මම ඉන්දියන් වාහන වලින් ඇල්ටො පැදල තිබුනට මරුටියක් පදින්න අවස්වතාවක් හම්බ උනේ ඊයෙ.
අපේ නෑදෑ කෙනෙකුගෙ වාහනේ drive shaft, cv සවුත්තු වෙලා තිබිල අපේ ගෙදර ගෙනල්ල මමත් සප් එකක් දීල වාහනේ හැදුව.
"H" නම්බර් වාහනයක්. ලක්ශ 8.5කට අරන් ඇක්සල් වලටත් එක්ක සේරම රෙපෙයාර් වලට 85000 ක් විතර වියදම් කරල තිබුණ (බඩු වලට විතරක්). ඉදිරියට එන්න තිබුන වැඩ විදිහට චෙක් එන්ජින් ලයිට් හිටි ගමන් පත්තු වෙන එකයි. පොඩි දිරුම් ටිකකුයි තිබුණ.
රෙපෙයාර් ගැන නිකං දැනගැනීමට දැම්මට ඔය වයසෙ ඉන්දියන් වාහනේකට ලෙඩ එන එක අවුලක් නෑ කියමුකො. හැබැයි ස්පෙයා පාට්ස් වල කියන තරම් ලොකු ලාභයක් මම දකින්නෙ නෑ. ජපං වාහන වල ගණං එක්ක බැලුවම සේම් ප්‍රයිස් වගේ කියල හිතෙන්නෙ.
ඊයෙ තමයි වාහනේ හරියට එලවන්න අවස්ථාවක් හම්බ උනේ.
නැගල ඉඳගත්ත ගමන් 'මොන කරුමයක්ද' කියල හිතුන.
එහා පැත්තෙ එකා එක්ක බස්එකේ එකම ශීට් එකේ ඉන්නව වගේ හැඟීමක් තමයි මුලින්ම ආවෙ.
සෑහෙන දඟලල ශීට් එජස් කරන කෑලි හොයාගෙන, කොයි අතට එජස් කලත්. හරියට ශීට් එක එජා ගන්න බැරිඋණා. ඒකටත් සෙඩාන්ම එලවල පුරුදුවෙලා හින්ද මගේ අවුලක් වෙන්න ඇති කියල හිත හදාගත්ත කියමුකෝ.
සයිඩ් මිරර් වලින් බලන් රැවුල කැපුවොත් කන හෝ කට කැපෙනවමයි. එලවන එකා රිවස් කරන්නෙත් ඔටුව වගේ බෙල්ල දාගෙන. ඔය වීදුරු කෑලි වල අවුල්නං හදාගන්න බැරියැ ඒක හින්ද ඒකත් ලොකු ගැටලුවක් නෑ කියමුකෝ.
දැන් වාහනේ පාරට දානව. "කෝ යකෝ මේකෙ පවර් ස්ටියරින්. 2003 ආපු පවර් නැති වාහනයක් ...?? " (K නම්බර් වලටත් පවර් නෑ), අනික මම පවර් නැති වාහන ඕන තරං එලවල තියෙනව ඒත් මේ පොඩි වාහනේ තරං අමාරු උනේ නෑ...
ඔන්න දැන් වාහනේ අරං යනව. "යකෝ මේකෙ බ්‍රේක් වදින්නෙ නෑ" servo brake නැති හින්ද පැඩ්ල් එක කකුල් දෙකෙන්ම පාගගෙන ස්ටීරියන් වීල් බදාගෙන හිටගන්න ඕනෙ බ්‍රේක් වදින්න.
සතුටුවෙන්න පුලුවන් කාරනේකට තිබුනෙ හොඳට AC තිබුණ එකයි, efi එන්ජිමයි විතරයි. AC on කරන් යනකොට නාහෙ කඩන් යන්න ආපු පෙට්‍රල් ගඳත් එක්ක ඒ සතුටත් තිබුණෙ ටික වෙලාවයි.
1980 ගනං වල ආපු ජපං වාහන වල තිබුන power option, servo brake වගේ බේසික් option මෙච්චර අලුත් ඉන්දියන් මරුටියක එන්නෙ නෑ. පෙට්‍රල් හොඳට කරනව කියල විතරක් වාහනයක තත්වය මනින්න බෑ.