මම කලිසමක් ගැනීමට මහරගම හම්බ කඩේකට ගියෙමි
මම කලිසමක් ගැනීමට මහරගම හම්බ කඩේකට ගියෙමි..එහි සිටි හම්බ කොලුවෙක් එන්න සර් කියා මුලු කලිසම් ගොඩම එලියට ඇද කැමති එකක් තෝරා දෙන්න යැයි කීවේය..මම කලිසම් 3ක් තෝරා දුන් විට ඌ මගේ ඉන මැන "සර් ෆිටොන් අතන" කියා මට කීවේය..කලිසම් ඇඳ බලා සෑහිමකටම පත් මා එලියට ආ විට සර් උස හදලා දෙන්නම් විනාඩි 10ක් ඉන්න කියා කොලුවා මගේ උස මැන කලිසම් 3 අරන් ගියේය. ඌ ගිය පසු තව හම්බයෙක් මට වාඩි වෙන්න බංකුවක් ගෙනත් දුන්නේය. විනාඩි 15කින් පමණ මුල් කොලුවා කලිසම් 3 ගෙනැවිත් ආයෙත් ඇඳලා බලන්න යැයි මට කීවේය. හදිස්සි නිසා කමක් නෑ මල්ලි කියා මම මුදල් ගෙවා පිටත් විමි..
එන ගමන් කොට්ටාවේ කරෝල කඩේට ගියෙමි..."එන්න ෂර්" කියා දෙමල කොලුවෙක් මට කතා කලේය..මම කරෝල ටිකක් යහමින් ගන්නා බව දුටු ඌ "ෂර් රට ගෙනියන්නද?" කියා මගෙන් ඇසුවේය. මම ඔව් කියු පසු "එහෙනම් ෂර් සීල් කරලාම දෙන්නම්" කියා කරෝල රික්ත බෑග් වල මුද්‍රා කරන්න ගත්තේය. එසේ කරද්දි කරොල වල අපද්‍රව්‍ය කොටස් කපා ඉවත් කරමින් ඒ බරට සරිලන පරිදි අලුතින් කරෝල එකතු කරනු මම දුටුවෙමි. පැය බාගයකට පමණ පසු මුදල් ගෙවා කරොලත් රැගෙන මම පිටත් විමි.
ඉන්පසුව ගෙදර ලඟ හන්දියේ සිංහල කොලුවාගේ පොත් සාප්පුවට මා ගොඩවැදුනේ මගේ දුරකතනයට දත්ත සේවාවක් ලබා ගැනීමටය. අවුරුදු 5 කට පසු ලංකාවට පැමිණි නිසාත් කොන්ඩ්ය කපා මදක් තරබාරු වී සිටි නිසාත් කොල්ලා මා හඳුනා ගත්තේ නැත."මල්ලී 645ට ඩේටා කොච්චර හම්බවෙනවද?" යැයි මා ඇසුවේ ලංකාවේ සේවා ගැන මෙලෝ හසරක් නොදැන සිටි නිසාවෙනි."ඔය දොරේ ගහලා තියෙන්නෙ, බලාගෙන එන්න" යැයි ඌ උජාරුවෙන් කිව්වෙ හරියට මහ බැංකුවේ ලොක්කා වාගේය..ඌ වාඩිවී සිටි පුටුවෙන් ඇද හොම්බ තලන්නට සිතුනත් මම කරබාගෙන අවශ්‍ය සේවාව මුදල් ගෙවා ලබාගෙන බුකියේ හම්බ කඩවලට යන්න එපා, සින්හල කඩේකටම යන්න කියා මොර දෙන එවුන්ගේ මවු ගුණ සිහි කරමින් කඩයෙන් පිට විමි.