තව සමහර ගෑණු සෙට් ඉන්නවා මචං තමන්ගේ වාසිය ගැන විතරක්ම හිතන කොටසක්. අද උදේ මම හෝමගමටත් එහා එදලා කොළඹ බස් එකක් ආවේ. කොට්ටාවේදි ගෑණු කෙනෙක් නැග්ගා මොන්ටිසෝරි යන ළමයෙකුත් වඩාගෙන. ඉදගෙන හිටපු පිරිමි කෙනෙක් ටක්ගාලා නැගිටලා සීට් එක දුන්නා. මේ ගෑණු කෙනා බස් හෝල්ට් 3 - 4 ක් වගේ ගිහින් ( පන්නිපිටියෙන් බැස්සා ). මේ සීට් එක දුන්නු කෙනා කොළඹ පැත්තටම යන කෙනෙක්. මේ ගෑණු කෙනාට තිබුණා කොට්ටාවෙන් පටන් ගන්න බස් එකක නැගලා වාඩිවෙලා එන්න. එහෙමත් නැත්නම් මහරගමට එන බස් තියෙනවා, එයින් එකක එන්න. නමුත් හෝල්ට් 2 - 3 ක් යන්න නගින්නෙත් දුර යන බස්වල ළමයි වඩාගෙන.
මේ වගේම සීන් එකක් මම යන බස් එකක නිතර උනා
අපේ ගෙදර ලගින් කොලඹ බස් එකක් පටන් ගන්නවා රෑ 11.30ට (ටවුන් එකේ ඉදන් 6Km ඇතුලෙ පාරක, මොකද ඩ්‍රයිවරුයි කොන්දයි නතර වෙලා ඉන්නෙ එතන නිසා)
ඉරිදට(සදුදා උදේට කොලඹ යන අය නිසා) ඔය බස් එක පටන් ගන්න තැනින්ම පට්ටෙට ලෝඩ් වෙනවා සීට් නම් අනිවාර්යෙන ඉවරයි හිටගෙනත් යන්න බැරි තරමට සමහර දවසට
කිලෝමීටර් 10ක් විතර ඈත එවුන් ආපස්සට වාහන හයර් කරන් එනවා සීට් අල්ලගන්න
සමහර ගෑනු බස් එක පටන් ගන්න තැනින් 1km විතර ලග අය ලමයි වඩන් මගින් නගිනවා අර කිලෝමීටරේ එන්නෙ නැතිව සීට් දෙන බව දන්න නිසා
මේක 11.30ට පටන් අරගෙන කොලඹට එනකොට 5.45 විතර වෙනවා, හිටගෙන ආවොත් පහුවෙනිදා වැඩ කරන්න බැහැ සතියක් විතර යනකන් ඇගට අමාරුයි
සමහර අය ඉස්කෝලෙ යන වයසෙ එවුන් වඩන් නගිනවා කියහන්කෝ
ඉස්සර නම් සමහර අය සීට් දුන්නා, දැන් නම් එකෙක් සීට් දෙන්නෙ නැහැ, කොන්දත් දැන්න නම් නගිනකොටම කියනවා ලමයි හිටියට සීට් නම් ලැබෙන එකක් නැහැ කැමති නම් නගින්න කියලා


මිනිහා පොඩියි ඒ දවස්වල. ටික වේලාවකින් අර ගෑණි අපේ මල්ලිගෙන් අහනවා ඔයා ලග බහිනවාද කියලා. මල්ලි කිව්වා අම්පාරටම යනවා කියල,
ඊට පස්සෙ අර ගෑණි මිනිහට කියනවා අපෝ මෙයා අම්පාරටම යනවලු. 


