මගේ විග්‍රහය මෙහෙමයි
විද්‍යාව අනුව හෝ වේවා බුදුදහම අනුව හෝ වේවා ලෝකයේ යථාර්තයක් කියල දෙයක් තියෙනවා. \
අපි උදාහරණයක් ගමු.
මිනිහෙක් වැඩට යන්න එලියට බැස්සහම නොයෙක් අකරතැබ්බවලට මුහුණ දෙන්න පුළුවන්. පොල් ගෙඩියක් ඔලුවට වැටිලා මැරෙන්න පුළුවන්. වාහනයක් හැපිල මැරෙන්න පුළුවන්. හදිසි ලෙඩක් හැදිලා මැරෙන්න පුළුවන්. පිස්සු බල්ලෙක් කාල මැරෙන්න පුලුවන්. මේකට විසදුමක් විද්‍යාවෙන් වත් බුදුදහමෙන් වත් නැහැ. මේක තමයි ලෝක යථාර්තය.
මේක පිළිගන්න මිනිස්සු කැමති නැහැ. මොකද තමුන්ගේ පුද්ගලික ලවුකික අපේක්ෂාවන්ට සම්පුර්ණයෙන් විරුද්ද දෙයක් නිසා. එත් යථාර්තය පෙනී පෙනී තියෙන කොට මිනිස්සු බියෙන් තැති ගන්නවා. මිනිස්සු කැමති නැහැ යථාර්තයට මුහුණ දෙන්න. යථාර්තයට එරෙහි වෙන්න මොකක හරි දෙයක් හදාගන්නවා. සුබ වෙලාවක් බලල එලියට බහිනවා. හුනෙක් ඇඩුවොත් පොඩ්ඩක් නැවතිලා යනවා.
මෙහෙ එක්කෙනෙක් බිරිදට බබෙක් හම්බෙන්න අවහම විශේෂයෙන් හාමුදුරුනමක් වැඩමකරලා පිරිත් කිව්වා. එත් දරුවා ඉපදුනේ මල දරුවෙක් විදියට. ඉතින් ගොඩක් දෙනෙකුට පුදුමයි මෙච්චර දේවල් කරලත් වෙච්ච දේ ගැන.
ලෝක ස්වබාවය මෙහෙම තමයි.
බවුද්දයන් විදියට අපි අනුගමනය කරන්න ඕන බුදුන් වහන්සේ. උන් වහන්සේ කවදාවත් සුබ අසුබ බැලුවේ නැහැ කොහෙ හරි යනකොට. යන්න සුදුසු වෙලවට යනවා. බන දේශනා කරන්න සුදුසු වෙලාවට දේශනා කරනවා. හුනෙක් ඇඩුව කියල එතුමා බන දේශනා කරන එක නවත්තුවෙන් නැහැ. යන්න තියෙන ගමන නවත්තුවෙ නැහැ. එහෙම කියනවනම් එක බුදු දහමටත් අපහාසයක්.
අපි ඉතින් බුදුන්වහන්සේ කෙසේ වෙතත් ඉන්දියාවේ බමුණන් නම් ඉහලින් අනුගමනය කරනවා.