මම කලිසමක් ගැනීමට මහරගම හම්බ කඩේකට ගියෙම&#3538

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මම කලිසමක් ගැනීමට මහරගම හම්බ කඩේකට ගියෙම&#3538

    මම කලිසමක් ගැනීමට මහරගම හම්බ කඩේකට ගියෙමි..එහි සිටි හම්බ කොලුවෙක් එන්න සර් කියා මුලු කලිසම් ගොඩම එලියට ඇද කැමති එකක් තෝරා දෙන්න යැයි කීවේය..මම කලිසම් 3ක් තෝරා දුන් විට ඌ මගේ ඉන මැන "සර් ෆිටොන් අතන" කියා මට කීවේය..කලිසම් ඇඳ බලා සෑහිමකටම පත් මා එලියට ආ විට සර් උස හදලා දෙන්නම් විනාඩි 10ක් ඉන්න කියා කොලුවා මගේ උස මැන කලිසම් 3 අරන් ගියේය. ඌ ගිය පසු තව හම්බයෙක් මට වාඩි වෙන්න බංකුවක් ගෙනත් දුන්නේය. විනාඩි 15කින් පමණ මුල් කොලුවා කලිසම් 3 ගෙනැවිත් ආයෙත් ඇඳලා බලන්න යැයි මට කීවේය. හදිස්සි නිසා කමක් නෑ මල්ලි කියා මම මුදල් ගෙවා පිටත් විමි..
    එන ගමන් කොට්ටාවේ කරෝල කඩේට ගියෙමි..."එන්න ෂර්" කියා දෙමල කොලුවෙක් මට කතා කලේය..මම කරෝල ටිකක් යහමින් ගන්නා බව දුටු ඌ "ෂර් රට ගෙනියන්නද?" කියා මගෙන් ඇසුවේය. මම ඔව් කියු පසු "එහෙනම් ෂර් සීල් කරලාම දෙන්නම්" කියා කරෝල රික්ත බෑග් වල මුද්‍රා කරන්න ගත්තේය. එසේ කරද්දි කරොල වල අපද්‍රව්‍ය කොටස් කපා ඉවත් කරමින් ඒ බරට සරිලන පරිදි අලුතින් කරෝල එකතු කරනු මම දුටුවෙමි. පැය බාගයකට පමණ පසු මුදල් ගෙවා කරොලත් රැගෙන මම පිටත් විමි.
    ඉන්පසුව ගෙදර ලඟ හන්දියේ සිංහල කොලුවාගේ පොත් සාප්පුවට මා ගොඩවැදුනේ මගේ දුරකතනයට දත්ත සේවාවක් ලබා ගැනීමටය. අවුරුදු 5 කට පසු ලංකාවට පැමිණි නිසාත් කොන්ඩ්ය කපා මදක් තරබාරු වී සිටි නිසාත් කොල්ලා මා හඳුනා ගත්තේ නැත."මල්ලී 645ට ඩේටා කොච්චර හම්බවෙනවද?" යැයි මා ඇසුවේ ලංකාවේ සේවා ගැන මෙලෝ හසරක් නොදැන සිටි නිසාවෙනි."ඔය දොරේ ගහලා තියෙන්නෙ, බලාගෙන එන්න" යැයි ඌ උජාරුවෙන් කිව්වෙ හරියට මහ බැංකුවේ ලොක්කා වාගේය..ඌ වාඩිවී සිටි පුටුවෙන් ඇද හොම්බ තලන්නට සිතුනත් මම කරබාගෙන අවශ්‍ය සේවාව මුදල් ගෙවා ලබාගෙන බුකියේ හම්බ කඩවලට යන්න එපා, සින්හල කඩේකටම යන්න කියා මොර දෙන එවුන්ගේ මවු ගුණ සිහි කරමින් කඩයෙන් පිට විමි.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕක තමයි බන් ලංකාවට හෙන ගැහිලා තියෙන්නේ
    හරියට බිස්නස් එකක් කරගන්ඩ දන්නේ නෑ
    ඒ උනාට මුස්ලිම්, දෙමල එකා දියුණු වේගෙන එද්දී බොරුවට ගිරිය කඩාගෙන කෑ ගහනවා සිංහල කඩවලට යන්නේ නෑ කියල.
    පාරිභෝගිකයා උනත් කැමති තමන්ට හොදට සලකනවානම්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    ඔය කතාව ඇත්ත බන්. අපේ එකෙක්ගේ කඩේකට ගියාම උන් හිතන්නේ අපි නයට ගන්න ආවා කියලා. යකෝ අඩුම තරමේ පොඩ්ඩක් හොදට හිනා වෙලා කතා කරපන්.. ඒත් නෑ.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    true story , sihalu business karanne apita onawata wage, un hesirenne government office wala inna un wage, :lol:
     

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    ඕක තමයි බන් ලංකාවට හෙන ගැහිලා තියෙන්නේ
    හරියට බිස්නස් එකක් කරගන්ඩ දන්නේ නෑ
    ඒ උනාට මුස්ලිම්, දෙමල එකා දියුණු වේගෙන එද්දී බොරුවට ගිරිය කඩාගෙන කෑ ගහනවා සිංහල කඩවලට යන්නේ නෑ කියල.
    පාරිභෝගිකයා උනත් කැමති තමන්ට හොදට සලකනවානම්.
    :yes::yes::yes:
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    what ever, how ever they treats me , i never go to Muslim shops, no problem to go to Tamil shops, we know how sinhala shops treat us, but what to do, we have to live with that.