මචං මම අවුරුදු ගාණක් හිතේ හිටපු ක්‍රෂ් එකෙන් කැමැත්ත ඇහුවා. කැමැත්ත අහන්න මාස 6කට විතර කලින් ඒ කෙල්ලගෙ හොදම යාළුවෙක් කිව්වා ඔයාටම කැමැත්තෙන් ඉන්නේ කියලා. මම ඇහුවට පස්සේ ක්‍රෂ් එක කැමති නැති පැත්තට තමා කථා කරේ. පස්සේ මට ආරංචි වුණා ඒ කෙල්ලට ඕන මාත් එක්ක බරටම ෆිට් වෙන්නලු. කොහොමත් අපි යාළුවෝ වගේ ඉන්නේ. ඒත් ඉතින් එහෙම නෙවේ හොදටම ෆිට් වෙන්න වගේ සීන් එකක් තමා ඒ කෙල්ලට ඕන. ඒත් ඒ කෙල්ල එක්ක ඔහොම බරටම ෆිට් වෙච්ච එවුන් ඉන්නව 5ක් 6ක්. මම ඔහොම ෆිට් වෙන්න ගියොත් මාව ඒ කෙල්ල නටවනවා වගේ සීන් එකක් නේද බං වෙන්නේ? උඹලා මගේ තත්වේ හිටියනම් මොකද කරන්නේ?
