මානසික ගැටළුවක්. depression overloaded! 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    අඩෝ මොකක් හරි වැඩක් ෆෝකස් කරලා කරන්න ගත්තම හිත සෑහෙන්න දේවල් වලින් පිරෙනවා. මාර විදිහට තරහ පිරෙනවා. නිකන් පපුව පුපුරන්න තරම්. වැඩියෙන්ම තරහ ගන්නේ කලින් කෑල්ල ගැන. ඒකිට, උන්ගේ පවුලටම සාප කරන තැනටම තරහ හිතෙනවා. ඒකි මට කරපු දේවල් එක්ක ඒ කාලේ මට ඒක මාරම shock එකක් වුනා. ඒකම තමයි තාමත් මම විඳවන්නේ. වෙන වෙලාවට ඒ දේවල් හිතෙන්නේ නෑ. නිකන් එළකිරියේ ඉන්නකොට, ත්‍රෙඩ් කියවද්දී එහෙම හිතෙන්නේ නෑ. හැබැයි වැඩක් ෆෝකස් කරලා කරද්දී තමයි බන් එහෙම හිතෙන්නේ. එහෙම හිතෙන වෙලාවට හයියෙන් හුස්ම වැටෙනවා මගේ. මොකක්ද බන් මේකට කරන්නේ. ඒකි එක්ක කතා නොකරත් දැන් අවුරුදු 2කට වැඩියි. ඒත් ඒකි මට කරපුව තාම මතක් වෙනවා. ඒකි මට කරපුව එක්ක ඒකිට යහතින් ඉන්න දෙන්න පුලුවන්ද කියල හිතෙනවා. එහෙම උන් යහතින් ඉඳලා අපි විඳවන්න ඕනද. උඹලට මෙහෙම හිතෙන්නේ නැද්ද? :(

    බණක් අහද්දී මාර විදිහට හිත නිරවුල් වෙනවා. ඒත් පැය 24ම ඒක කරන්න බෑනේ බන්. :sorry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    same here bro.uda dala thiyena emios ge upadesa godak hodaiy okata
    උඹ යනවද?

    ඔලුවෙ යම් රිද්මයක් තියාගන්න ඕන බ්‍රො.. ඒ කිවේ හොද ප්ලැන්1ක් සහ ඒකට හුරුවක්...
    කොහොමද කරන්නේ?
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    IMG-20200625-WA0000.jpg
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ටාර්ගට් එකක් නැති උනාම ඔහොම වෙනවා උබට ජිවිතේ ටර්ගට් එකක් නැහැ නේද මේ දැන්ම ටර්ගට් එකක් හොයාගනින් ඒකට මහන්සිවෙයන් ඕවා ඔටෝ නැති වෙනවා
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අපි මේ ගැන මොනවා කිව්වත්, ක්‍රියාත්මක කරන්න ඕන ඔබයි. ඒ නිසා ඔබ හිතින් පරණ කෙල්ලට වෛර කරන එක නවත්වන්න.

    ලොව පවතින සියලු දේ වෙනස්වීමට ලක්වෙනවා. ඔබත් ඇයත් මාත් ඇතුළුව. ඇයගේ වෙනස් වීම ඔබට දරාගන්න බැරි උනත් යතාර්ථය එයයි. ඒ ගැන හිතන්න. ඇයට යහපතක් වෙන්න කියල හිතන්න. හිත ඇය ගැන මතක් කරනවිට ඔබ කැමතිම දෙයක් කරන්න පටන් ගන්න. එවිට ඇයව අමතක වේවි.

    වැඩි විස්තර අවශ්‍යනම් pm එකක් දාන්න
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මචන් මගේ කෙල්ලත් දාලා ගිහින් දැන් අවුරුදු 3 කට කිට්ටුයි.. මටත් මුල් අවුරුද්දේ එහෙම තමා... මට කරපුවට රිටර්න් එක දෙන්නමයි හිතෙන්නේ.. ඒත් වයසින් ටිකක් පරිණත වෙන කොට එහෙම ක්ෂණික තීරණ ගැනෙන එක අඩු වෙනවා.. මම දන්නේ නෑ දැන් උඹට වයස කීයද කියන්න... හැබැයි ඔය ලෙඩේ ටිකක් හොඳ වෙනවා ලෝක ධර්මතාව ටිකක් අවබෝධකර ගත්තම.. අපි හැමෝම මේ ටික කාලයයි නේ බන් ඉන්නේ.. ටිකක් හිතපන්... ඉතින් ඒ ඉන්න ටිකේ ඇයි බන් "එක" කෙල්ලෙක් ගැන දුක් වෙන්නේ? තැවෙන්නේ?

    නිකන් මෙහෙම හිතපන්කෝ.. අපේ අම්මා තාත්තා අපිව මේ මට්ටමට ගේන්න කොච්චර නම් මහන්සි වෙන්න ඇතිද... කොච්චර සල්ලි වියදම් කරන්න ඇතිද... ඉතින් මම නම් දැන් කැමති නෑ එයාලගේ හිත් රිද්දන්න... එහෙම හිතලම මම දැන් අනික්වා ගැන දුක් වෙන්නේ නෑ... ඉන්න ටිකේ ෆුල් සැපේ ඉන්නවා...

    මුලදි මටත් මතක් වෙනවා.. දුකයි කේන්ති.. කිසි වැඩක් ෆෝකස් කර ගන්න බෑ.. මුල් අවුරුද්දේ... ඒ උනාට කාලෙත් එක්ක හරි ගියා බන්... දැන් ගානක් නෑ.. මගේ ex නම් බැන්දා.. දරුවෙකුත් ඉන්නවා.. බඳින්න කලින් දවසේ ඇවිත් මාව හම්බුනා.. මාව බදාගෙන ඇඬුවා.. ප්‍රෙග්නට් වෙලා මාස 8 දිත් මාව බලන්න ඕනේ කියලා බලන්න ආවා බඩ ගෙඩිය උස්සන්.. එහෙම ආවට මට ලොකු දුකක් තිබ්බේ නෑ... හිත හදලා යැව්වා... දැන් නම් කතා බතා මොනවත් නෑ.. එයා දැන් අම්මෙක් නේහ්... මම ඉතින් සතියකට සැරයක් ගිහින් මූණු පොත බලලා එනවා... උගේ මිනිහා මේකිත් එක්ක ඉද්දි පොඩි ජෙලක් එනවා, මොකද ඌ මට හෙන තගක් දැම්මා.. මට උට රිටන් එක දී ගන්න බැරි උනා.. ha ha ha.. .:lol: ඉතින් ඕවා ඔහොම තමා..

    රටේ තොටේ අනවශ්‍යය ප්‍රශ්න තමන්ගේ කර ගන්න එපා.. යාළුවෝ / නෑදෑයෝ / කෙල්ලෝ.... ඕවා වැඩක් නෑ.. මමත් ගොඩක් නරි නෑව්වා... දැන් එහෙම නෑ... තමන්ට දෙයක් කර ගන්න බලපන්... එතකොට දුකක් නෑ... උඹ කැම්පස් නම් හරි ජොබ් එකක් කරනව නම් හරි ඒ දේට හොඳට මනස යුමු කරපන්.. අලුත් අලුත් දේවල් ඉගෙන ගනින්.. ඔය ඉන්න ගමන් හොඳ කෙල්ලෙක් හම්බුනොත් බැඳපන්.. පෙට්ටි නම් හොයන්න එපා...! බැඳලා ලස්සනට ඉන්න බලපන්.. දරුවෙක් හදපන්.. එතකොට ඔය දුකක් නෑ... ;)
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උබ බණ ඇහුවට හිත වයිරයෙන් පුරෝගන ඉන්නේ .ඒකිට හරි ගිය එකට උබට ඉරිසියාව තියන්නේ .එක තමා තිත්ත උනත් ඇත්ත .උබ බයයි ඒකිට හරි යනවට , උබට ඉහලට යා ගන්න බැරි වෙයි කියන එකට .(තරහා වෙන්න එපා මෙහම කීවට )

    උබ ඉස්සල්ලම ඒකිව අමතක කරපන් . උබට දැන් ඒ කිසි සම්බන්දෙකින් වැඩක් නැහැ .උබ මුල ඉදලා හිමිහිට වැඩ පටන් ගනින් .
    සින්දු අහපන් (Boot සින්දු නෙවේ ),Travel කරපන් ,ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලපන් .