මගෙ පූස් පැටිය ♥

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මගෙ පූස් පැටිය ♥

අපේ පූසො දෙන්න මැරිල දැන් අවුරුදු 10ක් විතර වෙනව මට තාම උන් ඇවිල්ල ඉන්නව හීනෙන් පේනව බං :( :(
පෙලක් වෙලාවට උන් මාව අඳුරන්නෑ මං ලඟට යද්දි දුවනව :( :(
පෙලක් වෙලාවට උන් වහලෙ දිගේ බිත්ති දිගේ යනව :( :(
ඊට පස්සෙ බල්ලෙක් හැදුව බල්ලො අල්ලන්නෑ :no::no:
උන්ගෙ පූසන්ගෙ වගේ ගතියක් නෑ බුරන්න විතරයි පුලුවන්:( :(


මං පොඩි කාලෙ අලුත් අවුරුද්දට අම්මටයි තාත්තටයි බුලත් දීල ඉවර වෙලා පූසටත් බුලත් දීල වැන්ද ඕක අම්මට කිව්වාම බැන්න :( :(
පූසට තේරෙන්නෙත් නෑ මේ මොකෑ වෙන්නෙ කියල ඌ බලං ඉන්නව :( :(
පස්සෙ කාලෙක ඌ කාලම තමා බෙහෙත් විද්දෙ :( :(


අපේ ගෙදර එක පූසෙක් හිටිය උගෙ පදිංචිය මෙහෙම තමා. උගෙ සහෝදරයට තමා මං වැඩියෙන්ම ආස ගෙදර හිටිය එකාට වඩා ඌ හෙන හැඩි දැඩි දරුණු පූස. ඌ මෙහෙන් වැඩිය කන්නෙ බොන්නෙත් නෑ වටේම ගිහිං කාල මෙහෙට එන්නෙ ඔලුව අතගාගන්න විතරයි මං හැමදාම වගේ ඌව අතගෑව. අන්තිමට ඌව පණපිටිං දැකපු දවසෙ වෙන වැඩක හිටියෙ මං ඌව ගනං ගත්තෙ නෑ ඌත් මාව දැක්කෙ නෑ වගේ ගියා එදායිං පස්සෙ ආගිය අතක් නෑ :( :(

හැබැයි ඊට කලිනුත් අවස්ථා වල මං ඌව ගනං ගන්නැතුව ඉඳල තියෙනව ඒත් ඌ නොඑන්නම ගියෙ නෑ සති දෙක තුනකට පස්සෙ හරි ආව :( :(
ඒත් එදා අපරාදෙ මං නිකං හරි උගෙ ඔලුව අතගෑව නං ඌ සමහර විට මැරෙන්න කලිං අමාරු වෙලා හරි මේ පැත්තෙන් යන්න තිබ්බ මට දැකල මොනාම හරි කරන්න තිබ්බ :( :(


එක පාරක් පූසගෙ ඔලුවෙ තුවාලයක් පැසවල බෙහෙත් ගේන්න අරං යන්න ඕනෙ වුනා. බිස්කට් පෙට්ටියක් අරං අර වෙල්ඩිං කරද්දි දාන හයිය ග්ලෞස් දාගෙන අරං ගියෙ පූස වුනාට ඌව ග්ලෞස් දාලත් මෙල්ල කරන්න මාර අමාරුයි. පෙට්ටිය ඉරනව මගෙ කකුලෙ හොඳට ගැඹුරු කානුවක් කැපුව නියපොත්තෙන් හූරල :love: :love:
එතකොට එක පාරක් පූස කවාගෙන කියන්න ගිහිං බැනුම් අහල අත්දැකීම් තිබ්බ බෙහෙත් විදින්න යන්නවත් මොකවත් කිව්වෙ නෑ පිස්සු හැදෙනව නං හැදෙන්නැතෑ කියල නිකං හිටිය. තාම මොකුත් වුන්නෑ :no: :no:
එච්චර කෑවත් කවදාවත් ඒ පූසට ගහන්නවත් හිතිල නෑ :no::no:


එක පාරක් මං පඩිය උඩ ඉඳගෙන ඉන්දැද්දි මූ ඇවිල්ල මගෙ කකුලට චූ කල්ල ගියා :D :D
උට අපි උගෙ වහල්ලු විතරයි උට හිතෙන ඕනෙ දෙයක් ඌ කරනව කව්ද කියල බලන්නෑ හෙන ආඩම්බරකාරය :( :(


දෙල් ගහ ගාව තිබ්බ අකුලෙ කුප්පමේණිය ගස් පිරිල ඒ කාලෙ. මං ඒ හරියට යද්දි මූ දූවගෙන එනව මට කියල කුප්පමේනිය ගහක් ගලෝගන්න. :( :(
ඉතිං ගලෝල දෙනව ඌ ටිකක් වෙලා ඒකත් එක්ක හුරතල් වෙලා ගහ දාල යන්න යනව :( :(
මං ඒ කාලෙ පූසො දෙන්න වෙනුවෙන්ම කුප්පමේනිය පාත්තියකුත් දැම්ම හරිගියෙ නෑ :no: :no:


මූ දවසක් වෙන පූසෙක් එක්ක පොර කාල ඌත් එක්ක අපේ දිහාට දිව්ව. මං අනික් පූසව පැන්නුව මුගෙ නැට්ට පිම්බිලා මං ඉතිං පිම්බිලා තිබ්බ නැට්ට අතගෑව මූ එකපාරට හැපුව ඇඟිල්ල :love: :love:
එතකොට මං 4 හරි 3 හරි එදා තමා සතෙක් කාල බෙහෙත් විදගත්ත මුල්ම සහ 1ම වතාව. :( :(
අත් දෙකටම දවසක් ඇර දවසක් සතියක් වගේ යනකං බෙහෙත් විද්ද :( :(
ඊට පස්සෙ මූ ඕනෙ තරං ලේ එන්න කෑව කෑව කියල දන්නෙ මායි පූසයි විතරයි :( :(


මූ සමපෝශ කන්න ආසයි එක දවසක් මං කාල ඉවර වෙලා අත හෝදන්න යනකොට තමා පූස ආවෙ මට පව් කියල හිතුන අතේ සමපෝශ ගෑවිලා තියෙනවනෙ මං ඌ ඇඟිල්ලත් එක්ක කයිද බලන්න අද දුන්න ඌ ඒත් ඇඟිල්ල කෑවෙ නෑ ඉව කල්ල අත ලෙවකෑව :love: :love:
සෙල්ලමටයි නැට්ට අතගාන්නයි ගිහිං කවාගත්තට ඌ එහෙම කෑමත් එක්ක දුන්නට අත හපන්නෙ නෑ :love: :love:


දවසක් මූ දෙල් ගහ ගාව අකුලට වෙලා මොකක්ද දිහා බලං පිඹිනව. බැලින්නං නයා වෙලාවට දැක්කෙ නයාව එලෙව්ව මං පූසව අල්ලගත්ත නැත්තං ඌ එදා නයා ගහල මැරෙන්නෙ :( :(
ඊට පස්සෙ දවසක මුගෙ පස්සෙන් කබරය එනව මූ දන්නෑ ඒත් කෑගහල පූසව එලෝල බේරගත්තෙ :( :(


එතකොට කිරිපැකට් එකක් මයිලෝ එකක් එහෙම ගත්තාම මං බාගයක්ම දෙන්නෙ පූසට :love: :love:
ඌ පොල්තෙල් බොන්නත් මාර ආසයි කොහොල්ල ගාගත්තාම එහෙම අතේ පයේ පොල් තෙල් ගගා අරින්න පොඩි කප් එකකට පොල් තෙල් අරං මං පඩියක් උඩ ඉඳගත්තාම මූ ලඟට ඇවිල්ල පොල් තෙල් ටික බොනව :love: :love:
මූ පරිප්පු එක්ක තියෙන රම්ප කොල එහෙම දුන්නාම රම්ප කොලේ පිටිංම කනව. කරපිංචත් කෑව. :love: :love:
බිස්කට් ටින් එක එහෙම අරිද්දි මුට සද්දෙ ඇහුනොත් ඉවරයි දූවගෙන එනව :love: :love:


මං තාමත් ආසයි බං අර පූසො මගුල් හොයන්න මුයෑවෝ මුයෑවෝ ගාන සද්දෙටයි උන් පොරකද්දි හෙන හයියෙන් කෑගහන සද්දෙටයි :love: :love:
වැඩිහිටියො නං බයිනව හෙන මූසලයි කියල මට නං මේ ලෝකෙ සත්තු කෑගහන සද්ද වලිං ලස්සනම ඒ සද්ද දෙක කොහා කෑගහනවවත් මෙච්චර ලස්සන නෑ :no: :no:
මූ ඉන්න කාලෙ සතියකට දෙතුන් වතාවක් පොරකනවමයි :love: :love:
අනේ එහෙම පොර කකා ගහක් ගලක් වගේ හිටපු පූස් තඩිය :( :(


පූස් තඩිය කිව්වාමයි මතක් වුනේ අම්ම තාත්ත අවට හැමෝම වගේ මූ හෙන තඩි පූසෙක් කියලකිව්වෙ. ඇත්ත තමා හොඳට ඇඟපත තිබ්බ. ඒත් මට කවදාවත් ඌ තඩි පූසෙක් වගේ පෙනුනෙ නෑ :no: :no:
පොඩි කාලෙ ඉඳන්ම කොච්චර ලොකු වුනත් මට පෙනුනෙ ඌ පූස් පැටියෙක් වගේ :love: :love:
පෙලක් වෙලාවට උට පූස් තඩිය කියන අය එක්ක තරහත් ගියා මූ ඒ හැටි ලොකු වෙලත් නෑ ඒත් පූස් පැටිය කියන්නෑ කියල :( :(
මං උගෙන් තමා තේරුම් ගත්තෙ අම්මලට ලමයි ලොකු වුනාට හැමදාම ලමයි වගේ පේනව ඇත්තෙ කොහොමද කියල :( :(
මටත් ඌ ඉපදුන දා ඉඳන් අන්තිමට දැකපු දා වෙනකංම පූස් පැටිය :( :(
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මුගෙ සහෝදරය අපේ ගෙදර හිටිය පූස වෙල පැත්තෙ ඉඳන් ඇවිල්ල ඌ ඇවිල්ල තියෙන්නෙ සර්පයෙක් ගහල :( :(
ගෙදර ටීවි එක තියල තිබ්බ ස්ටෑන්ඩ් එක යට වලක් වගේ තිබ්බ මූ මේකෙ බැහැල දවල්ට නිදාගන්නව :love: :love:
මං කලේ ඒකට පත්තර කොල එහෙම දාල හොඳට සැපට හදල දුන්න ඌ සර්පය ගහලත් එතන හොයාගෙන ඇවිත් තියෙන්නෙ :( :(
හුස්ම ගන්න අමාරු වෙලා සෙම දාන්න අරං ලඟට යනකොට හූරන්න කන්න හදල මොකවත් කරගන්න බෑ ඌ එහෙම්ම ටිකක් වෙලා විඳෝල සෙම දාල මැරිල ගිහිං :( :(
මං ගෙදර නෑ එදා විභාගෙ :( :(
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඕක වෙලා මාස තුනකට වගේ පස්සෙ තමා මං වැඩියෙන්ම ආසාවෙන් හිටපු තඩි පූස් පැටිය ආගිය අතක් නැතිවුනේ :( :(
ඒ දෙකෙන් පස්සෙ මට සත්තු එපා වුනා :no: :no:
ගෙදර බල්ලෙක් ඉන්නව මං උට කතා කරන්නෙවත් නෑ ලඟට ආවොත් කකුලෙන් ඔලුව පොඩ්ඩක් අතගානව එච්චරයි බැඳීම ශක්තිමත් කරගන්න හොඳ නෑ :no: :no:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඌ ලෙවකකා නානකොට එතනිං අත තියනව එතකොට ඌ අතත් ලෙවකනව :love: :love:
පූසගෙ දිව මාර ගොරෝසුයි :love: :love:
අත අහකට ගන්නකං ටිකක් වෙලා ඌ ලෙවකනව :love: :love:
පෙලක් වෙලාවට ඇවිත් කකුලත් ලෙවකනව :love: :love:
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මටත් දුක දැනුන බං........අපේ ගෙදරත් ඉන්නව

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං පූසව උස්සල වහලෙ උඩට විසික් කරනව එකෙක් නං භයයි ඒ අර සර්පය ගහල මැරුණ එකා අනික් එකාට ගානක්වත් නෑ ඔහේ බලං ඉන්නව වහලෙ උඩම ඉඳගන්නව ඌ සුපුරුදු පරිදි නාන්න පටං ගන්නව :love: :love:
    මං ඉතිං බිමට ගන්න අත් දෙක දික් කරං බලං ඉඳල ඉඳල යනව ඌ ටිකකිං මහ උසක් නෙමේ වගේ බිමට පනිනව :love: :love:
    ඊට පස්සෙ මූ වහලෙට තියෙන පොල් පැලේකිං තනියම වහලෙට නගින්න පුරුදු වුනා :love: :love:
    දවසක් කුස්සියෙ බිස්කට් ටින් එක අරිනකොට මූ උඩ ඉඳං කෑගහනව දුම් කවුලුවෙන් ඔලුව දාගෙන :love: :love:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මං පූසව උස්සල වහලෙ උඩට විසික් කරනව එකෙක් නං භයයි ඒ අර සර්පය ගහල මැරුණ එකා අනික් එකාට ගානක්වත් නෑ ඔහේ බලං ඉන්නව වහලෙ උඩම ඉඳගන්නව ඌ සුපුරුදු පරිදි නාන්න පටං ගන්නව :love: :love:
    මං ඉතිං බිමට ගන්න අත් දෙක දික් කරං බලං ඉඳල ඉඳල යනව ඌ ටිකකිං මහ උසක් නෙමේ වගේ බිමට පනිනව :love: :love:
    ඊට පස්සෙ මූ වහලෙට තියෙන පොල් පැලේකිං තනියම වහලෙට නගින්න පුරුදු වුනා :love: :love:
    දවසක් කුස්සියෙ බිස්කට් ටින් එක අරිනකොට මූ උඩ ඉඳං කෑගහනව දුම් කවුලුවෙන් ඔලුව දාගෙන :love: :love:

    මාත් පූසව නාවපුවම වහලෙට විසිකරනව
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    AI එකේ වගේ පූසව ආයෙත් පණ ගන්වන්න පුලුවන්නං එක දවසක් ඌත් එක්ක ජීවත් වෙලා මැරිල යන්න හරි උෟව හදාගන්නව ඒත් උගෙ මවිල් ගහක්වත් මොකවත් නෑ :( :(
    ආයෙ ඌ කවදාවත් එන්නෑ මං පණ පිටිං ඉන්නකං ඌව මතක තියෙයි මාත් මැරිල ගියාට පස්සෙ ඌත් මේ ලෝකෙ ඉඳල මැරිල ගිය තවත් එක සතෙක් විතරයි :( :(
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මේ ඉන්නේ මගේ පුසී ,දැන් පැටවුන් 5 දෙනෙක්ගේ අම්මා

    18033362_1277895515592469_4581917060511755197_n.jpg


    18011023_1277895495592471_7515015988366401217_n.jpg


    හරිම දුකයි සහෝ ......!:(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Dan ඉන්න එකාට කලින් හිටියේ තනි සුදු පූසෙක් ... ගොඩක් වෙලාවට මම ඌට කෑම දාල එද්දී ඌ කෑම පැත්තක දාල මගේ පස්සෙන් එනව...:love: :(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එතකොට එක පාරක් පූස කවාගෙන කියන්න ගිහිං බැනුම් අහල අත්දැකීම් තිබ්බ බෙහෙත් විදින්න යන්නවත් මොකවත් කිව්වෙ නෑ පිස්සු හැදෙනව නං හැදෙන්නැතෑ කියල නිකං හිටිය. තාම මොකුත් වුන්නෑ :no: :no:

    නැත්තේ නැ උබට පිස්සු හැදිලා තමයි උබ දන්නේ නැති වුනාට :lol::lol::P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හරිම දුකයි බන්
    මගෙත් පූසෝ සැහෙන ගානක් හිටියා
    උන් ඔක්කොම මලා විවිද හේතු හින්දා
    මටත් උඹ වගේම කියනවා නම් කියන්න ගොඩක් දේවල් තියෙනව පූසෝ ගැන
    එත් අයි අයි මතක් කරද්දී දුකයි
    උබ කියන්නා වගේම අළුපාට ලොකු පූසෙක් හිටියා මගේ පොඩි කාලේ

    මගේ කලකන්නිකමට මම උව ගම දාලා අපි එද්දී එහෙ තියලා ආව
    මට තේරුමක් තිබ්බේ න බන්
    ගෙදර බදු ඔක්කොම ලොරියට පටොල ගෙදර දොරවල් වහන් එද්දී මු තනියම ගේ මැද්දට වෙලා බලන් ඉන්නවා වැඩි වෙලා
    මට මෙතනින් එහාට කියන්න හ්ටිහෙන්නේ නෑ බන්
    එතරමට මතකවෙනකොට දුකයි
    මන් ජීවිතේට කරපු ලොකුම මොඩ වැඩේ

    එදයින් පස්සේ අද වෙනකන් පූසෝ සැහෙන ගානක් ඇතිකරලා උන්ගේ අවසාන මරණ මංචකය වෙනකන් දැකල තියෙනවා

    උඹට වඩා මම කුරිරු ජරා මිනිහෙක් වෙන්නේ මම අතින් ඔය සත්තු ගුටි කාලත් තියෙනව බන්

    ඔය ගැන මතක් කරන්න පවා හරිම දුකයි බන්

    මට හීන පෙන්නේ නම් නෑ බන් ලෙසියකින්
    සත්තු නම් පෙනිලා තියෙන්නේ අතේ ඇඟිලි ගනට්වත් අඩුවෙන්


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(


    මගේ උපදෙස තමයි බන් කිසිම දෙකට සීමාව ඉක්මවා ආදරේ කරන්න එපා
    මතක් වෙද්දී හරිම අප්සට්