මචං,උඹ මේ ලින්ක් එක දාපු නිසා කියන්නේ.
උපුල් ජෝෂප් හා මහින්ද අතර තියෙන්නේ ආගමික ප්‍රශ්ණයක්.
ඒ හරහා උඹට බැහැ දේශපාලනික කියවීමකට යන්න.
මම දවසක් නූලක ඕක සවිස්තරාත්මකව කිව්වා.
උපුල් ජෝෂප් කවුද කියලා හොයලා මිනිහා කියන දේවල් ඔලුවට ගනින්.
![]()
බයිටෝක් මහ ලොකුවට මහින්දගේ දේශප්‍රේමය විකුනන්න ආව. අපි මහින්ද කවුද ප්‍රේමදාස කවුද කියලා දැනගත්තේ අසු ගණන්වල . එතකොට උඹලා පොල් කටුවක් පිරෙන්න චූ කරන්න බැරි උන් බන්
මහින්ද ජිනිවා ගිහින් රට පාවලා දුන්නේම නෑ. අනේ බන් මහින්ද ප්‍රෙමයෙන් උඹ අන්ද වෙලා.
ආ ඇත්තද..
එහෙනම් අපි කතා කරමු.
හැබැයි මාතෘකාවෙන් පිට කතන්දර බෑ.
හරිනෙහ්..
මම මහින්ද කෙනෙක් ගැන හෝ බයිටෝක් එකක් හෝ මේකේ දීලා නෑ.
හරි.අපි පටන් ගමු.
එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව කිසිවෙකු ජිනීවා ගියේ නම් ඒ මුලින්ම කවුද..?
එසේ යන්නට ගිය පිරිස මෙරට pපිහිටුවාගත් සංවිධානය කුමක්ද..?
එහි සභාපති අද සිටින්නේ කොහේද..?
ජිනීවා යන්නට ගිය අනෙක් නීතීඥ පිරිසට කුමක් සිදුවීද..?
මහින්ද ජිනීවා ගියේ ඉන් කොපමණ කාලයකට පසුද..
හරි පුතා.ඔයා මම පොල් කට්ටට චූ කරන කාලේ මේවා දන්නවානේ.
මම උඹට කියලා දෙන්නම් මම ඒ කාලේ පොල්කට්ටට චූ කලාද නැද්ද කියලා.
අපි පටන් ගමු SR1387/7/89 දරණ මරණ පරීක්ෂණයෙන්ම..
වරෙන්...අපි කතා කරමු..
ලත් තැනින්ම ලොප් කරන්නන්කෝ. මට නම් මෙච්චරයි
රනිල් වේවා සජිත් වේවා මෛත්‍රී වේවා යමෙක් රටේ මානව හිමිකම් නෑ කියා ජ්‍යාත්‍යන්තරයට යයිද, ජ්යත්යන්තරයට ඔහු වසලයෙක් ජඩයෙක් නිචයෙක් නින්දිත පරයෙක්.මහා පවා දෙන්නෙක් පමණි.
ඔන්න කොන්ද කෙලින් තියාගෙන කෙලින්ම කිව්වා.
1991 මහින්ද ජිනිවා ගියා රටේ මානව හිමිකන් නෑ කියලා ජිනිවා. උඹට මම කියපු දේ කෙලින් කියන්න පුළුවන්ද ? කතාව ඉවරයිනේ




![]()
අඩේ උඹේ දෙයියා මූනේ බං..
මොකෝ ලිස්සලා යන්නේ.
ලත් තැනම ලොප් වුනේ නෑ.
එහෙම හිතුවා නම් උඹ පවු.
උඹ කලේ මට වැඩේ පහසු කල එක.
කොහෙද ඉතින් ලිස්සලා යන්නේ...?
යන්න එපා ඉන්න.
මම පටන් ගන්නම් මෙතනින්.
1897දී ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කලා.
ඒ කලේ කොහොමද කියලා දැන් එළකිරියේ ඉන්න ගොඩක් අය දන්නේ නෑ.
මේකට මුලු රටම විරුද්ධ වුනා.අන්තිමට අර උඩ ඉන්න ජේ.ආර්. පාහරයා රටටම ඇඳිරි නීතිය දැම්මා.
රටේ යුධ හමුදාව මිනිහාට එරෙහි වේවි කියලා බයට ඉන්දියාවේ ලොකුම යුධ නැව් දෙක අරන් ඇවිත් එකක් ගාල්ලේ wවරයේ ආ අනෙක කොළඹ වරායේ නතර කලා.
බලෙන්ම ගිවිසුම අත්සන් කලා.
ඒ පාහරයා කල වැඩෙන් තමයි 13 වැනි සංශෝධනය ආවේ.ඌ එදා එහෙම නොකලා නම් අපේ රටේ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ.
මොකද එතකන් දමිළ ජනතාවට ඔවුන්ගේ භාෂාව ප්‍රශ්ණයක් වුනේ නෑ.
මේ මගුලෙන් උන්ගේ ඔළුවට දැම්මා උඹලටත් මේ සිංහලයන්ගේ රටේ අයිතියක් තියෙනවා කියලා.
උන් යුද්ධ කලා..
ඉවර නෑ.
පහලට යමු...
වැඩක් නෑ බන් වැඩක් නෑ කොහෙන් හරි අන්තිමට එන්නේ එක තැනකට නේ එක්කොඒ වෙද්දි රටේ එකමුතුව හිටියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ටික විතරයි.අනෙක් සියලු සංගම්වල ලොක්කෝ මරලා ඉවරයි.
දැන් මේ මම පොල් කට්ටට චූ කරන කාලේ ජේ.ආර්. පරයා ලොකු කරගෙන ඉන්න එකා කිව්වේ මහින්ද ගියේ 1991දි කියලානේ.
මම මේ කියන්නේ 1987 ගැන.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ඔක්කොම ගිවිසුමට එරෙහිව පාරට බැස්සා.
ඔය අතරේ සන්නස්ගලලා,රාජිතලා,අශෝක හඳගමලා එකතුවෙලා හැදුවා සමාජවාදි ශිෂ්‍ය සංගමය කියලා එකක්.
උන් එක්සත් ජාතික පක්ෂයට සපෝට් කලා.
ඒකට එරෙහිව ජවිපෙ උන් එක්ක ගේමට බැස්සා.
පස්සේ සමාජවාදි එකට තිබුන බලය ජවිපෙට හිමිවුනා විශ්ව විද්‍යාල ඇතුලේ.
මේ බලයත් එක්ක කොළඹ විතරක් නෙවෙයි.රට වටේම ජවිපෙ අය ගිවිසුමට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලා.
කට්ටිය දන්නවා ඇතිනේ.
ඔන්න ඔය කාලේ අනුර + වික්‍රමසිංහ උන්නැහේ නම් පොල් කට්ටට චූ කර කර ඉන්න ඇති.
ඉතින් මේ දැඩි විරෝධය දරාගන්න බැරිව එක්සත් ජාතික පක්ෂය නිළ වශයෙන් තීරණය කරනවා මුන් ඔක්කොම මරන්න ඕන කියලා.
ඒ තීරණය අනුව තමයි එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ ප්‍රා සහ කහ බලල්ලු කියන සංවිධාන පිහිටුවනු ලැබුවේ.
ඔවුන්ට වෙනම හැදුනුම්පත් වල ඉඳලා යාන වාහන වෙනකම් හැමදේම දුන්නා.
ඔවුන් කොනක ඉදලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මරාගෙන ගියා..
ඉවර නැ...
පහලට යමු...
රටේ මානව හිමිකම් නෑ ,රට මිනකන්නන්ගේ දේශය කියා කවරෙකු හෝ ජිනිවා ගියේනම් අන්තර්ජාතිකව රට හෑල්ලු කරේ නම් ඔහු නැති බංගස්ථාන වේවා
සිරිසේන ප@යා නැති බංගස්ථාන වේවා
වැඩක් නෑ බන් වැඩක් නෑ කොහෙන් හරි අන්තිමට එන්නේ එක තැනකට නේ එක්කොමේ මැරිල්ල අන්තිමට ඉවරයක් නැති වුනා.
ජේ.ආර්.ගේ මිනීමරු කල්ලි පොලිසියේ අය විධියට ගෙවල් වලට ගිහින් තරුණයෝ අත් අඩංගුවට ගන්න පටන් ගත්තා.
අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව කෙලින්ම ඔවුන්ව මරලා දැම්මා.
ඔන්න දැන් මම අපේ ප්‍රධාන කතාවට එනවා.
ඔය මැරිල්ලට එරෙහිව එවකට රටේ පිළිගත් නීතිඥවරු විශාල ප්‍රමාණයක් එකතු වුනා.
ඔවුන් සංවිධානයක් පිහිටුවා ගත්තා රටේ මුල්ම වතාවට "මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පෙරමුණ" කියලා.
මෙයාලා මේක හරහා අධිකරණයට ගිහින් පොලිසියට එරෙහිව හබයාස් කෝපුස් නියෝග ගත්තා අර අත් අඩංගුවට ගත්ත එවුන් අරන් එන්න උසාවියට කියලා.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඔතන නැට්ටටම හිර වෙනවා.
මොකෙක් ගෙන්නද..මරලා ඉවරයි.
ගෝඨභය සුදු වෑන්වලින් අරන් ගිහින් අවුරුදු 8ටම මැරුවා කියලා චෝදනා කරන මුලු සංඛ්‍යාව එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එක දවසකට මැරුවා.බටලන්ද වගේ (උඹලා දන්නේ බටලන්ද නෙහ්.හැබැයි බටලන්දට වඩා තැන් රටේ තිබුනා.මතකනේ චන්ද්‍රිකා ගොඩ ගත්ත මිනීවල) වදකාගාර 16ක් රටේ හදලා තිබුනා.
දැන් ර උසාවි නියෝග සෙට් එක නිසා ආණ්ඩුව හිරවෙලා ඉන්නේ.
දැන් කරකියාගන්නඩ් හෙයක් නෑ.
උඹලා හිතන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා මොකක් කලා කියලාද..?
උන් තීරණයක් ගන්නවා මචංලා,අර සංවිධානේ ඉන්න නීතිඥයෝ ටික ඔක්කොම මරන්න.
මේ 1987 අවුරුද්ද හොඳේ.
තවම මහින්ද කරළියේ නෑ.
ඉවර නෑ.
පහලට යමු...


*මොකද්ද මැරුණ කෙනාගේ නම් ..?* සිය සහායකයාගෙන් අධිකරණය නියෝගය ඉල්ලාගනිමින් වෛද්‍යවරයා විමසා සිටියේය.
*චරිත ලංකාපුර කියලා තමයි ලියලා තියෙන්නේ..*
*කෝ එන්න කියන්න මෙයාව අඳුරගන්න එවිත් ඉන්න අයට.ඉස්සෙල්ලා මේ ඇත්තටම එයාද කියලා අඳුරගන්න ඕන..* වෛද්‍යවරයාගේ එකී දැනුම් දීමත් සමඟ මෙතෙක් මෝචරියෙන් පිටත් රැඳී සිටි පුදගලයින් දෙදෙනෙකු ඒ තුලට පිවිසුණි.
*මැරිලා ඉන්නේ නීතිඥවරයෙක්..* යැයි මුලින්ම පැවසූයේ එසේ පැමිණි
අයෙක් විසිනි.බැලුබැල්මටම ඉතාම හොඳින් පුහුණුකල අතකින් කල වෙඩි තැබීමකි.ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකල ඝාතනවල මෙතරම්
දක්ෂතාවයක් දකින්නට නොහැකිවූ බව වෛද්‍යවරයාට මතකය.මියගිය පසු මෙහි රැගෙන හා සියල්ලන්ගේම සිරුරු අඟලෙන් අඟලට තමා නිරීක්ෂණය
කොට ඇති බැවින් තමාගේ ඇසට මළ සිරුරක් දුටු විගසම බොහෝ කාරණා ක්ෂණිකව තේරුම් යා හැකිබව වෛද්‍යවරයා අත් දැකීමෙන්
දනී.මළ සිරුරේ නිරුවත වසා තිබුනේ මියගිය තැනැත්තා අවසන්වරට හැඳ සිටි බතික් සරමෙනි.සරම හැර කිසිවක් ඔහුගේ සිරුරේ නොවීය.මිය යනවිට
වයස අවුරුදු 31ක් බව පොලිසිය විසින් ලබාදුන් තොරතුරුවල විය.
උසින් අඩි පහකට මඳක් වැඩිවූ මළ සිරුර හඳුනාගන්නට පැමිණි ජනාධිපති නීතිඥ ඩෙස්මන් ෆෙර්නන්ඩෝ හා නීතිඥ ධර්මදාස කෲස් යන දෙදෙනා
මෙකී මලසිරුර තමන් හොඳින් දන්නා හඳුනන චරිත් ලංකාපුරගේ බව
අත්සන්කොට සපථ කළෝය.ඉන් පසු මරණ පරීක්ෂණයේ දෙවන
කොටස හා වැදගත්ම කොටස වූ මළ සිරුර විච්ඡේදනය කිරීම ඇරඹුණි.