මස්,මලු කෑමෙන් පවක් සිද්ද වෙනවද ?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නෑ මචන් මාංශ අනුභවයෙන් පව් සිද්ද වෙන්නේ නෑ. දැන් උඹම කියනවනේ ප්‍රාණ ඝාත අකුසලයක් වෙනඩ කාරනා 5 ක් වෙනඩ ඕනේ කියලා. ඒක හරියටම හරි. ඉතින් බන් මස් කෑමෙන් ඔය කාරනා එකක්වත් සම්පූර්ණ වෙන්නේ නෑනේ.
    එක සූත්‍රයක් තියෙනවා ආමගන්ඩ සුත්‍රය කියලා. බුදුන් වහන්සේ මාංශ වළදනවද බලාගෙන හිටපු නිර්මාංශ එක බමුනක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ ආමගන්දය(පිලිහුඩු) වළදනවද කියලා.උන්වහන්සේ බමුණ නියම ආමගන්දය කියන්නේ මේවාට නොවන බව දේශනා කරනවා.
    තවත් විනය නීතියක් තියෙනවා භික්ෂූන් වහන්සේලාට , ඒ තමය් දානයකට වැඩම කරන විට එහි මාංශ ඇත්නම් මේ මස් මං සඳහාම මරණ ලද සතෙකුගේ බවට හිතේ සැකයක් ඇති නොවේ නම් ඒවා වැළඳීම කැප බවට.
    හැබය් මාංශ වුනත් අදික ගිජු කමින් වළදනවා නම් තෘෂ්ණාව වැඩී සංසර ගමන දිගු වෙන එක ගැන නම් කතාවක් නෑ.
    ඒ වුනත් මාංශ අනුභවය අඩු කිරීම ඉතාමත් හොඳය්.මොකද සත්වයෙකුගේ ප්‍රාණයක් බේරෙන්ඩ එකෙන් උදව්වක් ලැබෙන නිසා.හොඳම දේ තමය් මස් මාළු ගෙදරට ගෙනල්ල උයාගෙන කන්ඩ එපා . මගුල් ගෙදරකදී , office eke යාලුවෙකුගේ කෑම එකක තිබ්බොත් හරි කන්ඩ..


    :yes: :yes: mamath hithanne naha akusalayk venava kiyala nam

    yako hondata hitee yaluvange bath valin malu kanna giyoth :lol:
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ඔව් මචං අනිවාර්යෙන්ම පවක් සිද්ද වෙනවා.... අපි සත්තු නොමැරුවට මස් මාලු කෑමෙන් කරන්නේ ඒ පවට අනුබල දීමක්... ඒ නිසා පවට අනුබල දීම කියන දේ යටතේ පවක් වෙනවා...

    ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් සිද්දවෙන්න නම් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ, ඌව මරන්න චේතනාවක් එන්න ඕනේ, ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒ උපක්‍රමයෙන් ඌව මැරෙන්න ඕනේ කියලා අංග 5 ක් තියනවා..

    ඒ උනාට සත්තු මැරෙන්නේ අපි මසට කන නිසයි.... ඒ හින්දා අනිවාර්යෙන්ම මස් මාලු කන එක පවක්.. (තවුසන් ටෝක් දුන්නට මාත් මස් මාලු කන එකෙක්....):no:


    :yes:
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේක කතාකරන්න ගියොත් හරි පුළුල් මාතෘකාවක්. මගේ අදහස ටිකක් වෙනස්. කාලයක් මස් මාළු කාපු කෙනෙක්. පස්සේ මටම හිතුනා අපි මැරිච්ච සතෙක්ව , එහෙම නැත්නම් සතෙක් මරාගෙන කන්නේ ඇයි කියලා. අපි නොමරුවත් ඒ සතා මැරෙන්න කාගේ හරි ආහාරයක් වෙනුවෙන්. ඒ කියන්නේ අපි කන නිසයි එයාල මරන්නේ. අපිට ඒ පවින් ගැලවෙන්න බැ.

    එත් ඔකේ මම දකින තව පැත්තක් තියනවා. මේක කොයි තරම් සාධාරණද තර්කනුකුලද කියන්න මම දන්නේ නෑ.

    හිතන්න අපි කෑම එකක් කනවා. මේකේ තියන මාලුපිනි මෙහෙමයි කියල හිතමු..

    බත්
    චිකන් කරී
    අල තෙල් දාල
    බෝංචි
    ගෝව මැල්ලුම්
    සලාදයක්

    කෑමෙන් පස්සේ
    මීකිරි
    අයිස් ක්‍රිම්
    වටලප්පන්

    දැන් හිතන්න මේකේ මොනවද අපිට පව් පිරෙන දේවල් තියෙන්නේ. ගොඩක් බුද්ධාගම ඇගේ පටලවගෙන ඉන්න අයටනම් මස් කෑල්ල විසි කලාම ඉතාම හොඳ ආහාර වේලක්.
    ඒත් මට
    පේන්නේ කේ පව් අඩුම කෑල්ල මස් කෑල්ල කියලයි.

    බලන්න ඔය බත් ටික ඔතනට එන්න කලින් ඔය බත් පිගාන වෙනුවෙන් සත්තු කොච්චර මැරිලා තියනවද ?
    පුරුක් පනුවෝ 10
    කොළ කන දලබුවන් 12
    kidawan 100
    ගෙම්බෝ 2 යි

    ඔය ලිස්ට් එක තව ගොඩක් දිගයි. මේ කාලේ කුඹුරු වලට ගහන තෙල් හින්ද මැරෙන සත්තු ගැන හිතාගන්නවත් බැරි තරම්...
    ඒ සත්තු පොඩි හින්ද පව් අඩුයි ද?

    මස් කෑල්ල වෙනුවෙන් එක සතෙක් මැරෙනවා. ඒකත් එක කුකුලෙක් කෑලි 10 කට කැපුවොත් පවෙන් 10 න් එකයි කියල කියන්නත් කෙනෙකුට පුළුවන්.(ඒක සාධාරණ නම් නෑ)

    අර්තාපල් හදද්දී පණුවන්ට තෙල් බැරල් ගණන් ගහන්නේ.
    ගෝව බෝංචි ගැන කතා කරනන් එපා
    සලාද කොලත් එහෙමම තමයි.

    අතුරුපස සේරම හදන්න කිරි ගන්න ඕන. ඒවත් සතෙක් කැමැත්තෙන් දුන් දෙයක් නෙමේ. තමන්ගේ පැටිය වෙනුවෙන් උනපු කිරි බලෙන් අරන් අපිට දෙන්නේ.

    ඔය විදියට ගත්තම අපි කන එක බත් පිගානක් වෙනුවෙන් ( එකේ මස් මාළු නොතිබුනත් ) මාර සත්තු ගොඩක් මැරිලා තියනවා. දුක් විඳලා තියනවා. එතකොට ඒ පව් කාටද?

    ඔන්න ඔය කාරනේ හින්ද තමයි බුදු හාමුදුරුවොත් ඔය ගැන මැදුම් පිළිවෙතක් අනුගමනය කලේ. මස් මාළු නොකා හිටිය කියල කෑමෙන් වෙන අකුසල් නැති කරන්න බෑ.

    ඒක නිවන් යන්න උදව්වකුත් නෙමේ.

    එත් එහෙම හිතල මස් මාළු ගිලින්න ගන්න එපා.

    මස් මාළු අපේ ශරීරයට එච්චරම හොඳ දෙයක් නෙමේ.
    මස් මාළු වල අන්තර්ගත සමහර සංයෝග ශරීරයට අහිතකරයි කියලත් හොයාගෙන තියනවා.

    ඒත් අනිත් අතට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 20 න 11 ක් විතර තියෙන්නේ මාංශමය අහාර වල විතරයි. ඉතින් ඒක සපිරෙන්න නම් මස් මාළු කන්නම වෙනවා.

    ඔය විදියට ගත්තම මේක ගොඩක් සංකීර්ණයි.

    කරන්න තියන හොඳම දේ ඕනෑම දෙයක් දැඩි ලෙස ඇලීමෙන් කන්න බොන්න එපා.
    තියන දෙයක් එක්ක කන්න පුරුදු වෙන්න. ඔයාලට එක දවසක කන්න ලැබෙන්නේ එළවලු පමණක් තියන ආහාරයක් නම් ඒක කැමැත්තෙන් කන්න.

    අනිත් දවසේ තියෙන්නේ මස් මාළු විතරම නම්.... එත් කමක් නෑ ඒක ගැන ඇලීමකින් තොරව කන්න.

    කිසිම දේකට ඇලෙන්න එපා

    මගේ අදහස ඒකයි...



    පට්ට කතාව මචන්,, නියමෙට පැහැදිලි කරලා තියෙනවා... මාත් මස්, මාළු කනවා. එත් ඔච්චර දුරට ඔය ගැන හිතල නෑ... REP+++
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් සිද්දවෙන්න නම් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ, ඌව මරන්න චේතනාවක් එන්න ඕනේ, ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒ උපක්‍රමයෙන් ඌව මැරෙන්න ඕනේ කියලා අංග 5 ක් තියනවා..

    දැන් උඹ කියනවනේ මම කියලා තියන එකක්වත් ඔතන නැහැයි කියලා.... හරි මචෝ උඹ මස් කනවනම් උඹ කන නිසයි මස් කඩේ මිනිහට ඌව මරන්න චේතනාවක් එන්නේ... උඹ කන නිසා ඌ මරණවා... ඒ මරපු සතාව මරලා උඹට විකුනනවා... අන්න ඒ උඹ කන නිසයි මරන්නේ... එතනයි මචෝ මරන්න චේතනාව ඇති වෙන්නේ... හරි මෙහෙම හිතපන්... උඹ නෙමෙයි මේ ලෝකේ කිසිම කෙනෙක් මස් මාලු කන්නේ නෑ... එතකොට සත්තු මරන්න හේතුවක් නැහැ... එතකොට ඔය මස් කඩ වෙලෙන්දා උගේ ඇඟේ අමාරුවට හරි සත්තු මරනවද...?? නැහැ නේද....???

    අන්න ඒ මරන්න චේතනාව එන්නේ උඹ මම කන නිසයි.... ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ... උඹ මස් කඩයක් ලඟ හිටියනම් කුකුලෙක් මරන හැටි දැකලා ඇති... ඌව මරන්නේ මස් ලෑල්ලේ බෙල්ල තියලා පිහියෙන් ගහලා... ඇයි කුකුලාව බෙල්ල කපලා මරන්නේ...??? මස් කඩ කාරයාට තිබ්බනේ ඌව මොකකින් හරි ගහලා තලලා මරන්න.... එහෙම මැරුවේ මිනිස්සු කන නිසා කන්න පුලුවන් මස් ටික නොතලා හොඳට ගන්න ඕනේ නිසා..... අන්න මචෝ එතන එනවා සතාව මරන්න උපක්‍රමයක්...

    ඒ බෙල්ල කපලා මරන්න උපක්‍රමය එන්නේ අපි ඒ සතාගේ මස් කන නිසයි.... කොහොමත් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ... ඒකෙන් ඌව මැරෙන්න ඕනේ කියන එව්වා අපි කන නිසයි වෙන්නෙ කියන එක තෙරුම් කරන්න තරම් උඹ පොඩි එකෙක් නෙමෙයිනේ මචං....

    හරි මෙහෙම හිතපං උඹ පාරේ මැරිලා ඉන්න කුකුලෙක් අරන් ගිහින් මසට උයන් කනවද....??? නැහැ නේද... අන්න එහෙම කනවනම් උඹට පවක් නැහැ... ඒත් මස් කඩෙන් අරන්නම් කන්නේ එතන අනිවා පවක් වෙනවා...

    අනික බුද්දාගම ගැන බොරු කියන්න එපා.... බුදුන් වහන්න්සේ මස් කාපු එකම එක තැනයි තියෙන්නේ... ඒ උන්වහන්සේට අන්තිම දානේ දුන්නු චුන්ද කර්මාර පුත්‍රයා දුන්නු දාන වේල... ඒකේ බුදුන් වහන්සේට දානෙට දෙනවා ඌරෙකුගේ මස්... ඒ චුන්ද කර්ම කියන්නේ ඌරු මස් මරන්නෙක්.... එහෙම දානයක් පිළිගන්වන්නේ චුන්ද කර්ම පුත්‍රයා කියන්නේ නිගණ්ඨනාද පුත්‍ර කියන අන්‍යාගමික ශාස්තෘවරයගේ තද බල අනුගාමිකයෙක් නිසා බුදුන් වහන්සේට අපහස කරන්න සිතාගෙන.....

    අන්තිමට උඹ දන්නවද ඒ ඌරු මස් දානේ පිලිගන්වපු එක ගැන චුන්ද කර්ම පුත්‍රයාම පසු තැවිලා සමාව ගන්න බව උන්වහන්සේ ගෙන් බණ ඇසුවාට පසුව....??? මචෝ අන්න එතකොටයි බුදු වහන්සේ කියන්නේ පලවෙනි දානය පිලිගැන්වූ සුජාතා සි‍ටු දුවනියත්, චුන්ද කර්ම පුත්‍රයත් ‍රැස් කර ගත්තාවූ කුසල් බලයන්වල වෙනසක් නැති බව....

    මචෝ තමුන්ගේ මත ප්‍රකාශ කරද්දි ටිකක් සැලකිලිමත් වෙයන්... ඊට අමතරව බුද්ද දර්මයේ කිසිම තැනක මස් මාංශ වලදපු බවක් සදහන් වෙන්නේ නැහැ.... මස් මාලූ කෑමෙන් අනිවාර්යෙන්ම පවක් සිදුවෙනවා... ඒ මම මුලින්ම කල විග්‍රහයට අනුව.... තමුන්ගේ වාසිය තකා බොරු මත පල කරලා කට්ටිය නොමග යැවීමෙන් වැලකී සිටින්න කියලා ඉල්ලා සිටිනවා....:no::no::no:


    චේතනාව තමයි මුල් වෙන්නේ ඕනි දෙකට ...එකෙන් ලැබෙන පලය එන්නේ දෙවෙනුව ....කුකුළා මරන්න කාටද චේතනාව ඇති උනේ ....උබටද මස් කඩ මුදලලිටද ........තමන් කරන දේවල් ගෙනියන්නෙත් තමන්මයි ...මස් කඩ මුදලාලි ඌ කරන දේවල් ගෙනියයි .....ඒකයි බුදු හාමුදුරුවෝ පන්සිල් පද 5 න් මුල්ම ශික්ෂා පදය ලෙස "මම සතුන් මැරීමෙන් වළකිමි " කියල ශික්ෂා පදය නම් කලේ....ඔතන උබල ඔය මස් කන ප්‍රශ්නෙට උත්තරේ තියනවා ...දේවදත්තගේ නිර්මාංශ ප්‍රශ්නයේදී බුදු පියාණන් හැසිරුණු අයුරු ....අපිට ටිකක් සංකීර්ණයි නේද....බුදු පියාණන්ගේ ප්‍රතිකර්මයන් ගසේ මුලට මිස කොළවලට නෙවෙයි නේද...ඒකයි " මම මස් කෑමෙන් වලකිමි " කියල ශික්ෂා පදයක් නොදැම්මේ ...ඒ නිසා වටහගන්නත් ටිකක් වෙහෙසක් දරන්න වේවි ....එකයි මම මුලින්ම කිව්වේ ...මස් කඩ මුදලාලි එයා කරන දේවල් ගෙනියයි .....උබට කුකුලෙක් හරකෙක් එළුවෙක් මරන්න චේතනාවක් ඇති නොවන තාක් සැනසිල්ලේ හිටපන් .....
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    රිකෝටි පාරිශුද්ධ මාංශය ගෑනීමෙන් අකුසලයක් සිඩු වන්නෙ නහ නේද ?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ ගෑනීමෙන් අකුසලයක් සිඩු වන්නෙ නහ නේද ?
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මචං උඹේ මතේට ගරු කරනවා... ඒත් මචෝ උඹ කියලා තියන විදිහට ලෝකේ ජීවත් වෙන්න බැහැ... එලවලු වලට තෙල් ගහන නිසා සත්තු මැරෙනවා... ඔව්... ඒ අපි කන නිසා... ඔව්... මචෝ එහෙනම් මිනිහෙක්ට වතුර බොන්නත් බැහැ... මොකද ඇසට නොපෙනෙන කුඩා ඒක සෛලික ජීවීන් කොච්චරක්නම් වතුරේ ඉන්නවාද.... උඹට උණ ගැනුන්ම බෙහෙත් බොන්නත් එපා.... මොකද උඹ බොන එක ඇන්ටිබයොටික් එකක් ගානේ ආසාධිත බැක්ටීරියාවන්,දිලීර මැරෙනවා... අනික් පැත්තෙන් ඇඟේ ඉන්න සහ ජීවී හිතකර බැක්ටීරියාවන් මිලියන ගානක් මැරෙනවා.... ඇයි ඌ කුකුල්වත් එක්ක බලද්දි නොගිනිය හැකි තරම් කුඩාද....??? ඌත් ජීවී සතෙක් නේ.... අනික උඹ ඔහොම හිතනවනම් පණු බෙහෙත් බොන්නත් එපා... ඇයි පණුවෝ මැරෙනවානේ..... අපි යම් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනේ... ඒත් ඕනාවට වඩා අන්තවාදී නොවිය යුතුයි..... ඔහොම හිතනවනම් මිනිස්සුන්ටත් ගතකරන්න වෙන්නේ බුද්ධ කාලීන සමාජයේ සමහර අන්තවාදී අවහිංසා වාදී ආගම් ගතකරපු ගෝ වෘත, අජ වෘත, කුක්කුර වෘත වගේ සහලෝලී ජීවිත තමයි....

    ඉතින් මචං අපි දෙන්නගේ අදහස් වල ගැටීමක් නැනේ. මන් කියන්නෙත් ඕකම තමයි. අපිට මස් මාළු කෑමෙන් විතරක් නෙමේ පව් පිරෙන්නේ අපි කරන හැමදේකින්ම පව් පිරෙනවා... හැබැයි ඒ අර මන් කලින් කියපු බුද්දාගම ඇගේ පටලවාගෙන අදහන අයට අනුවයි.

    මම කියන්නේ ඔය කාරනේට බොරුවට අන්තවාදී වෙන්න ඕන නෑ. අපි මැදුම් පිළිවෙතින් හිටියම හරි. ඒකයි මන් කිවේ එළවලු තියනකොට ඒ ටික කැමැත්තෙන් කන්න. මස් මාළු තිබ්බොත් එකත් ඒ වගේම මැදිහත් හිතින් කන්න. ඔය එකකටවත් ඇලෙන්න එපා කියලා.


     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මම මචන් මගේ ඉස්සෙල්ල comment වලින් පැහැදිලි කරා මස් කෑමෙන් පවක් වෙන්නේ නෑ කියන එක. ඒ වුනාට එකෙන් කියවෙන්නේ නැ මසම කාපිය කියලා. මස් කෑම අඩු කරන එක ඉතාමත් හොඳයි. මොකද එකෙන් සත්තු මරණ එක අනිවාර්යෙන්ම අඩු වෙනවා.
    දැන් බලපන් සල්ලි දීල හරකෙක් මරණෙන් මුදවා ගත්ත කියල කිසිම වැඩක් නෑ.අයි මස් කඩ මුදලාලියා තව එකෙක් ගේනවා ඒ සල්ලි වලින්. ඌ ඉල්ලුමේ හැටියට සැපයුම දෙන්ඩ එපැයි. එකට කරන්ඩ ඕනේ අපි මස් කන එක අඩු කරන එක. කිසිම දෙකට අදික තණ්හාව හොඳ නෑනේ.
     

    assandamali123

    Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    බුදුදහමේ කොහේ හෝ තෑනක මස් මාලු කෑම එපා යනුවෙන් සදහන් නොවේද?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් මචං අනිවාර්යෙන්ම පවක් සිද්ද වෙනවා.... අපි සත්තු නොමැරුවට මස් මාලු කෑමෙන් කරන්නේ ඒ පවට අනුබල දීමක්... ඒ නිසා පවට අනුබල දීම කියන දේ යටතේ පවක් වෙනවා...

    ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් සිද්දවෙන්න නම් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ, ඌව මරන්න චේතනාවක් එන්න ඕනේ, ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒ උපක්‍රමයෙන් ඌව මැරෙන්න ඕනේ කියලා අංග 5 ක් තියනවා..


    ඒ උනාට සත්තු මැරෙන්නේ අපි මසට කන නිසයි.... ඒ හින්දා අනිවාර්යෙන්ම මස් මාලු කන එක පවක්.. (තවුසන් ටෝක් දුන්නට මාත් මස් මාලු කන එකෙක්....):no:

    well said :yes::yes::yes::yes::yes:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    බුද්ධාගම ගැන ඇහුවම මටත් නිකම් ඉන්න බැහැ නේ, ඇඟ කසනවා වගේ... මමත් මේ ගැන හොයා ගතපු දේවල් කියන්නම්.:yes::yes::yes:
    මුලින්ම මතක් කරගමු බුදු දහම කියන්නේ මොකක්ද කියල. බුදු දහම ගමන් කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුල. ඒ කියන්නේ අන්තගාමී ලක්ෂණ වලින් මිදිලා. අපි දැන් අපේ නිර්මාංශ ප්‍රශ්නය පැත්තට යොමු උනොත් සමහරෙක් කියනවා මස් කන්න හොඳ නෑ අපි නිර්මාංශ වෙන්න ඕන කියල. නමුත් හිතල බලන්න, නිර්මාංශ වෙනවා කියන්නෙත් එක්තරා ආකාරයක අන්තගාමිත්වයක්. දෙවුදත් තෙර භික්ෂු භේදය කරන්න යොදාගන්න ඉල්ලීම් 5 න් එකක් තමයි භික්ෂුන් නිර්මාංශ විය යුතුයි කියන එක. නමුත් බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම උපේක්ෂා සහගතව ප්‍රතික්ෂේප කරනවා (චුල්ල වග්ග පාලි- සන්ඝභේධක්කන්ධඛය).

    ඔබලාට ත්‍රිපිටකය ගැන අවබෝධයක් තියනවද මම දන්නේ නෑ. නමුත් ත්‍රිපිටකයේ තැන් කිහිපයකම ඔය ප්‍රශ්නය මතු වෙනවා. මට බනින්න එපෝ...... මහාවග්ග පාලියේ භේසජ්ජඛන්ධයේ සඳහන් වෙනවා නොදැනුවත්ව එක්තරා භික්ෂුවක් මිනිමස් වැළඳු බව (සුප්පියා නම් උපසිකවකගේ) මේ කරුණ නිසා කිසිලෙසකත් මිනිමස් ආහාරයට ගැනීම තහනම් කර ඇත, එසේම එම පාලියේම සඳහන් පරිදි එක්තරා භික්ෂුවකටඅමනුෂ්‍ය දෝෂයක් නිසා එම භික්ෂුව ඌරු ලේ හා අමු මස් අනුභව කර ඇති බව සඳහන්ය, නමුත් මෙහිදී මෙය අමුනුෂ්‍ය රෝගය හේතුවෙන් වූ නිසා බුදුරජාණන් වහන්සේ එය අනුමත කර ඇත.

    විශේෂයෙන් කිවයුතු දෙයක් නම් බුදුරජාණන් වහන්සේ අනවශ්‍ය තැනදී අනවශ්‍යලෙස නීති පැනවීම නොකළේය. පළමුවන නිතිය භික්ෂුන් උදෙසා පනවන ලද්දේ බුද්ධත්වයෙන් අවුරුදු 24 ක් පමණ ඉක්මූ විටදී බව සඳහන්. එසේම විවිධ හේතු නිසා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථා වල විවිධ මස් ආහාරයට ගැනීම තහනම් කර ඇත. ඒවා නම්,
    මිනී මස්, අලි මස්, අශ්ව මස්, බලු මස්, සර්ප මස්, සිංහ මස්, ව්‍යග්‍ර මස්, දිවි මස්, වලස් මස්, කරබානා වලස් මස් විශේෂය.

    මජ්ඣිම නිකායේ ජිවක සුත්‍රයේ සඳහන් පරිධි බුදුන් ත්‍රිකෝටික පරිශුධ්ද මාංශ අනුමත කර ඇති බව පෙනේ. එනම් අදිට්ඨ - නොදක්නා ලද්දේ වේ, අසුත - නො අසනා ලද්දේ වේ, අපරිසන්කිත - සැක නොකරන ලද්දේ වේ. (තමා සඳහා නොමරනා ලද්දේ නම්)(මේ කාරණා අනුව ගත් කල යමෙකු හලාල් මස් අනුභව කරනවා නම් එය ප්‍රාණඝාත අකුසලය කරගත්තා වෙනවා. ඒ හේතුව තමයි 'සහබ්' පිළිවෙතින් සතුන් මරන්නේ "හලාල් මස" අනුභව කරන්නවුන් උදෙසා ය. එම නිසා හලාල් මස් හොයා හොයා ගන්න කෙනෙකු ප්‍රාණඝාත අකුසලයට දායක වේ.)

    නමුත් බුදුරජාණන් වහන්සේ ආහාර ගත්තේ රස බැලීමටවත් කුස පුරවා ගැනීමටත් නොවේ. හුදෙක් අස්තිරවූ ශරීරයේ තාවකාලික පැවැත්ම සඳහාය. හැබැයි ත්‍රිපිටකයේ කොහෙවත් සඳහන් වෙලා නෑ මස් කෑ යුතුයි කියල. තීරණය ඔබට බාරයි. මෙයින් කිසිලෙසකවත් කියවෙන්නේ නැහැ බුදු දහමෙන් සත්ව ඝාතනය සාධාරණී කරණය කළා කියලවත් මස් කෑම අනුමත කළා කියලවත්. හැම දේම මධ්‍යම ප්‍රතිපදාව මත රඳා පවතිනවා. තව විශේෂ දෙයක් තියනවා, එනම් සුත්ත නිපාතය - බ්‍රාහ්මණ දම්මික සුත්‍රයේ දක්වා තිබෙනවා ඝව ඝාතනය කෙතරම් විශාල පාප කර්මයක්ද යන වගත් දෙවියන් මේ ගැන කෙතරම් නොසතුටින් සිටිනවාද යන වගත් (දෙවියන් උදෙසා කරන බිලි පුජා නිසා) (මේ හේතුව නිසා පසු කලෙක හින්දු ආගමේ ඝව ඝාතනය පිළිකුල් කරා කියල හිතන්නත් පුළුවන්.).

    ඉහත කරුණු සියල්ලක්ම ගෙන දැක්වුයේ ත්‍රිපිටකය ආශ්‍රයෙනි. ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඩ වෙන්නේ ක්‍රිස්තුවර්ෂ 80 දී පමණ.(වළගම්භා රජු සමයේ) පසු කලෙකදී මේ කරුණු අන්තර්ගත උනා කියන්නත් අමාරුයි. රහතන් වහන්සේලා මතකයෙන් රැගෙන ආ ධර්මය තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. ඒ නිසා බොරු කියන්නත් බැහැ.:dull::dull::dull:

    ආපහු කියනවා...බනින්න එපෝ... බුදු දහමට නිගරු කරන අරමුණින් නෙවෙයි මේ දේවල් දැම්මේ. අපි හැමෝම නිවැරදි ධර්මය දන්නවා නම් හම්බයන්ට ඇප නැති වෙන්න ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන්.

    මෙන්න මේ පොත් කියවන්න ඉඩ තියෙන වෙලාවක. මමත් නිකම් ඉන්න වෙලාවට කියවනවා.

    http://www.scribd.com/collections/2569626/Rerukane-Chandawimala-Maha-Thero-Dhamma-Books-Collection
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මගේ තව ඉල්ලීමක් තියනවා. ඒ තමයි සාමාන්‍ය තේරුම් ගැනීමේ හැකියාවක් නැති අයට මේ දේවල් කියන්න යන්න එපා මචංලා, මොකද ඒ අය මේ ධර්ම කරුණු වැරදි විදියකට බලල බුදු දහම ගැන වැරදි අදහසක් ගන්න ඉඩ තියනවා. එකයි දැන් කාලේ හාමුදුරුවරු පවා මේ ගැන ධර්ම දේශනා වලට ගන්නේ නැත්තේ.:no::no::no::no::no::no:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ මචන් මාංශ අනුභවයෙන් පව් සිද්ද වෙන්නේ නෑ. දැන් උඹම කියනවනේ ප්‍රාණ ඝාත අකුසලයක් වෙනඩ කාරනා 5 ක් වෙනඩ ඕනේ කියලා. ඒක හරියටම හරි. ඉතින් බන් මස් කෑමෙන් ඔය කාරනා එකක්වත් සම්පූර්ණ වෙන්නේ නෑනේ.
    එක සූත්‍රයක් තියෙනවා ආමගන්ඩ සුත්‍රය කියලා. බුදුන් වහන්සේ මාංශ වළදනවද බලාගෙන හිටපු නිර්මාංශ එක බමුනක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ ආමගන්දය(පිලිහුඩු) වළදනවද කියලා.උන්වහන්සේ බමුණ නියම ආමගන්දය කියන්නේ මේවාට නොවන බව දේශනා කරනවා.
    තවත් විනය නීතියක් තියෙනවා භික්ෂූන් වහන්සේලාට , ඒ තමය් දානයකට වැඩම කරන විට එහි මාංශ ඇත්නම් මේ මස් මං සඳහාම මරණ ලද සතෙකුගේ බවට හිතේ සැකයක් ඇති නොවේ නම් ඒවා වැළඳීම කැප බවට.
    හැබය් මාංශ වුනත් අදික ගිජු කමින් වළදනවා නම් තෘෂ්ණාව වැඩී සංසර ගමන දිගු වෙන එක ගැන නම් කතාවක් නෑ.
    ඒ වුනත් මාංශ අනුභවය අඩු කිරීම ඉතාමත් හොඳය්.මොකද සත්වයෙකුගේ ප්‍රාණයක් බේරෙන්ඩ එකෙන් උදව්වක් ලැබෙන නිසා.හොඳම දේ තමය් මස් මාළු ගෙදරට ගෙනල්ල උයාගෙන කන්ඩ එපා . මගුල් ගෙදරකදී , office eke යාලුවෙකුගේ කෑම එකක තිබ්බොත් හරි කන්ඩ..

    වැඩකරන තැන යාලුවෙකුගේ බත් එකෙන් අරන් කෑවොත් විතරක් පවක් සිද්දවෙන එකක් නැහැ. එත් හැමදාම පුරුද්දට වගේ හැමදාම යාළුවගේ කෑම එකෙන් කනවනම් යාළුවා මස් හෝ මාළු ටිකක් වැඩිපුර ගේනවා අනිකටත් දෙන්න ඕන හින්ද. එතකොට පවෙන් පොඩි කොටසක් අයිති වෙයි. මගුල් ගෙදරදිනම් පව් ටිකක් වැඩියෙන් අයිති වෙනවා. මොකද මගුල් ගෙදරක් කරනකොට අමුත්තන් ලයිස්තුවේ ඉන්න අමුත්තන් ගානට තමයි මස් ගේන්නේ. ඒ මස් බහුතරයක් උදවිය ගන්නේ මස් මරණ තැනට ඕඩර් එක දීලයි. මොකද එහෙම ගත්තම මිල ටිකක් අඩු හින්ද. එතකොට ඒ සත්තු සියල්ලම මැරෙන්නේ මගුල් ගෙදර අමුත්තන් වෙනුවෙන්. එතකොට පව් වැඩියි මගේ අදහසේ හැටියටනම්.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    වැඩකරන තැන යාලුවෙකුගේ බත් එකෙන් අරන් කෑවොත් විතරක් පවක් සිද්දවෙන එකක් නැහැ. එත් හැමදාම පුරුද්දට වගේ හැමදාම යාළුවගේ කෑම එකෙන් කනවනම් යාළුවා මස් හෝ මාළු ටිකක් වැඩිපුර ගේනවා අනිකටත් දෙන්න ඕන හින්ද. එතකොට පවෙන් පොඩි කොටසක් අයිති වෙයි. මගුල් ගෙදරදිනම් පව් ටිකක් වැඩියෙන් අයිති වෙනවා. මොකද මගුල් ගෙදරක් කරනකොට අමුත්තන් ලයිස්තුවේ ඉන්න අමුත්තන් ගානට තමයි මස් ගේන්නේ. ඒ මස් බහුතරයක් උදවිය ගන්නේ මස් මරණ තැනට ඕඩර් එක දීලයි. මොකද එහෙම ගත්තම මිල ටිකක් අඩු හින්ද. එතකොට ඒ සත්තු සියල්ලම මැරෙන්නේ මගුල් ගෙදර අමුත්තන් වෙනුවෙන්. එතකොට පව් වැඩියි මගේ අදහසේ හැටියටනම්.


    මෙහමයි මචන්ලා අපි මාංශ අනුභවයෙන් වලකින්ද ඕනේ පවු ද නැද්ද කියලා බලල නෙමයි. දේශනාවක තියෙනවා තමන් උපමා කර අන් අයත් ගැන හිතන්ඩ කියලා. තමන් මරල කඩේ කොකු වල ගහල විකුණනවට අපි කව්ද කැමති. අන්න ඒ වගේ අසරණ සත්තු ගැනත් හිතන කෙනාට මාංශ භාක්ෂණයෙන් වලකින්ද පුළුවන්. හැබැයි එකෙන් කියවෙන්නේ නෑ මස් අනුභවයෙන් පමණක් පව් සිද්ද වෙන බවට . ප්‍රාණඝාත අකුසලයට වැටෙන්නේ නැත්තනම් පවක් සිද්ද වෙන්නේ නෑ. අර කලින් කිව්වා වගේ අමගන්ඩ සුත්‍රය, දේවදත්තගේ පංච අකැප වස්තු ,වගේ අවස්ථා ගොඩක් තියෙනවා මස් අනුභවය ගැන සදහන් වෙන. නියම බෞද්ධයාට සියලුම අහර තමන්ගේ ශරීරය පවත්වාගෙන යන්ඩ ඕනේ දෙයක් මිස රස නහර ආදී පංච ඉන්ද්‍රියන් පින්වන්ඩ අවශ්‍ය කරන දෙයක් නෙමෙයි.අපි එතැනට එන්නේ නැතුව මග ඉඳගෙන තර්ක විතර්ක කරනවා මස් මාළු එළවලු නොයෙක් දෙවල් ගැන.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ හුඟක් බෞද්ධ උදවියට වරදින තැනක් තමයි "තමුන් වෙනුවෙන් නොමැරු " සතෙකුගේ මස් අනුභවයෙන් පවක් සිද්දවෙන්නේ නැහැ කියන කරුණ වැරදියට තේරුම් ගැනීම. මෙන්න මේ කියන කරුණට අදාල පවෙන් අපිට ගැලවෙන්න පුළුවන් වෙන්නේ මහා පාරේ වාහනේකට හැප්පිලා මැරිලා ඉන්න සතෙකුගේ මස් කෑවොත් සහ ස්භාවික මරණයකට ගොදුරු උන සතෙකුගේ මස් කෑවොත් විතරයි සහෝදරවරුනි . රැකියාවට සත්තු මරණ මිනිස්සු සත්තු මරන්නේ අපිට කන්න තමයි. ඒ හින්ද කඩෙන් කුකුලෙක් ගත්තාම මස් මරණ එකා කරගත්තු පවෙන් කොටසක් අපිටත් අයිතියි.
    අනික් වංචාසහගත කාරණය නම් මෙය හුදෙක් ආහාරයක් පමණයි කියල හිතාගෙන කෑවම පවක් සිද්ද වෙන්නේ නැහැ කියන එක. එහෙම පව් සිද්ද වෙන්නේ නැහැ රහතුන්වහන්සේලට. මොකද එතුමන්ලා රස තෘෂ්ණාව නැති කරලා තියෙන්නේ. මෙය හුදෙක් ආහාරයක් පමණයි කියල හිතාගෙන මස් කන එවුන්ගෙන් 99.99% ක් මිනිස්සු ඒ මාංශ රසය දිවෙන් විඳිනවා. ඒ රසයට ආශා කරන නිසා තමයි කන්නේ. ඒ රසයට ආශාවක් නැත්තම් බත් පින්ගානේ තියන මස් ටික අයින් කරලා අනික් දේවල් එක්ක කන්න පුළුවන් වෙන්න ඕන . මෙය හුදෙක් ආහාරයක් පමණයි කියල වළඳන්න පුළුවන් වෙන කන්න දෙයක් නැතිමනම් මේ මාංශයෙන් රසයක් විඳින්නේ නැතිනම් හුදෙක් ශරීරයේ පැවැත්ම උදෙසා පමනක් මේ ආහාරය ගන්නවානම් විතරක් පවක් සිද්දවෙන එකක් නැහැ.

    අනික් කාරනාව බුදුන් වහන්සේ දේශනා කරේ ත්‍රිකෝටි පාරිශුද්ද මාංශයක් ගැන මොකක් හින්දද කියල හිතල බලන්න. භුක්ෂුන් වහන්සේලා පින්ඩපාතිකයි . ඒ කියන්නේ අපි දෙන දෙය ඕන එතුමන්ලා වළඳන්න. ඉතින් දවසට ලැබෙන එකම ආහාරවේල ශරීරයේ පැවැත්ම වෙනුවෙන් වළඳන්න සිද්ද වෙනවා. ඒ හින්ද තමයි ත්‍රිකෝටි පාරිශුද්ද මාංශයක් විතරක් වළඳන්න කියල දේශනා කරේ.

    රස්සාවක් කරලා සල්ලි හම්බුකරන අපිට මේ ත්‍රිකෝටි පාරිශුද්ද මාංශය කතාව අදාළ වෙයිද කියල හිතල බලන්න. අපිට සල්ලි දීල ගන්න ඕනෑතරම් ආහාර මේ ලෝකේ තියනවා නේද? ඉතින් අයි අපි සතෙකුගේ මරණයේ වේදනාව ජීවිතයේ අහිමිවීම අපේ ශරීරයේ පැවැත්ම වෙනුවෙන් වාසියක් කරගන්නේ? අපේ දිවේ රසය වෙනුවෙන් වාසියක් කරගන්නේ.

    මම නිර්මාංශ වෙලා මේ 8 වෙනි අවුරුද්ද. මට මේ ලෝකේ කන්න ඕනෑතරම් ආහාර වර්ග තියනවා සතුන්ගේ මස් කන්නේ නැතුව.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙතන උඹ කියන තර්කෙට එකග වෙන්ඩ බැ මචන්. උඹ කියන විදිහට කන මිනිස්සු වෙනුවෙන් සත්තු මරනව නේ එක රැකියාව කරගත්ත මිනිස්සු . එතකොට ඒවා කන කොටත් පව් පිරෙනවනෙ උඹ කියන විදිහට. එහෙමනම් මම සාමන්යෙන් මස් කන කෙනෙක් කියලා සිතමු හැබැයි මගේ බඩේ අමාරුවක් නිසා මට දවස් දෙකක් මස් කන්ඩ බැරි වෙනවා එතකොටත් මස් කෑවා නොකෑවා කියලා නැ පව් පිරෙන්ඩ ඕනේ.අයි මම එකදවසක් නොකැවට අර මනුස්සයෝ මස් කන ජනතාව වෙනුවෙන් සත්තු මරලානේ .උඹ කියන විදිහට අපි අනුබල දීලා ඉවරයි නේ අද නොකෑවට.
    එහෙම වෙන්නේ නෑ මචන් ප්‍රාණගාත අකුසලය එහෙම සිද්ද වෙන්නේ නෑ. අපි මස් මඩුවකට ගිහින් ඇනවුමක් දීම වගේ අවසථා වලදී නම් අපිට චේතනාවක් පහල වෙනඩ පුලුවන් සතෙක් මරනු කැමති සහ උන්ගේ මරණය ප්රාර්තනා කිරීමක් වගේ. එහම නැතුව මිට මාස ගානකට කලින් මරපු සැමන් ටින් එකෙක මාලුවෙක් කෑවත් උඹ ඔය කියන විදිහට පව් සිද්ද වෙනඩ ඕනේ.
    මස් විතරක් නෙමෙයි මොනදේ රස තෘෂ්ණාවෙන් කෑවත් කෙලෙස් වැඩෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.
    හැබැයි මචන් මම කොතනකවත් මාංස අනුභවය අගය කරන්නේ නෑ. සියල්ලන් මස් අනුභව නොකර සිටියොත් මස් වෙළඳාම් කරන උන්ගේ වෙලදාම් නැතිව ගොස් සත්ව ජීවිත බේරෙන බවට තර්කයක් නෑ. එක ඉතාම උතුම් ක්‍රියාවක් .නමුත් අප ඒ තත්වයට පත් විය යුත්තේ බොරුවට සාදා ගත පවට ඇති බිය නිසා නොව සත්ව කරුණාව දයාව පෙරදැරි කරගෙනයි .
    උඹ මස් නොකන එක ඉතාම උතුම් වැඩක් නමුත් මෙය දෘෂ්ටියක් ලෙස දැඩිව අල්ල ගැනීම නම් භයානකයි .මෙන්න මේ පිටුව බලන්ඩ

    42699Screenshot.png
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බුද්ධාගම කියන්නේ නීති නැති කැමති කෙනෙකුට ඉගෙනගෙන ඒ අනුව හැසිරෙන්න පුළුවන් ආගමක් එහෙමත් නැතිනම් තියරියක්. ඒ නිසා ඇත්තටම ඕනිම ආගමක කෙනෙකුට එක පිළිපදින්න පුළුවන්.

    ඒ තියරියට අනුව මස් මාළු අනුභවය පවක් වේ (අපි සාමාන්යෙන් කරන විදිහ අනුව)
    මොකද අපි එක අසාවෙන් කන්නේ කලින්ම දැනගෙන. කෙලින්ම හෝ වක්‍රව අපි වෙනුවෙන් සතෙක් මැරිලා.

    ආ මම නම් මස් මාළු කන කෙනෙක්