මරුටි අත්දැකීම

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    18,763
    3
    97,986
    113
    Gampaha
    මම ඉන්දියන් වාහන වලින් ඇල්ටො පැදල තිබුනට මරුටියක් පදින්න අවස්වතාවක් හම්බ උනේ ඊයෙ.

    අපේ නෑදෑ කෙනෙකුගෙ වාහනේ drive shaft, cv සවුත්තු වෙලා තිබිල අපේ ගෙදර ගෙනල්ල මමත් සප් එකක් දීල වාහනේ හැදුව.
    "H" නම්බර් වාහනයක්. ලක්ශ 8.5කට අරන් ඇක්සල් වලටත් එක්ක සේරම රෙපෙයාර් වලට 85000 ක් විතර වියදම් කරල තිබුණ (බඩු වලට විතරක්). ඉදිරියට එන්න තිබුන වැඩ විදිහට චෙක් එන්ජින් ලයිට් හිටි ගමන් පත්තු වෙන එකයි. පොඩි දිරුම් ටිකකුයි තිබුණ.

    රෙපෙයාර් ගැන නිකං දැනගැනීමට දැම්මට ඔය වයසෙ ඉන්දියන් වාහනේකට ලෙඩ එන එක අවුලක් නෑ කියමුකො. හැබැයි ස්පෙයා පාට්ස් වල කියන තරම් ලොකු ලාභයක් මම දකින්නෙ නෑ. ජපං වාහන වල ගණං එක්ක බැලුවම සේම් ප්‍රයිස් වගේ කියල හිතෙන්නෙ.

    ඊයෙ තමයි වාහනේ හරියට එලවන්න අවස්ථාවක් හම්බ උනේ.
    නැගල ඉඳගත්ත ගමන් 'මොන කරුමයක්ද' කියල හිතුන.
    එහා පැත්තෙ එකා එක්ක බස්එකේ එකම ශීට් එකේ ඉන්නව වගේ හැඟීමක් තමයි මුලින්ම ආවෙ.
    සෑහෙන දඟලල ශීට් එජස් කරන කෑලි හොයාගෙන, කොයි අතට එජස් කලත්. හරියට ශීට් එක එජා ගන්න බැරිඋණා. ඒකටත් සෙඩාන්ම එලවල පුරුදුවෙලා හින්ද මගේ අවුලක් වෙන්න ඇති කියල හිත හදාගත්ත කියමුකෝ.

    සයිඩ් මිරර් වලින් බලන් රැවුල කැපුවොත් කන හෝ කට කැපෙනවමයි. එලවන එකා රිවස් කරන්නෙත් ඔටුව වගේ බෙල්ල දාගෙන. ඔය වීදුරු කෑලි වල අවුල්නං හදාගන්න බැරියැ ඒක හින්ද ඒකත් ලොකු ගැටලුවක් නෑ කියමුකෝ.

    දැන් වාහනේ පාරට දානව. "කෝ යකෝ මේකෙ පවර් ස්ටියරින්. 2003 ආපු පවර් නැති වාහනයක් ...?? " (K නම්බර් වලටත් පවර් නෑ), අනික මම පවර් නැති වාහන ඕන තරං එලවල තියෙනව ඒත් මේ පොඩි වාහනේ තරං අමාරු උනේ නෑ...

    ඔන්න දැන් වාහනේ අරං යනව. "යකෝ මේකෙ බ්‍රේක් වදින්නෙ නෑ" servo brake නැති හින්ද පැඩ්ල් එක කකුල් දෙකෙන්ම පාගගෙන ස්ටීරියන් වීල් බදාගෙන හිටගන්න ඕනෙ බ්‍රේක් වදින්න.

    සතුටුවෙන්න පුලුවන් කාරනේකට තිබුනෙ හොඳට AC තිබුණ එකයි, efi එන්ජිමයි විතරයි. AC on කරන් යනකොට නාහෙ කඩන් යන්න ආපු පෙට්‍රල් ගඳත් එක්ක ඒ සතුටත් තිබුණෙ ටික වෙලාවයි.

    1980 ගනං වල ආපු ජපං වාහන වල තිබුන power option, servo brake වගේ බේසික් option මෙච්චර අලුත් ඉන්දියන් මරුටියක එන්නෙ නෑ. පෙට්‍රල් හොඳට කරනව කියල විතරක් වාහනයක තත්වය මනින්න බෑ.

    මටනං ඊයෙ තේරැන විදිහට 2003 හදපු මරුටියකට වඩා ඒ මිලටම තියෙන. Nissan B12, toyota corolla, carina, corona වගේ පරණ වාහන දාහෙන් සම්පතයි.

    සාරාංෂය-

    * මරුටි වල මේන්ටේන් කොස්ට්, රෙපෙයාර් අඩුයි කියන්නෙ, පවර් රැක් පොම්ප වගේ වාහනේක තියෙන්න ඕන කෑලි මේකට නැති කම මිසක් වාහනේ හොඳ කම නෙමේ.

    * බ්‍රෝකර්ලයි සේල් කාරයොයි ඇතිකරපු මාකට් එකක් තියෙන්නෙ. දෙන ගානට කොහෙත්ම වටින්නෑ. නම්බර් ප්‍ලේට් එකයි, EFI එන්ජිමයි විතරයි ටිකක් හරි වටින්නෙ.

    * ඉන්දියන් වාහන ගන්නම ඕනෙනං ඇල්ටො එකක් ගන්න.

    edit-
    තව දෙයක්, මරුටියෙ km ගාන පෙන්නන්නෙ ඉලක්කම් 5කට.
    එතකොට උපරිම පෙන්නන්නෙ 99999km විතරයි. එතනින් පස්සෙ ආයෙ 0 වෙනවා.
    ඒක හින්ද පරන මරුටි ගද්දි km වලින් වාහනේ තත්වෙ බලන්න බෑ.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    18,763
    3
    97,986
    113
    Gampaha
    ammo oke steering wheel ekai break ekai matak weddi wamaneta enawa
    කොහොමද ඩෑෂ් බෝඩ් එකෙයි, AC control panel එකෙයි ලස්සන. ඉස්සරනං කවුරුහරි ගන්න ඇහුවොත් හොඳට බලල ගන්න. නැත්තං ඇල්ටො එකකටවත් ට්‍රයි කරන්න කියනව.

    ඊයෙ එලෙව්වට පස්සෙ. හතුරෙකුටවත් ගන්න දෙන්නෑ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    2,117
    2,079
    113
    Nugegoda, Sri Lanka
    කොහොමද ඩෑෂ් බෝඩ් එකෙයි, AC control panel එකෙයි ලස්සන. ඉස්සරනං කවුරුහරි ගන්න ඇහුවොත් හොඳට බලල ගන්න. නැත්තං ඇල්ටො එකකටවත් ට්‍රයි කරන්න කියනව.

    ඊයෙ එලෙව්වට පස්සෙ. හතුරෙකුටවත් ගන්න දෙන්නෑ
    AC Control eka nikan Bottle moodiyak wage ne. ara Horlicks bottle wala awe.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    36,371
    1
    25,639
    113
    බස් ගැමුණු ස්ට්‍රයික් කරපු දවසට, කෝච්චි ඩ්‍රයිවර්ලා බීලා ගුටිකාපු දවසට, ධීවරයෝ මලපැනලා බෝට්ටු රේල් පාරට ගෙනාපු දවසට, සහ මේ වගේ තවත් කාලකන්නි දවස් වලට ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් කියවෙන වාක්‍යයක් තියනවා.

    "මරුටියක් වත් තිබුණනං...!"

    කවුරුහරි යාන්තමට ඔලුව උස්සගෙන එනවා වගේ පෙනුණාම, සතියකට පාරක් දෙපාරක් ෆ්‍රයිඩ් රයිස් කනවා දැක්කාම, ගෙදරට හාමුදුරුවෝ වඩම්මලා දානයක් එහෙම දුන්නාම ඒ මනුස්සයාගේ හිතවත්තු සාමාන්‍යයෙන් කියන වාක්‍යයක් තියනවා.

    "දැන් ඉතින් මරුටියක් වත් ගත්තනං හොඳයි......"

    ක්ලැසික් කාර් එකක් අරගෙන ෆුල් ආතල් එකේ දුවන්න කියලා හිතාගෙන ඉඳලා, එක පාරට මග නැවතිලා එතන ඉඳන් බාසුන්නැහැ අරක ගේන්න මේක ගේන්න කියනකොට, පංචිකාවත්තේ එවුන් වැට් වැඩියි කියලා, බඩු අඩුයි කියලා, මූණ සුදුයි කියලා ගණන් උස්සනකොට, ශරීරාංග විකුණලා බඩු ගෙනල්ලත් ලෙඩේ හරියන්නේ නැතිකොට, බොහෝ දෙනෙකුට නිකම්ම කියවෙන වාක්‍යයක් තියනවා.

    "මෙන්න මේ මගුල දීලා දාලා මරුටියක් වත් ගත්තනං ඉවරයි..."

    මේ විදිහට බැලුවාම මරුටිය කියන්නේ නිකං මධ්‍යම පන්තියට කුණු කරෝල වගේ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්. අපේ රටේ මරුටියට එළ වන්ඩිය කියන්න කවුරුවත් නෑ. ඒ වුණාට මරුටියක නොගිය කෙනෙකුත් නෑ...

    අර ට්‍රේඩ් මාක් ඉන්ටීරියර් රෙද්ද

    මටත් මරුටිය එක්ක කවදාවත් ආත්මීය බැඳීමක් තිබිලා නැහැ. එහෙම බැඳීමක් තිබුණු අය මම දන්නෙත් එකම එක්කෙනයි. ඒ අපිට කවදත් උදවු පදවු කරන අපේ කවිකාර ලෝයර් සජීවනී අක්කා. එයා තමයි මේ ලෝකේ මම දන්නා එකම කෙනා මරුටියක් විකුණලා තව මරුටියක් ගත්තු. එයාගේ යාලුවෝ එයාට කියන්නේ ඕක ඉන්දියාවට දැනුම් දුන්නොත් එයාට භාරත් රත්න සම්මානේ හම්බවෙනවා කියලා...

    සජීවනී අක්කගේ පරණ මරුටිය සහ මගේ බීට්ල් එක (ප්‍රොජෙක්ට් එකට කලින්)

    මම ඩ්‍රයිවින් පුරුදු වුණේ මරුටියකින්. ඒක වුණෙත් මයුර ලර්නර්ස් එකේ මරුටියක් තිබුණු නිසා. එයාලා මට ඉස්සරලාම දවසේ සුසුකි එව්රියක් එළවන්න දීලා පස්සේ දවසේ ඉඳන් මරුටිය දුන්නා. එව්රියේ ඉඳලා මරුටියට මාරු වුණාම මට දැනුණේ පලංචියක ඉඳලා බංකුවට මාරු වුණා වගේ හැඟීමක්. කොහොම හරි වාහනේ පොඩි නිසා, ගියර් මාරුව එහෙම වැඩි අමාරුවක් නැතුව කරන්න පුළුවන් නිසා, පුරුදු වෙද්දී වේගේ ගැන වදවෙන්න ඕනේ නැති නිසා මරුටිය මගේ හිතට ඇල්ලුවා. හැබැයි මම කවදාවත් මරුටියට ආදරේ කරන්න පටන් ගත්තේ නෑ.

    ඩ්‍රයිවින් අතට හුරු වුණාට පස්සේ මම ගත්තේ ලාන්සර් බොක්ස් එකක්. ඊට පස්සේ ෆොක්ස්වැගන් දෙකක් සහ මොරිස් මයිනර් එකක්. ඉතින් මරුටියකට මගේ හදවතේ බිම් අඟලක් වත් ඉතුරු වුණේ නැහැ. හැමදාමත් මරුටිය කියන්නේ මල ජරාවක් කියන තැන තමයි මම හිටියේ. "මෙන්න මේ මගුල දීලා දාලා මරුටියක් වත් ගත්තනං..." කියපු වෙලාවල් නම් ඉස්සර තිබුණා. නමුත් ඒක හදිසි කෝපය නිසා කියපු දෙයක් මිසක් සීරියස් කරන්න හිතපු දෙයක් නෙමෙයි.

    කේ නොම්මර මරුටියක්

    මගේ මේ දැඩි අන්තවාදී අදහස වෙනස් වුණේ මරුටි සුසුකි (ඉස්සර මරුටි උද්යෝග්) සමාගමේ සභාපති ආර්. සී. භාර්ගවා (සහ සීතා කියන මාධ්‍යවේදිනිය) ලියපු 'The Maruti Story- How a public sector company put India on wheels' කියන පොත කියෙව්වට පස්සේ. ඉන්දියාවට පොදු ජනතාවගේ වාහනයක් හොඳ ප්‍රමිතියක් එක්ක හඳුන්වලා දෙන්න කාපු එක එක හැඩයේ කටු ගැන ඒ පොතේ හොඳට විස්තර කරලා තියනවා. ඒක ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ දැක්මකින් ලියපු එකක් බව ඇත්ත. උදාහරණයක් හැටියට සමහර කම්කරු ප්‍රශ්න, සේවක ප්‍රශ්න සහ අමතර කොටස් සැපයුම් ප්‍රශ්න විසඳන්න ගන්න වුණු දැඩි ක්‍රියාමාර්ග ගැන ඒකෙ තියෙනවා. ඒ වුණාට ඉන්දියාව වගේ රටකට නවීන තාක්ෂණය හඳුන්වලා දෙද්දී හතර පෝයට අටපාරක් සිල්ගන්න මානසිකත්වෙන් ඕක කරන්න බැහැ. ඒ නිසා රස්සාවක් කරන්න කම්මැලි වුණාම ඇතිවෙන කොමියුනිස්ට් මානසිකත්වේ අමතක කරලා ඒ පොත කියෙව්වොත්, ඇත්තටම තාමත් හෙළුවෙන් ජීවත් වෙන පූජකයෝ ඉන්න රටකට හොඳ තාක්ෂණයක් සහිත කාර් කොම්පැනියක් හඳුන්වලා දීම සහ ඒකත් එක්ක වෙළඳපොළේ වැඩි කොටසක් අත්පත් කරගැනීම කියන එක මොන ගේමක්ද කියලා හිතාගන්න පුළුවන්. මොකද ඒ කාලේ චීනෙන් වාහන කිට් අඩුවට ගෙනල්ලා එකලස් කරලා 'ගන්න අපේ දේ' කියලා බයිලා ගහන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ජපන්නු සාමාන්‍යයෙන් හදන්නේ හොඳ වාහන. උන් ප්‍රමිතිය ගැන සැලකිලිමත්. ඉතින් ජපානෙට ජැක් එකක් ගහනවා නම් සීරියස් විදිහට ගහන්න ඕනා.

    ආර්. සී. භාර්ගවා

    අනික තමයි ජපානෙන් බඩු එනවා කියලා ෂපාන් එකේ ඉඳලා, ආණ්ඩුවට ජැක් එකකුත් ගහලා ගතමනාව සරි කරගෙන ගෙදර යන්න විතරක් ඒ මිනිස්සු කල්පනා නොකිරීම. දේශීය අමතර කොටස් සැපයුමක් හදාගන්න ගන්න වෙච්චි වෙහෙස මහන්සිය මේ පොතේ තියනවා. ඊට අමතරව ප්‍රාන්ත ආණ්ඩු එක්ක ගනුදෙනු කරද්දී මතුවෙච්ච ගැටලුත් අනන්තයි. අපේ කලාපේ දේශපාලකයෝ විදිහට සාමාන්‍යයෙන් ඉස්සරහට එන්නේ නූගත්, නැහැදිච්චි, අසංස්කෘතික, අවලං හැත්තක් නිසා උන් කල්පනා කරන්නේ කොම්පැනියක් කියන්නේ තමන්ට කඩේ ගිය උන්ට රස්සාවල් දෙන්න සහ කප්පං ගන්න තියන තැනක් කියලා. මේවා ක්‍රමෝපායිකව මගඇරගෙන කොම්පැනියක් සාර්ථක කරගන්න එක ලේසි නෑ (මරුටි කොම්පැනිය රජයේ බහුතර අයිතිය සහිත සමාගමක් විදිහට ක්‍රියාත්මක වුණු එක ඇත්ත. ඒකේ අයිතිය ඉන්දියානු රජය සහ සුසුකි සමාගම අතර බෙදිලා ගිහින් තිබුණේ 76% සහ 24% අනුපාතවලට. නමුත් ඒක ලාභ ඉපයීම අරමුණු කරගත්තු සමාගමක් මිසක් සුදු අලියෙක් නෙමෙයි. ඒ වගේම 2007 දී ඉන්දියානු රජය තමන්ට අයිති කොටස් සේරම ටික ඉන්දියානු මූල්‍ය සමාගම්වලට විකුණලා දැම්මා. වැඩි විස්තර දැනගන්න කැමති නම් පොත හොයාගෙන කියවන්න).

    අනික තමයි මොරිස් ඔක්ස්ෆර්ඩ් Series III එක දශක පහමාරක් ලයිසන් පිට කොපි කරකර ඇම්බැසඩර් කාර් එක හදපු හින්දුස්ථාන් මෝටර්ස් සහ ෆියට් 1100D එක එක බේස් කරගෙන දශක හතරහමාරක් තිස්සේ ප්‍රිමියර් පද්මිනී හදපු ප්‍රිමියර් ඔටෝමෝබයිල්ස් වගේ සමාගම් ඒ වෙනකොටත් වෙළඳපොළේ බොහොම ගතානුගතික ආකාරයකට කූඩැල්ලෝ වගේ එල්ලිලා සිටීම. අදටත් ලංකාවේ එවුන් පවා ඉන්දියාවේ දේශපාලකයෝ ඇම්බැසඩර් පාවිච්චි කරනවා කියලා ලංකාවේ දේශපාලකයන්ට මයික්‍රෝ ගන්න කියලා කියනවා. ඉතිං ලංකාව වගේම පසුගාමී රටක් වෙන ඉන්දියාවේ මේ වගේ දේශාභිමාන බයිලා පරද්දගෙන ලාභ ලබන සමාගමක් පිහිටුවීම මාර්ග ඵල ලබනවා වගේ ගේමක් තමයි.

    නමුත් මරුටිය ගේම දිනුවා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    36,371
    1
    25,639
    113
    1983 දෙසැම්බර් 14 වෙනිදා තමයි ඒ වෙනකොට ඉන්දියාවේ අගමැති වෙලා හිටපු ඉන්දිරා ගාන්ධි පළවෙනි මරුටියේ යතුර හර්පාල් සිං කියන කෙනාට භාරදුන්නේ. ඒ මරුටියේ මිල වුණේ ඉන්දියානු රු. 48,000 යි. එන්ජිම 796cc. සිලිඩර් 3 යි. කාබරේටර්. බලය 5,000 rpm වලදී 39.5 bhp. හර්පාල් සිං තමන්ගේ ජීවිත කාලය පුරාම මේ කාර් එක කිසිම වෙනස්කමක් නොකර පාවිච්චි කළා කියලා 2015 දී හින්දුස්ථාන් ටයිම්ස් පත්තරේ වාර්තා කරලා තිබුණා.

    හර්පාල් සිං ට පළවෙනි මරුටියේ යතුර ලැබුණු අවස්ථාව

    ඉතාමත් පස්සේ කාලෙක හර්පාල් සිං පවුලේ අයත් එක්ක. මේ මරුටිය දිරා යමින් තියනවා කියලා 2015 දී ආරංචි වුණා. ඊට පස්සේ වෙච්ච දේ මම දන්නේ නෑ.

    2013 අන්තිම වගේ නිල වශයෙන් මරුටි නිෂ්පාදනය අවසන් කරන්න සමාගම තීරණය කරද්දී මරුටි මිලියන 2.8 ක් විතර විකිණිලා තිබුණා. ඒ කියන්නේ මරුටිය ඇත්තටම යාන්තං ඔලුව උස්සපු මිනිස්සු මිලියන ගාණකට පොයින්ට් ඒ එකේ ඉඳන් පොයින්ට් බී එකට යන්න විසඳුමක් හොයලා දුන්නා කියන එකයි. මරුටිය කියන්නේ පට්ට ගගහා පාවිච්චි කරන්න පුළුවන් කාර් එකක් බව කවුරුත් දන්නවා. ඒ නිසා මිනිස්සුන්ට මේ කාර් එක නඩත්තු කරන්න ලිංගික අවයව උගස් කරන්න වුණේ නැහැ. කාර් එක ගරාජ් එකේ තියලා පයින් යන්න වුණේ නැහැ. ස්ට්‍රයික් කරන එවුන්ගේ ගෙම්බර් බලන්න වුණේ නැහැ.

    ඒ නිසා මරුටිය ගැන මගේ හිතේ දැන් අපුලක් නැහැ...

    හැබැයි ඉතිං... මං මරුටියක් ගන්න එකකුත් නැහැ...

    ඒ වුණාට මම තාමත් අලුත් ඇල්ටෝ එකට වඩා පරණ මරුටියට ආසයි. එක පාරක් මට මරුටියක වේගේ ටෙස්ට් කරන්න ඕන වුණා. සාමාන්‍යයෙන් මම එළවන්නේ ක්ලැසික් කාර් එකක් නිසා, BMW සහ බෙන්ස් හැර අනික් බොහොමයක් වාහන වල වේගේ ටෙස්ට් කරන්න මම කරන්නේ මොරටුව සහ පානදුර අතර අලුත් පාරේදී ෂේප් එකේ අදාළ වාහනේ ඕවර්ටේක් කරන එකයි. මගේ බීට්ල් එක 1600 නිසා මට සෙල්ලමක් දෙකක් දාන්න පවර් එක තියනවා. ක්ලැසික් එකක් තමන්ගේ ලඩිය ඕවර්ටේක් කරනවා දැක්කම සාමාන්‍යයෙන් සල්ලි තිබුණට සංස්කෘතිය නැති බොහෝ දෙනෙකුට හිත ඇතුළේ චකබක ගාලා හීනමානෙ බොයිල් වෙන්න ගන්නවා. ඉතිං එතකොට මට බලාගන්න පුළුවන් මුන්ට මගේ බීට්ල් එක ඉස්සර කරන්න කොච්චර වෙලා යනවද කියලා (මේකේ පට්ටම ෆන් එක තියෙන්නේ ප්‍රියස් එකක් හෝ ඒ වගේ වෙන හයිබ්‍රිඩ් එකක් ඉස්සර කළාම. හයිබ්‍රිඩ් කාරයෝ ඉතිං තෙල් ඉතුරු කරන්න ජීවත් වෙන කට්ටියක් නේ. ඒ නිසා උන්ට මාව ඕවර්ටේක් කරන්නද, නැත්තං අර තෙල් කඳුල බේරගන්න ඕන නිසා හීන මානේ කොහෙ හරි දෙබොක්කාවක ගහගන්නවද කියලා හිතාගන්න බැරුව යනවා. මේක හැමෝටම අදාළ නැහැ. අවශ්‍ය නම් විතරක් තොප්පිය දාලා කන්නාඩියක් ඉස්සරහට ගිහින් පද්දලා බලන්න).

    ඉතිං මේ පාර මම කරපු වැඩේ කොරලවැල්ල හරියේදී මරුටියක් ඉස්සර කළා. කොහොමහරි එගොඩඋයන හන්දියේදී පොර මාව ඕවර්ටේක් කරගෙන, මිචෙල් ජොන්සන් ජේම්ස් ඇන්ඩර්සන් දිහා බලනවා වගේ බැල්මක් දාලා යන්න ගියා. මට ආයේ පොරව ඉස්සර කරන්න පුළුවන් වුණේ ප්‍රේමචන්ද්‍ර ෂෙඩ් එක හරියෙදී. ඒ කියන්නේ වාහනේ පවර් එක ලංකාවට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කියන එකයි.

    බබාගේ ඇන්ජිම

    බොහොම සැහැල්ලු අර්ථයකින් ගත්තොත්, මරුටිය කියන්නේ ඉන්දියාවේ බීට්ල් එක. තව අවුරුදු තිහ හතළිහකින් ඉන්දියාව සහ චීනය ලෝකයේ වෙළඳපොළ කාලා වැමෑරුවට පස්සේ, ඒ යුගේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ පරණ අටුකොරටු පෙරළ පෙරළා මරුටි හොයයි. එදාට අපේ පරපුරේ එවුන් ඒ කාලේ මරුටි වලින් වැඩ දාපු හැටි ගැන මෙලෝ ලැජ්ජාවක් නැතුව පොරටෝක් දෙයි.

    හැබැයි මට එකක් බුදු ෂුවර්. ඔය අයි ඩ්‍රයිව්, අයි සයිට්, අයි කිල් මයිසෙල්ෆ් කියකියා, ඉංග්‍රීසි හෝඩියේ අකුරු එක එක විදිහට පූට්ටු කරපු වැඩකෑලි එක්ක එන එක පපඩමක් වත් එදාට හොයාගන්න පුළුවන් වෙන එකක් නැහැ...

    ඒ නිසා මට අදටත් මරුටියක් දකිද්දී ඉඳහිට Chamillionaire ගේ කටහඬ ගාලු පාරේ සාම්බාරු වුණු ගෝසාවල් අස්සෙන් කීං හඬින් ඇහෙනවා...

    දේ සී මී රෝලින්, දේ හේටින්...

    http://aluthcar.blogspot.com/2016/07/blog-post_21.html
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,875
    1,174
    113
    රට අඹ ලෑල්ලකට රෝද හතරක් හයි කරලා ත්‍රීවීල් එන්ජිමක් අටෝල දුන්නත්... අම්මට සිරි කාර් එකක් කියල ගන්න උන් නේ බහුතරයක් ලංකාවේ ඉන්නේ....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    18,763
    3
    97,986
    113
    Gampaha
    AC Control eka nikan Bottle moodiyak wage ne. ara Horlicks bottle wala awe.
    මට මතක් වෙන්නෙ ඉස්සර බස් වල ටිකට් කඩන ගැජට් එක
    බස් ගැමුණු ස්ට්‍රයික් කරපු දවසට, කෝච්චි ඩ්‍රයිවර්ලා බීලා ගුටිකාපු දවසට, ධීවරයෝ මලපැනලා බෝට්ටු රේල් පාරට ගෙනාපු දවසට, සහ මේ වගේ තවත් කාලකන්නි දවස් වලට ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් කියවෙන වාක්‍යයක් තියනවා.

    "මරුටියක් වත් තිබුණනං...!"

    කවුරුහරි යාන්තමට ඔලුව උස්සගෙන එනවා වගේ පෙනුණාම, සතියකට පාරක් දෙපාරක් ෆ්‍රයිඩ් රයිස් කනවා දැක්කාම, ගෙදරට හාමුදුරුවෝ වඩම්මලා දානයක් එහෙම දුන්නාම ඒ මනුස්සයාගේ හිතවත්තු සාමාන්‍යයෙන් කියන වාක්‍යයක් තියනවා.

    "දැන් ඉතින් මරුටියක් වත් ගත්තනං හොඳයි......"

    ක්ලැසික් කාර් එකක් අරගෙන ෆුල් ආතල් එකේ දුවන්න කියලා හිතාගෙන ඉඳලා, එක පාරට මග නැවතිලා එතන ඉඳන් බාසුන්නැහැ අරක ගේන්න මේක ගේන්න කියනකොට, පංචිකාවත්තේ එවුන් වැට් වැඩියි කියලා, බඩු අඩුයි කියලා, මූණ සුදුයි කියලා ගණන් උස්සනකොට, ශරීරාංග විකුණලා බඩු ගෙනල්ලත් ලෙඩේ හරියන්නේ නැතිකොට, බොහෝ දෙනෙකුට නිකම්ම කියවෙන වාක්‍යයක් තියනවා.

    "මෙන්න මේ මගුල දීලා දාලා මරුටියක් වත් ගත්තනං ඉවරයි..."

    මේ විදිහට බැලුවාම මරුටිය කියන්නේ නිකං මධ්‍යම පන්තියට කුණු කරෝල වගේ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්. අපේ රටේ මරුටියට එළ වන්ඩිය කියන්න කවුරුවත් නෑ. ඒ වුණාට මරුටියක නොගිය කෙනෙකුත් නෑ...

    අර ට්‍රේඩ් මාක් ඉන්ටීරියර් රෙද්ද

    මටත් මරුටිය එක්ක කවදාවත් ආත්මීය බැඳීමක් තිබිලා නැහැ. එහෙම බැඳීමක් තිබුණු අය මම දන්නෙත් එකම එක්කෙනයි. ඒ අපිට කවදත් උදවු පදවු කරන අපේ කවිකාර ලෝයර් සජීවනී අක්කා. එයා තමයි මේ ලෝකේ මම දන්නා එකම කෙනා මරුටියක් විකුණලා තව මරුටියක් ගත්තු. එයාගේ යාලුවෝ එයාට කියන්නේ ඕක ඉන්දියාවට දැනුම් දුන්නොත් එයාට භාරත් රත්න සම්මානේ හම්බවෙනවා කියලා...

    සජීවනී අක්කගේ පරණ මරුටිය සහ මගේ බීට්ල් එක (ප්‍රොජෙක්ට් එකට කලින්)

    මම ඩ්‍රයිවින් පුරුදු වුණේ මරුටියකින්. ඒක වුණෙත් මයුර ලර්නර්ස් එකේ මරුටියක් තිබුණු නිසා. එයාලා මට ඉස්සරලාම දවසේ සුසුකි එව්රියක් එළවන්න දීලා පස්සේ දවසේ ඉඳන් මරුටිය දුන්නා. එව්රියේ ඉඳලා මරුටියට මාරු වුණාම මට දැනුණේ පලංචියක ඉඳලා බංකුවට මාරු වුණා වගේ හැඟීමක්. කොහොම හරි වාහනේ පොඩි නිසා, ගියර් මාරුව එහෙම වැඩි අමාරුවක් නැතුව කරන්න පුළුවන් නිසා, පුරුදු වෙද්දී වේගේ ගැන වදවෙන්න ඕනේ නැති නිසා මරුටිය මගේ හිතට ඇල්ලුවා. හැබැයි මම කවදාවත් මරුටියට ආදරේ කරන්න පටන් ගත්තේ නෑ.

    ඩ්‍රයිවින් අතට හුරු වුණාට පස්සේ මම ගත්තේ ලාන්සර් බොක්ස් එකක්. ඊට පස්සේ ෆොක්ස්වැගන් දෙකක් සහ මොරිස් මයිනර් එකක්. ඉතින් මරුටියකට මගේ හදවතේ බිම් අඟලක් වත් ඉතුරු වුණේ නැහැ. හැමදාමත් මරුටිය කියන්නේ මල ජරාවක් කියන තැන තමයි මම හිටියේ. "මෙන්න මේ මගුල දීලා දාලා මරුටියක් වත් ගත්තනං..." කියපු වෙලාවල් නම් ඉස්සර තිබුණා. නමුත් ඒක හදිසි කෝපය නිසා කියපු දෙයක් මිසක් සීරියස් කරන්න හිතපු දෙයක් නෙමෙයි.

    කේ නොම්මර මරුටියක්

    මගේ මේ දැඩි අන්තවාදී අදහස වෙනස් වුණේ මරුටි සුසුකි (ඉස්සර මරුටි උද්යෝග්) සමාගමේ සභාපති ආර්. සී. භාර්ගවා (සහ සීතා කියන මාධ්‍යවේදිනිය) ලියපු 'The Maruti Story- How a public sector company put India on wheels' කියන පොත කියෙව්වට පස්සේ. ඉන්දියාවට පොදු ජනතාවගේ වාහනයක් හොඳ ප්‍රමිතියක් එක්ක හඳුන්වලා දෙන්න කාපු එක එක හැඩයේ කටු ගැන ඒ පොතේ හොඳට විස්තර කරලා තියනවා. ඒක ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ දැක්මකින් ලියපු එකක් බව ඇත්ත. උදාහරණයක් හැටියට සමහර කම්කරු ප්‍රශ්න, සේවක ප්‍රශ්න සහ අමතර කොටස් සැපයුම් ප්‍රශ්න විසඳන්න ගන්න වුණු දැඩි ක්‍රියාමාර්ග ගැන ඒකෙ තියෙනවා. ඒ වුණාට ඉන්දියාව වගේ රටකට නවීන තාක්ෂණය හඳුන්වලා දෙද්දී හතර පෝයට අටපාරක් සිල්ගන්න මානසිකත්වෙන් ඕක කරන්න බැහැ. ඒ නිසා රස්සාවක් කරන්න කම්මැලි වුණාම ඇතිවෙන කොමියුනිස්ට් මානසිකත්වේ අමතක කරලා ඒ පොත කියෙව්වොත්, ඇත්තටම තාමත් හෙළුවෙන් ජීවත් වෙන පූජකයෝ ඉන්න රටකට හොඳ තාක්ෂණයක් සහිත කාර් කොම්පැනියක් හඳුන්වලා දීම සහ ඒකත් එක්ක වෙළඳපොළේ වැඩි කොටසක් අත්පත් කරගැනීම කියන එක මොන ගේමක්ද කියලා හිතාගන්න පුළුවන්. මොකද ඒ කාලේ චීනෙන් වාහන කිට් අඩුවට ගෙනල්ලා එකලස් කරලා 'ගන්න අපේ දේ' කියලා බයිලා ගහන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ජපන්නු සාමාන්‍යයෙන් හදන්නේ හොඳ වාහන. උන් ප්‍රමිතිය ගැන සැලකිලිමත්. ඉතින් ජපානෙට ජැක් එකක් ගහනවා නම් සීරියස් විදිහට ගහන්න ඕනා.

    ආර්. සී. භාර්ගවා

    අනික තමයි ජපානෙන් බඩු එනවා කියලා ෂපාන් එකේ ඉඳලා, ආණ්ඩුවට ජැක් එකකුත් ගහලා ගතමනාව සරි කරගෙන ගෙදර යන්න විතරක් ඒ මිනිස්සු කල්පනා නොකිරීම. දේශීය අමතර කොටස් සැපයුමක් හදාගන්න ගන්න වෙච්චි වෙහෙස මහන්සිය මේ පොතේ තියනවා. ඊට අමතරව ප්‍රාන්ත ආණ්ඩු එක්ක ගනුදෙනු කරද්දී මතුවෙච්ච ගැටලුත් අනන්තයි. අපේ කලාපේ දේශපාලකයෝ විදිහට සාමාන්‍යයෙන් ඉස්සරහට එන්නේ නූගත්, නැහැදිච්චි, අසංස්කෘතික, අවලං හැත්තක් නිසා උන් කල්පනා කරන්නේ කොම්පැනියක් කියන්නේ තමන්ට කඩේ ගිය උන්ට රස්සාවල් දෙන්න සහ කප්පං ගන්න තියන තැනක් කියලා. මේවා ක්‍රමෝපායිකව මගඇරගෙන කොම්පැනියක් සාර්ථක කරගන්න එක ලේසි නෑ (මරුටි කොම්පැනිය රජයේ බහුතර අයිතිය සහිත සමාගමක් විදිහට ක්‍රියාත්මක වුණු එක ඇත්ත. ඒකේ අයිතිය ඉන්දියානු රජය සහ සුසුකි සමාගම අතර බෙදිලා ගිහින් තිබුණේ 76% සහ 24% අනුපාතවලට. නමුත් ඒක ලාභ ඉපයීම අරමුණු කරගත්තු සමාගමක් මිසක් සුදු අලියෙක් නෙමෙයි. ඒ වගේම 2007 දී ඉන්දියානු රජය තමන්ට අයිති කොටස් සේරම ටික ඉන්දියානු මූල්‍ය සමාගම්වලට විකුණලා දැම්මා. වැඩි විස්තර දැනගන්න කැමති නම් පොත හොයාගෙන කියවන්න).

    අනික තමයි මොරිස් ඔක්ස්ෆර්ඩ් Series III එක දශක පහමාරක් ලයිසන් පිට කොපි කරකර ඇම්බැසඩර් කාර් එක හදපු හින්දුස්ථාන් මෝටර්ස් සහ ෆියට් 1100D එක එක බේස් කරගෙන දශක හතරහමාරක් තිස්සේ ප්‍රිමියර් පද්මිනී හදපු ප්‍රිමියර් ඔටෝමෝබයිල්ස් වගේ සමාගම් ඒ වෙනකොටත් වෙළඳපොළේ බොහොම ගතානුගතික ආකාරයකට කූඩැල්ලෝ වගේ එල්ලිලා සිටීම. අදටත් ලංකාවේ එවුන් පවා ඉන්දියාවේ දේශපාලකයෝ ඇම්බැසඩර් පාවිච්චි කරනවා කියලා ලංකාවේ දේශපාලකයන්ට මයික්‍රෝ ගන්න කියලා කියනවා. ඉතිං ලංකාව වගේම පසුගාමී රටක් වෙන ඉන්දියාවේ මේ වගේ දේශාභිමාන බයිලා පරද්දගෙන ලාභ ලබන සමාගමක් පිහිටුවීම මාර්ග ඵල ලබනවා වගේ ගේමක් තමයි.

    නමුත් මරුටිය ගේම දිනුවා...
    මෙයාගෙ බ්ලොග් දෙකම කියවල තියෙනව. අනිත් එක "පරන කාර් පිස්සුව" සුපිරි අදහස් තියෙන්නෙ.

    2003 ඉන්දියන් ආවද 😶
    ඔවු, අනූ ගනං වලත් ආව.
    රට අඹ ලෑල්ලකට රෝද හතරක් හයි කරලා ත්‍රීවීල් එන්ජිමක් අටෝල දුන්නත්... අම්මට සිරි කාර් එකක් කියල ගන්න උන් නේ බහුතරයක් ලංකාවේ ඉන්නේ....
    ඔවු පෙට්‍රල් කරනවනේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    5,901
    9,644
    113
    මාත් මරුටියක් පැද්දා බං අවුරුදු 2කක්. 2010 අවුරුද්දෙ එකක්. මට නං එච්චරම අවුලක් උනේ නෑ. ස්ටීරියන් වීල් එක නං තදයි තමයි. බ්‍රේක් එකත් එහෙමයි හැබැයි ටික දවසක් එලවද්දි ඒ දේවල් වලට හුරු වෙනවා. මට එහෙම ලොකුවට රෙපයාර් ආවෙත් නෑ. ලංකාවෙ ගියේ නැත්තෙ යාපනේ විතරයි. හැබැයි දැන් නං බය හිතෙනවා බං. ටිපර් එකක්වත් වැදුනොත් ආප්ප හැන්දෙන් තමා ගලවන්න වෙන්නෙ.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    927
    1,013
    93

    කාර් පිස්සුව කරන්නේ ඔයා නේද? ප්ලීස් ඒක ආයෙත් පටන් ගන්නකෝ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    18,763
    3
    97,986
    113
    Gampaha
    okkoma hodai. anthimata beetle ekai marutiyai compare karalane :lol:
    බිස්නස් පැත්තෙන් විතරයි මචං. "ජනතා වාහනය" කියන කන්සෙප්ට් එකනෙ.

    වාහනේ පැත්තෙන් ගත්තොත් යන පාරකවත් යන්න බෑ
    මාත් මරුටියක් පැද්දා බං අවුරුදු 2කක්. 2010 අවුරුද්දෙ එකක්. මට නං එච්චරම අවුලක් උනේ නෑ. ස්ටීරියන් වීල් එක නං තදයි තමයි. බ්‍රේක් එකත් එහෙමයි හැබැයි ටික දවසක් එලවද්දි ඒ දේවල් වලට හුරු වෙනවා. මට එහෙම ලොකුවට රෙපයාර් ආවෙත් නෑ. ලංකාවෙ ගියේ නැත්තෙ යාපනේ විතරයි. හැබැයි දැන් නං බය හිතෙනවා බං. ටිපර් එකක්වත් වැදුනොත් ආප්ප හැන්දෙන් තමා ගලවන්න වෙන්නෙ.
    :lol: :lol: :lol:
    බ්‍රේක් එකනං හෙනම අප්සෙට්. නිකං, වාහනේක එන්ජිම ඕෆ් කරන් පල්ලමක් බහිද්දි බ්‍රේක් වෙන විදිහට තමා මරුටියෙ බ්‍රේක් වෙන්නෙ.

    අපේ රටේ වාහන බිස්නස් කරන උන් ඕකට "අඩු මිල හොඳ වාහනයක්" කියල නැති මාකට් එකක් ඇතිකරල තියෙනව. ඒකයි ලොකුම වැරැද්ද. මිනිස්සුන්ගෙ හිතට "මරුටියක්වත් තබ්බනං..." කියල ඔලුවට එන්නෙම ඒකයි.
    මේක ඇත්තද @Hyaenidae
    වෙන්න බෑ. එහෙනං ලාන්සර් ගැන කියවන්නැතුව බීට්ල්, මිනි කූපර් ගැන කියවනවනෙ.