මහින්ද ​මුහුදෙන් බොන්න වතුර දෙන්න යන වලු &#346

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මහින්ද ​මුහුදෙන් බොන්න වතුර දෙන්න යන වලු &#346

    මහින්ද ​මුහුදෙන් බොන්න වතුර දෙන්න යන වලු ඌවට​!

    ඌවේ මැතිවරණ රැලියක් අමතමින් කරදියෙන් ලූනු ඉවත්කොට පානීය ජලය සෑදීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට හා ඇමති බැසිල්ට උපදෙස් දුන් බැව් ඔහු පසුගිය 31 දා ප්‍රකාශ කෙළේය.

    මැදමූලන රාජපක්ෂගේ මේ විහිළු කථාවෙන් පෙනී යන්නේ ඔහුට උපදෙස් දෙන්නේ ගොනෙක් එහෙම නැත්නම් ඔහු සිතාගෙන ඉන්නේ ඌවේ ඡන්ද දායකයා ගොනුන් කියා විය යුතුය.

    කරදියෙන් ලූනු රස ඉවත් කොට පානීය ජලය සෑදීම ඉතා මිල අධික ක්‍රමයකි. මෙම ක්‍රමවේදය යොදාගෙන පානීය ජලය සපයා ගන්නේ පොලවෙන් ලැඛෙන ස්වභාවික පිරිසිදු පානීය ජලය කිසිසේත් නොමැති ඉතා කුඩා දූපත් රටවල් වන, මාලදිවයින, පලාවූ, තුවාලූ වැනි රටවල් ය.

    මාලදිවයිනේ මුළු භූමි ප්‍රමානය වර්ග සැතපුම් 115.8 කි. මෙම භූමි ප්‍රමානය සියලූ දූපත්වල එකතුවයි. රටේ ජනගහනය 3,38,442 කි. මාලදිවයින් වැසි වතුරින් හා ඉතා අල්ප වශයෙන් ඇති පොලවෙන් ලැඛෙන වතුරින් යැපුනු අතර වැසි ජලය ගබඩා කරතැබීමේ ඉඩ පහසුකම් සීමිත බැවින් ද, අපද්‍රව්‍ය හා මුහුදු ජලය මිශ්‍ර වෙන බැවින් ද පොලවෙන් ලැඛෙන වතුර මනුෂ්‍ය පරිහරණයට නුසුදුසු බැවින් විකල්පයන් සොයා යෑමට සිදුවිය.

    ජපාන හිටාචි සමාගම සමග මාලදිවයින් ජල සම්පාදන සමාගම හවුල් ව්‍යාපාරයක් ලෙස කරදියෙන් ලූනු රස ඉවත් කිරීමේ ව්‍යාපාරයකට යමින්, එම සමාගමේ අයිතියෙන් 20% ක් හිටාචි සමාගමට වික්කේ එම කාර්ය මුදල් ගෙවා කර ගැනීමට හා පවත්වාගෙන යෑමට වත්කමක් මාලදිවයිනටද නොමැති බැවිනි. මෙම ක්‍රමවේදය සඳහා වැයවෙන බලශක්තිය ඔවුන්ටද දැරිය නොහැකිය, මාලදිවයිනේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 6566.00 කි. එය අප රටට වඩා දෙගුනයකටත් වඩා වැඩිය. මාලදිවයිනේම තවත් කුඩා දූපතක් වන ගුහ්ලි දූපතද විදේශ සමාගමක් සමග ගිවිසුමකට යමින් එම දූපතේ ඇති ඩීසල් ජෙනරේටර් වලින් ඉවත දමන අපත තාපය (වේස්ට් පවර්) යොදාගෙන කරදියෙන් ලුනු ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කළ අතර එම දූපත ඉතා කුඩා වූත් 1200 පමණ ජනයා වාසය කරන දූපතකි.

    එමෙන්ම හිටාචි සමාගම පලාවූ හා තුවාලූ දූපත්වලද මෙලෙස ව්‍යාපාරයන්හි නියැලී සිටී. පලාවූ රටේ සමස්ත භූමි ප්‍රමානය වර්ග සැතපුම් 177 කි. වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 11,005.87 කි. රටේ ජනගහනය 18,000 කි.

    තුවාලු රට ලෝකයේ ඉතාම කුඩා රටයි, සමස්ත භූමි ප්‍රමාණය වර්ග සතපුම් 10 කි. ඒක පුද්ගල ආදායම වසරකට ඇමරිකානු ඩොලර් 4,044.19 කි. රටේ ජනගහනය 9860 කි.

    සමහරවිට මැදමූලන රාජපක්ෂ හදන්නේ අපේ පිපාසේ පිට තබා ඇමති බැසිල් සමග අපේ පානීය වතුර ටිකත් පිටරට සමාගමකට විකුණා කොමිස් පාරක් ගහගන්ටවත්දැයි මේ බොරු අසන විට සිතේ. මන්ද වර්ග සැතපුම් 25,332 ක් වූ ද ජනගහනය 20,000,000 ක් වූ ද අප රටේ මුහුදු කරයේ සිට කරදියෙන් ලූනු ඉවත්කොට එය ඌව හා උතුරු මැදට සපයන්නේ කෙසේද කියා අපට ප්‍රායෝගිකව සිතා ගැනීමට හෝ හැකියාවක් නොමැති බැවිනි. අනෙක් අතට ඌව හරහා ජලය ගෙන ගොස් හම්බන්තොට වරායට එන නැව් වලට වතුර ගහන්නටද සැලසුම් කර ඇති නමුත් ඌවට වතුර ටික ගේන්න යන්නේ හම්බන්තොට කර දියෙනි. වසරකට හතරෙන් තුනක කාලයක්ම වැසි වසින ලංකාවේ ඇති වෙන්න වහින කාලයේදී රාජපක්ෂ අධික වියදමක් දරා සවිකරන්නට හදන කරදියෙන් බොන වතුර හදන මැෂිමට කරන්නේ කුමක්ද?

    මේ කතා හරියට හඳෙන් හාල් ගෙනත් දෙන්නම් කිව්වා වගේ ශ්‍රීලනිප ඡන්ද පොරොන්දුවක් පමණි

    -දර්ශන පිළිමතලාව විසිනි-

     

    Abbadon

    Member
    Sep 4, 2014
    10
    1
    0
    ඇයි අර එකපාරක් ජන්දේ වෙලාවේ (මම හිතන්නේ 2010 ජනාධිපතිවරණය වෙලේ) රජා කිව්වේ ලංකාවේ බොර තෙල් තියෙනවා. දැන් මේ හාරාගෙන යන්නේ කියලා. ආයේ මධ්‍යම ජන්දේ වෙලේ කිව්වේ නුවරත් එයාර්පෝට් එකක් දෙනවා කියලා.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    :dull:
    :rofl::rolleyes:
    8.gif
    :rolleyes::rofl:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rolleyes:
     

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    ape janadipathithuma me loke katawath karanna baha kiyapuwa karala pennapu minihek. rate jala pasneth ethuma wisadanawa ekaanthayenma.