ඇයි උබ සතුටු වුන විදිහ අනිත් උන්ට බලෙන් පොවන්න හදන්නේ? උබ සතුටු උන විදිහ විතරද ලෝකෝත්තර සතුට?
මේ පරණ මිනිස්සුන්ගේ තියෙන මන්ද මානසිකත්වය...අපේ කාලේ තමයි කාලේ...අපිට තමයි ලස්සන කාලයක් තිබ්බේ කියනවා..හෙන විකාර..ඔය කාටුන් එක බැලුව කියල කොහොමද ලස්සන ළමා කාලයක් වෙන්නේ..කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හැසිරීම් මේ හැමදේම වෙනස් වෙනවා...ඒ කාලේ ඕක අපේ සතුට උනාට දැන් ළමයිට සතුට තියෙන්නේ වෙන දේවල් වල..ඕක ඇත්තම සතුට නම් ඔය කාටුන් තාම තියෙනවා යුටියුබ් එකේ ටීවී එකේ, ළමයි එහෙනම් දාගෙන බලන්නේපයි..මන් නම් දැකල නැහැ...උන් බලන්නේ අමුතුම ඒවා...ඒවා තමයි උන්ට සතුට තියෙන්නේ..අනික මන් පොඩි කාලේ බිම වැලි ගොඩේ කඩියෝ කූබියෝ එක්ක, තව අපි අයියල එක්ක වැලි කඳු වල සිප්පි බෝට්ටු යවල එහෙම කරලා හෙන ආතල් එකක් ගත්ත...තාමත් වත්තේ පිටේ වැලි ගොඩවල්, මඩ පස් තියෙනවා...එත් ළමයි යන්නේ නැහැ..උන්ට එකේ ඇති චූන් එකක් නැහැ..ඒ තමයි වෙනස කියන්නේ...
දැන්වත් ඔය මානසිකත්වේ වෙනස් කරගන්න..එහෙම හිතන මිනිස්සු තමයි තමන්ගේ ළමයින්ටත් තමන්ගේ දේවල් බලෙන් ඔබන්න හදන්නේ..ළමයින්ට තමන් කැමති දේ විදගෙන ඉන්න ඉඩ දෙන්න...මටත් ඔය කියන ළමා කාලේ තිබ්බා..90 ගණන් වල පරිසරයේ හැදුනේ..ඒ කියල ඒක තමයි සුපිරිම කාලේ කියල මැරෙන්න යන්නේ නැහැ...පුද්ගලිකව ගන්නෙපා..මගේ මතය කිව්වේ..
මෙහෙම දෙයක් මට එක්කහු කරන්න අවසර.
ඔය බලෙන් පැටවීම කියන කාරනාවට මන් පුංචි කතාවක් කියන්නම් .
අපෙ ගෙදර තිබ්බෙ බ්ලැක් ඇන්ඩ් වයිට් ටී වී එකක්.
රූපවාහිනිය විතරයි පෙනුනෙ.
වෙන කිසි චැනල් එකක් පෙනුනෙ නැහැ.
ඉතිං රූපවාහිනියෙ ගියෙ මොනවාද අපි ඒක බැලුවා
ඔය මෙකෙ ගොඩක් උන් දාලා තියෙන ජී අයි ජො ,මමීස් වගෙ ගොඩාක් කාර්ටූන් ගියෙ ඩයිනවිෂන් එකෙ (අද ආර්ට් ටීවී )
සහ සමහරක් එව්වා සිරසෙ.
අපි උනත් ඔය කාර්ටුන් බැලුවෙ අපෙ මාමා කෙනෙක්ගෙ ගේක ගියහම .
එගොල්ලොන්ගෙ දිහාට ඔය චැනල්ස් සෙරම අහු උනා සහ කලර් ටීවි එකක් තිබ්බෙ.
ඉතිං මාමගෙ ළමයි ඒ කාර්ටූන් බලලා අපි එක්ක රස කර කර කියද්දි අපිටත් හිතුණා බලන්න.
අන්න බලෙන් පැටවීමක් එතන උනා. එක නිසා ඔය සිරසෙ ගිය සූර පප්පා ඉඳලා ඩයිනවිෂන් එකෙ ගිය පපායි කාර්ටූන් පවා අපි බැලුවා.
එත් මාගෙ කසින්ස් ලාට එකෙන් දැනුනු රසය මට නොදැනෙන බව තෙරුණා.
මොන කරුමයක් ද දන්නෙ නැහැ.
මගෙ කසින්ස් ලා ඒ කාර්ටූන් බලලා එව්වයෙ තියෙන චරිත ආරොපනය කරගෙන එක එක සෙල්ලම් කරා
විවිධ නිර්මාණ පවා හැදුවා .
එත් මට මාමගෙ පුතාල එක්ක ඒ කාර්ටූන් එක බලද්දි විතරයි එකෙ රසයෙ තිබ්බෙ ( ඇත්තටම මන් රසය තිබ්බා වගෙ පෙන්නුවා )
එත් අපෙ ගෙදර ටී වී එකෙන් රූපවාහිනියෙ පෙන්නපු ටින් ටින්
සොරො , අර නරියයි හාවයි කාර්ටූන් එක,එතකොට තව තිබුණා හයිලැන්ඩර්,පිස්සු පූසා, කූඹ්ච්චි වගෙම ටී වී සීරියස් විදියට ගිය රොබින්සන් අන්දරය, රොබින්සන් කෲසො ,එතකොට මායා දිවයින ,එක්ස් ෆයිල්ස් වගෙ කතා
අදටත් මන් රසවිඳිනවා
මොකද ඒ කාර්ටුන් සහ ටී වී සීරියස් මන් බලන්නෙ මන් වටෙ හිටිය අය බලෙන් පටවපු නිසාම නෙමෙ.
කවුරුත් කියපු නිසාම නෙමෙ.පෙනුනෙ රූපවාහිනිය විතරයි රූපවාහිනියෙම ගිය ඇඩ් සහ පූර්ව ප්‍රචාරක පට දැකලා තමා මන් එව්වා බැලුවෙ සහ රසවින්දෙ .
ඒ වගෙම අපෙ කසින්ස්ලා රූපවාහිනිය බලන්නෙ හරි අඩුවෙන්. උන් බැලුවෙ ස්වර්ණවාහිනිය, සිරස, ඩයිනවිෂන් කියන චැනල්ස් තුන.
ටින් ටින් කාර්ටූන් එක උනත් මගෙ කසින්ස් ලා බැලුවෙ සිරසෙ ගිය නිසා.
අපෙ කාලෙ හොඳයි දැන් අප්සට් කියලා මන් කියන්නෙ නැහැ.
අපෙ කාලෙත් බොග දෙවල් තිබ්බා.
එත් බොග දෙවල් පැත්තක දාලා බලන්න හොඳ දෙවලුත් තිබ්බා.
ඒත් දැන් සේරම චැනල් වල බොග දෙවල් ?
අල්ටර්නෙටිව්ස් නැහැ ?
ඔය නිසාම තමා රූපවාහිනියෙ දැන් අළුතෙන් පත්වෙච්ච උදවිය අර කාලෙකට කලින් ගිය පරණ කතා ටික පෙන්වන්න ගන්නෙ ආයෙත්
කොරොනා කාලෙ නිවාඩුවෙදි ඒ පරණ දෙවල් ටික පෙන්නුවෙ කොයි චැනල් එකෙත්.
සිරසෙත් ආයෙත් මණ්ඩුක භවන යනවා,
සූර පප්ප යනවා
ඒ මොකද ?
දැන් තියෙන දෙවල් වලට සාපෙක්ෂව එව්වාට හිත් ඇඳ බැඳ ගැනීම වැඩි නිසා.
කියලා දැන් ඉන්න උනුත් දන්නවා ඒ කාලෙ හිටිය උනුත් දන්නවා.