කලා වැවේ දිය රැල්ලක් වේවා
අවුකන සිවුරේ බුදුරැස් ලෙලදෙන
මහ මළුවේ සුදු වැලි කැට වේවා
මහරහතුන් සිරිපා යුග දැවටෙන
මින්නේරිය මහ වාපිය වේවා
අස්වද්දන්නට කෙත්වතු යායම
ස්වර්ණමාලි මහ චේතිය වේවා
උතුම් බුද්ධ බල දරා සිටින්නට
විජිතපුරේ ජය සක් හඬ වේවා
සතුරන් ඔද තෙද නසා දමන්නට
මරණින් මතු යලි යලි ඉපදේවා
සිංහල දෙරණේ නිවන් දකින්නට!