මට ලජ්ජා හිතුනා බන්

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    මටනම් ලංකාවේ සිස්ටම් එකම එපා උනා ගමේ ඉස්කෝලෙකට උගන්නන්න ගිහිල්ලා සති දෙකකට.
    ළමයි පට්ට කට්ටක් කන්නේ. ගුරුවරු ඇවිල්ලා ඉන්නෙත් නෑ. මාස 6ක් විතර ඉදලා කට්ට කන්න බැරුව ආපහු මාරුවක් දාගෙන යනවා. ඊලග මාස 6ට ගුරුවරයෙක් නෑ. ඉතින් ලංකාවට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද.
     
    • Sad
    Reactions: Arumbaya De Almeida

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් ලංකාවේ සිස්ටම් එකම එපා උනා ගමේ ඉස්කෝලෙකට උගන්නන්න ගිහිල්ලා සති දෙකකට.
    ළමයි පට්ට කට්ටක් කන්නේ. ගුරුවරු ඇවිල්ලා ඉන්නෙත් නෑ. මාස 6ක් විතර ඉදලා කට්ට කන්න බැරුව ආපහු මාරුවක් දාගෙන යනවා. ඊලග මාස 6ට ගුරුවරයෙක් නෑ. ඉතින් ලංකාවට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද.
    මේ කතාව ඇත්ත ඉතින්, සමජවාදය වෙනුවෙන් අරගල කරන අය ජොබ් අරන් සේවය කරන්ඩ කැමති නැ, පුද්ගලික අපහසුතා කියල මාරු වෙනව..
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය පොඩි එකාට ගහට නැගල හරි ඔන්ලයින් ඉගෙනගන්න ෆෝන් එකක් තියනවා.ඔහොමවත් ෆෝන් නැති ලමයො කොච්චර ඇද්ද බං.උන් ඉගෙනගන්නෙ කොහොමද .

    මන් දන්න කෙනෙක් හිටියා පොඩි ෆෝන් එකක් ෆේස්බුක් වලින් හොයාගත්තා.ඒක අරන් ආවා සූම් දාන්න.ඒකට සූම් සපොර්ට් කරන්නෙ නෑ.බොහොම අමාරුවෙයි කලින් වර්ශන් එකක් දාල දුන්නා...
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    මන් බදින්නේ නැති හේතුවක් ඕව තමයි බන්..පැටවු ගහලා..උන් මේ රටවල් වල සෆර් වෙන්න ඕන නෑ ලයිෆ් එකම..
    පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා..
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    දුශ්කර / අඩු පහසුකම් තියෙන පළාත් වල ඕක තමයි තත්වේ. මගේ හොදම යාළුවෙක්ගේ තාත්තා NIE PGDE program එකේ ගුරුවරුන්ට lectures දෙනවා. Lectures කරන්නේ zoom එක හරහා. තාත්තට ටෙක් සප් දෙන්නේ මගේ යාළුවා. ඌ කියනවා, සමහර teachers ලා(ගැහැණු අය ), lecture එක වෙලාවට ෆෝන් එකත් අරන් ගස් වල නගිනවලු සිග්නල් නැති නිසා.