මම_අඩනවා ඒත්..

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ‘‘මම අඩනවා ඒත් මේ සතුටු කඳුලු මගේ දරුවන් දැන් දෙවියන් ළඟ‘‘ – සිරියානු රසායනික අවි ප්‍රහාරයෙන් දෙමස් වියැති නිවුන් දරුවන් දෙදෙනා,බිරිඳ ඇතුළු ඥාතීන් 25 දෙනෙකු අහිමි වූ පුද්ගලයෙකුගේ සංවේදී කතා පුවත



    ඕනෑම යුද්ධයක ජයග්‍රහණයන්ට වඩා තියෙන්නේ පරාජයන්,අහිමිවීම්,වේදනාවන්,විනාශයන් විතරයි.

    කවදා හරි මේ ලෝකේ අන්තිම මනුස්සයා දක්වාම එකිනෙකා මරාගන්න දවසක් එනකම් ඒ දේ, මිනිසුන් තේරුම් ගනිවීදෝ දැයි හීනෙකින්වත් හිතන්න බැරි කාලයකයි අපි මේ ජීවත් වෙන්නේ.

    අබ්දුල් හමීඩ් යූසෆ්…අබ්දුල් හමීඩ් යූසෆ් මුහුණ දුන් සංවේදී කතා පුවත ලොව පුරා මාධ්‍ය වලින් ලැව් ගින්නක් සේ පැතිර ගියේ මේ කතාව අහපු දැකපු හැමෝගෙම හදවත් වලට සිත් සසළ කරමින්..

    සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ හමුදාව විසින් එල්ල කරපු රසායනික අවි ප්‍රහාරයකින් යූසෆ්ගේ බිරිඳ සහ දෙමස් වියැති නිවුන් දරුවන් දෙදෙනා ඔහුට අහිමි වුණා.

    මේ පුහාරයට එල්ල වෙලා තිබුණේ සිරියාවේ ඉඩ්ලිබ් කියන පළාතේ උතුරු කෙළවරක වෙන්න පිහිටලා තිබුණ ඛාන් ෂෙයිකෝන් කියන ගම්බද ප්‍රදේශයට.රාත්‍රී කාලයේදී තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තිබුණේ..

    ‘‘මම තද නින්දක හිටියේ..ප්‍රහාරයත් සමග එක්විටම මා අවදි වුණා.මට හුස්ම ගැනීමේ අපහසුවක් දැනුනා.එ් මොහොතේම මම මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත ගියා.ඔවුන්ට අනතුරක් වී තිබුණේ නැහැ.පස්සේ මම බිරිඳට දරුවන් දෙදෙනා එක්ක නිවසට වී ඉන්න කියලා අසළ නිවසක ජීවත් වුණ මගේ දෙමව්පියන් විසූ නිවස වෙත ගියා.මා යනවිටත් මගේ දෙමව්පියන් සහෝදරයින් කිසිවෙකු ජීවතුන් අතර හිටියේ නැහැ..මම නැවත මගේ බිරිඳ හා දරුවන් දෙදෙනා වෙත ආවා.මම එනවිට ඔවුන් වලිප්පුව හැදුනාක් මෙන් කටින් පෙණ දමමින් සිටියා.ඔවුන් මිය ගියා..මට මගේ පවුලම නැති වුණා‘‘ යැයි ලෝක මාධ්‍ය ඉදිරියේ හඩාවැටෙමින් යූසුෆ් කියලා තිබුණා..

    මේ ප්‍රහාරයෙන් යූසුෆ්ගේ ඥාති හිතුවතුන් 25 දෙනෙකු ඇතුළු 70කට අධික පිරිසක් මියගොස් තිබුණා.

    ‘‘මම අඩනවා ඒත් මේ සතුටු කඳුලු මගේ දරුවන් දැන් දෙවියන් ළඟ සිරියාවේ ඉන්නවාට ඒක ගොඩක් හොඳයි‘‘ සිය දරු දෙදෙනාගේ සොහොන්කොත් අසළ හඩා වැටෙමින් යූසුෆ් අවසාන වශයෙන් කියලා තිබුණා.



    170405150014-01-syrian-man-says-25-relatives-dead-exlarge-169.jpg


    Abdul-Hamid-Youssef-Syrian-father-696x522.jpg


    Abdul-Hamid-Youssef-Syrian-father3.jpg


    Screen-Shot-2017-04-06-at-134356-747x420.jpg


    Syrian-dad-buries-his-children.jpg
     
    • Like
    Reactions: lgask

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඕනෑම යුද්ධයක ජයග්‍රහණයන්ට වඩා තියෙන්නේ පරාජයන්,අහිමිවීම්,වේදනාවන්,විනාශයන් විතරයි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලග ලගම යුරොප්/යුඇස් වල ලොකු සිටි එකකට ඇමිනෙන්න වදිනවා මචන් සුද්දා කලු වෙන්න. ඔය හේට්ට්‍රට් එක හරි බයානකයි. සිරියන් උන් කුලප්පු කරගත්තා කියන්නේ රජ කැමක්. දැන් ඔය තාත්තාමයි කියහන්කො, අයි එස් උන් බ්‍රේස් වොශ් කරන්න දෙයක් නැ. ගේමට රිටර්න් එක දෙන්න බැදෙන්න කිව්වොත් ඔය මනුස්සයා යනව දරු දුකට.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිරියාව වගේ රටවල් විනාස කරන උන්ට හොදක් නම් වෙන්න එපා .පව් අසරණ මිනිස්සු .අසාද්ට වඩා මේවට වගකියන්න ඕන ඇමරිකන් කාරයෝ .
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    monawa kiyannada kiyala therenne ne. yudden beta kapu minissu thamai yudde vipaka danne.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය රටවල් වල උන් ගැන ඕනෙවට වඩා සංවේදී වෙන්න හොඳ නෑ ලමෙක්ගෙ මිනියක් වෙරලට ගොඩගහපු එක දැකල ඕනෙවට වඩා සංවේදී වෙලා තමා යුරෝපෙ උන් අද ඉල්ලං ඇරගෙන තියෙන්නෙ :yes: :yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මරුසිරා;21429008 said:
    සිරියාව වගේ රටවල් විනාස කරන උන්ට හොදක් නම් වෙන්න එපා .පව් අසරණ මිනිස්සු .අසාද්ට වඩා මේවට වගකියන්න ඕන ඇමරිකන් කාරයෝ .
    ඒ උනාට ඇමෙරිකන් උන්ගේ පොයින්ට් එක මේ සීන් එකෙන් සිරියන් උන් ඔප්පු කලානේ. සිරියන් උන් බයො කෙමිකල් වෙපන් ඩිවලප් කරනවා කියන එක.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔය රටවල් වල උන් ගැන ඕනෙවට වඩා සංවේදී වෙන්න හොඳ නෑ ලමෙක්ගෙ මිනියක් වෙරලට ගොඩගහපු එක දැකල ඕනෙවට වඩා සංවේදී වෙලා තමා යුරෝපෙ උන් අද ඉල්ලං ඇරගෙන තියෙන්නෙ :yes: :yes:

    ekath atta :(
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    karma kiyanne okata tama. ekets duk wela wedak ne ...sansakra kiyanne okata tamai.... katawath ewa wenas karana be. ea lamai ipadila tienne ohms mokahari pawakata api danne monada kiyala apitath oye tika tamai paw kara weda karate. okata duk wela wedak ne pullman taram paw karakam walin ath wenna tamai tiyenne.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඔය රටවල් වල උන් ගැන ඕනෙවට වඩා සංවේදී වෙන්න හොඳ නෑ ලමෙක්ගෙ මිනියක් වෙරලට ගොඩගහපු එක දැකල ඕනෙවට වඩා සංවේදී වෙලා තමා යුරෝපෙ උන් අද ඉල්ලං ඇරගෙන තියෙන්නෙ :yes: :yes:

    :yes::yes::yes::yes::yes::yes:
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    දෙවියනේ.. මේ තරම් නපුරු හදවත්.. මේ තරම් දුෂ්ට වැඩ.. කොච්චර ලස්සනට තියෙන්න තිබුන ලෝකයකද මේ විදියට දූෂණය වෙලා තියන්නේ.. :(:(:(:( මුකුත්ම නොදන්න කිරිසප්පයෝ , කාටවත්ම වැරද්දක් නොකරපු අහිංසක මිනිස්සුන්ගෙ ජිවිතත් එක්ක කොහොමද මේ විදියට සෙල්ලම් කරන්නේ.. :no::no::no:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොහොමද බන් මේක අසාද්ගේ හමුදාව කරා කියලා දන්නේ..?
    තමන්ගේම මිනිසුන්ට මෙහෙම කරාවි කියලා හිතන්න අමාරුයි නේද..?

    unge moda kakma eta wada lokui
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය රටවල් වල උන් ගැන ඕනෙවට වඩා සංවේදී වෙන්න හොඳ නෑ ලමෙක්ගෙ මිනියක් වෙරලට ගොඩගහපු එක දැකල ඕනෙවට වඩා සංවේදී වෙලා තමා යුරෝපෙ උන් අද ඉල්ලං ඇරගෙන තියෙන්නෙ :yes: :yes:

    අනිවා මචන්
    ඔය වගේ කරැණාව පාලා තමයි ලංකාවට කෙල වෙලා ඉන්නේ තම්බි බෝවෙලා