ටැග් ටික දැක්කම දෙයක් කියන්න හිතුනා...
අවුරුදු ගානක් හම්බුකරල ලක්ෂ ගානක් පැය 4,5 කින් වියදම් කරද්දි හිතට ගොඩක් අප්සෙට් වගේ හිතෙනව වෙඩින් එක ප්ලෑන් කරද්දි...අතේ රැපියල් 1,090 ක් තියෙනවනන් නීත්‍යානුකූල විදිහට කසාද බදින්න පුලුවන් රටේ ලක්ෂ 10-12 වියදම් කරන එක සමහර විට පිස්සුවක් වගේ හිතෙයි මුලදි. හැබැයි කොහොම හරි අමාරුවෙන් වැඩ ටික කරගත්තට පස්සේ හිතට සැනසීමක් ලැබෙයි. වියදම් කරපු සල්ලි අපරාදේ කියන සිතුවිල්ල අයින් වෙයි. මොකද හොරෙන් පැනල ගිහින් හරි, ප්‍රසිද්ධියෙ ගිහින් හරි රෙජිස්ටර් කරල යනවට වඩා මේ ලෝකෙ හැම කෙල්ලෙක්ම කැමති මනමාලියක් වගේ ඇදල හැමෝම ඉස්සරහ කසාද බදින්න.. තීරණය උඹලගෙ අතේ රුපියල් 1,090 ද නැත්නන් ලක්ෂ ගණන් පැය 4,5 කින් වියදම් කරනවද කියල
වියදම් අඩු කරන්න මෙන්න තවත් එලකිරි අයිඩියා එකක්...උඹලගේ මගුල් ගෙදර -උඹලගෙ දවස බාර් එකක් කරගන්න එපා... වලි පොට් එකක් කරගන්න එපා..කොටින්ම කිව්වොත් බොන්න දෙන්න එපා..
ඒකෙන් ඇගට දැනෙන ලොකු ගානක් ඉතුරු වෙනව වගේම හිතට දැනෙන සැනසීමක් ලැබෙනවා. පොඩ්ඩක් හිතපන්.. කවුරු හරි කාලකන්නි ඩයල් එකක් බීල කොර වෙලා මොකක් හරි සීන් එකක් දැම්මොත් උඹ වියදම් කරල අමාරුවෙන් ලස්සනට කරගෙන යන පාර්ටි එක කෙලවෙනව නේද? බිව්වම සමහරුන්ට උතුර දකුන මාරු වෙනවා. නැති අඩුපාඩු පේනවා. ගොඩක් වෙලාවට කාලෙකට පස්සේ නෑදෑයෝ සෙට් වෙන නිසා නොගැලපීම් තියෙන්න පුලුවන්.. බිව්වට පස්සේ අයියල චන්ඩි වෙනවා. එහෙම අවස්ථාවක පොඩ්ඩක් හරි වචනයක් එහෙ මෙහෙ වුනොත් උඹේ මගුල අවමගුලක් වගේ වෙයි. මම කියන්නෙ බොන්න දෙන්න එපා.... ලස්සනට කරගෙන යන වැඩේ චා කරන්න කොහෙවත් ඉන්න එවුන්ට ඉඩ දෙන්න එපා