මගේ ප්‍රථම ආදර නව කතාව ....

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඊලග සතියේ මම ඇයට කුකරි class එකක ලිපිනයක් දුන්නෙමි ..මා මේ පන්තිය සොයා ගත්තේ මගේ මිතුරු ඩග්ලස්ගේ මරගයෙනි ..ඔහුගේ නැණ කෙනෙක් මේ පන්තිය පවත්වයි ...

    "ඔයාට තනි නම් එදාට මට එන්න පුළුවන් .."මම කීවෙමි ..."class එක කරන්නේ මගේ යාලුවෙක්ගෙ නැණ කෙනෙක් ....මන් ඔයාට අදුන්නලා දෙන්නම් ..

    "අම්මල කැමති වෙයිද මන් ඔයා එක්ක යන්න එනවට .."

    "අම්ම අකමැති උනත් ඔය කැමති නම් මට එන්න පුළුවන් .."

    ඇය ගෙතුලට ගියාය ...පිටුපස හරවා ඇය යන ලැසි ගමන කොතරම අපූරුද ...මතු යම් දවසක මගේම නිවාස තුල මේ සිරි දෙවු දුව මෙසේ සැරි සරනු ඇත ..

    ඇය ආපසු ආවේ මවත් සමගය
    "එහෙනම් මේ ළමයට පුලුවන්ද සමාධිව පන්තියට ඇරලවන්න?මේ ළමය අදුනන අය කිවුවනේ .."

    "ඔව් ..මම යටහත් පහත් ව මෙන් කියමි .."
     
    • Like
    Reactions: ashmi

    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    හොඳ උත්සාහයක්. හොඳ ආරම්භයක්. දිගටම ලියන්න. කතාව රසවත් වෙන්න වෙන්න Bumps, comments ප්‍රමාණය වැඩිවේවි සහෝ.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Honda kathawak wage..digatama liyanna..:D

    හොඳ උත්සාහයක්. හොඳ ආරම්භයක්. දිගටම ලියන්න. කතාව රසවත් වෙන්න වෙන්න Bumps, comments ප්‍රමාණය වැඩිවේවි සහෝ.

    දිගටම ලියමු... අපි එනව කියවන්න :yes:

    පැනල යවන්න නම් එපා. බූටුත් එපා :)

    hamogema comments walata tnx..sinhalen type karanna giyama thamai epa wenne...:sorry::sorry: kohoma hari ada tawa tikak liyala dannam
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සමාධිගේ පන්තිය පිහිටා ඇත්තේ සඟරාජ මාවතේ මහා විදුහලට නුදුරිනි ...අපේ පැමිණීම ගැන ඩග්ලස් තම නෑනට දන්වා තිබුණි ...ඩග්ලස්ගේ නැණ කරුණාවන්ත යුවතියක් යැයි ඇය දුටු වහාම මට සිතුනි ...ඇය අපට කරුණාවෙන් salakuwaya ..අනතුරුව උවමනා උපකරණ ලැයිස්තුවක් සටහනක් සමාධිට දී ඒවාද සපයාගෙන ලබන සතියේ සිට පන්තියට පැමිණෙන ලෙස කීවාය ...

    අතරමගදී උපකරණ ලැයිස්තුව බලා ඒවාට වැඩි මුදලක් නොයන බව සමාධි කීවාය ..නමුත් ඒවා ගැන මට වැටහීමක් නැත ..

    "කියක් ගියත් ඔයාට ඒක ගානක් නැහැනේ ...ඔයාල සල්ලිකරයෝනේ .."

    මම විහිළුවක් කලෙමි ..

    සමාධි පසුම්බිය ඇද ටැක්සියට මුදල් ගෙවයි ...එහි මොනරු මිටියක්ම මම දුටුමි ...

    "ඔයාට koinda ochara සල්ලි ..?" මම අසමි ...

    තාත්තා ඉන්දැද්දී මගේ නමට කුරුණෑගල ඉඩමක් ලියල තියෙනවා ...දැන් එකේ ආදායම මටයි ...

    "ඔයාට ඕනිද ..?" ඇය පසුම්බිය මට දිගු කරයි ..

    "මට ඕනි නැහැ "

    "ඔයාට ඕනි උනාම කියන්නකෝ " ඇය දගකාර සිනහවක් පාමින් kaiyayi ...

    "මම ඔයාට උදවු කරන්න කැමතියි ..ඔය ඉගෙන ගෙන ලොකු මිනිහෙක් උනාම එකේ හොද මටනේ "

    අපි ටැක්සියෙන් බැස ජේතවන පාරේ පිහිටි cool spot එකකට ගොඩ වැදුනෙමු ...

    "දැන් අපිට ඕනි තරම කතා කරන්න පුළුවන් ..ඇය ජයග්‍රාහී හඩින් කියයි .." කෝ බලන්න ඔයාගේ අත ..

    මම අත්ල ඇයට පැවේමි ..

    "ඔයාගේ අත හරි සිනිදුයි ..මේක මට අයිති අත ..මටම උරුම මගේම අත "..ඇය දගකාර ලෙස කියමින් මගේ අත පිරිමද්යි ...

    "මොනවද sir ගේන්නේ ..? " වේටර් අප අසලට එයි ..

    "මේ නෝනා කැමති දෙයක් ..මම සමාදිව පෙන්වමි .."

    "මහේෂ්...ඔයා කැමති පෝටලෝ වලට නේද? අපට පොටලෝ ගෙන්න ...

    සමාධි වෙනදට වඩා සත්ටින් කාලය ගෙවන බව මම දනිමි ..සතියේ බොහෝ දින වල මම දේශන හමාර වී සඟරාජ මාවතට විත් සමාධි හමු උනෙමි ,,
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඊලග පෝය දින ගෙදර කිසිවකු නොමැති බව ඇය පැවසුවාය ..අම්මාත් අයියත් නුවර යති ..නුවර මාමා කෙනෙක්ගේ දුවක් අයියට යෝජනා කර ඇත ...

    "ඇයි ඔයා නොයන්නේ .." මම අසමි ..

    "ගෙදර කවුරුත් නැනේ ..අනික ඒ ගමන් වලට දැන්ම මාව ඕනි වෙන්නේ නැහැ ..."

    සොමේන්ද්‍ර විවාහයක් ගැන මට කියා නොතිබිණි ...අම්මාද එවැනි දෙයක් අගවා නොතිබිණි ..

    "මහේෂ් එන්න එදාට අපේ ගෙදර..මන් විතරනේ ඉන්නේ ..මට කම්මැලි .. "

    "එදාට මට වෙන ගමනක් තියෙනවා .."

    සමාධි කල්පනා කරයි ...

    කලකින් ලැබෙන මෙම අවස්ථව මග නොහැරිය යුතු බව මට හැගුණි ...ඇය පෙම්වතියක් වශයෙන් මෙය කොතරම් බලාපොරොතු තබා ඇති අවස්ත්වක්ද ...?

    නියමිත දින එහි ගියෙමි ..ඇය පුදුම වුවාය ..

    ඇය මාව උඩු මහලේ ඇගේ නිදන කාමරයට කැදවාගෙන ගියාය ..

    "මොකද බය වෙලා වගේ..?" ඇය එසේ අසමින් මගේ උරහිසට නිකට හේතු කලා ය ...

    "සමාධි .."

    "ම් !"

     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඇ මා බද වටා දැත් යවා තුරුළු කර ගනයි ..මගේ ලය මඩල මත මුහුණ ඔබාගෙන කතා කරයි ...

    "ඔයා මාව අත් අරින්නේ නැහැ නේද kauru බල කලත් .."

    මා කුමක් කියම්ද? මට සමාදී විවාහ කර ගන්න ලැබෙයිද ?

    මම ඇගේ මුහුණ දෝතින් ගෙන නළල් තලය සිප ගනිමි ...

    "මන් kiuwane ඔයාට තෑග්ගක් ගත්තා කියල .." ඇය කියයි ..

    "හ්ම් ..මොකක්ද...?"
    "ඉන්ඩ .."
    මේස lachuwa ඇර රිදී පාට ඔරලෝසුවක් ගත්තාය ..

    "ලස්සනෛනේ ..? මේකට ආසයිනේ මහේෂ් ? "

    "ඇයි පලක් නැති දේවල් වලට වියදම් කරන්නේ ..?" මම අසමි ..

    "මොකද පලක් නැත්තේ ..? පල නෙලන්නේ තව ඉස්සරහට .."

    "කෝ දෙන්ඩ අත ..මගේ අතින්ම මේක පළදන්න .."

    මම වම අත දික් කරමි ..

    "හැමෝම දාන්නේ ඔරලෝසුව වම අතෙනේ ...ඔයා දෙන්න දකුණු අත ...මේ ඔරලෝසුව නැතත් ඔයා කවද හරි ඔරලෝසුව දානවා නම් දාන්නේ දකුණු අතේ ...එතකොට ඔයාට හැමදාම මාව මතක් වෙයි ..."

    සමාධි මගේ දකුණු අතේ ඇගිලි මොලවා ඔරලෝසුව අතට දමා ගාන්චුව දැම්මාය ...

    "මන් නිවාඩුවට ගමේ යනකොට මේ ඔරලෝසුව බැඳගෙන යනවා ...."

    " අම්මා අහයි කොහෙන්ද කියලා .."

    "ඉතින් ..?"

    "මන් කියනවා අම්මාට "

    "අයියෝ දැන්ම එපා මහේෂ් .."තව කල් තියෙනවන්වේ අනේ ..." සමාධි නැවතත් මට තුරුළු වෙයි ..

     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මෙවර මා ගෙදර පැමිණියේ මාස 8 න් පමණ යැයි මට සිතේ ...

    "අම්මා, අයිය ආවා යයි කියමින් නංගි ගෙතුලට දිවුවේ මා දුටු වහාමය ...

    "මොකෝ කලින් කියලවත් එඋවේ නැත්තේ .." අම්ම මගේ හිස සිට දෙපතුල දක්වා බලයි ..

    "අයිය ලස්සන ඔරලෝසුව අරන් තියෙන්නේ" ..කුප්පි ලාම්පුවට දිලිසෙන ඔරලෝසුව නංගිගේ ඇස ගැටී තිබුණි ...

    "දැන් කෙට්ටුයි හරියට ...මොකද බෝඩිමේ කෑම හොද නැද්ද ...?"

    "කොයින්ද ඔරලෝසු ගන්න සල්ලි ..?"

    "සල්ලි කොහෙන් උනාම මොකද..ලස්සනයි නේද..?"

    "ලස්සනයි ..ලස්සනයි .."

    "කෝ තාත්ත ...?"

    "කඩ මන්ඩියට ගිය ..මයේ හිතේ .."

    "දැන් කොහොමද ..තාත්ත ගේ වැඩ ..?"

    "අනේ මන්ද ..සුමානෙකට කලිනුත් පොලිසියෙන් පැන්න .."

    "ඉතින්..?" මම පුදුමෙන් ඇසුවෙමි ..

    රා බෝතල් 8ක් අහු උනා පුතේ ...අර අජිත් නේ ඔත්තුව දීල තියෙන්නේ ...

    අජිත් අපේ ගෙදර හැදුන එකා ...?

    උඹ දැන් ඇදුමක් දා ගනින් ...කෙල්ලේ .. වතුර ටිකක් රත් කරපන් අයියට මුණ හොද ගන්න ...

    තාත්ත යලිත් පොලිසියට කොටු වීම පුවත මගේ සිත දවාලයි ...තාත්ත මේ සියලු දුක් විදින්නේ මන් නිසා නොවේද යි මට සිතේ ...මේ පොලිසියට කොටු උන තෙවැනි අවස්ත්වයි ..අජිත් ද ගමේ එකෙකෙකි ...ඔහු කුඩා කල සිටම රකුනේද අපේ ගෙදරමය ...එවැනි උ අජිත් , තාත්ත සමග වයිර උනේ අයි ..?


    "මොකද අජිත් අපිත් එක්ක තරහ උනේ ?" මම මුණ සෝදමින් නන්ගිගෙන් ඇසුවෙමි ...

    "මන් දන්නේ නැහැ අයියේ .."

    තාත්ත ගෙදර පැමිණියේ හතර ගතෙනි ...ඔහු කලිනුත් මදක් බීවත් මෙතරම් වෙරි වී සිටි දවසක් මතක නැත ....


    "දැන් ද පුතා ආවේ ..?" ඔහු වෙරි මතින් මගෙන් අසයි ...

    "ඔව් ..."

    වෙරි මත නිසාම ඇදට වැටෙයි ..

    කලකින් ගමට පැමිණියත් බලාපොරොතු උන සතුට මට නැත ...

    පසුදා උදැසන නංගිත් , තාත්ත ත් ගෙදරින් පිට උණු පසු අම්ම මා සමග දොඩමලු උනාය ..

    "මෙවර ලොකු දඩයක් නියම වේ යැයි අම්මා කිවය ."

    "අජිත් අපේ කෙල්ල එක්ක හාද වෙලා ..අපේ ගෙදරින්ම කාපු එකාට වටින්නේ නැහැ ඔහොම ජරා වැඩක් කරන්න ..අම්ම ආවේශ උන කෙනෙක් මෙන් කැ ගසයි ..

    "දැන් අජිත් මොකද කරන්නේ ?"

    "ඒකා කසිප්පු පෙරනවා .."

    "මගේ ඇස් උඩ ඉන්දිවිනේ .." නංගීට පිස්සුද ..?"

    "උගේ කසිප්පු ඇල්ලුවා මාසෙකට උඩදී ..තාත්ත ඔත්තුව දුන්න කියල හිතන්නේ ..."

    "ඒ පලිය ගන්න තමයි ඔය රා වලට ඔත්තුව දීලා තාත්ත ව පොලිසියට කොටු කලේ .."

    "නංගි මොකද කියන්නේ ..?"

    "මුකුත් කියන්නේ නැහැ ..ඔය ඉන්නේ බබා වගේ ..පුතේ උඹවත් මොනවා හරි කියල බලපන් නංගිට ..උට හිරයක් දෙන්න පුළුවන් එකෙක්ද ..

    "අම්මගේ හඩ හදුම්බර වී ඇත ...

    එහෙත් මම කුමක් කියම්ද ..?අජිත් අපේ පවුලට නොගැලපෙන එකෙකි ...නංගි ඒකා එක්ක විවාහ වීමට හදයි ...හරියට මම හා සමාධි මෙන් නොවේද ..?සමාධිගේ මවත් යම් දිනක සොමෙන්ද්රට මෙසේ කියනු ඇත ...

    එවිට සොමේන්ද්‍ර සමධිට අවවාද කරනු ඇත ...එසේ නම් මටද වන්නේ අජිත්ට වන දේම නොවේද ..?නංගිගේ සම්බන්දෙට විරුද්දව මා යමක් කියන්නේ නම් ඒ කියන්නේ අජිත්ට විරුද්දව නොව මටම විරුද්දවය ..

    එත් මු රා වලට ඔත්තුව දුන් එකාය ..මුගෙන් පාලි ගත යුතු යයි මටද සිතේ ..