මහින්දගේ_කාලේ_කොටි_සැමරුවේ_මෙහෙමයි

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
Dilwale ta gewanne thread walata witharai lu. Reply karanawata gewanne naha lu.

මහින්ද කොරපු දේවල් කොරන්නද බන් යහපාලනේ ආවෙ, ඒව නවත්තන්න නේ, හහ්.... මේකද බන් සන්හිඳියාව.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ~ යුද්ධය, එල්.ටී.ටී.ඊ ය හා අද උතුරේ ඇත්ත කතාව ~

    තමා විසින් යුද්ධය දිනුවායයි කෙතරම් පුරසාරම් දෙඩුවත්, යුද්ධයෙන් වසර ගණනාවකට පසුවත් උතුර නිසිලෙස ආරක්ෂා කරගැනීමට මහින්ද රාජපක්ෂට හැකිවුයේ නැත. දෙදහස් දෙකේ සාම සාකජ්ජා වලින් පසු කරුණා හරහා මුළු නැගෙනහිරම කොටුකර ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකිවීමත්, අත්දැකීම් හා සාර්ථක යුධ උපක්‍රම හරහා එල්.ටී.ටී.ඊ ය බිඳ දැමීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාපති වරුන්ට හැකිවීමත්, තම ජීවිතය නොතකා බිම් මට්ටමේ යුධ වැදුණු රණවිරුවන්ගේ කැපවීමත් නොතිබෙන්නට යුධ ජයග්‍රහණ සිහිනයක් වන්නට ඉඩ තිබුණි.

    මෙසේ ජීවිත පරිත්‍යාගයෙන් දිනු යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ සිදුකලේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා සිරගත කොට, රණවිරුවන් කානු සුද්ධ කිරීමට දමා යුද්ධයෙන් සීරීම් තුවාලයක් හෝ නොවුණු තමා හා ගෝටාභය රාජපක්ෂ වෙත යුධ ජයග්‍රහණය ආරුඩ කරගැනීමයි. තවද දළදා මාලිගාවේ බෝම්බ පිපිරවූ, අරන්තලාවේ භික්ෂුන් සිය ගණනක් ඝාතනය කිරීමට අණ දුන් කරුණා අම්මාන්ව නිදහස් පක්ෂයේ උප සභාපති තනතුරට පත් කොට, අත් අඩංගුවට පත්වූ එල්.ටී.ටී.ඊ දෙවෙනි නායක කේ.පී ට සියලු සැප සම්පත් ලබාදී උතුරේම පදිංචි කරවූ මහින්ද රාජපක්ෂ 18 වෙනි සංශෝධනය හරහා සදාකල් බලයේ සිටීමට තැත් කලේ උතුර ආරක්ෂා කරගැනීම හා තිස් වසරක යුධ තුවාල දෙමල ජනයාගේ සිත් වලින් තුරන් කිරීමට කළයුතුව තිබු සියලු වැඩසටහන් අතපසුකර දමමිනි. (රණවිරුවන් දිවි දෙවෙනිකොට රැකගත් ජාතික ආරක්ෂාව බල්ලාට දමා තම හෙන්චයියන් හරහා කුඩු, එතනෝල් රජ කරවීමට ඉඩදුන් මහින්ද පසුගියදා මොනරාගලදී තමා වරදකරුවන් සැඟවූ බවත්, බලපෑම් කොට නිදහස් කෙරු බවට ප්‍රසිද්ධ මාධ්‍යයේ පාපොච්චාරණයක්ද කළේය)

    සැඟවී සිටි එල්.ටී.ටී.ඊ දෙවෙනි පෙළ නායකයකු වූ ගෝපි මහින්දගේ හා ගෝටාගේ කනින් රිංගා වවුනියාවේ සිට සංවිධානය වන්නේ මේ අතරය. ඉතිරිවී සිටි එල් ටී ටී බුද්ධි සාමාජිකයින් සියුම්ව රැස්කරනා මොහු ප්‍රහාරයකට ඔන්න මෙන්න කියා තිබයදී කොටුවන්නේ ශ්‍රීලංකා පොලීසියේ හා බුද්ධි අංශ වල කැපවීම හා දක්ෂතාවය නිසාය. යුද්ධයෙන් අවුරුදු පහකට පසු, එනම් 2014 පෙබරවාරි මසදී වවුනියාවේදී පොලිස් කොස්තාපල් වරයෙකුට එල් ටී ටී දෙවෙනි පෙළ නායකයෙකු වෙඩි තබා තුවාල කරන්නේ මේ ආකාරයෙනි.

    රණවිරුවන් ආරාක්ෂා කරදුන් උතුර මේ ආකාරයට නොසලකා හැරි මහින්ද පසුගියදා යාපනයේ සිදුවූ සිසුවිය ඝාතනයේ වැරදිකරුවන්ට හා එම සිදුවීම සම්භන්ධයෙන් පොලීසිය දැක්වූ පක්ෂපාතී ආකල්පයට එරෙහිව සිවිල් සමාජයේ ඇතිවූ කැළඹීම භයානක ප්‍රවනතාවයක් බව පැවසීමට ඉදිරිපත් වීම විහිළුවට කරුණකි.

    යුද්ධයෙදී දැරූ දේශපාලන නායකත්වය පිලිබඳ ඔහු පවසන්නේ යුද්ධය නැවැත්වීම සඳහා වෙන රටවල් වලින් කල බලපෑම් වලට ඔහු සාර්ථකව මුහුණදුන් බවයි. නමුත් එම කාලය අතරතුරදී කිසිම රටක් ශ්‍රීලංකාවට සාම සාධක හමුදාවක් එවීමට හෝ ආර්ථික සම්භාදක දැමීමට ඉදිරිපත් වුයේ නැත. යුද්ධයේ අවසාන මොහොත වනවිට මුළු යුරෝපයේමත්, ඇමරිකාව, කැනඩාව හා ඉන්දියාවේත් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කොට තිබුනා පමණක් නොව මුදල් රැස්කිරීම වැනි ඔවුන්ගේ රහසිගත ක්‍රියාකාරකම්ද එම රටවල බුද්ධි අංශ විසින් ඉතා සමීපව නිරීකෂනයය කෙරෙමින් පැවතුනි. මෙවන් දැඩි එල් ටී ටී ඊ විරෝධී ප්‍රවනතාවයක් ඇති සමයක මහින්ද රාජපක්ෂ පවසන රහසිගත් විදේශ බාධාකිරීම් මොනවාදැයි මම නොදනිමි.

    කෙසේ නමුදු යුධ ජයග්‍රහණයේ නියම හිමිකරුවන් වන ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හා බිම් මට්ටමේ රණවිරුවන් සිටින තුරු එල්.ටී.ටී.ඊ සංවිධානයට නැවත හිස එසවිය නොහැකිය. උතුරේද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම හා ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ජාතික සංහිඳියාව ඇතිකරවන වැඩපිළිවෙල ඔස්සේ එල්.ටී.ටී.ඊ සංවිධානයට නැවත නැගිටීමට අවශ්‍ය ජනතා සහයෝගය කෙලෙසවත් නොලැබේ. මෙවන් පසුබිමක මහින්ද නොමැති උතුර අනාරක්ෂිතයි යන මතය ඉතා සාවද්‍ය වේ.

    දෙදහස් නවයෙන් පසු උතුර ආරක්ෂා කරගැනීම නොසලකා හැරී දැනට හැත්තෑ හැවිරිදි වියේ පසුවන මහින්ද නව රජය යටතේ සිදුවන ජාතික සංහිඳියාව හා නීතිය ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙලට දේශපාලන වාසි තකා අකුල් හෙලීමට තැත් කිරීම ඉතා කනගාටුදායක වේ. ශ්‍රීලංකාවේ අනාගතය විනාශකරන ඔහු ඇතුළු කල්ලියේ සැලැස්මට එරෙහි මෙම සත්‍ය කාරනා ජන සමාජය තුල කතාබහට ලක්කිරීම ඔබේත් මගේත් යුතුකමකි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    avatar529214_6.gif
    avatar529214_6.gif
    avatar529214_6.gif
    avatar529214_6.gif
    avatar529214_6.gif
    avatar529214_6.gif
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    මහින්ද කොරපු දේවල් කොරන්නද බන් යහපාලනේ ආවෙ, ඒව නවත්තන්න නේ, හහ්.... මේකදබන් සන්හිඳියාව.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මහින්දගේ_කාලේ_කොටි_සැමරුවේ_මෙහෙමයි

    2014 මැයි යාපනය විශ්වවිද්‍යාලය

    IMG_3335.JPG

    http://tamilguardian.com/article.asp?articleid=10954

    2014 Eastern Provincial Council

    IMG_3469.JPG


    Mannar.JPG

    2014 මැයි වන්නිය
    vanni-3.jpg



    පල්ලෙහා ලින්ක් එකේ තියෙනවා සම්පූර්ණ සැමැරුම් ටික එදා ලංකාවේ මහින්දයා රට කරන කාලේ.

    බයියෝ දැන් මොනවද කියන්නේ


    http://tamilguardian.com/article.asp?articleid=10954
    ඇයි බං මේවා දාන්නෙ. දැන් උඹලත් රාජපස්සලාට පුක දෙන බයියො නේද? :lol: