මගේ වඩු වැඩ - (කම්පියුටර් ටේබල් එක)

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලී ඇණ හදන්න ගියාම තමයි එපාවෙන්නෙ.

    මේක දැකල අයියගෙන් පැන්ට්‍රි කබඩ් සෙට් එකකට ඕඩරයක් ආව. වැඩේ ගොඩ දාගන්න පුලුවන් වුනොත් දාන්නං.

    තිබුණ ඇදනං ෆ්‍රේම් එක වැදිල එනකොට හරිගියා. පස්සෙ ඇද ගැහැවොත් තමයි කෙලවෙන්නෙ.

    කාලය තමයි පරහට හිටින්නෙ. අනික සෙල් කරන්න තරම් ෆිනිශින් මදි.
    යතු ගාන්න මැශින් නෑනෙ. ග්‍රයිඩර් ෆිනිශින් කරල විතරයි තියෙන්නෙ.

    වෝටබේස් ගැනනං දන්නෙ නෑ මචෝ. මේක ගෑවට මටත් කලර් එක ඩාක් මදි. පස්සෙ හොඳ ඩාක් කලර් එකක් ගාන්න ඕනෙ.
    mageth tiyenne okak ,waterbase eka ain karala black dye eka ganna one.

    sander ekak hoyagena
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    ලී ඇණ හදන්න ගියාම තමයි එපාවෙන්නෙ.

    මේක දැකල අයියගෙන් පැන්ට්‍රි කබඩ් සෙට් එකකට ඕඩරයක් ආව. වැඩේ ගොඩ දාගන්න පුලුවන් වුනොත් දාන්නං.

    තිබුණ ඇදනං ෆ්‍රේම් එක වැදිල එනකොට හරිගියා. පස්සෙ ඇද ගැහැවොත් තමයි කෙලවෙන්නෙ.

    කාලය තමයි පරහට හිටින්නෙ. අනික සෙල් කරන්න තරම් ෆිනිශින් මදි.
    යතු ගාන්න මැශින් නෑනෙ. ග්‍රයිඩර් ෆිනිශින් කරල විතරයි තියෙන්නෙ.

    වෝටබේස් ගැනනං දන්නෙ නෑ මචෝ. මේක ගෑවට මටත් කලර් එක ඩාක් මදි. පස්සෙ හොඳ ඩාක් කලර් එකක් ගාන්න ඕනෙ.
    The pantry is a damp place machan. So you need to take extra care about the wood. Besides pantry cupboards need to be very neat.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    Real waddo kiyanna umbala wage unta thamai ban :love: Superb. Keep it up machan.

    umbe day job eka mokadda ban?
    තෑන්ක්ස් මචෝ..

    මගෙ ජොබ, මැශීන්ස්, මැකනිකල් පාට්ස් ඩිසයින් කරන එක.
    sha maruneh wadeta kiyak witara giyada
    ලී වලට 3000ක් විතර,
    ඉතිරි වැඩ වලටත් එක්ක 8500ක් වගේ ගියා.
    patta
    umba cam bolts da use kale?
    නෑ මචෝ.. ටැපිං ස්කෘ

    වඩ්ඩෙක් නේද දැන්.. එළ එළ :D
    වඩු වැඩෙන් දිවි රැකගෙන බොහො දුකින් කල් ගෙවාගෙන ඉන්නව.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    රට ලොක්ඩවුන් කරල තිබුණ කාලෙ සතියට දවස් හතරක් විතර ගෙදර ඉන්නවුණා.

    ඒ දවස් වල නිකන් ඉන්න බැරිකම නිසාම ලෑලි ටිකක් ගෙනත් දාගෙන පොඩි පොඩි වැඩ ටිකක් කෙරුව.

    වඩු වැඩ කෙරුවාව නැගල ගිය නිසාම,
    පරණ මේසෙට ට්‍රාන්සර් එකක් දීල කාමරේට අලුතින් කම්පියුටර් ටේබල් එකක් හදන්න ඕනෙ කියල අයිඩියා එකක් ආව.

    මම හදන්න හිටියෙ පොඩි මේසයක් හැබැයි @Voltage සහෝදරය නූලකට දාල තිබුණ ෆොටෝ එකක් දැකල, මගේ ඩිසයින් එක වෙනස්කරගත්ත...

    වැඩේ පටන්ගත්තෙ පොසොන් පෝය දවසෙ. පොඩි වැරැද්දක් වෙලා පෝය දවසෙ රෑ වෙනකල් හදාපු ටික ආයෙ ගලවන්නවුණා.

    කොහොම හරි 24 වෙනිද ඉඳන් අද වෙනකල් එක දිගට, වැඩ ඇරිල ඇවිත් හවස 7 ඉඳන් රෑ නමය, දහය වෙනකල් ඕ.ටී කරල වැඩේ ගොඩ දාගත්ත....

    මේ තියෙන්නෙ ඇණ නොපෙනෙන්න ලී වද්දන්න භාවිතා කරපු ක්‍රමයක්. ටැපිං ස්කෘ එකේ ඔලුවෙ ගානට ඇතුලටම විදල මේ විදිහට ලෑලි ස්කෘ කරල තියෙන්නෙ.

    View attachment 133465
    View attachment 133466

    මෙතන ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කෙරුන විදිහ...

    View attachment 133469

    View attachment 133471
    View attachment 133472
    View attachment 133473
    View attachment 133474

    මෙන්න තියෙනව වෝටර් බේස් කරල හැන්ඩ්ල්, ලොක් හයි කරල අවසන් ඵළය...
    මේක මෙහෙම තිබුණට මේසෙ දෙපැත්ත වෙන වෙනම පලු දෙකට වෙන් කරන්න පුලුවන්.

    View attachment 133475

    වෝටර් බේස් කරන්න ගිහින් ටිකක් විතර නා ගත්ත..
    කලර් එක ටිකක් ඩාක් මදි වගේ...

    * මම මේකෙ පැච් වහන්න පොටි වෙනුවට, කෙමිෆික්ස් ගම් එක ලී කුඩු එක්ක කලවම් කරල දැම්ම. ඒ වැඩේ පොටි වලට වඩා සාර්ථකයි.

    * මේ වගේ වැඩ පටන්ගන්න කලින් ඩ්‍රෝවින් එකක් ඇඳගත්තොත් වරදින්න තියෙන ඉඩ අඩුයි. වැඩෙත් ලේසියි.

    * බර අඩු හොඳ ලීයක් ඉල්ලුවම ලී කඩෙන් ලුණුමිදෙල්ල හොඳයි කියල දුන්න.
    බර අඩු වුණාට මේ ලීයට ඇණ එහෙම අල්ලන්න බෑ.
    ඒ හින්ද මේ ලී ජාතියෙන් වැඩ කරනකොට, වෙනම සැකිල්ලකින් වර යොදවන්න ඕනෙ.

    තව දෙයක්..,
    ගිය පාර කස්ටියගෙන් අම්බානක බැනුම් අහපු නිසා මේ පාර ලෑලි කපන්න ජිග්සෝ එකක් හොයාගත්ත....

    මේ වැඩේ කරනව දැකල, තව පැන්ට්‍රි කබඩ් සෙට් එකකට ඕඩරයක් ආව. ඒ වැඩේටත් අතගහන්න ඉන්නෙ. පුලුවන් වුනොත් විස්තරේ දාන්නං...

    මගේ පළවෙනි වඩු අත්දැකීම බලන්න අවශ්‍ය අයට...,

    https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/
    පැන්ට්‍රි කබඩ් වැඩෙත් ස්ටෙප් බයි ස්ටෙප් දාපන් මචෝ , ජයවේවා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ටූල්ස් නැතුව ඔය මට්ටමට හදපු නිසා ඉස්සරහට ටූල්ස් එක්ක ගේමක් ගහන්න පුලුවන්. .

    ලී වැඩක් නිසා ඔයවගෙ දෙයක් හදද්දි අඩුම මහොගනී ලීය ගන්න එත් බැරිනම් ගිනි සපු වගෙ ලීයක් ගන්න. .
    ලීය හොදට වේලිච්ච එකක් වෙන්න ඕනා තෙත තිබ්බොත් හැදුවට පස්සේ විඩහු වෙනවා. .
    ලෑලි ජොඉන්ට් එකට ඩබල් ගම් එක දාන්න (ඉපි පික්ස්, බොන්ඩෙක්ස්) ලෑලි විඩහු නොවෙන්න. .
    ස්ප්‍රේ එක කරද්දි වෝටර් බේස් ඕනේ නෑ. . න්.සී කරන්න. . මුලින් කැට්ලොයි දාන්න, ඉටපස්සේ මැශින් ගහන්න (80,100,120), අතේ මැදලා සීලර් කරන්න, පොඩියට තියෙන පැච් පොටි එකෙන් වහන්න, 240න් කපන්න ආයේ සීලර් කරන්න, 360න් කපන්න. .
    පාට ගහද්දි ඩාක් ටීක්, ටීක්, මහොගනී පාටවලින් පාට හදන්න, නැත්තන් ටීක්, ජර්මන් ටීක්, මහොගනී වලින් හදන්න පාට එකට සීලර් ටිකකුත් දාන්න, ස්ප්‍රේ ගන් එකකින් පාට ගහන්න (මේකට දැනුමක් ඕනා ගන් එක අල්ලන විදිය ඉගෙනගන්න ඕනා නැත්තන් එක තැනක් ඩාක් එක තැනක් ලයිට්, එලයක් තිබ්බොත් එතනට දෙතුන්පාර ගහලා මැච් කරන්න ඕනා) , ඕනනම් පාට උඩින් සීලර් කෝඩ් එකක් ගන් එකෙන්ම ගහන්න, ඉටපස්සෙ 600න් කපන්න, ලාස්ට් කෝඩ් එකට ලැකර් තමන් කැමති එකකින් ගහන්න ග්ලොස්, සෙමි ග්ලොස්, මැට් වර්ග තුනෙන් තියෙනවා. .

    හරියට වැඩක් කරනවනම් මේ ටූල්ස් අනිවා ඕන වෙනවා. .

    බන්කු කියත (ලී ඉරන්නේ මේකෙන්)
    වූඩ් ප්ලේනර් (යතුගාන්නේ මේකෙන්)
    ගිග්සෝ (මේක බාවිතා කරන්නේ ලීය හැඩේට කපන්න)
    කරාම (ගම් දාපු ජොයින්ට් එක වේලෙනකන් බදලා අල්ලන්න)
    දිග යත්ත, මට්ටම් රවුටර් බන්කුව (ලීයක දෙපැත්ත මට්ටම් කරන්න)
    කම්ප්‍රෙශර් එක සහ ගන් එක (ස්ප්‍රේ කරන්න)
    ගයින්ඩර් එක (හැදුවට පස්සේ ගයින්ඩර් එක දාන්න බැරි පනේල වගේ කොටස් හදන්න කලින් ගයින්ඩර් කරලා හැදුවම කොලිටි එක හොදයි)
    සැන්ඩර් (ගයින්ඩර් කරද්දි අහුවෙන්නේ නැති නැන් මේකෙන් අල්ලනවා)
    ඩ්‍රිල් එක

    ඔහොම යමු අල්මාරියක් හදන තත්වෙට ආවම අනිත් ඕනම දෙයක් නතින්. .
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    පැන්ට්‍රි කබඩ් වැඩෙත් ස්ටෙප් බයි ස්ටෙප් දාපන් මචෝ , ජයවේවා
    අනිවා දාන්නං මචෝ..
    පුලුවන් උනොත් මේකට වඩා පිළිවෙලට මුල ඉඳන් ෆොටෝස් ටිකක් අරගෙන දාන්නං.
    ටූල්ස් නැතුව ඔය මට්ටමට හදපු නිසා ඉස්සරහට ටූල්ස් එක්ක ගේමක් ගහන්න පුලුවන්. .

    ලී වැඩක් නිසා ඔයවගෙ දෙයක් හදද්දි අඩුම මහොගනී ලීය ගන්න එත් බැරිනම් ගිනි සපු වගෙ ලීයක් ගන්න. .
    ලීය හොදට වේලිච්ච එකක් වෙන්න ඕනා තෙත තිබ්බොත් හැදුවට පස්සේ විඩහු වෙනවා. .
    ලෑලි ජොඉන්ට් එකට ඩබල් ගම් එක දාන්න (ඉපි පික්ස්, බොන්ඩෙක්ස්) ලෑලි විඩහු නොවෙන්න. .
    ස්ප්‍රේ එක කරද්දි වෝටර් බේස් ඕනේ නෑ. . න්.සී කරන්න. . මුලින් කැට්ලොයි දාන්න, ඉටපස්සේ මැශින් ගහන්න, අතේ මැදලා සීලර් කරන්න, පොඩියට තියෙන පැච් පොලි එකෙන් වහන්න, 240න් කපන්න ආයේ සීලර් කරන්න, 360න් කපන්න. .
    පාට ගහද්දි ඩාක් ටීක්, ටීක්, මහොගනී පාටවලින් පාට හදන්න, නැත්තන් ටීක්, ජර්මන් ටීක්, මහොගනී වලින් හදන්න පාට එකට සීලර් ටිකකුත් දාන්න, ස්ප්‍රේ ගන් එකකින් පාට ගහන්න (මේකට දැනුමක් ඕනා ගන් එක අල්ලන විදිය ඉගෙනගන්න ඕනා නැත්තන් එක තැනක් ඩාක් එක තැනක් ලයිට්, එලයක් තිබ්බොත් එතනට දෙතුන්පාර ගහලා මැච් කරන්න ඕනා) , ඕනනම් පාට උඩින් සීලර් කෝඩ් එකක් ගන් එකෙන්ම ගහන්න, ඉටපස්සෙ 600න් කපන්න, ලාස්ට් කෝඩ් එකට ලැකර් තමන් කැමති එකකින් ගහන්න ග්ලොස්, සෙමි ග්ලොස්, මැට් වර්ග තුනෙන් තියෙනවා. .

    හරියට වැඩක් කරනවනම් මේ ටූල්ස් අනිවා ඕන වෙනවා. .

    බන්කු කියත (ලී ඉරන්නේ මේකෙන්)
    වූඩ් ප්ලේනර් (යතුගාන්නේ මේකෙන්)
    ගිග්සෝ (මේක බාවිතා කරන්නේ ලීය හැඩේට කපන්න)
    කරාම (ගම් දාපු ජොයින්ට් එක වේලෙනකන් බදලා අල්ලන්න)
    දිග යත්ත, මට්ටම් රවුටර් බන්කුව (ලීයක දෙපැත්ත මට්ටම් කරන්න)
    කම්ප්‍රෙශර් එක සහ ගන් එක (ස්ප්‍රේ කරන්න)
    ගයින්ඩර් එක (හැදුවට පස්සේ ගයින්ඩර් එක දාන්න බැරි පනේල වගේ කොටස් හදන්න කලින් ගයින්ඩර් කරලා හැදුවම කොලිටි එක හොදයි)
    ඩ්‍රිල් එක

    ඔහොම යමු අල්මාරියක් හදන තත්වෙට ආවම අනිත් ඕනම දෙයක් නතින්. .
    අඩේ තෑන්ක්ස් මචෝ...
    මේ විස්තරේනං හරිම වටිනව.

    පුලුවන්නං මට ඔය රතු පාටින් පෙන්නල තියෙන ටික තව ටිකක් පැහැදිලි කරන්න.

    මට පේන්ට් ස්ප්‍රේ කරන්න සාමාන්‍යයෙන් පුලුවන්.

    තව ප්‍රශ්න ටිකක් තියෙනව...
    උත්තරයක් දෙන්න පුලුවන්නං වටිනව...

    ඩයි එක ගහන්නෙ වෝට බේස් නෙමෙයිද? ටිනර් වලින්ද?
    පුලුවන්නං හොඳ ඩයි වර්ගයක් කියන්න කියන්න.

    වුඩ් සීලර් ගහන්නෙ ටිනර් දාල නේද?
    පුලුවන්නං හොඳ සීලර් වර්ගයක් කියන්න.

    ඩයි එක ගහන්නෙ සීලර් කෝට් එකට පස්සෙද?

    කැඩලොයි දාපුවම එන සුදු පාට පැච් එක, ඩයි එක ගහපුවම මැකෙනවද? කැඩ්ලොයි උඩින් ඩයි එක අවුලක් නැතුව වදිනවද?

    වෝට බේස් එක වගේම වුඩ් සීලර් වලිනුත් ලීයට වතුර වැටුනම එන හානි අවම වෙනවද?
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ටූල්ස් නැතුව ඔය මට්ටමට හදපු නිසා ඉස්සරහට ටූල්ස් එක්ක ගේමක් ගහන්න පුලුවන්. .

    ලී වැඩක් නිසා ඔයවගෙ දෙයක් හදද්දි අඩුම මහොගනී ලීය ගන්න එත් බැරිනම් ගිනි සපු වගෙ ලීයක් ගන්න. .
    ලීය හොදට වේලිච්ච එකක් වෙන්න ඕනා තෙත තිබ්බොත් හැදුවට පස්සේ විඩහු වෙනවා. .
    ලෑලි ජොඉන්ට් එකට ඩබල් ගම් එක දාන්න (ඉපි පික්ස්, බොන්ඩෙක්ස්) ලෑලි විඩහු නොවෙන්න. .
    ස්ප්‍රේ එක කරද්දි වෝටර් බේස් ඕනේ නෑ. . න්.සී කරන්න. . මුලින් කැට්ලොයි දාන්න, ඉටපස්සේ මැශින් ගහන්න (80,100,120), අතේ මැදලා සීලර් කරන්න, පොඩියට තියෙන පැච් පොටි එකෙන් වහන්න, 240න් කපන්න ආයේ සීලර් කරන්න, 360න් කපන්න. .
    පාට ගහද්දි ඩාක් ටීක්, ටීක්, මහොගනී පාටවලින් පාට හදන්න, නැත්තන් ටීක්, ජර්මන් ටීක්, මහොගනී වලින් හදන්න පාට එකට සීලර් ටිකකුත් දාන්න, ස්ප්‍රේ ගන් එකකින් පාට ගහන්න (මේකට දැනුමක් ඕනා ගන් එක අල්ලන විදිය ඉගෙනගන්න ඕනා නැත්තන් එක තැනක් ඩාක් එක තැනක් ලයිට්, එලයක් තිබ්බොත් එතනට දෙතුන්පාර ගහලා මැච් කරන්න ඕනා) , ඕනනම් පාට උඩින් සීලර් කෝඩ් එකක් ගන් එකෙන්ම ගහන්න, ඉටපස්සෙ 600න් කපන්න, ලාස්ට් කෝඩ් එකට ලැකර් තමන් කැමති එකකින් ගහන්න ග්ලොස්, සෙමි ග්ලොස්, මැට් වර්ග තුනෙන් තියෙනවා. .

    හරියට වැඩක් කරනවනම් මේ ටූල්ස් අනිවා ඕන වෙනවා. .

    බන්කු කියත (ලී ඉරන්නේ මේකෙන්)
    වූඩ් ප්ලේනර් (යතුගාන්නේ මේකෙන්)
    ගිග්සෝ (මේක බාවිතා කරන්නේ ලීය හැඩේට කපන්න)
    කරාම (ගම් දාපු ජොයින්ට් එක වේලෙනකන් බදලා අල්ලන්න)
    දිග යත්ත, මට්ටම් රවුටර් බන්කුව (ලීයක දෙපැත්ත මට්ටම් කරන්න)
    කම්ප්‍රෙශර් එක සහ ගන් එක (ස්ප්‍රේ කරන්න)
    ගයින්ඩර් එක (හැදුවට පස්සේ ගයින්ඩර් එක දාන්න බැරි පනේල වගේ කොටස් හදන්න කලින් ගයින්ඩර් කරලා හැදුවම කොලිටි එක හොදයි)
    සැන්ඩර් (ගයින්ඩර් කරද්දි අහුවෙන්නේ නැති නැන් මේකෙන් අල්ලනවා)
    ඩ්‍රිල් එක

    ඔහොම යමු අල්මාරියක් හදන තත්වෙට ආවම අනිත් ඕනම දෙයක් නතින්. .
    මචෝ මේ පේන්ට් කරන විදිය subject එක නොදන්නා කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට ටිකක් සරලව කියපන්කො, brand names එක්ක කියන්න පුළුවන් නම් තවත් තේරුම් ගන්න ලෙසියි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අඩේ තෑන්ක්ස් මචෝ...
    මේ විස්තරේනං හරිම වටිනව.

    පුලුවන්නං මට ඔය රතු පාටින් පෙන්නල තියෙන ටික තව ටිකක් පැහැදිලි කරන්න.

    මට පේන්ට් ස්ප්‍රේ කරන්න සාමාන්‍යයෙන් පුලුවන්.

    තව ප්‍රශ්න ටිකක් තියෙනව...
    උත්තරයක් දෙන්න පුලුවන්නං වටිනව...

    ඩයි එක ගහන්නෙ වෝට බේස් නෙමෙයිද? ටිනර් වලින්ද?
    පුලුවන්නං හොඳ ඩයි වර්ගයක් කියන්න කියන්න.

    වුඩ් සීලර් ගහන්නෙ ටිනර් දාල නේද?
    පුලුවන්නං හොඳ සීලර් වර්ගයක් කියන්න.

    ඩයි එක ගහන්නෙ සීලර් කෝට් එකට පස්සෙද?

    කැඩලොයි දාපුවම එන සුදු පාට ඩයි එක ගහපුවම මැකෙනවද? කැඩ්ලොයි උඩින් ඩයි එක අවුලක් නැතුව වදිනවද?

    වෝට බේස් එක වගේම වුඩ් සීලර් වලිනුත් ලීයට වතුර වැටුනම එන හානි අවම වෙනවද?

    අපේ ස්ප්‍රේ එක කරන ආකාර 4ක් තියෙනවා. .

    පොලිශ්, න්.සී, පි.යූ, වෝටර්බේස්

    පොලිශ් නම් දැන් වැඩිය කරන්නෙම නෑ. .
    න්.සී තමයි බහුලව කරන්නේ. . අව්ලක් නෑ ෆිනිශින් එකත් හොදයි. .
    පී.යු කරනවනම් තවත් ෆිනිශින් හොදයි. . (මේවට පි.යු වර්ගෙම බඩු තියෙනවා)
    වෝටර්බේස් කරනවනම් ගොඩක්ම ඒලියේ තියෙන දේවල් කරන්නේ (මේවටත් ඒ වර්ගෙම බඩු තියෙනවා)

    න්.සී විස්තරේ කියන්නම්. .

    ඩයි එක න්.සී නම් ටීක්,මහොගනී,ඩාක් ටීක් හෝ ජර්මන් ටීක් කියන වර්ග තුන මික්ස් කරලා හදාගන්න ඕනා. . ටිනර් දාලා සීලර් ටිකකුත් දානවා පාට හදද්දි. . නිපොලැක් ලැන්කො

    සීලර් එක හදන්නේ ටිනර් දාලා. .

    සීලර් ලැන්කො, නිපොලැක් හොදයි. .

    පාට ගහද්දි සීලර් කෝඩ් දෙකක් ගහලා පාට ගහන්න. . ඕනනම් ඉටපස්සේ ගන් එකෙන් සීලර් කෝඩ් එකක් ගහන්න. .

    කැට්ලොයි එකට තේක්ක ඩයි කුඩු ටිකක් දාන්න, ලාස්ට් ෆිනිශින් එක කහපාටට හුරු පාටක් නම් කොස් ඩයි කුඩු ටිකක් දාන්න. .

    සීලර් එකෙන් කරන්නෙම වුඩ් එක සීල් කරන එක. . සීලර් කෝඩ් වැඩි ප්‍රමානයක් කරන තරමට වැඩේ කොලිටි. . කෝඩ් 3ක් කරාම ඇති පාට කෝඩ් එකත් එක්ක කෝඩ් 4යි. . ලාස්ට් කෝඩ් එක ලැකර් ඔක්කොම කෝඩ් 5යි. .

    තව දෙයක් කියන්නම ඕනා මම ඔය කියන විදියට කරනවනම් සැහෙන වියදමක් යනවා. . හැබැයි වැඩේ කොලිටියි. .