මහා_කාශ්‍යප_රහතන්_වහන්සේ
දැක්කේ විකියේ. හොඳයි කියල හිතුනු හින්දා එලකිරියේ දැම්මා
ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෘතීය ශ්‍රාවක ලෙස හැඳින්වෙන මහා කාශ්‍යප රහතන් වහන්සේ ධූතවාදීන් අතරින් අග්‍රස්ථානය (අල්පේච්ඡ දිවියක් ගත කරන වුන් අතරෙන් අග්‍රස්ථානය ) දැරීය.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක් පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හතක් උන්වහන්සේටද පිහිටා තිබුණි. එසේම උන්වහන්සේ රූපයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට බෝහෝ සෙයින් සමාන විය. එබැවින් සමහර අවස්ථාවන්හි දී ජනයා බුදුරජාණන් වහන්සේ යැයි වරදවා වටහාගෙන උන්වහන්සේට දන් පිළිගැන්වූ අවස්ථා තිබුණි
අතීත ප්‍රාර්ථනාව
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ විය. උන්වහන්සේ එකල හංසවතී නගරය මූලික කරගනිමින් ධර්ම ප්‍රචාරයෙහි යෙදුනි. එකල ඒ නගරයෙහි අසූ කෝටීයක් ධනය ඇති වේදේහ නම් කෙළෙඹියෙක් වාසය කළේය. දිනක් ඔහු සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේට වන්දනා කර පසෙකින් වාඩි විය. ඒ මොහොතෙහි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ තෘතීය ශ්‍රාවක මහානිසභ තෙරුන් වහන්සේ ධූතවාදීන් අතරින් අග්‍රස්ථානයේ තබන ලදී.
"එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ධූතවාදානං යදිදං නිසභො"
වේදේහ නම් වූ උපාසක එය දැක ධර්ම දේශනාව අවසානයේදී බුදුරජාණන් වහන්සේට පසු දින දනට වඩින ලෙස ආරධනා කළේය. එවිට බුදුරජාණන් වහන්සේ "උපාසකය භික්ෂුසංඝයා බොහෝ වෙතියි" වදාළහ.
"ස්වාමීනී භික්ෂූන් වහන්සේලා කොපමණක්ද ?"
"උපාසකය, ගණනින් නම් සැට අට දහසක් වන්නේය"
"ස්වාමීනී, එසේ වී නම් එකඳු වූ සාමණේර නමක්වත් පන්සලේ ඉතිරි නොකොට සියලුම දෙනා සමඟ වැඩම කර මාගේ දන් පිළිගන්නා සේකවා" යැයි නැවතත් ආරධනා කරන ලදී.
එකල්හි බුදුරජාණන් වහන්සේ දන් ඇරයුම පිළිගෙන ඉවසා වදාල සේක.
පසු දින කෙළෙඹි පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට මහත් වූ දානයක් පිළියෙල කරවා දන් පිළිගැන්වීම සඳහා නියමිත කාලය පැමිණි කල්හී ඒ බව බුදුරජාණන් වහන්සේට සැලකර යැවුයේය.
බුදුරජාණන් වහන්සේ ඇරයුම පිළිගෙන සංඝ සමූහය පිරිවරා ගෙන ඔහුගේ නිවසට වැඩම කර අසුනේ වැඩ සිටින විට, මහානිසභ තෙරුන් වහන්සේ පිඬු පිණිස ඒ වීදියට වැඩියේය. උපාසක තෙමේද උන්වහන්සේ දැක හුනස්නෙන් නැඟිට ගොස් තෙරුන් වහන්සේගේ පාත්‍රය රැගෙන, උන්වහන්සේගේ ශාස්තෲ වූබුදුරජාණන් වහන්සේ ගෙය තුල වැඩ සිටිනා බව දන්වා නිවසට වඩිනා ලෙසට ආරාධනා කළේය. එවිට මහානිසභ තෙරුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළේය. එකල්හි උපාසක තෙමේ තෙරුන් වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවා ගෙන ගොස් පිළිගැන්වීය.
ඉන්පසු උපාසකතුමා බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් සිදුවූ සියල්ල පවසා, "ස්වාමිනී, කිමෙක්ද, ඒ තෙරුන් වහන්සේට නුඹවහන්සේටද වඩා වැඩි වූ ගුණ ඇත්තෝදැයි" විමසීය.
එකල්හි බුදුරජාණන් වහන්සේ "එසේය උපාසකය, අනුන් විසින් පිළිගන්වන දන් බලාපොරොත්තුවෙන් අපි අනුන්ගේ ගෙවල් වලට වී සිටින්නෙමු. ඒ භික්ෂුව එසේ නොහිඳින්නේය. අපි ග්‍රාමන්ත සේනාසන වල වෙසෙමුය. ඒ භික්ෂුව ආරණ්‍යයෙහිම වෙන්සෙන්නේයැයි" පවසමින් මහානිසභ තෙරුන් වහන්සේගේ ගුණ අඩුවක් නොවන පරිද්දෙන්ම වර්ණනා කළ සේක.
මහානිසභ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටි ඒ උපාසක තෙමේ බුදුරජාණන් වහන්සේගේ බස් අසා උන්වහන්සේ කෙරෙහි මහත් වූ පැහැදීමක් ඇතිකර ගත්තේය. ඉන්පසු "මටද අන් කිසිම සැපතකින් පලක් නැත.මමද අනාගතයේ බුදු සස්නක ධූතවාදීන් අතරින් අග්‍ර වෙමි" යි සිතා නැවතත් බුදුරජාණන් වහන්සේට දන් පිණිස ආරාධනා කර සත්දිනක්ම බුදුපාමොක් මහ සඟනට මහත් වූ ශ්‍රද්ධාවෙන් දන් පිළියෙල කර පිළිගැන්වීය.
සත්වන දින අවසානයේ බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට සිවුරු ආදිය පුදා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රාර්ථනා කරන්නාහු, "ස්වාමීනී, සත්දිනක් දන් දීමෙන් මා කරගත්තා වූ කුශල කර්මය හේතුවෙන් මට දිව්‍ය සම්පත්තියක් හෝ ශක්‍ර-බ්‍රහ්ම සම්පත්තියක් නොපතමි. මතුයම් බුදු සස්නක මහානිසභ තෙරුන් වහන්සේ පත් තැනට පත්වීමට හේතු වාසනා වේවායි" පැවසීය.
එකල්හි බුදුරජාණන් වහන්සේ මේ උපාසක තෙමේ මහත් වූ තනතුරක් පතන්නේයැයි සිතා අනාගතය බලා, "උපාසක, ඔබ විසින් මහත් වූ තනතුරක් පැතුවේය. අනාගතයේ කල්ප ලක්ෂයකින් පසු ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ නමක් පහල වන්නේය. ඔබ මහා කාශ්‍යප නමින් ඒ බුදුරජාණන් වහන්සේගේ තෘතීය ශ්රාවකයා වන්නේ " යැයි වදාළ සේක. එවිට වේදේහ කෙළෙඹි පුත්‍රයා "බුදු කෙනෙකුන්ගේ ප්‍රකාශයක් නම් නොවරදින සුළුය" සිතා ඉමහත් වූ ප්‍රීතියට පැමිණ ඉන්පසුද බොහෝ දානාදී පින්කම් කර මරණින් පසු දෙව්ලොව උපත ලැබීය.
ඒකශාටක බමුණු චරිතය
පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දන් පිළිගැන්වීමේ පිනෙන් ඔහු දීර්ඝ කාලයක් දෙව්මිනිස් සුගතියෙහි උපත ලබා , මීට කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේ බන්ධුමතී නගරය කේන්ද්‍ර කර ගනිමින් ධර්ම ප්‍රචාරය කරන කල්හි දෙව්ලොවින් චුතව විත් දුප්පත් වූ බමුණු ගෙයක උපත ලැබීය.
විපස්සී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ සත්වසරකට වර බැගිනි. ධර්ම දේශනා කරන දින ළංවන කල්හි දෙවියෝ ඒ බව දඹදිව මුළුල්ලේ පතල කරති. එවිට මහත් වූ සෙනඟ දහම් ඇසීමට යති. මේ ආරංචිය දුප්පත් වූ බමුණාටද ඇසිණි. නමුත් ඔහුට තිබුනේ එක් වස්ත්‍රයක් පමණි. ඒ නිසා ඔහුට ඒක ශාටක බ්රාහ්මණයැයි කියති. ඔහුගේ භාර්යාවටද තිබුණේ එක් වස්ත්‍රයක් පමණි. එසේම ඔවුන් දෙදනාටම පෙරවීමට තිබුණේද එක වස්ත්‍රයක් පමණි. එම නිසා ඔවුන් දෙදනාටම එකවර දහම් දේශානාවට සවන් දීමට එලියට යා නොහැකිව තිබුණි.
ධර්ම දේශනා කරන දිනය ආ කල්හි, බමුණා බැමිණිය විචාරා ඇය දහවල් කාලයේ දහම් ඇසීමට යන බව දැන ඇයට පෙරවාගෙන යාම සඳහා සළුව දුනි. ඉන්පසු ඇය ආ කල්හි බමුණා රාත්‍රී කාලයේ එම සළුවම පොරවා ගෙන දහම් ඇසීමට ගියේය.
එසමයෙහි, විපස්සී බුදුරජාණන් වහන්සේ මහ පිරිස් මැද අතිමධුර වූ බ්‍රහ්මස්වරයෙන් ඉතා මිහිරි කොට දහම් දෙසන සේක. පිරිස් කෙළවර හිඳ දහම් අසන ඒකශාටක බ්‍රහ්මණ තෙමේට ප්‍රථම යාමේයේදීම මහත් වූ ප්‍රීතියක් ඇති විය.
එම මහත් වූ ප්‍රීතිය හේතුවෙන් ඔහුට තමා පොරවා සිටින වස්ත්‍රයෙන් විපස්සී බුදුරජාණන් වහන්සේ පුදන්නට ඔහුට සිතුණි. එකල්හි, " අප දෙදනාටම එලියට පොරවා ගෙන යෑමට ඇත්තේ මේ වස්ත්‍රය පමණි. මෙය දුනහොත් අපට ගෙයි සිටින්නටම වෙතියි සිතා මහත්හ් වූ මසුරු කමක් ඇති කර ගත්තේය.
නැවතත් සිත එක්තැන් කරගෙන බණ අසන ඒකශාටක බමුණු තෙමේට මධ්‍යම රාත්රියේදී නැවතත් ශරීරය පිණා යන තරමේ ප්‍රීතියක් දැණුනි. වස්ත්‍රය පූජා කරන්නට සිතුණත් පූජා කිරීමෙන් පසු සිදුවන අපහසුකම් ගැන සිතා වස්ත්‍රය නොදෙන්නට තීරණය කර ගත්තේය. පශ්චිම යාමේයේදී නැවතත් වස්ත්‍රය පුදන්නට තරම් ප්‍රීතියක් උපන් අතර "පසුව කුමක් වුවත් මම මුන්වහන්සේට මේ වස්ත්‍රය පූජා කරමියි" සිතා හැඳ සිටි වස්ත්‍රය හකුලා බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල තැබීය. එයින් බමුණු තෙමේගේ ප්‍රීතිය සිය දහස් ගුණයකින් වැඩි විය. වඩාත් වූ ප්‍රීතිය ඇත්තා වූ බමුණු තෙමේගේ මුවින් "මා දිනුවා, මා දිනුවා" යැයි ඉබේම කියවිණි.
එකල්හි රාජ්‍යය කරවන බන්ධුම රජතුමාද එහි විත් දහම් අසමින් සිටියේය. "මා දිනුවා" යැයි හඬ ඇසී ඒ පිළිබඳව විමසීමට රජතුමා පුරුෂයෙකු යැවීය. රාජපුරුෂයා ගොස් ඒකශාටක බමුණා විමසන්නාහු, "රාජපුරුෂය, අන්‍යයන් කඩු දුනු ආදිය ගෙන යුද කොට පර සේනාවන් දිනන්නාහ. එය මහත් වූ දෙයක් නොවේ. නමුත් මම පසුපසින් එන කුළුගොනකු පොල්ලකින් ගසා එලවන්නාක් මෙන් මාගේ මසුරු සිත මැඩ පවත්වා හැඳ සිටි එකම වස්ත්‍රය බුදුරජාණන් වහන්සේට පූජා කලෙමියි" පැවසීය.
රාජපුරුෂ තෙමේ නැවත පැමිණ ඒ කරුණ රජතුමාට දැන්වීය. රජතුමා සිතන්නාහු, "පූජාවක් කල යුතු බව අපිට නොතෙරුණේය. නමුත් බමුණාට වැටහුනේයැයි" කියා වඩාත් සතුටු වී බමුණාට සළු යුවලක්ම යැවීය. බමුණා එය පිළිගෙන "මේ සියල්ල මට ලැබුනේ බුදුරදුන්ගේ ගුණ කීම නිසාය, මේ වස්ත්‍ර ජෝඩුවද මම තථාගතයන් වහන්සේටම පුදමි" යි සිතා එම වස්ත්‍ර යුවල බුදුරදුන්ට පිදීය.
රජතුමා රාජ්පුරුෂයා විමසන්නාහු, බමුණා ඒ වස්ත්‍ර යුවලද බුදුරජුන්ට පූජා කල බව දැන නැවත සළු හතරක් යැවීය. බමුණා ඒ සළු හතරද බුදුරජාණන්ට පිදීය. රජතුමා ඒ බවද දැනගෙන නැවත සළු දෙගුණ කොට යැවීය. බමුණු තෙමේ සළු බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේද, රජතුමා නැවත නැවතත් සළු දෙගුණ කොට යැවීය. අවසන රජතුමා සළු තිස්දෙකක් එවූ කල්හි බමුණා "මෙලෙස වස්ත්‍ර පිදීම වැඩි කොට ගැනීමක් වැනිය" සිතා තමන්ට හා බැමිණියට සළු දෙකක් ඉතිරි කර අනෙක්වා සියල්ල බුදුරජාණන් වහන්සේට පූජාකලේය.
ඉන්පසු දිනක් ඒකශාටක බමුණා ශීතකාලයේ බුදුරදුන්ගෙන් දහම් අසනු රජතුමා දැක, තමන් පොරවා සිටි ලක්ෂයක් වටිනා කම්බිලිය ඒකශාටක බමුණාට දී "මෙය හැඳ දහම් අසන්නැයි" පැවසීය. බමුණා නැවත් එය බුදුරජාණන් වහන්සේට පූජා කර යන්න ගියේය.
එක් දවසක රජතුමා බුදුරදුන් හමුවට ගොස් ගඳකිළිය තුල බුදුරදුන් සමීපයෙහි හිඳ සිටියේය. එකල්හි තථාගත ශරීරයෙන් විහිදෙන ෂට් වර්ණ රශ්මීන් වැදී කම්බිලිය දිලිසෙමින් තිබුනි. රජු ඒ දැක බුදුරදුන්ගේන් කම්බිලිය පිළිබඳ විමසීය. එකල්හි බුදුරජාණන් වහන්සේ "මහරජ, ඔබ විසින් කම්බිලිය බ්‍රාහ්මණයාට පුදන ලද්දේද, ඔහු විසින් නැවත අපහට එය පූජා කරන ලද්දේයැ"යි වදාලහ.
එකල්හි රජතුමා, "මේ බමුණා අපට වඩා හොඳින් යුතුකම් දන්නේයැයි" සිතා ඔහු කෙරෙහි වඩාත් පැහැදී මනුෂ්‍යයන්ට ප්‍රයෝජනවත් යම් දෙයක් වේද එයින් අට බැගින් ගෙන ඔහුට සබ්බට්ඨක දානයක් දී පුරෝහිත තනතුරට පත් කර ගත්තේය.
මහත් වූ සැප සම්පත්තියක් ලැබුවා වූ ඒකශාටක බමුණු තෙමේ වඩ වඩාත් දානාදී පින්කම් කර ආයු කෙළවර නැවත දෙව්ලොව උපන්නේය.

Last edited: