මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

    1506878_10202511991658867_1414381632_n.jpg

    2014 ජනවාරි මස 16 වෙනිදා සුපුරුදු පරිදි මම මගේ වයිෆ්ව ක්ලිනික් එකට එක්කගෙන ගියා කාසල් එකට, දැන් එයාට දරුවා ලැබෙන්න ගොඩක් ලඟයි. එදා ඩොක්ටස්ලා එයාව පරික්ෂාකරලා බලලා අපිට කිව්වෙ ඉරිදට ඇවිත් ඉස්පිරිතාලේ නවතින්න කියලා. ඉතින් අපි වෙනදා වගේම එතන වැඩ ටික ඉවර කරගෙන හෙමින් හෙමින් ඇවිත් අපේ ඔෆිස් එකටත් ගොඩවෙලා එයාගේ පරණ යාළුවන්වත් හම්බ වෙලා අපි ගෙදර යනකොට දවල් 12ට විතර ඇති, ඊට පස්සේ එයාව නාවලා කවලා පොවලා ටික නිදා ගන්න ලෑස්ති කරලා මම පොඩි වැඩකට අළුත්ගමට ගිහින් එන්න ගියා මගේ යාළුවෙක් එක්ක, යාළුවෙක් කිව්වට ඌ මට මගේ අයියා වගේ, හැබැයි ඌ මට වඩා බාලයි.

    කොහොම හරි අපි අළුත්ගම ගිය වැඩෙත් ඉවර කරගෙන යාළුවව එතන තියලා මම ටවුන් එකට ගියා පෙට්‍රල් ටිකක් ගහගන්න, සෙඩ් එක කිට්ටු වෙනකොටම වයිෆ්ගෙන් කෝල් එකක් ආවා අනේ ඉක්මනට එන්න මට ඉස්පිරිතාලෙට යන්න ඕනේ කියාලා, මට දෙලෝරත් උනා පෙට්‍රල් ගැහිල්ලත් නවත්තලා මම ආපහු කාර් එක හරවගෙන එන්න පිටත් උනා,

    ඒ වෙනකොටත් මගේ යාළුවටත් ඒ මැසෙජ් එක හම්බ වෙලා එයා අපේ තවත් යාළුවෝ දෙන්නෙකුට කතා කරලා අපි එනකන් එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා ඌ කොල් කරලා කියලා. මම යාළුවා ඉන්න තැනට එනකොට එයා ගාළුපාරට ඇවිත් හිටියා. "බැහපන් බැහපන් තෝ යන්න ගියොත් මෙතන පැයකවත් යයි" කියලා මගේ යාළුවා ඩ්‍රයිවින් සීට එකේ වාඩි උනා. මම ඉක්මනට බැහැලා අනිත් පැත්තෙන් වාඩි උනා එතකොට වෙලාව හරියටම 5.57යි, ඇත්තටම මම ඒ වෙලාවේ ගොඩක් භය වෙලා හිටියේ. භය නැතුව හිටපන් උබේ දරුවා කියන්නේ මගෙත් දරුවා අපි ඉක්මනට යමු කියලා කාර් එකේ ඩබල් සිග්නල් දාගෙන ගෙඩ්ලයිටුත් දාගෙන අපි එතනින් එන්න පිටත් උනා, " මම නදියටයි කොටාටයි කොල් කරලා කිව්වා උන් ඉස්පිරිතාලෙට අරගෙන යයි, උබ පොඩි එකෙක් වගේ අඩන්නේ නැතුව හිටපන් කියලා 5.55ට අළුත්ගමින් කාර් එක ගත්තු මගේ යාළුවා හරියටම 6.10 වෙනකොට කළුතරත් පාස් කරගෙන අපේ ගෙවල් වලට යන පාර කිට්ටුවට ආවා. අළුත්ගම ඉදලා එතනට 27 km විතර තියෙනවා.

    ඇත්තටම මම දන්නේ නැහැ ඌ කොහොම ආවද කියලා, මම නදියට කොල් එකක් ගත්තා දැන් කොහෙද කියලා අහන්න, ඒ වෙනකොටත් නොනව වෑන් එකේ දාගෙන ගෙදර ඉදලා ගාළුපාරට එනවා. ගෙදර ඉදලා ගාළුපාරට 3 ක්ම් විතර දුරයි. "හරි අපි ගාළුපාරේ ඉන්නෙ, මෙතනට වරෙන් කියලා මම ෆොන් එක තියනකොටම වැන් එක අවා, ටක් ගාලා වයිෆ්වයි එයාගේ අම්මවයි, නදියවයි වෑන් එකෙන් කාර් එකට දාගෙන කොටාවයි එයාගේ නෝනවයි අපහු ගෙදර යව්වා, මොකද කොටාගේ නොනත් ප්‍රෙග්නට්. මමයි නොනයි එයාගේ අම්මයි කාර් එකේ පිටිපස්සේ නදියයි තඩියයි ඉස්සර එතනින් 6.15ට විතර අපි පිටත් උනා, ගාළුපාරේ යම නම් බොරු හවස 6 කියන්නේ පට්ට ට්‍රැෆික්, ඒ මදිවට මේ දවස් වල පාරත් හදනවා.

    කොහොම හරි අපි පැට්‍රල් 1000කත් ගහගෙන මැලිබන් හංදියෙන් අත්තිඩිය පැත්තට දාගෙන එහෙන් මෙහෙන් දදා ඇබුල්දෙනිය පැත්තේන් 7.30 වෙනකොට කාස්ල් එකට ආවා, මම ආවනම් ඒ ට්‍රැෆික් එකේ පැය 4කටවත් කාසල් එකට නම් එනවා බොරු. තඩියා ආව නිසා පැය 1.15කට අවා, ඒ වෙලාවේ පාරේ තත්වේ ගැන කියන්න දෙයක් නැහැනේ. පට්ට ට්‍රැෆික්, කොහොම හරි අපි එතනට එනකොට මාර්ඟ නීති තුන්හාරසීයක් විතර කඩන්න ඇති, පොලිස්කාරයෝ දහපහලොස් දෙනෙක් විතර විසිල් ගහන්න ඇති. එත් කරන්න දෙයක් නැහැ ජීවිත දෙකක් බේරගන්න ඕනේ, තඩියගේ ඩ්‍රයිවින් නම් සුපිරි, කාර් එකටවත් පිට වාහනවලටවත් කිසිම ඩැමේජ් එකක් නැහැ, එත් තැන් දෙකකදි සයිඩ් කන්ණාඩි දෙක ලයිට් කනුවකයි යකඩ බටේකයි වැදුනා, ඒ දෙක යන්තන් හිරිලා විතරයි. වාහන නම් හදා ගන්න පුළුවන් එත් ජීවිත. කාසල් එකට අපු ගමන් ඩොක්ටර්ස්ලා පරීක්ෂණ වගයක් කරා, බෙල්ට් එකක් දාලා මොන මොනවද බලලා, බලන් ඉන්න එක හොද නැහැ දැම්ම ගමු දැම්ම ගමු කියලා කිව්වා. කොහොම හරි බුදුසරණින් එදා රෑම වයිෆ්ට දරුවව හම්බ උනා, දැන් දෙන්නම සනීපෙන් ඉන්නාවා,

    ඇත්තටම අපිට ඒ වෙලාවේ ගොඩක් වාහන ඉඩ දුන්නා. එත් අම්මෙක් අප්පෙක් නැති, දරුවෙක් මල්ලෙක් නැති, උන්ට කවදාවත් මේ වගේ අවස්ථාවක් එයි කියලා හිතන්නේ නැති, උනුත් දැන් ජීවත් වෙන්නේ උන්ගෙ අම්මලව වෙලාවට ඉස්පිරිතාලෙට ගෙනාපු හින්දා කියලා හිතන්නේ නැති කාලකණ්නි දහපහලොස් දෙනෙක් අපිට කොහොමවත්ම ඉක්මනට යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම තවත් කාලකණ්නි සෙට් එකක් හිටියා, ඒ තමයි පොලිස් කාරයෝ මුන් අපිට කිසිම උදව්වක් කලේ නැහැ, එක තැනකදි අපි ඉර කපාගෙන ට්‍රැෆික් එකේ ඉස්සරහටම අවා, එක කාලකන්නි පොලිස්කාරයෙක් ඒ වාහන ටික ඔක්කොම යනකන් අපිව තියාගන්න හැදුවා, එත් වාහන 10ක් පහලවක් යනකොට නදියා කාර් එකෙන් බැහැලා ඒ පොලිස්කාරයට හොදට ලුණු ඇබුල් ඇතිව කියලා ID එකත් දිලා තමුසෙට පුළුවන් දෙයක් කරනවා මම හෙට එනවා ID එක ගෙනියන්න කියලා මිනිහා පාරට පැනලා අනිත් වාහන ටික නවත්තගෙන තමයි අපි එතනින් අවේ, ඒ වගේම තමයි අනිත් පොලිස්කාරයොත් මහ කාළමකන්ණි ජාතියක් එකෙක්වත් මෙච්චර හොන් ගහගෙන ඩබල් සිග්නල් දාගෙන දෙපැත්තෙන් එලියට අත්දෙක දාගෙන කෑ ගහ ගහ එන වාහෙන යන්න ඉඩ දුන්නේ නැහැ. එත් VIP කියලා හරි CC නම්බර් හරි ගහගෙන හොද ලොකු කාර් එකක් හරි ජීප් එකක් හරි ආවනම් කාණුවටත් බැහැලා පාරේ ඉඩ නැත්තන් පාරක් කපලා හරි දෙනවා උන්ට යන්න, මුන්ට ජිවිතයක් දෙකක් බේරගන්න පාර හදලා දෙන්න බැහැ, කුඩු කසිප්පු ගෙනියන ලොකු ලොකු වාහන වලට නම් ඕන තරම් ඉඩ දෙනවා. ඇත්තටම ඕකුන්ට නම් හොදක් වෙන්න එපා. මහ තිරිසන්නු ජාතියක්.

    මට ඒ වෙලාවේ උදව් කරපු හැමෝටමත් විශෙෂයෙන් තඩියටත්, නදියටත්, කොටාටත් කාසල් රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩලයටත් බුදුන් වදින මේ අත් දෙකෙන් මම වැදලා පිං දෙනවා.

    ඒ හැම දෙනාගෙම පිහිටෙන් මගේ දරුපැටියයි නොනයි කිසිම කරදරයක් නැතුව දැන් ඉන්නවා, මට ඉන්නේ කොලුපැටියෙක්, සුදුම සුදුයි, හරියට මගේ නෝනා වගේ, එයා අඬනකොට මුළු වාටුවටම ඇහෙන්න අඬනවා, මම දැන් තාත්තා කෙනෙක්, අපේ අම්මට මාව හම්බවෙච්ච වෙලාවේ අපේ තාත්තට දැනුන සතුට වගේම සතුටක් මට දැන් දැනෙනවා.


    1546243_10202512013459412_651352163_n.jpg
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උණුසුම් සුභ පැතුම් මචං උඹට......... :) අළුත උපන් දරුපැටියාගේත් උඹලා හැමෝගෙමත් ජිවිත වාසනාවන්ත වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.............
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    566824-1287-15.jpg


    සුභ පැතුම් මචන් :)
    තාත්තා කෙනෙක්ගේ ආදරය, වේදනාව, දුක, සතුට තේරුම් ගන්න ඒ පදවිය ලබන්නම ඕනේ.

     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    තවම මට නම් ඒ අවස්තාව උදා වෙලා නෑ...ඒ වුනාට හෑගීම් තේරෙනව...හොද බොක්කේ යාලුවෝ ඉන්නකොට කොහොමත් බය වෙන්න දෙයක් නෑ...එල කිරි...සුභම සුභ අලුත් ජීවිතයක්...කොල්ලෙක්ගේ තුන් වෑනි ඉපදීම කිවුවොත් හරි නේ...
     

    isurunalaka

    Active member
  • Oct 31, 2008
    810
    27
    28
    උණුසුම් සුභ පැතුම් මචං උඹට......... අළුත උපන් දරුපැටියාගේත් උඹලා හැමෝගෙමත් ජිවිත වාසනාවන්ත වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.............
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    elakiri good luck machan, god blessings to the mother and the baby.
    habai umbala loku waraddak karala thiyenawa. ai ban mechchara hadissiyakin hospital ekata awe?? machan wifege water bag eka leak wenna aran paya 6-7k withara yanawa lamaya eliyata enna or etath wadi kalayak.

    machan umbala oya hadissiye awilla mokak hari unanam thamai prashne. kauru koma kiuwath, moka mona supiri driver kenek unath accident wenne api ithana widiyata newei. umbala oyawidiyata awilla kohehari wadila wifeta kampanayak unoth?? umba mokada kiyanne??

    machan mita passe oya waradda aye danna ekektawath karanna denna epa. lasthi wela indala iminsare aranyanna. man danna minissu innawa last moment eke therumak nathiwa kalabala wela anithimata okkoma kelogaththa aya.

    mama machan mage wifege labour ekedi, galkisse indala durdans ekata yanna 1hr giya (sunday morning) mata advice karala thibbe danna kiyana okkomanla puluwan tharam himita yanna kisima kalabalayak nathiwa.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔන්න උබට අයෙත් පාරක් සුබ පතනවා මචෝ. උබ වගේම එල කොල්ලෙක් කරපන් පුතාවත්.ලගදීම එන්නම් කුමාරයත් එක්ක
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න උබට අයෙත් පාරක් සුබ පතනවා මචෝ. උබ වගේම එල කොල්ලෙක් කරපන් පුතාවත්.ලගදීම එන්නම් කුමාරයත් එක්ක

    :shocked::shocked: pissuada ban? podi ekawa mee wage apathayek karanna hadanna epa... paw podi eka.. meeka ehemada? elakiri eke inna hodama wal kawiya... :baffled::baffled::baffled: