මරණීය දණ්ඩනය හිමිවූ මේජර්වරයාගේ කතාව...!
ඊළාම් යුද්ධයේදී කොටි ත්රස්තවාදයට එරෙහිව සුවිශේෂ බුද්ධි මෙහෙයුම් රැසක් සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් ඩික්සන් රාජමන්ත්රී හා එහි කෝප්රල් රාජකරුණා යන අයට යාපනයේ මහාධිකරණයෙන් අද මරණීය දණ්ඩනය නියම කර තිබේ.
1998 දී යාපනයේ තිරුනල්වේලිහිදී කොටි බුද්ධි බළකායේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අසනීප තත්ත්වයට පත්වීමෙන් රෝහල්ගත කිරීමෙන් පසු එම කොටි සාමාජිකයා මරණයට පත්වීම සම්බන්ධව පැවැති නඩු විභාගයෙන් පසුව මෙම තීන්දුව ලබාදී ඇත.
එම කොටි සාමාජිකයා යාපනයේ ක්ලේමෝ බෝම්බ ඇටවීමේ නිරත වූ ප්‍රබල චරිතයක් බවට අනාවරණය වීමෙන් පසු එවකට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අසනීප වීමෙන් පසු රෝහල්ගත කර ඇත්තේ මේජර් රාජමන්ත්රී හා කෝප්‍රල්වරයා විසිනි.
එවකට පැවැති පොලිස් පරීක්ෂණවලදී යාපනය පොලීසිය මගින් මෙම කොටි සාමාජිකයා මරණයට පත්වීම සම්බන්ධව විමර්ශනයේදී ඩික්සන් රාජමන්ත්රී, රොනී බර්තලමියුස් යන බුද්ධි නිලධාරීන් දෙදෙනා සහ අදාළ කෝප්‍රල්වරයා එවකට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගත කර තිබී ඇත.
ඉන්පසුව ඇප මත නිදහස්ව පැමිණි මෙම නිලධාරීන් යළිත් සක්‍රිය සේවයට එක්වී ඇති අතර මේ දක්වා නඩු විභාගය යාපනය මහාධිකරණයේ විභාග වී ඇත.
මරණීය දණ්ඩනය නියම වූ මේජර් ඩික්සන් රාජමන්ත්රී යාපනය අර්ධද්වීපයේ වසර 11ක පමණ කාලයක් බුද්ධි රාජකාරිවල නිරත වෙමින් කොටි ත්රස්තවාදීන්ගේ රහස් මෙහෙයුම් හා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සැපයුම් මාර්ග සොයාගැනීමට සුවිශේෂී රාජකාරියක නිරත වූ නිලධාරියකු ලෙස ප්රකටය.
ඊට අමතරව සිව්වන ඊළාම් යුද්ධයේදී මුලතිව් අල්ලන මෙහෙයුම සඳහා වැලිඔය සිට ඇරඹි කි‍්‍රයාන්විතයේදී 59 වැනි සේනාංකයේ සන්නද්ධ බුද්ධි නිලධාරියා ලෙස කොටි නායක ප්රභාකරන්ගේ හදවත ලෙස පැවැති මුලතිව් වන්-ෆෝ බේස් බලකොටුවේ කොටි මෙහෙයුම් අඩාල කරන්නට සුවිශේෂ බුද්ධි මෙහෙවරක් කළ නිලධාරියෙකි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
(උපුටා ගැනීමකි...)