මස්,මලු කෑමෙන් පවක් සිද්ද වෙනවද ?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මස්,මලු කෑමෙන් පවක් සිද්ද වෙනවද ?

    මට දන ගන්න ඔනෙ මස්,මලු කෑමෙන් බුද්ඩාගමට අනුව පවක් සිද්ද වෙනවද කියලා?
    එකට උදාහරනයක් වන කතාවක් හරි වෙන දෙයක් තියෙ නම් ඩන්නකො
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    ඔව් මචං අනිවාර්යෙන්ම පවක් සිද්ද වෙනවා.... අපි සත්තු නොමැරුවට මස් මාලු කෑමෙන් කරන්නේ ඒ පවට අනුබල දීමක්... ඒ නිසා පවට අනුබල දීම කියන දේ යටතේ පවක් වෙනවා...

    ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් සිද්දවෙන්න නම් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ, ඌව මරන්න චේතනාවක් එන්න ඕනේ, ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒ උපක්‍රමයෙන් ඌව මැරෙන්න ඕනේ කියලා අංග 5 ක් තියනවා..

    ඒ උනාට සත්තු මැරෙන්නේ අපි මසට කන නිසයි.... ඒ හින්දා අනිවාර්යෙන්ම මස් මාලු කන එක පවක්.. (තවුසන් ටෝක් දුන්නට මාත් මස් මාලු කන එකෙක්....):no:
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    +rep bro:)
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63

    නෑ මචන් මාංශ අනුභවයෙන් පව් සිද්ද වෙන්නේ නෑ. දැන් උඹම කියනවනේ ප්‍රාණ ඝාත අකුසලයක් වෙනඩ කාරනා 5 ක් වෙනඩ ඕනේ කියලා. ඒක හරියටම හරි. ඉතින් බන් මස් කෑමෙන් ඔය කාරනා එකක්වත් සම්පූර්ණ වෙන්නේ නෑනේ.
    එක සූත්‍රයක් තියෙනවා ආමගන්ඩ සුත්‍රය කියලා. බුදුන් වහන්සේ මාංශ වළදනවද බලාගෙන හිටපු නිර්මාංශ එක බමුනක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ ආමගන්දය(පිලිහුඩු) වළදනවද කියලා.උන්වහන්සේ බමුණ නියම ආමගන්දය කියන්නේ මේවාට නොවන බව දේශනා කරනවා.
    තවත් විනය නීතියක් තියෙනවා භික්ෂූන් වහන්සේලාට , ඒ තමය් දානයකට වැඩම කරන විට එහි මාංශ ඇත්නම් මේ මස් මං සඳහාම මරණ ලද සතෙකුගේ බවට හිතේ සැකයක් ඇති නොවේ නම් ඒවා වැළඳීම කැප බවට.
    හැබය් මාංශ වුනත් අදික ගිජු කමින් වළදනවා නම් තෘෂ්ණාව වැඩී සංසර ගමන දිගු වෙන එක ගැන නම් කතාවක් නෑ.
    ඒ වුනත් මාංශ අනුභවය අඩු කිරීම ඉතාමත් හොඳය්.මොකද සත්වයෙකුගේ ප්‍රාණයක් බේරෙන්ඩ එකෙන් උදව්වක් ලැබෙන නිසා.හොඳම දේ තමය් මස් මාළු ගෙදරට ගෙනල්ල උයාගෙන කන්ඩ එපා . මගුල් ගෙදරකදී , office eke යාලුවෙකුගේ කෑම එකක තිබ්බොත් හරි කන්ඩ..
     
    • Like
    Reactions: Fox C2

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මේක කතාකරන්න ගියොත් හරි පුළුල් මාතෘකාවක්. මගේ අදහස ටිකක් වෙනස්. කාලයක් මස් මාළු කාපු කෙනෙක්. පස්සේ මටම හිතුනා අපි මැරිච්ච සතෙක්ව , එහෙම නැත්නම් සතෙක් මරාගෙන කන්නේ ඇයි කියලා. අපි නොමරුවත් ඒ සතා මැරෙන්න කාගේ හරි ආහාරයක් වෙනුවෙන්. ඒ කියන්නේ අපි කන නිසයි එයාල මරන්නේ. අපිට ඒ පවින් ගැලවෙන්න බැ.

    එත් ඔකේ මම දකින තව පැත්තක් තියනවා. මේක කොයි තරම් සාධාරණද තර්කනුකුලද කියන්න මම දන්නේ නෑ.

    හිතන්න අපි කෑම එකක් කනවා. මේකේ තියන මාලුපිනි මෙහෙමයි කියල හිතමු..

    බත්
    චිකන් කරී
    අල තෙල් දාල
    බෝංචි
    ගෝව මැල්ලුම්
    සලාදයක්

    කෑමෙන් පස්සේ
    මීකිරි
    අයිස් ක්‍රිම්
    වටලප්පන්

    දැන් හිතන්න මේකේ මොනවද අපිට පව් පිරෙන දේවල් තියෙන්නේ. ගොඩක් බුද්ධාගම ඇගේ පටලවගෙන ඉන්න අයටනම් මස් කෑල්ල විසි කලාම ඉතාම හොඳ ආහාර වේලක්.
    ඒත් මට
    පේන්නේ කේ පව් අඩුම කෑල්ල මස් කෑල්ල කියලයි.

    බලන්න ඔය බත් ටික ඔතනට එන්න කලින් ඔය බත් පිගාන වෙනුවෙන් සත්තු කොච්චර මැරිලා තියනවද ?
    පුරුක් පනුවෝ 10
    කොළ කන දලබුවන් 12
    kidawan 100
    ගෙම්බෝ 2 යි

    ඔය ලිස්ට් එක තව ගොඩක් දිගයි. මේ කාලේ කුඹුරු වලට ගහන තෙල් හින්ද මැරෙන සත්තු ගැන හිතාගන්නවත් බැරි තරම්...
    ඒ සත්තු පොඩි හින්ද පව් අඩුයි ද?

    මස් කෑල්ල වෙනුවෙන් එක සතෙක් මැරෙනවා. ඒකත් එක කුකුලෙක් කෑලි 10 කට කැපුවොත් පවෙන් 10 න් එකයි කියල කියන්නත් කෙනෙකුට පුළුවන්.(ඒක සාධාරණ නම් නෑ)

    අර්තාපල් හදද්දී පණුවන්ට තෙල් බැරල් ගණන් ගහන්නේ.
    ගෝව බෝංචි ගැන කතා කරනන් එපා
    සලාද කොලත් එහෙමම තමයි.

    අතුරුපස සේරම හදන්න කිරි ගන්න ඕන. ඒවත් සතෙක් කැමැත්තෙන් දුන් දෙයක් නෙමේ. තමන්ගේ පැටිය වෙනුවෙන් උනපු කිරි බලෙන් අරන් අපිට දෙන්නේ.

    ඔය විදියට ගත්තම අපි කන එක බත් පිගානක් වෙනුවෙන් ( එකේ මස් මාළු නොතිබුනත් ) මාර සත්තු ගොඩක් මැරිලා තියනවා. දුක් විඳලා තියනවා. එතකොට ඒ පව් කාටද?

    ඔන්න ඔය කාරනේ හින්ද තමයි බුදු හාමුදුරුවොත් ඔය ගැන මැදුම් පිළිවෙතක් අනුගමනය කලේ. මස් මාළු නොකා හිටිය කියල කෑමෙන් වෙන අකුසල් නැති කරන්න බෑ.

    ඒක නිවන් යන්න උදව්වකුත් නෙමේ.

    එත් එහෙම හිතල මස් මාළු ගිලින්න ගන්න එපා.

    මස් මාළු අපේ ශරීරයට එච්චරම හොඳ දෙයක් නෙමේ.
    මස් මාළු වල අන්තර්ගත සමහර සංයෝග ශරීරයට අහිතකරයි කියලත් හොයාගෙන තියනවා.

    ඒත් අනිත් අතට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 20 න 11 ක් විතර තියෙන්නේ මාංශමය අහාර වල විතරයි. ඉතින් ඒක සපිරෙන්න නම් මස් මාළු කන්නම වෙනවා.

    ඔය විදියට ගත්තම මේක ගොඩක් සංකීර්ණයි.

    කරන්න තියන හොඳම දේ ඕනෑම දෙයක් දැඩි ලෙස ඇලීමෙන් කන්න බොන්න එපා.
    තියන දෙයක් එක්ක කන්න පුරුදු වෙන්න. ඔයාලට එක දවසක කන්න ලැබෙන්නේ එළවලු පමණක් තියන ආහාරයක් නම් ඒක කැමැත්තෙන් කන්න.

    අනිත් දවසේ තියෙන්නේ මස් මාළු විතරම නම්.... එත් කමක් නෑ ඒක ගැන ඇලීමකින් තොරව කන්න.

    කිසිම දේකට ඇලෙන්න එපා

    මගේ අදහස ඒකයි...

    Last edited:

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48

    මේක බොරුවක්... :no::no::no: පවක් සිද්ද වෙනව... බුදුන් වහන්සෙ මස් මාංශ වැළදුවෙ නෑ... උන් වහන්සෙට එහෙම වළදන කොට දැනුනොත් හරි, දුටුවොත් හරි එය වළදන එකෙන් උන් වහන්සේ වැළකී සිටිය කියල තියෙන්නෙ.... එය වැළඳීම කැප බවට සඳහනක් නෑනෙ... :no::no: අපි අනුබල දීමක් වෙනව නොදැනුවත්ම... ඉතින් සතෙක් මරන්න චේතනාවක් එනව අනිත් කෙනාට.. කෙනෙකු පොළඹවීමක් වෙනව නේද? සෘජුවම බලනොපෑවත් :no::no:
     
    Last edited:

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මේක බොරුවක්... :no::no::no: පවක් සිද්ද වෙනව... බුදුන් වහන්සෙ මස් මාංශ වැළදුවෙ නෑ... උන් වහන්සෙට එහෙම වළදන කොට දැනුනොත් හරි, දුටුවොත් හරි එය වළදන එකෙන් ඉන් වහන්සේ වැළකී සිටිය කියල තියෙන්නෙ.... එය වැළඳීම කැප බවට සඳහනක් නෑනෙ... :no::no: අපි අනුබල දීමක් වෙනව නොදැනුවත්ම... ඉතින් සතෙක් මරන්න චේතනාවක් එනව අනිත් කෙනාට.. කෙනෙකු පොළඹවීමක් වෙනව නේද? සෘජුවම බලනොපෑවත් :no::no:

    "උන් වහන්සෙට එහෙම වළදන කොට දැනුනොත් හරි, දුටුවොත් හරි එය වළදන එකෙන් ඉන් වහන්සේ වැළකී සිටිය කියල තියෙන්නෙ.... එය වැළඳීම කැප බවට සඳහනක් නෑනෙ... "

    මචන් උඹම දැන් පිලි ගන්නවනේ වැළදුවා කියලා. මචන් දානෙකට හරි පින්ඩපාතේ හරි යනකොට භික්‍ෂුවක් මස් එපා කිය කියා යන්නේ නෑ. උන්වහන්සේට සියල්ල සමානය්.කිසිවක් කෙරේ ඇලෙන්නේ නෑ. ආහාරය ශරීරේ පැවැත්ම සඳහා පමණි. සුකවිහරණය සඳහා නොවේ.
    මචන් මම මේ ප්‍රකාශ වල තව පැත්තක් දකිනවා. ඒ තමය් දැන් හුඟක් හාමුදුරුවෝ ඉන්නව මස් කෑමට දැඩිසේ විරුද්ද . මම මේවා හුඟක් දකින්නේ දේවදත්ත කරපු වැඩ විදිහට. දේවදත්ත බුදුහාමුදුරුවෝ ලඟට ගිහින් වර 5 ක් ඉල්ලනවා.
    1.භික්‍ෂුවක් දිවි ඇති තෙක් රුක්‍ෂ මුලික විය යුතුය්.
    2.පිණ්ඩපාතික විය යුතුය්
    3.පංශකුලික විය යුතුය්.
    4.අරණ්‍ය මුලික විය යුතුය්.
    5.නිර්මාංශික විය යුතුය්

    බුදුරජාණන් වහන්සේ මේවා පිලිගන්නේවත් ප්‍රතික්ෂේප කරන්නේවත් නැතුව "කැමති පිරිස් මේවා පිලිගත්තවේ අකමැති නම් නොපිලිගත්තවේ " යනුවෙන් දේශනා කලා. මේකෙන් දේවදත්ත සංග භේදය ඇති කලා.මේ කරුණු 5 පිළිගන්න භික්ෂුන් පිරිසක් රැගෙන දේවදත්ත පිටත්වුනා. සාමාන්‍ය මෝඩ මිනිස්සුන්ට මේ කරුණු 5 පිළිගන්න හාමුදුරුවරු මහා සිල්වන්ත කට්ටිය කියල නේද පෙන්නේ. මෝඩ මිනිස්සු විතරක් නෙමෙය් අජාසත්ත රජතුමාටත් මේවා මහා ලොකු දේවල් වුනා. දැන් තේරෙනව නේද මේ වගේ බේගල් දෙස දෙස මිනිස්සුන්ගේ ලබා සත්කාර ගනඩ හදන හාමුදුරුවරු දේවදත්ත කරපු දේම තමය් කරන්නේ කියල.
    ඉතින් මේවගේ බොරු දේවල් වලට තර්ක නොකර ,මස කෑවම පින්දපින්ද පවූ ද කියා කියා ඉන්නේ නැතුව, නිවැරදි ධර්මයේ හැසිරෙන්ඩ ඕනේ.හැබය් එකෙන් කියවෙන්නේ නෑ මස්ම කාපිය මස් ම කාපිය කියල. කිසිම දේ කට ඇලෙන්නේ නැතුව අහුවුනොත් කනවා ,නැත්තම් කමක් නෑ. මස් මලු කෑවේ නෑ කියල ඉක්ක්මනට නිවන් කින්ද බෑ.

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    නෑ මචන් මාංශ අනුභවයෙන් පව් සිද්ද වෙන්නේ නෑ. දැන් උඹම කියනවනේ ප්‍රාණ ඝාත අකුසලයක් වෙනඩ කාරනා 5 ක් වෙනඩ ඕනේ කියලා. ඒක හරියටම හරි. ඉතින් බන් මස් කෑමෙන් ඔය කාරනා එකක්වත් සම්පූර්ණ වෙන්නේ නෑනේ.
    එක සූත්‍රයක් තියෙනවා ආමගන්ඩ සුත්‍රය කියලා. බුදුන් වහන්සේ මාංශ වළදනවද බලාගෙන හිටපු නිර්මාංශ එක බමුනක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ ආමගන්දය(පිලිහුඩු) වළදනවද කියලා.උන්වහන්සේ බමුණ නියම ආමගන්දය කියන්නේ මේවාට නොවන බව දේශනා කරනවා.
    තවත් විනය නීතියක් තියෙනවා භික්ෂූන් වහන්සේලාට , ඒ තමය් දානයකට වැඩම කරන විට එහි මාංශ ඇත්නම් මේ මස් මං සඳහාම මරණ ලද සතෙකුගේ බවට හිතේ සැකයක් ඇති නොවේ නම් ඒවා වැළඳීම කැප බවට.
    හැබය් මාංශ වුනත් අදික ගිජු කමින් වළදනවා නම් තෘෂ්ණාව වැඩී සංසර ගමන දිගු වෙන එක ගැන නම් කතාවක් නෑ.
    ඒ වුනත් මාංශ අනුභවය අඩු කිරීම ඉතාමත් හොඳය්.මොකද සත්වයෙකුගේ ප්‍රාණයක් බේරෙන්ඩ එකෙන් උදව්වක් ලැබෙන නිසා.හොඳම දේ තමය් මස් මාළු ගෙදරට ගෙනල්ල උයාගෙන කන්ඩ එපා . මගුල් ගෙදරකදී , office eke යාලුවෙකුගේ කෑම එකක තිබ්බොත් හරි කන්ඩ..

    Hariyatama Hari :)
     
    :yes::yes::yes::yes:
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    301deathbump.png
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208

    මචන් උඹ කියලා තියෙන දේ ඇත්ත බව මට හොදාකාරවම දන්නවා..... නමුත්..... මේවා මෙතන දාන්න එපා එක අපට අවාසි වෙයි මෙතන ආගම්වාදය පතුරලා හම්බයන්ට බනින්න කියලා..... හිතන අපේ සහෝදරයෝ ටිකකුත් මේකේ ඉන්නවා...
    තව අපේ කිරිස්තු සහෝදරයෝ ටිකක් ඉන්නවා (කව්රුත් දන්නා) ඒගොල්ලන්ගේ ගෑමට කොහොමවත් මේක දිරවන්නේ නැහැ...
    තව අපේ මුස්ලිම් සහෝදරයෝ ටිකක් ඉන්නවා කෝ වෙලාව කියලා බලාගෙන......
    මම මේ කියන ඒවා බොරු කියලා කියන්නත් මේකේ කට්ටිය ඉන්නවා
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මචන් උඹ කියලා තියෙන දේ ඇත්ත බව මට හොදාකාරවම දන්නවා..... නමුත්..... මේවා මෙතන දාන්න එපා එක අපට අවාසි වෙයි මෙතන ආගම්වාදය පතුරලා හම්බයන්ට බනින්න කියලා..... හිතන අපේ සහෝදරයෝ ටිකකුත් මේකේ ඉන්නවා...
    තව අපේ කිරිස්තු සහෝදරයෝ ටිකක් ඉන්නවා (කව්රුත් දන්නා) ඒගොල්ලන්ගේ ගෑමට කොහොමවත් මේක දිරවන්නේ නැහැ...
    තව අපේ මුස්ලිම් සහෝදරයෝ ටිකක් ඉන්නවා කෝ වෙලාව කියලා බලාගෙන......
    මම මේ කියන ඒවා බොරු කියලා කියන්නත් මේකේ කට්ටිය ඉන්නවා
    :confused::confused::confused::confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචං අනිවාර්යෙන්ම පවක් සිද්ද වෙනවා.... අපි සත්තු නොමැරුවට මස් මාලු කෑමෙන් කරන්නේ ඒ පවට අනුබල දීමක්... ඒ නිසා පවට අනුබල දීම කියන දේ යටතේ පවක් වෙනවා...

    ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් සිද්දවෙන්න නම් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ, ඌව මරන්න චේතනාවක් එන්න ඕනේ, ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒ උපක්‍රමයෙන් ඌව මැරෙන්න ඕනේ කියලා අංග 5 ක් තියනවා..

    ඒ උනාට සත්තු මැරෙන්නේ අපි මසට කන නිසයි.... ඒ හින්දා අනිවාර්යෙන්ම මස් මාලු කන එක පවක්.. (තවුසන් ටෝක් දුන්නට මාත් මස් මාලු කන එකෙක්....):no:
    සිරා කතාව බන්
    බොරු මොකටද අපිත් මාළු මස් කනවා
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මුලින්ම කියන්න ඕනි මමත් මස් / මලු ආහාරයට ගන්නවා.

    මස් මාළු , කන එක පවක්ද ? කියන එකට වඩා අපි බලන්නේ , මස්/මාළු කන එක අවුලක් නැහැ කියල සනාථ කරගැනීම.

    ඕකට උත්තරේ තියෙන්නේ එක එක අයගේ බුද්ධියත් කරුණාවත් තුල කියල තමා මම අහල තියෙන්නේ , අපි කවදාවත් , ඉබේම මරුන සතෙක්ගේ මස් ආහාරයට ගන්නේ නැහැනේ. අපි අනිවාර්යයෙන් ආහාරයට ගන්නේ බලෙන්ම මරණ සතෙක්ගේ මාංශ . ඉතින් හොදට හිතල බැලුවොත්, සතෙක් ඇත්තටම මරනවා ආහාරය සදහා. අපි මොනවා කලත් උගේ මාංශ වලින්, ඒ සතා බලෙන් මරපු සතෙක් නේ. කරුණාවක් තියෙනවා නම් , පින් පවු මොක උනත් බලෙන් මරපු සතාගේ මස් කනවද?
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ඔව් මචං අනිවාර්යෙන්ම පවක් සිද්ද වෙනවා.... අපි සත්තු නොමැරුවට මස් මාලු කෑමෙන් කරන්නේ ඒ පවට අනුබල දීමක්... ඒ නිසා පවට අනුබල දීම කියන දේ යටතේ පවක් වෙනවා...

    ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් සිද්දවෙන්න නම් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ, ඌව මරන්න චේතනාවක් එන්න ඕනේ, ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒ උපක්‍රමයෙන් ඌව මැරෙන්න ඕනේ කියලා අංග 5 ක් තියනවා..

    ඒ උනාට සත්තු මැරෙන්නේ අපි මසට කන නිසයි.... ඒ හින්දා අනිවාර්යෙන්ම මස් මාලු කන එක පවක්.. (තවුසන් ටෝක් දුන්නට මාත් මස් මාලු කන එකෙක්....):no:

    :yes::yes::yes::yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    නෑ මචන් මාංශ අනුභවයෙන් පව් සිද්ද වෙන්නේ නෑ. දැන් උඹම කියනවනේ ප්‍රාණ ඝාත අකුසලයක් වෙනඩ කාරනා 5 ක් වෙනඩ ඕනේ කියලා. ඒක හරියටම හරි. ඉතින් බන් මස් කෑමෙන් ඔය කාරනා එකක්වත් සම්පූර්ණ වෙන්නේ නෑනේ.
    එක සූත්‍රයක් තියෙනවා ආමගන්ඩ සුත්‍රය කියලා. බුදුන් වහන්සේ මාංශ වළදනවද බලාගෙන හිටපු නිර්මාංශ එක බමුනක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ ආමගන්දය(පිලිහුඩු) වළදනවද කියලා.උන්වහන්සේ බමුණ නියම ආමගන්දය කියන්නේ මේවාට නොවන බව දේශනා කරනවා.
    තවත් විනය නීතියක් තියෙනවා භික්ෂූන් වහන්සේලාට , ඒ තමය් දානයකට වැඩම කරන විට එහි මාංශ ඇත්නම් මේ මස් මං සඳහාම මරණ ලද සතෙකුගේ බවට හිතේ සැකයක් ඇති නොවේ නම් ඒවා වැළඳීම කැප බවට.
    හැබය් මාංශ වුනත් අදික ගිජු කමින් වළදනවා නම් තෘෂ්ණාව වැඩී සංසර ගමන දිගු වෙන එක ගැන නම් කතාවක් නෑ.
    ඒ වුනත් මාංශ අනුභවය අඩු කිරීම ඉතාමත් හොඳය්.මොකද සත්වයෙකුගේ ප්‍රාණයක් බේරෙන්ඩ එකෙන් උදව්වක් ලැබෙන නිසා.හොඳම දේ තමය් මස් මාළු ගෙදරට ගෙනල්ල උයාගෙන කන්ඩ එපා . මගුල් ගෙදරකදී , office eke යාලුවෙකුගේ කෑම එකක තිබ්බොත් හරි කන්ඩ..

    ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් සිද්දවෙන්න නම් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ, ඌව මරන්න චේතනාවක් එන්න ඕනේ, ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒ උපක්‍රමයෙන් ඌව මැරෙන්න ඕනේ කියලා අංග 5 ක් තියනවා..

    දැන් උඹ කියනවනේ මම කියලා තියන එකක්වත් ඔතන නැහැයි කියලා.... හරි මචෝ උඹ මස් කනවනම් උඹ කන නිසයි මස් කඩේ මිනිහට ඌව මරන්න චේතනාවක් එන්නේ... උඹ කන නිසා ඌ මරණවා... ඒ මරපු සතාව මරලා උඹට විකුනනවා... අන්න ඒ උඹ කන නිසයි මරන්නේ... එතනයි මචෝ මරන්න චේතනාව ඇති වෙන්නේ... හරි මෙහෙම හිතපන්... උඹ නෙමෙයි මේ ලෝකේ කිසිම කෙනෙක් මස් මාලු කන්නේ නෑ... එතකොට සත්තු මරන්න හේතුවක් නැහැ... එතකොට ඔය මස් කඩ වෙලෙන්දා උගේ ඇඟේ අමාරුවට හරි සත්තු මරනවද...?? නැහැ නේද....???

    අන්න ඒ මරන්න චේතනාව එන්නේ උඹ මම කන නිසයි.... ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ... උඹ මස් කඩයක් ලඟ හිටියනම් කුකුලෙක් මරන හැටි දැකලා ඇති... ඌව මරන්නේ මස් ලෑල්ලේ බෙල්ල තියලා පිහියෙන් ගහලා... ඇයි කුකුලාව බෙල්ල කපලා මරන්නේ...??? මස් කඩ කාරයාට තිබ්බනේ ඌව මොකකින් හරි ගහලා තලලා මරන්න.... එහෙම මැරුවේ මිනිස්සු කන නිසා කන්න පුලුවන් මස් ටික නොතලා හොඳට ගන්න ඕනේ නිසා..... අන්න මචෝ එතන එනවා සතාව මරන්න උපක්‍රමයක්...

    ඒ බෙල්ල කපලා මරන්න උපක්‍රමය එන්නේ අපි ඒ සතාගේ මස් කන නිසයි.... කොහොමත් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ... ඒකෙන් ඌව මැරෙන්න ඕනේ කියන එව්වා අපි කන නිසයි වෙන්නෙ කියන එක තෙරුම් කරන්න තරම් උඹ පොඩි එකෙක් නෙමෙයිනේ මචං....

    හරි මෙහෙම හිතපං උඹ පාරේ මැරිලා ඉන්න කුකුලෙක් අරන් ගිහින් මසට උයන් කනවද....??? නැහැ නේද... අන්න එහෙම කනවනම් උඹට පවක් නැහැ... ඒත් මස් කඩෙන් අරන්නම් කන්නේ එතන අනිවා පවක් වෙනවා...

    අනික බුද්දාගම ගැන බොරු කියන්න එපා.... බුදුන් වහන්න්සේ මස් කාපු එකම එක තැනයි තියෙන්නේ... ඒ උන්වහන්සේට අන්තිම දානේ දුන්නු චුන්ද කර්මාර පුත්‍රයා දුන්නු දාන වේල... ඒකේ බුදුන් වහන්සේට දානෙට දෙනවා ඌරෙකුගේ මස්... ඒ චුන්ද කර්ම කියන්නේ ඌරු මස් මරන්නෙක්.... එහෙම දානයක් පිළිගන්වන්නේ චුන්ද කර්ම පුත්‍රයා කියන්නේ නිගණ්ඨනාද පුත්‍ර කියන අන්‍යාගමික ශාස්තෘවරයගේ තද බල අනුගාමිකයෙක් නිසා බුදුන් වහන්සේට අපහස කරන්න සිතාගෙන.....

    අන්තිමට උඹ දන්නවද ඒ ඌරු මස් දානේ පිලිගන්වපු එක ගැන චුන්ද කර්ම පුත්‍රයාම පසු තැවිලා සමාව ගන්න බව උන්වහන්සේ ගෙන් බණ ඇසුවාට පසුව....??? මචෝ අන්න එතකොටයි බුදු වහන්සේ කියන්නේ පලවෙනි දානය පිලිගැන්වූ සුජාතා සි‍ටු දුවනියත්, චුන්ද කර්ම පුත්‍රයත් ‍රැස් කර ගත්තාවූ කුසල් බලයන්වල වෙනසක් නැති බව....

    මචෝ තමුන්ගේ මත ප්‍රකාශ කරද්දි ටිකක් සැලකිලිමත් වෙයන්... ඊට අමතරව බුද්ද දර්මයේ කිසිම තැනක මස් මාංශ වලදපු බවක් සදහන් වෙන්නේ නැහැ.... මස් මාලූ කෑමෙන් අනිවාර්යෙන්ම පවක් සිදුවෙනවා... ඒ මම මුලින්ම කල විග්‍රහයට අනුව.... තමුන්ගේ වාසිය තකා බොරු මත පල කරලා කට්ටිය නොමග යැවීමෙන් වැලකී සිටින්න කියලා ඉල්ලා සිටිනවා....:no::no::no:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මේක කතාකරන්න ගියොත් හරි පුළුල් මාතෘකාවක්. මගේ අදහස ටිකක් වෙනස්. කාලයක් මස් මාළු කාපු කෙනෙක්. පස්සේ මටම හිතුනා අපි මැරිච්ච සතෙක්ව , එහෙම නැත්නම් සතෙක් මරාගෙන කන්නේ ඇයි කියලා. අපි නොමරුවත් ඒ සතා මැරෙන්න කාගේ හරි ආහාරයක් වෙනුවෙන්. ඒ කියන්නේ අපි කන නිසයි එයාල මරන්නේ. අපිට ඒ පවින් ගැලවෙන්න බැ.

    එත් ඔකේ මම දකින තව පැත්තක් තියනවා. මේක කොයි තරම් සාධාරණද තර්කනුකුලද කියන්න මම දන්නේ නෑ.

    හිතන්න අපි කෑම එකක් කනවා. මේකේ තියන මාලුපිනි මෙහෙමයි කියල හිතමු..

    බත්
    චිකන් කරී
    අල තෙල් දාල
    බෝංචි
    ගෝව මැල්ලුම්
    සලාදයක්

    කෑමෙන් පස්සේ
    මීකිරි
    අයිස් ක්‍රිම්
    වටලප්පන්

    දැන් හිතන්න මේකේ මොනවද අපිට පව් පිරෙන දේවල් තියෙන්නේ. ගොඩක් බුද්ධාගම ඇගේ පටලවගෙන ඉන්න අයටනම් මස් කෑල්ල විසි කලාම ඉතාම හොඳ ආහාර වේලක්.
    ඒත් මට
    පේන්නේ කේ පව් අඩුම කෑල්ල මස් කෑල්ල කියලයි.

    බලන්න ඔය බත් ටික ඔතනට එන්න කලින් ඔය බත් පිගාන වෙනුවෙන් සත්තු කොච්චර මැරිලා තියනවද ?
    පුරුක් පනුවෝ 10
    කොළ කන දලබුවන් 12
    kidawan 100
    ගෙම්බෝ 2 යි

    ඔය ලිස්ට් එක තව ගොඩක් දිගයි. මේ කාලේ කුඹුරු වලට ගහන තෙල් හින්ද මැරෙන සත්තු ගැන හිතාගන්නවත් බැරි තරම්...
    ඒ සත්තු පොඩි හින්ද පව් අඩුයි ද?

    මස් කෑල්ල වෙනුවෙන් එක සතෙක් මැරෙනවා. ඒකත් එක කුකුලෙක් කෑලි 10 කට කැපුවොත් පවෙන් 10 න් එකයි කියල කියන්නත් කෙනෙකුට පුළුවන්.(ඒක සාධාරණ නම් නෑ)

    අර්තාපල් හදද්දී පණුවන්ට තෙල් බැරල් ගණන් ගහන්නේ.
    ගෝව බෝංචි ගැන කතා කරනන් එපා
    සලාද කොලත් එහෙමම තමයි.

    අතුරුපස සේරම හදන්න කිරි ගන්න ඕන. ඒවත් සතෙක් කැමැත්තෙන් දුන් දෙයක් නෙමේ. තමන්ගේ පැටිය වෙනුවෙන් උනපු කිරි බලෙන් අරන් අපිට දෙන්නේ.

    ඔය විදියට ගත්තම අපි කන එක බත් පිගානක් වෙනුවෙන් ( එකේ මස් මාළු නොතිබුනත් ) මාර සත්තු ගොඩක් මැරිලා තියනවා. දුක් විඳලා තියනවා. එතකොට ඒ පව් කාටද?

    ඔන්න ඔය කාරනේ හින්ද තමයි බුදු හාමුදුරුවොත් ඔය ගැන මැදුම් පිළිවෙතක් අනුගමනය කලේ. මස් මාළු නොකා හිටිය කියල කෑමෙන් වෙන අකුසල් නැති කරන්න බෑ.

    ඒක නිවන් යන්න උදව්වකුත් නෙමේ.

    එත් එහෙම හිතල මස් මාළු ගිලින්න ගන්න එපා.

    මස් මාළු අපේ ශරීරයට එච්චරම හොඳ දෙයක් නෙමේ.
    මස් මාළු වල අන්තර්ගත සමහර සංයෝග ශරීරයට අහිතකරයි කියලත් හොයාගෙන තියනවා.

    ඒත් අනිත් අතට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 20 න 11 ක් විතර තියෙන්නේ මාංශමය අහාර වල විතරයි. ඉතින් ඒක සපිරෙන්න නම් මස් මාළු කන්නම වෙනවා.

    ඔය විදියට ගත්තම මේක ගොඩක් සංකීර්ණයි.

    කරන්න තියන හොඳම දේ ඕනෑම දෙයක් දැඩි ලෙස ඇලීමෙන් කන්න බොන්න එපා.
    තියන දෙයක් එක්ක කන්න පුරුදු වෙන්න. ඔයාලට එක දවසක කන්න ලැබෙන්නේ එළවලු පමණක් තියන ආහාරයක් නම් ඒක කැමැත්තෙන් කන්න.

    අනිත් දවසේ තියෙන්නේ මස් මාළු විතරම නම්.... එත් කමක් නෑ ඒක ගැන ඇලීමකින් තොරව කන්න.

    කිසිම දේකට ඇලෙන්න එපා

    මගේ අදහස ඒකයි...

    මචං උඹේ මතේට ගරු කරනවා... ඒත් මචෝ උඹ කියලා තියන විදිහට ලෝකේ ජීවත් වෙන්න බැහැ... එලවලු වලට තෙල් ගහන නිසා සත්තු මැරෙනවා... ඔව්... ඒ අපි කන නිසා... ඔව්... මචෝ එහෙනම් මිනිහෙක්ට වතුර බොන්නත් බැහැ... මොකද ඇසට නොපෙනෙන කුඩා ඒක සෛලික ජීවීන් කොච්චරක්නම් වතුරේ ඉන්නවාද.... උඹට උණ ගැනුන්ම බෙහෙත් බොන්නත් එපා.... මොකද උඹ බොන එක ඇන්ටිබයොටික් එකක් ගානේ ආසාධිත බැක්ටීරියාවන්,දිලීර මැරෙනවා... අනික් පැත්තෙන් ඇඟේ ඉන්න සහ ජීවී හිතකර බැක්ටීරියාවන් මිලියන ගානක් මැරෙනවා.... ඇයි ඌ කුකුල්වත් එක්ක බලද්දි නොගිනිය හැකි තරම් කුඩාද....??? ඌත් ජීවී සතෙක් නේ.... අනික උඹ ඔහොම හිතනවනම් පණු බෙහෙත් බොන්නත් එපා... ඇයි පණුවෝ මැරෙනවානේ..... අපි යම් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනේ... ඒත් ඕනාවට වඩා අන්තවාදී නොවිය යුතුයි..... ඔහොම හිතනවනම් මිනිස්සුන්ටත් ගතකරන්න වෙන්නේ බුද්ධ කාලීන සමාජයේ සමහර අන්තවාදී අවහිංසා වාදී ආගම් ගතකරපු ගෝ වෘත, අජ වෘත, කුක්කුර වෘත වගේ සහලෝලී ජීවිත තමයි....