




චම්පිකත් ඒකාලෙ ලංකාවෙන්ම 1 උනා. මොනවා උනත් පාර්ලිමේන්තුවෙ උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නෙ අල්පයයි. මේ වගෙ මිනිස්සු තමා ඉන්න ඕනෑ දේශපාලනේ.
උඹෙ ඔය කතාව පුහු තර්කයක් විතරයි. මනෝවිද්‍යාව නොදන්න මිනිස්සුන්ව රවට්ටන දේශපාලන තර්කයක් විතරයි.
උදාහරණයක් විදිහට දැන් හොයන් තියනවා ලංකාවෙ තරුණ අය බොන සම්භාවිතාවය එන්න එන්නම වැඩිවෙලා තරුණ පරම්පරාව බේබද්දො වෙනවා කියලා. බොදුබල සේනාවට බැරිද මේක නවත්තන්න මුන් මෙ හලාල් කිය කිය ජාතිවාදෙ අවුස්සනවා කියලා උඹලා කියනවා. තර්කය අහලා මුකුත් නොදන්න මිනිස්සුත් හිතනවා ඇත්ත නේද දෙය්යනේ... කියලා.
ඒත් බොදුබලසේනාව උඹලා ඔය කතාවල් කියන්න කලින් අරක්කු මර්දනයට ජාතික ව්‍යාපාරෙ පටන් ගත්තා නම් උඹලා කියන්න පටන්ගන්නවා මේකද මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්ණෙ ඇයි මුන්ට බැරි මේ නැවු නැති වරායවල් ප්ලේන් නැති එයාර්පෝට් ගැන කතාකරන්න බැරි කියලා.
උඹලා ඒ කතාව කියන්න කලින්ම බොදු බල සේනාව නැවු නැති වරායවල් ගැනයි එයාර්පෝට් ගැනයි කතා කරන්න ගත්තා කියලා හිතමු. එතකොට උඹලා කියනවා මේවද ප්‍රශ්ණ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉන්නවා ඒවා ගැනයි කතා කරන්න ඕනෙ කියලා.
එතකොට මේක දේශපාලන වාසි අරගන්න කියන කතා කියලා නොතේරෙන සාමාන්‍ය මිනිහා ඔළුව වනනවා. අනික මෙහෙම කිය කිය උඹලාම බොදුබල සේනාව දේශපාලනේට තල්ලු කරනවා. අන්තිමේදි ඒවා අහලා දේශපාලනේට ආවා කියමු. එතකොට උඹලා කියනවා චීවරේ විකුණන් චන්දෙ ගන්න එනවා කියලා.
මේවා තේරුම් ගන්න ඕනෙ අපෙ උං. උඹලා මිනිස්සුන්ව ගොනාට අරගන්න එක තේරුම් ගන්න ඕනෙ.
චම්පිකගෙ ලමයා කිව්වා නම් මම තාරකා විද්‍යාඥයෙක් වෙලා ලංකාවට සේවය කරනවා ලංකාවෙ තාරකා විද්‍යා මධ්‍යස්ථානයක් ගොඩ නගනවා කියලා... එතකොට උඹලා කියනවා මහින්දගෙ පොඩි එකා චන්ද්‍රිකා අරින්නයි චම්පිකගෙ පොඩි එකා තාරකා විද්‍යා කොරන්නයි ඒවා විතරයි රටට අඩු කියලා.
එහෙම නැතුව ඒ ළමයා කිව්වාම නාසා යනවා කියලා ඒකට කියනවා දැන් මෙ ත්‍රෙඩ් එකෙ කියලා තියෙන ඒවා.
මිනිස්සුන්ව ගොනාට අන්දන මේ පුහු තර්ක තේරුම් ගන්න ඕනෙ.
මේ ත්‍රඩ් එකේ පොස්ට් දාපු හැම කෙනාම කැමතියි නාසා ආයතනයේ වැඩ කරන්න. එක හැමෝගෙම හීනයක්.. නමුත් අපිට බැරි උනා කියලා නිකන් ත්‍රඩ් දාගෙන කෑ ගැහුවට වැඩක් නෑ.. අනික ඔය කතාව සාමාන්‍ය ළමයෙක් කිව්වනම් මෙහෙම ත්‍රෙඩ් දාගෙන උඩ පනින්නේත් නෑ. මෙතන වැරැද්ද වෙලා තියෙන්නේ ඒ ළමයා ඇමති කෙනෙක්ගේ දුවෙක් වීම.. අනික දෙමව්පියෝ කියන විදියට ඉගෙන ගත්ත නම් කම්කරුවෝ කියල පිරිසක් නෑ. ඔක්කොම දොස්තරවරු ඉන්ජිරෙරුවරු..
අඩෝ ඒ ළමයට ඉගෙන ගන්න පුළුවන් එකට ඉරිසියා කරන්න එපා බන් , තාත්තගේ දේශපාලනය ගැන එකග වෙන එක හෝ නොවන එක වෙනම දෙයක් ..මටනම් කියන්න තියෙන්නේ ..එල නංගියේ ! ඉගෙන ගනින් ,උබ නසා එකේ වැඩ කරොත් ලංකාවේ එකෙක් නසා එකේ වැඩ කරනවා කියල ආඩම්බර වෙන්නවත් පුළුවන් , ඇමෙරික විරෝදියෙක් උනාට කමක් නැහැ එත් එකෙත් අන්තවාදී වෙන්න හොද නැහැ බන්

නාසා එකට නෙවෙයි බන් අපේ රටේ සිංහල බෞද්ධ ජනතාවට සේවය කරන ලමයි හදලා මේ වගේ ආගම විකුනගෙන කන ඇමතිවරු ආදර්ශය දුන්නනම් හොඳයි නේද?
![]()
thread දෙක තුනකම මේ නංගි ගැන උඹ comment කරල තියනවා දැක්කා.
උඹේ අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කියල ඉඳපන්

මේ ලමයා දක්ෂද නැද්ද කියනන් මමනම් දන්නේ නෑ.නමුත් අද විභාග ප්‍රතිඵල දේශපාලකයන් මැනිපියුලේට් කරනවා .වෙනසක් කරනවා.රාජපක්ෂ ඉස්කෝලේ ලමයි රොත්තක් පලවෙනියා වීම,නීති විදුහලට හම්බ රොත්තක් රිංගලා යෑම,නාමල් බේබී නිතී විදුහලේ වාර්ථාවක් තියලා පලවැනියා වීම යන දේවල් මේ වගේ ලක්ෂන.ඒක නිසා අනාගතේ ඇමති මැතිවරුන්ගේ පුතාලා ලංකාවේ එක දෙක තුනට එන්න පුලුවන්.ඉස්සරහට මාලක වගේ එකෙක් ලංකාවේ පලවැනියට උසස්පෙල පාස් වෙලා, මෙඩිකල් කොලෙජ් ගිහින් එහෙත් වාර්ථා තියලා පාස් වෙලා මිනිස්සුන්ට ප්‍රථිකාර කරන්න යනවා අපිට බලාගන්න පුලුවන් තරම් අපි වාසනාවන්ත වෙයි.
![]()


රටේ ජනගහනයෙන් බාගෙකට වඩා ඉන්නේ මේ වගේ ජනතාව සහ ලමයි.මෙයාල වෙනුවෙන් සේවයක් කරන්න අපි හිතට ගන්න ඕන.
ඕන හරකෙක් තේරුම් ගන්න ඕන අපේ රටේ දක්ෂ මිනිස්සු මේ රටේම සේවය කරනවනම් ඒක තමයි නියම දේශප්‍රේමය.දේශප්‍රේමය බඩ බැදගෙන ආගම ජාතිය මාකට් කරලා දේශපාලනය කරන අයගේ පවුල් තුල නිවාස තුල තියෙන ඇමරිකන් සහ බටහිර මානසිකත්වය ඉතාම ප්‍රබලයි.නමුත් එය සඟවාගෙන බොරු ව්‍යාජ ජාතිකවාදීන් බිහිවීම සැබෑ ජාතික අරගලයක් කරන අයට විශාලා බාධාවක්.අපේ රටට හෙන ගහන්න හේතුව අනගාරික ධර්මපාල වගේ සැබෑ ජාතිකවාදීන් බිහි නොවීම.ඒ වෙනුවට ව්‍යාජ පට්ට හොරුන් බිහිවීම. ඒ වගේම අපේ දක්ෂ ලමයි රට තුලම රැඳී සිටිමින් රට හදන්න උදව් කල යුතුයි.එහෙම නැතිව ඇමරිකන් ඩ්‍රීම්ස් කියන ප්‍රසිද්ධ,ජනප්‍රිය මිරිඟුව පිටුපස දුවන්න එපා.

චම්පක දක්ෂ වෙන්න පුලුවන්.නමුත් විදුලි ඉංජිනේරුවන් වෙන්නේ ලකුනු අඩු අය.සිවිල් ඉන්ජිනියර්ස්ලා ලකුනු වැඩි අය.චම්පක දක්ෂයෙක් උගතෙක් වෙන්න ඇති.නමුත් චම්පක විදුලි බල ඇමති වෙලා ඉන්න කාලේ ලංකාවේ විදුලිබිල වාර්ථාගත ලෙස ඉහල ගියා.විදුලි බල මණ්ඩලය ණය වෙලා මුලුමනින්ම කඩා වැටුනා.වැස්ස නැතිව ලයිට් මාස ගනන කැපුවා.වැටුන විදුලි බල මන්ඩලය ගොඩ නඟන්න බැරි වුනා.ඒක නිසා කොච්චර කට පාඩම් කරලා විභාග පාස් වුනත්, ඉතාම පහසුවෙන් ගොඩගන්න පුලුවන් මේ වගේ ආයතනයක් පාලනය කරගන්න බෑ.ඔහු අසාර්ථක ඇමත් කෙනෙක් නිසා අන්තිමට මහින්ද ඔහුව විදුලි බල ඇමතිකමෙන් අස් කරලා දැම්මා.
![]()
මේ ත්‍රඩ් එකේ පොස්ට් දාපු හැම කෙනාම කැමතියි නාසා ආයතනයේ වැඩ කරන්න. එක හැමෝගෙම හීනයක්.. නමුත් අපිට බැරි උනා කියලා නිකන් ත්‍රඩ් දාගෙන කෑ ගැහුවට වැඩක් නෑ.. අනික ඔය කතාව සාමාන්‍ය ළමයෙක් කිව්වනම් මෙහෙම ත්‍රෙඩ් දාගෙන උඩ පනින්නේත් නෑ. මෙතන වැරැද්ද වෙලා තියෙන්නේ ඒ ළමයා ඇමති කෙනෙක්ගේ දුවෙක් වීම.. අනික දෙමව්පියෝ කියන විදියට ඉගෙන ගත්ත නම් කම්කරුවෝ කියල පිරිසක් නෑ. ඔක්කොම දොස්තරවරු ඉන්ජිරෙරුවරු..




උඹ campus එකක් ලඟින්වත් ගිය නැති එකෙක් කියල ඉතා පැහැදිලියි. සාමාන්‍යයෙන් මොරටුව engineering faculty එකේ පලවෙනියට හොඳයි කියල සලකන්නෙ Electronics and Telecommunication Engineering. ඒකට ගන්නෙ 1st semester එකේ තියන විභාගෙන් වැඩිම ලකුණු ගත්ත 100 දෙනාව. ඒත් එකට 140 වගේ තියන අයත් වලට වෙනව. මොකද අර 100න් 40 ක් විතර යට තියන courses වලට යනව. සමහර අය යටම තියන Materiel Engineering වලටත් යනව. ඒක උන්ගෙ කැමත්ත. අදක්ෂතාව නෙමෙයි. අනික Batch Top වෙන්නෙ හරකෙක් කියල හිතුවද????
මේක නං අනාගතේදී උදා වෙන්න පුළුවන් තත්වයක්.මේ ලමයා දක්ෂද නැද්ද කියනන් මමනම් දන්නේ නෑ.නමුත් අද විභාග ප්‍රතිඵල දේශපාලකයන් මැනිපියුලේට් කරනවා .වෙනසක් කරනවා.රාජපක්ෂ ඉස්කෝලේ ලමයි රොත්තක් පලවෙනියා වීම,නීති විදුහලට හම්බ රොත්තක් රිංගලා යෑම,නාමල් බේබී නිතී විදුහලේ වාර්ථාවක් තියලා පලවැනියා වීම යන දේවල් මේ වගේ ලක්ෂන.ඒක නිසා අනාගතේ ඇමති මැතිවරුන්ගේ පුතාලා ලංකාවේ එක දෙක තුනට එන්න පුලුවන්.ඉස්සරහට මාලක වගේ එකෙක් ලංකාවේ පලවැනියට උසස්පෙල පාස් වෙලා, මෙඩිකල් කොලෙජ් ගිහින් එහෙත් වාර්ථා තියලා පාස් වෙලා මිනිස්සුන්ට ප්‍රථිකාර කරන්න යනවා අපිට බලාගන්න පුලුවන් තරම් අපි වාසනාවන්ත වෙයි.
![]()