්‍රඥාව නො වෙයි. අද බටහිර විද්‍යාඥයකු වීමට (එවැන්නන් සිංහල බෞද්ධයන් අතර නැහැ) සීලය අවශ්‍ය නැහැ. මා දන්නා ඇතැම් බෞද්ධ පඬියන් නිවන ගැන කතා කරන්නෙ මත්පැන් පානයෙන් පස්සෙ. අප බටහිර අධ්‍යාපනයෙන් වල්මත් වෙලා.

පෝයට ගොවියන් වැඩ නොකෙරුවෙ වැරදීමකින්වත් උදලු පාරකින් ගැඩවිලකුවත් මිය යාවිය කියා. උදලු පාර ගැහීමෙහිි ප්‍රාණඝාත චේතනාවක් නැති වුවත් සිංහල බෞද්ධයන් එපමණට පෝයදාට පරෙස්සම් වෙලා තවත් සිල්වත් වෙන්න හැදුව. සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගිලා තිබුණෙ නිවනට සාපේක්‍ෂව. නිවන් අවබෝධයට සුදුසු ම පළමු මග සිල්වත් වීම. ඒත් අද මාත් නිවන ගැන තර්ක කරනවා. මට නිවන බොහෝ දුර බව මා දන්නවා. මා පන්සිල් රැක්කත් අවශ්‍ය තරමට සිල්වත් නැහැ. පඬියන්ගෙ කතා ඇහුව ම මට ද්වේෂයක් ඇති වෙනවා. පෝයදාට මා පඬි කතා ඇසීමෙන් වළකිනවා.

සිංහල බෞද්ධයන් සාමාන්‍යයෙන් සිල්වත් විය යුතු අතර පෝයදාට වඩාත් සිල්වත් වෙන්න බලනවා. එදාට ගිහි විනය තරමක් දුරටවත් යති විනයට සමීප කිරීමට උත්සාහ කරනවා. එහෙත් සතර අපාය නැතැයි කියන බෞද්ධ උගතුන්ට යති විනය තබා ගිහි විනයවත් අවශ්‍ය නැහැ. ඔවුන්ට අනුව සියල්ල මරණයෙන් කෙළවර වෙනවා. අප කල්පනා නොකළාට තිරිසන් සතුන් අපායක ඉන්නා අපේ සසර ගමනේ සගයන්. අප පෝයදාට ඒ සතුන් බලා විනෝද වන්නේ කොහොම ද? ඒ සඳහා ඊනියා ට්‍රිප් යන්නේ කොහොම ද? අප කළ යුත්තේ තිරිසන් සතුන්ට මෛත්‍රි කිරීමයි. පෙරහැරේ අලින්ටත් අප මෛත්‍රි කරනවා.

මංගලට ඔය කියන කිසි දෙයක් තේරෙන්නෙ නැහැ. ඔහුට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂත්වය නැති කිරීමට. රනිල්ට මලික්ට රවිට ආදී ඇමතිවරුන්ටත් සුමන්තිරන්ලාටත් අවශ්‍ය ඒක. මෛත්‍රිපාලටත් එය අවශ්‍ය ද?

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූලි 02
 
yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වයිටා, උඹවත් මේ මනුස්සයට ලියන්න මාතෘකා හොයල ඇරපන්. එන්න එන්නම ඔහේ මොනවා හරි ලියල දාන විදිහක් තමයි පේන්නෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වයිටා, උඹවත් මේ මනුස්සයට ලියන්න මාතෘකා හොයල ඇරපන්. එන්න එන්නම ඔහේ මොනවා හරි ලියල දාන විදිහක් තමයි පේන්නෙ.

    වයිට්වෝකරයා වගේ කිරියේ ඉන්නේ නලින්ද සිල්වා වෙන්න බැරිද
     
    වයිටා, උඹවත් මේ මනුස්සයට ලියන්න මාතෘකා හොයල ඇරපන්. එන්න එන්නම ඔහේ මොනවා හරි ලියල දාන විදිහක් තමයි පේන්නෙ.

    කවුද බන් මේ
    අනික මොකද මූ පුක දීගෙන උගේ පෝස් සෙයාර් කරන්නේ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Podi Silva - පොඩි සිල්වා;21889704 said:
    කවුද බන් මේ
    අනික මොකද මූ පුක දීගෙන උගේ පෝස් සෙයාර් කරන්නේ

    මන් හිතන්නෙ වයිටා මහාචාර්යතුමාගෙ දාර්ශනික අදහස් අනුමත කරන අනුගාමිකයෙක් වෙන්න ඇති.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,032
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මන් හිතන්නෙ වයිටා මහාචාර්යතුමාගෙ දාර්ශනික අදහස් අනුමත කරන අනුගාමිකයෙක් වෙන්න ඇති.

    වයිටා නලින්ම තමයි. තේරෙන්නෙ නැද්ද නට් දෙක තුනක් බුරුල් වෙච්ච එකෙක් කියල :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පෝය දවසේ බොන්නේ නෑ කියලා ලංකාවේ මිනිස්සු හරි වීනීතයි,සුවූනිතයි.ලංකාව දියුනුයි. සංවර්ධිතයි.රට සරු සාරයි. පිරිත් කියන නිසා නිතරම රට සංවර්ධනය වෙනවා.උද්දමනය අඩු වෙනවා.රුපියල උඩ යනවා. ඩෙංගු නිවාරනය වෙනවා. කරදර නැතුව ගෑනුන්ට බබාල හම්බ වෙනවා.ලෙඩ නැතිවෙනවා.සිංහලයො මොලේ දියුනු වෙනවා

    උඹල කියනකන් මීටර් උනේ නෑ :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් නලින් ද සිල්වගෙ අනුගාමිකයෙක් තමා එතුමා කියල 99%කට වඩා දේවල් වලට එකඟයි :angry: ලියන්න දේවල් කියල ඊමේල් එකක් දැම්ම reply එකක්වත් නෑ :(
     
    මන් හිතන්නෙ වයිටා මහාචාර්යතුමාගෙ දාර්ශනික අදහස් අනුමත කරන අනුගාමිකයෙක් වෙන්න ඇති.

    කවුද එතකොට නලින්

    වයිටා නලින්ම තමයි. තේරෙන්නෙ නැද්ද නට් දෙක තුනක් බුරුල් වෙච්ච එකෙක් කියල :lol:

    මටත් හිතෙනවා දෙන්නගෙම එක සමාන මෝල් ගති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් නලින් ද සිල්වගෙ අනුගාමිකයෙක් තමා එතුමා කියල 99%කට වඩා දේවල් වලට එකඟයි :angry: ලියන්න දේවල් කියල ඊමේල් එකක් දැම්ම reply එකක්වත් නෑ :(
    ලෙමන් පෆ් එකකුයි ඔරෙන්ජන් බාර්ලි බෝතලෙකුයි අරන් ගෙදරට පලයන් හම්බවෙන්න :yes: එතුමා ඊමේල් බලන්නේ නැතුව ඇති
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෙමන් පෆ් එකකුයි ඔරෙන්ජන් බාර්ලි බෝතලෙකුයි අරන් ගෙදරට පලයන් හම්බවෙන්න :yes: එතුමා ඊමේල් බලන්නේ නැතුව ඇති

    ඊමේල් බලන්නැත්තං පඬියො අරක කියල email කලා මේක කියල email කලා කිය කිය ලිපි වල ඕනෙ තරම් ඔය බනින්නෙ :sorry: