ටූල්ස් නැතුව ඔය මට්ටමට හදපු නිසා ඉස්සරහට ටූල්ස් එක්ක ගේමක් ගහන්න පුලුවන්. .
ලී වැඩක් නිසා ඔයවගෙ දෙයක් හදද්දි අඩුම මහොගනී ලීය ගන්න එත් බැරිනම් ගිනි සපු වගෙ ලීයක් ගන්න. .
ලීය හොදට වේලිච්ච එකක් වෙන්න ඕනා තෙත තිබ්බොත් හැදුවට පස්සේ විඩහු වෙනවා. .
ලෑලි ජොඉන්ට් එකට ඩබල් ගම් එක දාන්න (ඉපි පික්ස්, බොන්ඩෙක්ස්) ලෑලි විඩහු නොවෙන්න. .
ස්ප්‍රේ එක කරද්දි වෝටර් බේස් ඕනේ නෑ. . න්.සී කරන්න. . මුලින් කැට්ලොයි දාන්න, ඉටපස්සේ මැශින් ගහන්න (80,100,120), අතේ මැදලා සීලර් කරන්න, පොඩියට තියෙන පැච් පොටි එකෙන් වහන්න, 240න් කපන්න ආයේ සීලර් කරන්න, 360න් කපන්න. .
පාට ගහද්දි ඩාක් ටීක්, ටීක්, මහොගනී පාටවලින් පාට හදන්න, නැත්තන් ටීක්, ජර්මන් ටීක්, මහොගනී වලින් හදන්න පාට එකට සීලර් ටිකකුත් දාන්න, ස්ප්‍රේ ගන් එකකින් පාට ගහන්න (මේකට දැනුමක් ඕනා ගන් එක අල්ලන විදිය ඉගෙනගන්න ඕනා නැත්තන් එක තැනක් ඩාක් එක තැනක් ලයිට්, එලයක් තිබ්බොත් එතනට දෙතුන්පාර ගහලා මැච් කරන්න ඕනා) , ඕනනම් පාට උඩින් සීලර් කෝඩ් එකක් ගන් එකෙන්ම ගහන්න, ඉටපස්සෙ 600න් කපන්න, ලාස්ට් කෝඩ් එකට ලැකර් තමන් කැමති එකකින් ගහන්න ග්ලොස්, සෙමි ග්ලොස්, මැට් වර්ග තුනෙන් තියෙනවා. .
හරියට වැඩක් කරනවනම් මේ ටූල්ස් අනිවා ඕන වෙනවා. .
බන්කු කියත (ලී ඉරන්නේ මේකෙන්)
වූඩ් ප්ලේනර් (යතුගාන්නේ මේකෙන්)
ගිග්සෝ (මේක බාවිතා කරන්නේ ලීය හැඩේට කපන්න)
කරාම (ගම් දාපු ජොයින්ට් එක වේලෙනකන් බදලා අල්ලන්න)
දිග යත්ත, මට්ටම් රවුටර් බන්කුව (ලීයක දෙපැත්ත මට්ටම් කරන්න)
කම්ප්‍රෙශර් එක සහ ගන් එක (ස්ප්‍රේ කරන්න)
ගයින්ඩර් එක (හැදුවට පස්සේ ගයින්ඩර් එක දාන්න බැරි පනේල වගේ කොටස් හදන්න කලින් ගයින්ඩර් කරලා හැදුවම කොලිටි එක හොදයි)
සැන්ඩර් (ගයින්ඩර් කරද්දි අහුවෙන්නේ නැති නැන් මේකෙන් අල්ලනවා)
ඩ්‍රිල් එක
ඔහොම යමු අල්මාරියක් හදන තත්වෙට ආවම අනිත් ඕනම දෙයක් නතින්. .