මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට
මන්නාරම මඩු දේවස්ථානයට ඇතුළු වන තොරණ අභියස යුද හමුදාව විසින් බුදු මැදුරක් ඉදිකිරීමට ගන්නා උත්සාහය වහාම නතර කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. මන්නාරමේ පුරවැසි සංගම් දෙකක් විසින් උතුරු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ස්ථානයේ අවන්හලක් පවත්වාගෙන යන යුද හමුදාව ඒ ඉදිරිපිට බුදු මැදුරක් ඉදිකිරීමට කටයුතු කරගෙන යන බව එම පුරවැසි සංගම් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එම ස්ථානයේ බුදු මැදුරක් ඉදිකිරීමෙන් මඩු දේවස්ථානයට අගෞරවයක් සිදු විය හැකි බවයි.
යුද හමුදාව විසින් උතුරේ විවිධ ස්ථානවල බුදු පිළිම තැන්පත් කර වන්දනාමාන සිදු කොට ඔවුන් එම ස්ථානවලින් ඉවත්ව යන විට බුදු පිළිම ඉවත් කරගෙන නොයෑම නිසා මේ වනවිටත් ගැටළු උද්ගත වී ඇති බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ. එම ගැටළු ජාතික මට්ටමේ ගැටළු බවට පත් වන බැවින් මෙම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට පෙර එය නතර කරන ලෙස ඔවුන් උතුරු පළාත් සභාවෙන් ඉල්ලා සිටිනවා.
Source :http://nethnews.lk/article/49855