මානසික අවපීඩනය(Depression) හඳුනාගනිමු

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    මානසික අවපීඩනය(Depression) හඳුනාගනිමු

    මානසික අවපීඩනය(Depression) හඳුනාගනිමු

    මේ මගේ පළමුවැනි ලිපියයි. මේක කියවල බලල කට්ටිය වෙනස් වෙනද ඕනේ දේවල් ටිකක් කියල දෙනවනම් මම බොහොම කැමතියි.

    මට ඇත්තටම මේ ගැන ලියන්ඩ හිතුනේ මේක අපි සමාජයේ සුලබව දකින එවුනට හඳුනා ගන්නේ නැති මාරාන්තික ලෙඩක්. මාරාන්තික කියල කිව්වේ පහුෆිය දවස වල ඔය ආර්ථික අපහසු කම වලට ගඟවල වලට එහෙම පැනපු අය හුගකට තින්ද ඇත්තෙත් මානසික අවපීඩනය.

    හරි, මානසික අවපීඩනය ප්‍රතිකාර ලබාගත යුතු මට්ටමේ මානසික රෝගයක්. මේක හැමෝම දන්නා පිස්සු කියන ලෙඩේ නෙවෙයි .සුළු තත්වයන් උපදේශනයෙනුත් හොඳ කරන්ඩ පුළුවන්.

    මේක අර්ථ දක්වන්නේ දීර්ග කාලීනව පවතින පහල මානසික තත්වයක් (low mood) හැටියට.
    ඔය විභාගයක් ෆෙලේ වෙලා ටික දවසක් mood ගහල ඉන්න එක depression නෙවෙයි.
    ඒ අය විහිළුවක් ක්‍රම හිනා වෙනවනේ. depression වලදී එහෙම නැ.

    මේ අය අන්දුන ගන්නේ මෙහෙමයි.
    කිසිම දෙයකින් සතුටක් ලබන්නේ නැ. උදා: ඉස්සර චිත්‍රපට බලපු කෙනෙක් දැන් එයින් විනෝදයක් ලබන්නේ නැ. )
    අනාගතය ගැන සුබවාදීව හිතන්නේ නැ.
    ඇඟට පන නැති ගතිය හා ඇඟේ කැක්කුම් ගැන නිතරම පැමිණිලි කරනවා.
    ජීවිතය නැතිකර ගැනීමේ අදහස් ටියෙනවා.
    මේ අය
    තමන් නොවටින කෙනෙක් කියල හිතනවා
    තමන් වරදිකරයෙක් කියල හිතනවා
    මානසික ඒකාග්‍රතාවය අඩුයි
    රට නින්ද යන්නේ නැ
    අහාර රුචිය අඩුයි

    depression ඕනෙම කෙනෙක්ට ඇතිවෙන්ද පුළුවන්. එවුනට පවුලේ කෙනෙක්ට තියෙනවනම් ඇතිවෙන්ද තියෙන හැකියාව වැඩියි.
    කාලයක් තිස්සේ තියෙන මානසික ආතතිය එකවර වැඩිවීම තම ප්‍රදාන හේතුව.
    උදා : ආර්ථික ප්‍රශ්න වලින් බැටකන ගෘහනියක් සැමියාගේ හදිසි වියෝව නිසා depression හැදෙන්ට පුළුවන්.

    අනික තම මේ අය සියදිවි නසා ගැනීමේ හැකියාව අනයට වැඩ හුඟක් වැඩි. අපිට මම දන්නා විදිහට මිනිස්සු සිය දිවි නසා ගන්නේ එක්කෝ depression හන්දා නැත්තම් හදිසි ආවේගය හන්දා.

    දැන් හිතල බලන්ඩ තමන්ගේ හිතවතුන්ට නෑදෑයන්ට මේ ලෙඩේ තින්ද පුලුවන්ද කියල. එහෙම හිතනවා නම් ලංගම තියෙන මානසික සුවතසයනයට ගිහිල්ල උපදෙස් ලබා ගන්ඩ.
    Depression වලට හුඟක් සාර්ථක බෙහෙත් තියෙනවා. බෙහෙත් පටන්ගෙන සති 2 - මාස 2 කිනි ලෙඩේ සාමාන්‍යයෙන් හොඳ වෙනවා. නැවත ඇති වීම වලක්වන්ද මස6 ක් වත් බෙහෙත් බොන්ඩ් ඕනේ.
    ඔය හේතුවක නැතුව හැමදාම ඇඟ රිදෙනවා කියන එච්චර සතුටින් නැති අය ගැනත් පොඩ්ඩක් හිතල බලන්ඩ.
    හප්පා දැන් නම් මට මහන්සියි.
    කට්ටිය මේ ගැන මොකද හිතන්නේ කියල කියල යන්ද.
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28

    මම ඔතනින් ඉස්සුවේ නැ මචන්. මට එහෙම අනුන්ගේ ඒවා උස්සල මගේ කරගැනීමේ අසාවක් නැ.
    ඒ වුනාට කවුද එකෙක් මගේ ආර්ටිකල් එක බ්ලොග් එකකට දාලා ජරා වැඩක් කරලා.
    ඕනෙනං ඕක මට මගේ blog එකට දාන්ඩ තිබුන. මම එහෙම කරේ වත් නෑ.
    පොර එළකිරි එකේ තියෙන වෙන ඒවත් copy කරලා උගේ කරගන්ඩ හදන්නේ.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ එළකිරි එකේ කට්ටියව දැනුවත් කළාට බොහොමත් ම ස්තූතියි. ජීවිතය එපාවෙලා ඔය වගේ තත්වවල ඉන්න අයට ඒවලින් මිදෙන්න පුළුවන් සරල ක්‍රම ගැනත් දාන්න පුළුවන්නම් ඒක‍ත් ගොඩක් හොඳ වෙයි. (වෛද්‍යය උපදෙස්වලට අමතරව සමහර ක්‍රියාකාරකම් තුළින් ඕව අවමය කරන්න පුළුවන්නෙ?)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    එහෙම හිතනවා නම් ලංගම තියෙන මානසික සුවතසයනයට ගිහිල්ල උපදෙස් ලබා ගන්ඩ.

    ලංගම නෙවෙයි බං ලඟම

    රෙප්+
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    අපේ එළකිරි එකේ කට්ටියව දැනුවත් කළාට බොහොමත් ම ස්තූතියි. ජීවිතය එපාවෙලා ඔය වගේ තත්වවල ඉන්න අයට ඒවලින් මිදෙන්න පුළුවන් සරල ක්‍රම ගැනත් දාන්න පුළුවන්නම් ඒක‍ත් ගොඩක් හොඳ වෙයි. (වෛද්‍යය උපදෙස්වලට අමතරව සමහර ක්‍රියාකාරකම් තුළින් ඕව අවමය කරන්න පුළුවන්නෙ?)

    මෙහෙමයි Depression හැදුනොත් මානසික සායනයකට ය යුතුමයි. මොකද මේක මාරාන්තික වෙනද පුළුවන් හන්දා.
    හැබැයි සරල ක්‍රම තියෙනවා ජීවිතේ සතුට වැඩි කරගන්ඩ පුළුවන්. උදාහරණයක්‌ හැටියට ව්‍යායාම. ව්‍යායාම endorphin කියල රසායනික ද්‍රව්‍යක් නිපදවීම වැඩි කරලා අපේ මානසික තත්වය ඉහල දමනවා.
    මේ වගේ දේවල් ගැන මම තව ලිපියක් ලියන්නම්.
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    ලංගම නෙවෙයි බං ලඟම

    රෙප්+

    :D:D
    මාර අමාරුයි මචන් මේ සිංහල ගැහිල්ල. ලේසි විදිහලක් නැද්ද???
    මම පාවිච්චි කරන්නේ Google Transliteration
     
    • Like
    Reactions: prabo22

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙමයි Depression හැදුනොත් මානසික සායනයකට ය යුතුමයි. මොකද මේක මාරාන්තික වෙනද පුළුවන් හන්දා.
    හැබැයි සරල ක්‍රම තියෙනවා ජීවිතේ සතුට වැඩි කරගන්ඩ පුළුවන්. උදාහරණයක්‌ හැටියට ව්‍යායාම. ව්‍යායාම endorphin කියල රසායනික ද්‍රව්‍යක් නිපදවීම වැඩි කරලා අපේ මානසික තත්වය ඉහල දමනවා.
    මේ වගේ දේවල් ගැන මම තව ලිපියක් ලියන්නම්.

    ඒක ගොඩක් හොඳ දෙයක්. මං කිවුවෙත් ඔය ලෙඩේ හැදුන අය ගැන නෙමෙයි. දැන් අපේ එළකිරි එකේ වුණත් ඉන්නවනෙ ආදරය වගේ හේතු නිසා දුකින් සිත් තැවුලෙන් ඉන්න අය. අන්න ඒ වගේ අයට වුණත් එහෙම දෙයක් වැදගත් වෙයිනෙ.