මෙවර මා ගෙදර පැමිණියේ මාස 8 න් පමණ යැයි මට සිතේ ...
"අම්මා, අයිය ආවා යයි කියමින් නංගි ගෙතුලට දිවුවේ මා දුටු වහාමය ...
"මොකෝ කලින් කියලවත් එඋවේ නැත්තේ .." අම්ම මගේ හිස සිට දෙපතුල දක්වා බලයි ..
"අයිය ලස්සන ඔරලෝසුව අරන් තියෙන්නේ" ..කුප්පි ලාම්පුවට දිලිසෙන ඔරලෝසුව නංගිගේ ඇස ගැටී තිබුණි ...
"දැන් කෙට්ටුයි හරියට ...මොකද බෝඩිමේ කෑම හොද නැද්ද ...?"
"කොයින්ද ඔරලෝසු ගන්න සල්ලි ..?"
"සල්ලි කොහෙන් උනාම මොකද..ලස්සනයි නේද..?"
"ලස්සනයි ..ලස්සනයි .."
"කෝ තාත්ත ...?"
"කඩ මන්ඩියට ගිය ..මයේ හිතේ .."
"දැන් කොහොමද ..තාත්ත ගේ වැඩ ..?"
"අනේ මන්ද ..සුමානෙකට කලිනුත් පොලිසියෙන් පැන්න .."
"ඉතින්..?" මම පුදුමෙන් ඇසුවෙමි ..
රා බෝතල් 8ක් අහු උනා පුතේ ...අර අජිත් නේ ඔත්තුව දීල තියෙන්නේ ...
අජිත් අපේ ගෙදර හැදුන එකා ...?
උඹ දැන් ඇදුමක් දා ගනින් ...කෙල්ලේ .. වතුර ටිකක් රත් කරපන් අයියට මුණ හොද ගන්න ...
තාත්ත යලිත් පොලිසියට කොටු වීම පුවත මගේ සිත දවාලයි ...තාත්ත මේ සියලු දුක් විදින්නේ මන් නිසා නොවේද යි මට සිතේ ...මේ පොලිසියට කොටු උන තෙවැනි අවස්ත්වයි ..අජිත් ද ගමේ එකෙකෙකි ...ඔහු කුඩා කල සිටම රකුනේද අපේ ගෙදරමය ...එවැනි උ අජිත් , තාත්ත සමග වයිර උනේ අයි ..?
"මොකද අජිත් අපිත් එක්ක තරහ උනේ ?" මම මුණ සෝදමින් නන්ගිගෙන් ඇසුවෙමි ...
"මන් දන්නේ නැහැ අයියේ .."
තාත්ත ගෙදර පැමිණියේ හතර ගතෙනි ...ඔහු කලිනුත් මදක් බීවත් මෙතරම් වෙරි වී සිටි දවසක් මතක නැත ....
"දැන් ද පුතා ආවේ ..?" ඔහු වෙරි මතින් මගෙන් අසයි ...
"ඔව් ..."
වෙරි මත නිසාම ඇදට වැටෙයි ..
කලකින් ගමට පැමිණියත් බලාපොරොතු උන සතුට මට නැත ...
පසුදා උදැසන නංගිත් , තාත්ත ත් ගෙදරින් පිට උණු පසු අම්ම මා සමග දොඩමලු උනාය ..
"මෙවර ලොකු දඩයක් නියම වේ යැයි අම්මා කිවය ."
"අජිත් අපේ කෙල්ල එක්ක හාද වෙලා ..අපේ ගෙදරින්ම කාපු එකාට වටින්නේ නැහැ ඔහොම ජරා වැඩක් කරන්න ..අම්ම ආවේශ උන කෙනෙක් මෙන් කැ ගසයි ..
"දැන් අජිත් මොකද කරන්නේ ?"
"ඒකා කසිප්පු පෙරනවා .."
"මගේ ඇස් උඩ ඉන්දිවිනේ .." නංගීට පිස්සුද ..?"
"උගේ කසිප්පු ඇල්ලුවා මාසෙකට උඩදී ..තාත්ත ඔත්තුව දුන්න කියල හිතන්නේ ..."
"ඒ පලිය ගන්න තමයි ඔය රා වලට ඔත්තුව දීලා තාත්ත ව පොලිසියට කොටු කලේ .."
"නංගි මොකද කියන්නේ ..?"
"මුකුත් කියන්නේ නැහැ ..ඔය ඉන්නේ බබා වගේ ..පුතේ උඹවත් මොනවා හරි කියල බලපන් නංගිට ..උට හිරයක් දෙන්න පුළුවන් එකෙක්ද ..
"අම්මගේ හඩ හදුම්බර වී ඇත ...
එහෙත් මම කුමක් කියම්ද ..?අජිත් අපේ පවුලට නොගැලපෙන එකෙකි ...නංගි ඒකා එක්ක විවාහ වීමට හදයි ...හරියට මම හා සමාධි මෙන් නොවේද ..?සමාධිගේ මවත් යම් දිනක සොමෙන්ද්රට මෙසේ කියනු ඇත ...
එවිට සොමේන්ද්ර සමධිට අවවාද කරනු ඇත ...එසේ නම් මටද වන්නේ අජිත්ට වන දේම නොවේද ..?නංගිගේ සම්බන්දෙට විරුද්දව මා යමක් කියන්නේ නම් ඒ කියන්නේ අජිත්ට විරුද්දව නොව මටම විරුද්දවය ..
එත් මු රා වලට ඔත්තුව දුන් එකාය ..මුගෙන් පාලි ගත යුතු යයි මටද සිතේ ..