අප්පෝ ඔක පරණ කඩයක් සහෝ,ඔකේ අයිතිකාරයෝ අපේ යාළුවෝ,ගෙදරත් එනවා,එත් දැන් එයාල නෙමෙයි ඔක කරන්නෙ,බදු දිලා තියෙන්නෙ,තව කඩයක් ඔය කිට්ටුවෙන්ම එයාලට තියනවා.එයාලගේ සියා එකාලේ හිටපු හොඳ සල්ලි කාරයෙක්.නුවර ටවුමේ කඩ කිහිපයක්ම තිබ්බ.

සිංහලකම විකිණීම™
එහෙමම කියන්නත් එපා .
මුස්ලිම් බහුතරයක් ඉන්න තැනක ඔහොම නමක් ගෙන ලෑල්ලක් වත් දාන්න හම්බ වෙන්නේ නැහැ
තව ඉස්සරහට බලන්නකෝ. කොටුව,තිහාරිය,දෙහිවල (වෛද්‍ය පාර) , කන්තක්කුදී , මඩකලපු ටවුන් එක .... ඕවගේ ඔහොම නමක් ගෙන කඩ දැම්මොත් ගුටි තම හම්බ වෙන්නේ
මට මතක හැටියට මුලින්ම රස්සාවට ගියකාලේ ඒ කියන්නෙ අවරුදු 26කට විතර කලින් (80 දශකයේ අග භාගේ) කඩේකින් බත් වේලක් කන්න හිතුනාම කෑවේ සිංහල ජාතික හෝටලෙන් තමයි. මම හිතන්නේ ඒ කාලේ රු.15 -20 අතරේ ගානක් තමා ගියේ මාලු සමග බත් කන්න. ඒ කාලේ නම් කෑම රසට පිරිසිදුවට තිබුණා.